“දරුවන්ට කෑම කටක් නොදී අධිරාජ්‍යයාට බදු ගෙවන්න වුණු ගැහැනුන්ගෙ වේදනාව අදත් එහෙමමයි” – තරුරසී ප්‍රනාන්දු

එහෙම කතන්දර කියල දුන්නා කියල නම් මතකයක් නැහැ. හැබැයි අපේ ආච්චිල, සීයලා, මම්මල, අම්මල එයාලගෙ ජීවිත කතන්දර කියනවා අහන් ඉන්නවා. ඒවා ගොතපු කතා නෙවෙයි ඇත්ත කතා. ගමේ ආච්චිල සීයලට ඇහුම්කන් දෙන පුරුද්දක් මට තිබුණා. එයාලගෙන් මට ඇහුණෙත් ඇත්ත ජීවිත කතා. මට ගොඩක් කතන්දර ලැබුණා දහම් පාසලෙන්. දහම්පාසලේ ඒ කාලේ දැන් වගේ විෂය නිර්දේශ තිබුණෙ නැහැ. තරග විභාග තිබුණෙ නැහැ. දහම් පාසල හරිම නිදහස් සුන්දර තැනක්. Continue reading “දරුවන්ට කෑම කටක් නොදී අධිරාජ්‍යයාට බදු ගෙවන්න වුණු ගැහැනුන්ගෙ වේදනාව අදත් එහෙමමයි” – තරුරසී ප්‍රනාන්දු

“චතුරාර්ය සත්‍යය වෙනත් විදියකට පොත්වලටත් අදාළයි” – නිලූකා බ්‍රැන්ඩන්

ජීවිතේ විවිධ දේවල් හරහා යනකොට හිතෙනවා අපි ඇයි සිංහල ඉගෙන ගත්තේ. ඉංජිනියර් කෙනෙක් වෙන්න නම් මෙච්චර සිංහල ඉගෙන ගන්නෙ මොකටද වගේ දේවල්. හැබැයි ජීවිතේ අපි එක කාලෙකට ආවට පස්සේ හිතෙනවනේ මම මේ මොනවද හිතලා තියෙන මෝඩ දේවල් කියලා. මට මතකයි මමත් ප්‍රශ්න කරලා තියෙනවා අපි මොකටද සමාජ අධ්‍යයනය ඉගෙන ගත්තේ කියලා. දැන් මට අවුරුදු තිස් අටක්. දැන් මට හිතෙනවා අපි ඉගෙනගත්තු හැමදෙයක්ම එකට සම්බන්ධයි කියලා. කියවීම ජීවිතේදි ගත්තොත්, ජීවිතේට එන ප්‍රශ්න ගත්තොත්, අපිට ආපු ප්‍රශ්නම මීට අවුරුදු විස්සක තිහකට කලින් මේ පොත්වල හිටපු අයටත් ඇවිල්ලා තියෙනව වගේම ඒගොල්ලො ඒකට මේ විදියේ දේවල් කරලා තියෙනවා කියලා අපිට මතක් වෙනවා. Continue reading “චතුරාර්ය සත්‍යය වෙනත් විදියකට පොත්වලටත් අදාළයි” – නිලූකා බ්‍රැන්ඩන්

“මට ගෙවල් කියවන පුරුද්දක් තියෙනවා” – චතුරි දමයන්ති

ඇත්තටම මට අමුතු පුරුද්දක් තිබුණා. මම බස්එකේ යද්දි, ගමන් යද්දි හුඟක් වෙලාවට ගෙවල් කියවනවා. ගෙයක් දැක්කහම ඒ ගේ ගැන මගේ ඇතුළෙ කතාවක් මැවෙනවා. මේ ගේ ඇතුළෙ මොනවගේ දේවල් වෙනවා ඇද්ද කියලා. විශේෂයෙන් පාන්දර කොළඹ යද්දි, සමහර ගෙවල්වල ලයිට් දාලා තියෙනවා එක කාමරේක. මම හිතනවා ආහ් මේ කුස්සිය වෙන්නැති. එහෙම මම ඒකට අදාළ කතාවක් පරිකල්පනය කරනවා. බස් එකේ යන වෙලාවක නින්ද ගියේ නැත්නම් මම කරන්නේ ඒක තමයි. Continue reading “මට ගෙවල් කියවන පුරුද්දක් තියෙනවා” – චතුරි දමයන්ති

“මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ ප්‍රබන්ධ ලෝකෙ ඉන්න වෙලාවට” – ශමෙල් ජයකොඩි

දැන් හිතන්න ප්‍රංශ පෙම්වතා පොතේ මාලක ගත්තොත්, මාලක පැරීසියේ ඉඳලා ඉගෙනගන්න යන්න තියෙනකොට මොනවගේ ප්‍රශ්නද එයාට එන්නේ. කොච්චර සීතලත් දැනෙනවද, බස් එක ගන්න කොච්චර දුර ඇවිදගෙන යන්න ඕනද. කෝච්චියෙ නැග්ගම බහින තැන හොයාගන්න එක කොච්චර අපහසු වැඩක්ද, ඔය විදියට චරිතෙ තුළ ජීවත් වෙනකොට මට දැනෙන දේ මම ලියනවා හැබැයි ලියන්නෙත් අවශ්‍යම දේ. ඒ වගේම තව මම කරන දෙයක් තමයි, ඒ චරිත එක තැනක වාඩිකරවලා එයාලට කතාකරන්න ඉඩ අරිනවා. Continue reading “මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ ප්‍රබන්ධ ලෝකෙ ඉන්න වෙලාවට” – ශමෙල් ජයකොඩි

අඳුරු වනයකි තැවෙන මනස – නෝවීජියන් වුඩ්

සෑම වසරකම නොබෙල් සාහිත්‍ය සම්මාන ප්‍රධානය ආසන්නයට එළඹෙන විට ලොව දසත විසිරී සිටින ඔහුගේ පාඨකයෝ සිය ආදරණීය ලේඛකයාට නොබෙල් සම්මානය හිමිවේවි යැයි දෑස් අයා බලා සිටිති. එහෙත් නොබෙල් සාහිත්‍ය සම්මානය තවමත් ඔහු සොයා පැමිණ නැත. මේ ලේඛකයා අන් කවරෙකුවත් නොව හරුකි මුරකමි ය. මුරකමිමය යථාර්ථයකින් පාඨකයා වෙනත් ලොවකට කැඳවාගෙන යන ඔහුගේ ලේඛන කලාව තුළ මිනිස් ජීවිතයේ සංකීර්ණ සබඳතා, විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු නව ආර්ථික … Continue reading අඳුරු වනයකි තැවෙන මනස – නෝවීජියන් වුඩ්

ජීවිතයෙන් මොහොතක්

දුරුත්තේ සීතල වා රැල්ලනලියයි නිවන්නට ඉටිපන්දම් දැල්ලදෑතින් වටකර නවත්තන්නටඋත්සාහ දරන්නෙමි මම! වෙන්න එපා පොඩි ළමයෙක්කියනු ඇත යමෙක්එහෙත් දනිමි මමතවමත් මා දරුවෙකු බව ඔබට!වසර ගණනක් පුරා වේදනා, අනතරායන්, වෙහෙස දරා රැකබලාගත්! බ්ලේක්, “වරක් මිනිසෙක් රළු හා සෞම්‍ය මාවතකමරණයේ මිටියාවත ඔස්සේ ගමන් කළ බව”, කීය.පෙනෙන්නේ දැන් මටඅපේ බැඳීමදගෙවුණු වසර ගණන පුරාගියේ රළු හා සෞම්‍ය මාවතක බව! ඇත බොහෝ දේ කියන්නට නොහැකි වූඇත බොහෝ දේ පෙන්වන්නට නොහැක වූඉතින් … Continue reading ජීවිතයෙන් මොහොතක්

පිටස්තරයා පරිවර්තනය ගැන විමසුමක්

ඇල්ජීරියාවේ උපත ලබා ප්‍රංශයට පැමිණ ලෝ ප්‍රකට ලේඛකයෙක් සහ දාර්ශනිකයෙක් බවට පත් වූ ඇල්බෙයා කැමූ විසින් ප්‍රංශ බසින් රචිත L’Étranger නම් කෘතිය සෝමරත්න බාලසූරිය විසින් 1984 වසරේදී පිටස්තරයා නමින් පරිවර්තනය කර ඇත. එම පරිවර්තනය පිළිබඳ මගේ විමසුම මෙසේ දක්වමි. කැමූ විසින් 1942 දී පළකරන ලද මෙම නවකතාව පිළිබඳව ඉංග්‍රීසි පාඨක ලෝකයේ ඇස ගැටෙන්නේ බ්‍රිතාන්‍ය ලේඛකයෙකු මෙන්ම විචාරකයෙකු වූ සිරිල් කොනලි විසින් එවකට බ්‍රිතාන්‍ය පාදක කරගත් … Continue reading පිටස්තරයා පරිවර්තනය ගැන විමසුමක්

ස්වයං-අධ්‍යනිත බුද්ධිමතියකගේ සාහිත්‍යය…

ඩොරිස්මය ජීවිතය   විසිවෙනි සියවස මිනිස් වර්ගයාට අතිශයින් තීරණාත්මක සියවසක් බව පැවසීම සාධාරණය. පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය, පරමාණුක බෝම්බ, සීතල යුද්ධය, භයානක වසංගත ආදී බොහෝ විනාශකාරී අත්දැකීම්වලට මිනිස් වර්ගයා මුහුණ දුන් කාලවකවානුවකි එය. තමන්ගේ පැවැත්ම පිළිබඳව මිනිසා නැවත කල්පනා කරන්නට පටන්ගත් මේ සියවසේ විවිධ දාර්ශනිකයෝ, ලේඛකයෝ බිහිවූහ. ඔවුන්ගේ ජීවිත මෙන්ම විෂය පථයද පුළුල් වීමට ඉහත කී මහා සිදුවීම් බලපෑවේය. ඩොරිස් ලෙසිං උපත ලබන්නේ … Continue reading ස්වයං-අධ්‍යනිත බුද්ධිමතියකගේ සාහිත්‍යය…

අප දිගින් දිගටම සොයමින් යන්නේ කුමක්ද?

වෛරසය තවත් පැරණි සත්‍යයක් ගැන අප දැනුවත් කරාවි යැයි මම බියට පත්වෙමි. ඒ අප කොතරම් අසමානද යන්නය. අපෙන් සමහරු දූපත්වල හෝ වනාන්තරවල හුදෙකලාව ඇති නිවාස වෙත පුද්ගලික ගුවන් යානා වලින් පියාසර කරන අතරේ අනෙක් අය නගරවල රැඳී විදුලි බලාගාර හා ජලපවාහන සේවාවල නිරතව සිටිති. තවත් කොටසක් තම ජීවිතය පරදුවට තබමින් සාප්පු සංකීර්ණවල හා රෝහල්වල වැඩෙහි යෙදී සිටිති. සමහරු වසංගතයෙන් මුදල් උපයාගන්නා අතරේම තවත් සමහරුන්ට තමන් සතු සියළු දේම අහිමි වෙයි. එළඹෙන අර්බුධය ඉතා හොඳ යැයි අපට පෙනෙන සියලු මූලධර්ම වලට වල කපයි. බොහෝ රටවල්වලට එය පාලනය කරගත නොහැකි වන අතර ඒ පසුබෑම් හමුවේ සෑම අර්බුධයකට පසුවම සිදුවන්නාක් මෙන් නව විධානයන් අවදිවනු ඇත. Continue reading අප දිගින් දිගටම සොයමින් යන්නේ කුමක්ද?

ලෞකික තුර්කියේ කතාව – රත් වරලැති ලිය

“ඔබ අගය කරන ඔබට වටිනා යමක් ළිං පතුලක සඟවා පසුව ඒ ගැන අමතක කර දැමීමේ අරුත කුමක් වූයේද?” අහඹු හැඟීමක් අපේ ජීවිත වලට කෙතරම් නම් බලපෑමක් කළ හැකිද? විශේෂයෙන් එය කෙනෙකු කෙරෙහි ආකර්ෂණය වන හැඟීමක් නම්? ඒ හැඟීමේ කෙළවර අවසානය නොදන්නා අනන්තයක ගැටගැහී ඇති බවක් පෙනේ. රත් වරලැති ලිය දකින් මෙහි කතානායකයා ජෙම් අත්විඳින හැඟීම් සමුදාය හැම යෞවනයෙක්ටම උරුමය. “වැඩබිමේ සිට මිනිත්තුවක පමණ ඇවිදින දුරින් … Continue reading ලෞකික තුර්කියේ කතාව – රත් වරලැති ලිය

දුරස්ථකරණයේ මෙලන්කොලියාව

ක්‍රිස්ටෝෆර් නොලාන්ගේ Interstellar චිත්‍රපටිය ඇතුළේ ඉතාම තදබල ශෝකයක් ජනිත කරවන ජවනිකා කිහිපයක් ඇතුළත්. විශේෂයෙන් ම කූපර් සහ ඔහුගේ දියණිය අතර සම්බන්ධතාවය චිත්‍රපටිය පුරාම ඇති කරන්නේ ශෝකී බවක්. ඒත් මේ චිත්‍රපටියේ මට තදින්ම ශෝකයක් දැනුණ තැන වෙන්නෙ චිත්‍රපටියේ අවසානයේ එන අමේලියා එඩ්මන්ඩ් ගේ ග්‍රහලෝකයේ තනිවෙන දර්ශනය. නොලාන් චිත්‍රපටය පුරාම මේ මෙලන්කොලියාව ඇතිකරන්න හේතුව මම දන්නේ නැහැ. ඒත් ඒක පපුවට හරිම බරයි. මට ඒ දර්ශනය තදින් දැනෙන්න … Continue reading දුරස්ථකරණයේ මෙලන්කොලියාව

