එහෙමද?
දොඩමළුව ඇත්තේ වචන ඇති තැනමද
ඇස අගම පිරුණොත් සංතාප පමණද
බැඳුම සන්තාන ගින්දරක ඇවිලීමද
මදාරා පිපුණොතින් තුසිතේම විතරද…?
බොහෝ බර අධික බව
දත් නිසා
හිතවත…
ඔහේ ඔබ අත මතට
නොලමි මා
හදවත….
පියාසැරි
පෙමින් සැරිසරා සමනල් සිරස පුරා
සෙමින් පියා විද සුවිසල් අහස අරා
හෙලින් ලිහිණි බැඳුමක රිදුම් විමසලා
තුටින් ගමන් යමි විදසුන් සිතෙහි දරා
හමුවීම වෙන්වීම අතර නම් හිමිවීම
නිශ්ඵලය සංසාර දුර්ගයෙහි
පල් වීම
අතැ’ර කල්පෙක දුකට මොහොතවල් ගැලපීම
නතර වී හිඳ ගසක් විඳියි
මල් සුපිපීම
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
