වහින විට
වැටෙන
වැහි බිංඳු වුව
ඉහෙන ඉම
බලන් ඉන්නට
අයිතියක්
නොමැති කල
තෙමෙන්නට
අයිතියක් යදින්නට
පුළුවනි ද
ගුවනතින්?
විහිදුවාහල පියාපත් යුග
වැසි දියට හැර
තෙමාගන්නට
ඉඩක් වුව මහ මෙරකි
කුඩය තහනම් කෙරුණු
කුලුනකි
කූඩයක් බඳු
කූඩුවකි
කුටිය
කෝඩයට
හසුවුණු
තහනම්ම වචනය
වර්ෂා
සාංකාමය විනාඩියකට
අමා ඔසුවක දුමක්
ඇතිනම් තනියට
පෙනහැල්ල කියන දුක
පෙරහන්ව පෙරන්නට
පේපරය මත පේවෙන්න
පිරෙන්නට
කුඩු කරපු
කොළ හැලුණු
කේතුමය
පන්දමකි
ගුවනතේ සරන්නට
වරම් දෙන
කාංසාමය සාංකාවකි
වසර ගණනත්
සසරකිය කකියන
වර්ෂා
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
