මානවිකා

” සුඛ විහාරි “කාව්‍ය එකතුව – ලාලනී සතරසිංහ.

පෝරුව මත හිඳ හිනැහෙන
මානවිකා
කිමද ඔතරම් හිනැහෙන්නට
කාරණා
වේදැඟිල්ලේ දිදුලන්නේ
ආත්මයේ විලංගුවයි
පෙම් කළ වරදට
ජීවිතාන්තය දක්වා සිපිරි ගෙට
දිව රෑ සේවයට
කන්න අඳින්න හිලව්වට
වැටුපක් නොලබනා
ගෘහ සේවිකා
කිමද ඔතරම් හිනැහෙන්නට
කාරණා


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment