” සුඛ විහාරි “කාව්‍ය එකතුව – ලාලනී සතරසිංහ.
දරුද නොදරුවන් කල
අහස ඉම සැඟව ගිය
හිමියනි ,
නොපැන්නද දර සෑයට
කරනු වස් සති පූජා
සෑයේ ගිනිදැල්
ළමැදේ අසුරා
ළයේ ගිනිකඳු
ලොවෙන් මුදවා
නොහෙළාම නෙත කඳුළු
හෙළාගත රන් ඩාබිඳු
රැක බලාගත් කුරුලු පැටවුන්
දුටුවේද හිමියනේ
ලැගුම්ගත් අපූරුව
උන්ම තනාගත් විජිතවල
ඉදින් මෙහෙවර නිමයි
සැබෑ සති පූජාවද එයමැයි
තනිව අත්තෙහි හිඳ
ගයන්නෙමි – ගයන්නෙමි
විරහ ගීයක් නොවේ
උදාන ගීයයි මේ
කුරවි කිරිල්ලියගේ
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
