මට හිතුනා ළමා සාහිත්‍යය සහ ළමයින්ව සාහිත්‍යයට යොමු කිරීම කියන අපට තියෙන ප්‍රබලම අභියෝගය ගැන කතා කළ යුතුයි කියලා. අපේ රටේ මේ වෙනකොට සංවේදී මිනිස්සු දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. අනෙකාගේ අමාරුකම් කෙරෙහි, අනෙකාගේ දුබලතා කෙරෙහි හෝ අනෙකාගේ සැපසම්පත් කෙරෙහි සංවේදී වෙන මිනිස්සු අපිට නැති වෙලා තියෙනවා. මේ අපේ සමාජයේ රටේ පැවැත්මේ තියෙන ප්‍රබලම අගතියක් ලෙස අපි දකින්නේ මෙන්න මේ දේ. අපි කුඩා කාලයේ නම් අපි එතරම් ජන මාධ්‍ය සමග ගැටුණු පිරිසක් නෙමෙයි නමුත් අද දරුවන්ට පහසුවෙන් මාධ්‍යය සහ ඒ ආශ්‍රිත උපාංග පහසුවෙන් ළඟා කරගැනීමේ හැකියාව තිබිලත් ඔවුන් සෞන්දර්‍යාත්මක , සංවේදී මිනිසුන් බවට පත් වීම අඩු වෙලා තියෙනවා.එහෙම අපි කතා කරද්දී ඇමෙරිකාව එංගලන්තය වගේ රටවල් පර් යේෂන කරනව අපේ ළමා පරපුර මේ ගැටළුවෙන් මුදවාගන්නේ කියලා, උදාහරණයකට කිව්වොත් අපි කොහොමද නිර්මාණශීලී දරුවෝ මේ ලෝකෙට බිහි කරගන්නේ කියලා. මොකද අන්න එහෙම දරුවොන් තමා සමාජයේ සාර්ථක මිනිසුන් ලෙස වැඩදායක මිනිසුන් ලෙස වගකීම් දරන්නේ.ඒක සහජ කුසලතාවය හෝ ඉබේ එන දෙයක් කියලා ලඝු කරලා පැත්තකට කරන්න බෑ. විශාල වගකීමක් තියෙනවා අපේ වැඩිහිටි පරම්පරාවෙන් විශේෂයෙන්ම අම්මට තාත්තට , දරුවන් මේ කෙරෙහි උනන්දු කරන්නට.
ජෝන් එස්. හටන් කියන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පර් යේෂනයක් ප්‍රකාශයට පත් කරනවා. ඔහු මේ සඳහා යොදා ගන්නා දරුවන් 19 දෙනාගෙන් 40% අඩු ආදායම් ලාභී දරුවෝ. ඒ දරුවොන්ට ඔවුන් සුරංගනා කතා කියද්දී ඒ දරුවොන්ගේ මොළයේ ඇති වෙන වෙනස්කම් ඔවුන් බලලා තියෙනවා මේ පර් යේෂනයෙන් , දෙමාපියන් කුඩා කල සිට කතන්දර කියලා දෙනවානම් ඒ දරුවොන්ගේ මොළයේ වෙනස් කම් ඔවුන් මෙහිදී පැහැදිලිව දැකලා තියෙනවා.දරුවෙක් අකුරක් කියවන්න ඉගෙන ගන්න කළින් සංඥාවක් රූපයක් හෝ ඉගෙන ගන්න කළින් ඉඳන් දෙමාපියන් දරුවෙක්ට කියාදෙන දේ තුලින් දරුවන්ගේ මොළයේ විශාල බලපෑමක් ඇති කරනවා කියලා ඔවුන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා.
අපේ රටේ අපේ අම්මලා තාත්තලා අත්තම්මලා සීයලා ඔවුන්ගේ ආභාෂයෙන්, දරුවන්ට ගහකොළ මල් පෙන්වලා කවි කතන්දර කියලා දරුවන්ට කුඩාකාලයේ ඉඳන් සෞන්දර් යය විඳින්න හුරු කළා. ඒත් අද අම්මලා තාත්තලා දරුවොන්ගෙන් ඈත්වෙලා මෙවලමක් අතට දෙනවා. මම මේ හට්න් ගේ පරීක්ෂනය මෙතැනදී කියන්න හේතුවුනේ, ළමා සාහිත්‍යයක්, ළමයින්ව කියවන්න ලියන්න පුරුදු කරන්න අවශ්‍ය බව කියන නිසයි.නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය කියන දේ අවශ්‍යයි. පොතක් පතක් කියවද්දී අකුරු කියවද්දී, ළමා මනසේ පරිකල්පන ශක්තිය වැඩිවෙනවා කියන එක කියනවා. පරිකල්පනය තුලින් තමා සොඳුරු සෞන්දර්‍යාත්මක වටිනාකමින් යුත් නිර්මාණ කරන මිනිසුන් බිහිවෙන්නේ. එහෙම මිනිසුන් විනාශයක් ළඟා කරන්නේ නෑ කියා ඔවුන් කියනවා. එතකොට අපි ඇත්තටම කලාකරුවෝ කියා හඳුනාගත් පිරිස් අන් අය කෙරෙහි සංවේදී සොඳුරු මිනිසුන් විය යුතුයි නේද ?
