පෙරහුරුව මග හැරුණි
පවන මත
දණගසා දඟලන්න
නහුතයක්
නැහෙන්නට
දුක් කඳුළු
ඇහිඳින්න
ජනේරුව ලෙළෙන
තරමට මතයකි
ලෙළෙනා
තේ පඳුරු
පතුලේ ගිලුණු
වර්තමානය
හප කළ
දුහුවිල්ල සිප ගෙතුණු
නාසයකි ආතුර
වාතලය පිරික්සන
ආසක්ත සුගන්ධය
ලැවැන්දර් යැයි නම් තැබූ
සීතලයි දෙසැම්බර්
ඔබය
හේමන්ත සෙවනැල්ල
තව තවත්
වසන්තය සොයන
වසන්තය සොඳුරු
නොමැත මට
සිසිර කල තරමටම
අතීතයෙ පැවසූව
මුසාවකි
ඉතින් මම
දැන් ගිරිස්මය
අභියස
ආරුක්කු නවයේ
පාලම
පිස එනා සුළඟ
මුසු මීදුමට
හිත තාම උලුක්කුය
ලැවෙන්ද්‍රීයා ගෙන එන
ලවැන්දර් මතකය
අතීතයටම
පැවරුණු බව තමා
අරුමය!
-ගිහාන් සචින්තගේ පබැඳුමක්.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
