නාඳුනන හදවතක කකියන
පින්සාර රාවයකි පොපියන
ප්‍රශ්න පත්තර මුවින් අමුණන
බකුසු හඬකිනි මගේ පිළිතුර
සීගිරියෙ ගිරි ශිඛර මුදුනත
පවුරුමය කැඩ පතක ඇතිරුණු
හද ගැහෙන අකුරකට අයිතිය
තහනමකි හදවතෙහි නිරතුර
නාමකායක් පුරා පැතිරෙන
රූපකායක් මවා ගන්නට
ව්‍යාකූලම කයිකතන්දර
කුරුටු ගෑ බොල් ප්‍රේම අන්දර
කන්ඩලම වැව ඉහැත්තාවේ
කිරෙන් දියරය වෙන්කරන සඳ
මිතුරු තිසරෙකු කරකාර බැඳ
යනෙන මග පෙනුනේය ගුවනට
නෙරළු තුරු පත් මැවූ ගොක්කොල
රටා මත්තෙන් ඇවිද එන සඳ
ප්‍රේමයේ අවමගුල් පෙරහැර
ළතෝනිය විය කුවේනිය ළඟ.
-ගිහාන් සචින්ත
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
