කල් දැමීම්…

සළෙල සිතකින් පිරිමැද
ඇගේ ඉසියුම් හැඩතල
හුනස්සෙන් නැගිටුවා
අරගෙන
නොදකින කොනක
හිඳුවන

සමා අයදින හදවත
හිස් පසුම්බියට විසිකර
ලබන සතියේ එමි
නුඹව කැන්දා යමි
වහසිව වදන තබමින්
සැහැසිව නිබඳ රවටන

පඩිදාට පසුදින
බරවූ දිවිය ඇද ඇද
පොත් කඩේ බල බල
තොග කඩේ පෝලිමට එක් වන

වංකගිරි හිමවත
ආපසු නොඑන පෙම්වත
කවදාක හිමි වෙද
අපට නොරිදෙන හදවත….


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment