තුවක්කු වෙඩි උණ්ඩ වෙනුවට ආදරයේ දේශපාලනය

සුගත් නයනානන්ද

අපි අරගලවලින් බැට කෑ මිනිස්සු . අවස්ථා දෙකක දී තුවක්කු අතට අරන් පරාද වුණු මිනිස්සු . අවුරුදු තිහකට ආසන්න කාලයක් දෙපිළකට බෙදිල මරාගෙන ඒ අමිහිරි මතක තුවාල පෑරි පෑරී මැරි මැරී ඉපදෙන මිනිස්සු . මේ අරගලවලට ඍජුව සම්බන්ධ වුණු වගේම බාහිර නිරීක්ෂකයන් විදියට හිටපු ඒ වගේ ම මේ ගැන ඇහුම් මාත්‍රයක් විතරක් තියෙන බොහෝ විවිධ අත්දැකීම් තියෙන පරම්පරා ගනණාවක් මේ මොහොතෙ මේ සමාජයෙ ඉන්නවා. ඒ ඔක්කොමටත් වැඩිය ඒ අරගලවලට හේතු සාධකවුණු සංස්කෘතික සමාජීය ආර්ථික මූලයන් තවදුරටත් නොනැසී මේ සමාජ ව්‍යුහය තුළ ඊටත් වඩා සිය දහස් ගුණයකින් වර්ධනය වෙමින් තියෙනවා . ඉතිං අපේ ඊළඟ අරගලය කෙසේ විය යුතු ද? ආයෙමත් ආයුධ අතට අරන් පරදිමු ද? මේ සමාජය වෙනස්කිරීමේ හීනය දිනන්නෙ කොහොම ද? 


මේ ප්‍රශ්නයට වෙනස් ආකාරයක ප්‍රවේශයක් “කොට තුවක්කු ” ඇතුළෙ Priyantha Liyanage යෝජනා කරනව. ඔහු ඊට සුදුස්සෙක් . හේතුව ඔහු උපන්ගෙයි අරගලකරුවෙක්. ඒ දේශපාලන ව්‍යාපෘතිය ඇතුළෙ ඉඳල එයින් බැටකාපු ඒ අත්දැකීම්වල කැළලි එක්ක ඒ ව්‍යුහයෙන් බැහැරවෙලා ව්‍යුහය ගැන හිතමින් ඉන්නෙක්. අතීතයේ වැරදීම් පිළිබඳ ව විවේකීව වෙනස් මානයකින් කල්පනා කරන්නෙක්.
අවාසනාවට මේ පොත පිළිබඳ කතිකාව හරියට ජනගත වුණේ නෑ. ඒත් ඒ අලුත් ආදරයේ දේශපාලනය අපි ලෙහෙසියෙන් අතහැරිය යුතු නැති අල්ලාගත යුතු ම තැනක්. ඉතිං මේ පිළිබඳ කතාබහක් ඔක්තෝබර් 28 සෙනසුරාදා සවස 2.00ට අනුරාධපුර සමූපකාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනව. ( නව බස්නැවතුම්පොළ – PIZZA HUT ඉදිරිපිට) ඉතිං මේ සෙනසුරාදාව නිදහස් නම් පොත කියවූ මෙන් ම කියවන්න ආස අයට ගොඩවැදෙන්න පුංචි ආරාධනාවක් කරනව


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.