පොඩි කාලේ ඉඳන් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට සුරංගනා කතා කියලා දෙන විට දරුවන්ගේ මොළයේ තිබෙන රූප ශබ්ද භාෂා කියන මේ තැන් ගැන වගකියන කොටස් ඉතා දැඩි දීප්තියකින් පෙන්නුම් කරලා තියෙනවා ඒකෙන් කියන්නේ ඒ තැන් ක්‍රියාත්මකයි හෝ වැඩ කරනවා කියන එක. එතකොට මම මෙතනදි මුලින්ම කියන පණිවිඩය තමයි නිර්මාණශීලී දරුවෝ බිහිවෙන්නනම් ඔබලාගෙන් සියයට සියයක් ඔබේ සහය අවශ්‍යයි. මේ දරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු කරන්න ඔවුන්ව සංවේදී දරුවෝ කරන්න , ඔවුන්ට හැකි තරම් කතන්දර කියන්න. තිර වලින් , ස්ක්‍රීන් එකෙන් මුදවන්න කියන එක.
අයින්ස්ටයින් කියා තිබෙනවා ඔබට ඔබේ දරුවා බුද්ධිමතෙක් කරන්න උවමනානම් සුරංගනා කතා කියවන්න කියන එකළමා පරපුර තමයි මතු දාක වැඩිහිටියන් ලෙස සමාජය බාර ගන්න ඉන්නේ. ඔවුන් සෞන්දර්‍යාත්මක චින්තනයන්ගෙන් ඈත්වෙලා ස්ක්‍රීන් එකක් ඉස්සරහ ගාල නොවිය යුතුයි කියලා වෛද්‍ය විද්‍යාත්මක හේතුත් සමග පැහැදිලි කළ පර්යේෂන ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් හමුවෙනවා.ඒත් අපේ දෙමාපියන් ලේසියට තමන්ගේ ජංගම දුරකථනය දරුවාට දෙනවා. මොළයට ඉන් සිදුවන හානිය යම් මත්වන ද්‍රව්‍යවලින් සිදුවන ඇබ්බැහිය හා සමානයි කියා පර්යේෂණ මගින් කියවෙනවා.
නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය (Imagination) කියන දේ අවශ්‍යයි. අන්න ඒ පරිකල්පන ශක්තිය කෙනෙක් තුල ඇතිවෙන්නේ , කුඩා කළ සිටම තියුණු වූ, හැඩගැස්වීමට ලක් වූ, නොයෙක්, සමාජීය සෞන්දර්යාත්මක දෙයින් පෝෂණය වූ මනසක් තුලින්.දරුවෙක්ට පොතක් කියවීම තුලින්, කතන්දරයක් කීම තුලින්, ලැබෙන විඳීම සහ සංවේදනා , තිරයක් මත කාටූන් එකකින් හෝ චිත්‍රපටයකින් ලැබෙන්නේ නැතිව යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළේ කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. ඉගෙනීමට සහ මතක තබා ගැනීම පමණක් නොවේ අප සමාජයේ අසන දකින දේවල් වලින් ද පෝෂණය වෙනවා. පොතක් කියෙව්වම, ඒ අකුරු ඔස්සේ දරුවා හිතේ කතාව හදා ගන්නවා, දරුවෙක්ගේ හිතේ චිත්ත රූප මැවෙනවා, ඒ අකුරු ඔස්සේ මොළය තුල රූප මවාගෙන කතාව කියවනවා.
අද සමාජයේ තියෙන ආකල්ප නිසා අපේ දරුවෝ සෞන්දර්‍යයට , නිර්මාණකරනයට යොමු කිරීම අපහසුම කාර්යයක් වෙලා තියෙනවා. අපි එකිනෙකාගේ අප තුල තියෙන අපට කරන්න පුළුවන් ප්‍රමාණය වෙනස් අපේ හැකියාවන් වෙනස්. ඒවා එක්ක ඉදිරියට යන්න අපේ දරු පරපුරට අපි උදව් වෙමු. ඒවගේම අපේ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට ඉඩකඩ ලබා දීලා ඔවුන් හට නිර්මාණකරනයේදී ලැබිය යුතු සහය ලබා දීම වැඩිහිටි පරම්පරාවේ වගකීම බවත් මතක් කළ යුතුමයි. සමාජයට වැඩ දායක සංවේදී සොඳුරු නිර්මාණකරුවෙක් සොඳුරු මිනිසෙක් බිහි කරන්නට, දරුවා තුල තිබෙන සහජ කුසලතා හඳුනාගන්නට, මේ හැල්මේ දිවයන අධ්‍යාපන තරඟයෙන් මදකට මිදෙන්නට අවකාශයක් ලබා දෙන්නට හැම අම්මෙක්ටම තාත්තෙක්ටම හැකි වේවා යැයි පතනවා. මානව ගුණ ධර්ම, සහවේදනය සහ සෙනෙහස පිරුණු දරුවන් බිහි කිරීමට සාහිත්‍යයට ඇති හැකියාව ඉමහත්.
බෝධිනී සමරතුංග
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
