ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට නව මං සලකුණක් එකතු කරමින්, ආසියානු සාහිත්‍ය උළෙල 2025, ගම්පහ අදියර, මෙම දෙසැම්බර් මාසයේ අවසාන සතියේ දී ආරම්භ වීමට නියමිත වේ. නොබෙල් ත්‍යාගලාභී ඔල්ගා තොකර්චුක් මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයා වන අතර, තවත් දේශීය සහ විදේශීය ලේඛක ලේඛිකාවන් සහ සාහිත්‍යවේදීන් විශාල ප්‍රමාණයකගේ විශිෂ්ට පෙළගැස්මක් මෙවර ආසියානු සාහිත්‍ය උළෙලේදී දක්නට ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ සාහිත්‍ය භූ දර්ශනය සඳහා වැදගත් පියවරක් නියෝජනය කරන ආසියානු සාහිත්‍ය උළෙල, විශ්ව සාහිත්‍යයේ කොටස්කරුවන් වීමට හැකියාව ලැබීම සුඛෝපභෝගී වරප්‍රසාදයකින් පොදු අයිතියක් බවට පරිවර්තනය කරනු ඇත. සෑම සියලු සහභාගීවන්නෙක් සඳහාම සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රවේශය ලබාදෙන මෙම සාහිත්‍ය උළෙල, ගම්පහ නගරයේදී පැවැත්වෙනු ඇත. ගත් කතුවරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ නිර්මාණකරුවන්ට නිජබිම වූ ගම්පහ දිස්ත්‍රික්කය ලබාදෙන සංස්කෘතික දායකත්වය මේ වනතුරු එතරම් අවධානයට පාත්‍ර නොවීම හේතු කොට ගනිමින්, 2025 ආසියානු සාහිත්‍ය උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අදියර ගම්පහ දී පැවැත්වීමට මෙහි සංවිධායකවරුන් වන ආසියානු සාහිත සමූහය උත්සුක වී ඇත.
ශ්‍රී ලංකාවට අහිමි වෙමින් පවතින සංස්කෘතික අවකාශය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවය, මේ වන විට වසර කිහිපයක් පුරාවට ආසියානු සාහිත සමූහය විසින් ඉටු කරමින් පවතී. ඒ අනුව, දෙසැම්බර් මාසයේ අවසාන සතියේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන ආසියානු සාහිත්‍ය උළෙල 2025, ගම්පහ අදියර, එම කර්තව්‍යයේ කූටප්‍රාප්තියක් වනු ඇතැයි පැවසීම නිවැරදි වේ.
ශ්‍රී ලංකාවේ අති වැදගත් ජාත්‍යන්තර සාහිත්‍ය හමුවක් බවට පත්වීමට නියමිතව තිබෙන ආසියානු සාහිත්‍ය උළෙල 2025, ගම්පහ අදියර සඳහා, නොබෙල් ත්‍යාගලාභී ඔල්ගා තොකර්චුක් ප්‍රධාන ආරාධිතයා ලෙස මෙන්ම, විශේෂ සාකච්ඡා මණ්ඩපයක් සඳහා ආරාධිත කථිකාවක් ලෙසින් ද සහභාගී වීමට නියමිතව සිටී. “විශ්වකෝෂීය ලාලසාවකින් යුතුව නිම් වළලු තරණය කළ ජීවන දෘෂ්ටියක් නියෝජනය කරන ආඛ්‍යාන පරිකල්පනයක්” හිමි ලේඛිකාවක වශයෙන් ස්විඩිෂ් ඇකඩමිය විසින් හඳුනාගත් ඔල්ගා තොකර්චුක් මෙන්ම ගෝලීය වශයෙන් ජාත්‍යන්තර සාහිත්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන ලේඛක ලේඛිකාවන් සහ සාහිත්‍යවේදීන්ගේ විශිෂ්ට එකතුවක් 2025 ආසියානු සාහිත්‍ය උළෙල, ගම්පහ අදියර, සඳහා වෙත සුවිශේෂී පර්යාවලෝකයක් එක් කිරීමට නියමිතව තිබේ.
දෙසැම්බර් 27, 28 සහ 29 තෙදින තුළ ගම්පහ දී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු සාහිත්‍ය උළෙල 2025, ගම්පහ අදියර, සංස්කෘතික අවකාශයක කොටස්කරුවන් වීමට ඇලුම් කරන සියලුම දෙනාටම හෘදයාංගම පිළිගැනීමක් ලබාදෙනු ඇත. පවුලේ සියලු දෙනාටම මෙන්ම, සුරතල් සතුන්ට පවා හිතකාමී මෙම සාහිත්‍ය උළෙල, සාහිත්‍යයේ සහ රසවින්දනයේ අයිතිය සෑම සියළු අයෙකුටම සමානව හිමි කර ගැනීමට හැකි ලෝකයක් සඳහා වූ සුභ සිහිනයක් යථාර්ථය බවට පත් කරනු ඇත.
පැතුම් පුංචිහේවා
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