මනුෂ්‍යත්වයේ කණාමැදිරි එළියකි ‘මචපුචාරේ අවාරේ‘

සැරිසර සටහනක් ලිවීම යනු තමන්ගේ අත්දැකීම් පරිණාමය කරන එක් ක්‍රියාවලියකි. මන්ද යත් මෙතෙක් ඉතා පුද්ගලිකව තිබූ අත්දැකීම් පොදු අත්දැකීමක් බවට ඉන් පරිණාමය වෙමින්, පාඨකයාව ද එහි කොටස් කරුවෙකු කරගන්නා අතරේම ඔවුන්ගේ ජීවිතවලටද ප්‍රඥාවක් එක් කරන බැවිනි. සනත් බාලසූරිය විසින් රචිත මචපුචාරේ අවාරේ පෙරවදනේ එන පහත කොටස උපුටා දක්වන්නේ එය මෙතැන් සිට මේ ලිපියට සෘජුවම සම්බන්ධ නිසාය. “ලොව ඇත්තේ යාම් ඊම් පමණකැයි සරච්චන්ද්‍ර උපුටා දක්වමින් නිතර … Continue reading මනුෂ්‍යත්වයේ කණාමැදිරි එළියකි ‘මචපුචාරේ අවාරේ‘

දේශපාලනයේ සාහිත්‍යය – ඉස්ත්‍රාති සහ රොලාන්ද්

රුමේනියාවේ දැනියුබ් ගඟ පදනම් කරගෙන නිර්මාණය කර ඇති බ්‍රයිලා නම් වරාය නගරයේ 1884 වසරේදී උපත ලද ඉස්ත්‍රාතිට මූලික අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපනයෙන් ඉවත්ව විවිධ කම්කරු රැකියාවල නිරතවීමට සිදුවෙයි. ඔහුගේ ග්‍රීක මංපහරන්නෙකු වූ ඔහුගේ පියා ඔහුට කිසිදිනෙක හමුවී නැත. රෙදි අපුල්ලන රැකියාවක නිරත වූ මව ඇසුරේ දිවි ගෙවූ ඔහු ඉතා දක්ෂ කියවන්නෙකු වුවද එයට දුප්පත්කම හරස් විය. පාසලෙන් ඉවත්ව ඔහු විවිධ ගබඩා සහ ආයතන වල සුළු රැකියාවල … Continue reading දේශපාලනයේ සාහිත්‍යය – ඉස්ත්‍රාති සහ රොලාන්ද්

කෙනෙකුට දරාගත නොහැකි කියවීමේ අත්දැකීම් තියෙනවා – අනුක් අරුද්ප්‍රගාසම්

2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රගාසම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචර්ය උපාධිය ලබා ඇති අනුක් ඉන්දියාවේ සහ ලංකාවේ වරින්වර ජීවත් වෙයි. මෙයට පෙර ඔහු විසින් රචිත The Story of a Brief Marriage නවකතාවට 2017 DSC Prize for South Asian Literature සම්මානය … Continue reading කෙනෙකුට දරාගත නොහැකි කියවීමේ අත්දැකීම් තියෙනවා – අනුක් අරුද්ප්‍රගාසම්

සිවුමැළි ආඛ්‍යානිකයා

සිහිකල්පනාවෙන් යුක්තව මා අත්විඳි පළමු ඡායාරූපය වන්නේ මට උපත ලබාදෙන්නට පෙර මගේ මවගේ රුව ඇතුළත් වූ ඡායාරූපයකි. අවාසනාවට එය කළු-සුදු ඡායාරූපයක් වූ බැවින් අළු පැහැති හැඩයන් මිස සවිස්තරාත්මක බොහෝ දේවල් එයින් ගිලිහී තිබිණි. කවුළුවකින් පෙරී ආ වැසි දිනක මෙන් මළානික, වසත් සමයේ ආලෝකය වන් මෘදු ආලෝකයකින් කුටිය යාන්තමින් දිලිසෙයි. ශබ්දය අඩු වැඩි කිරීමට සහ නාලිකා සුසර කිරීමට ඇබ දෙකක් සහ කොළපැහැති රවුමක් සහිත අපේ ගුවන්විදුලිය … Continue reading සිවුමැළි ආඛ්‍යානිකයා

අර්සු (බලාපොරොත්තුව)

එකම රාජකාරියක නිරත වීම කෙනෙකුට මැදපෙරදිග ජීවිතයේ ලැබෙන නීරසම අත්දැකීම විය හැක. කිසිම වෙනසක් නැති ජීවිතයක් ගෙවීම අපහසු බව අපට දැනෙන්නේ එක්වරම එයට වෙනසක් ඇතිවූ විටය. එහෙත් වෙනස කුණාටුවක් ලෙස හඹා ආවේ නම් එය කෙසේ දරාගන්නද? සාමකාමීව ගෙවී ගිය මගේ ජීවිතය කුණාටුවකට ඇදදැමූ ඒ දවස උදාවූයේ අශුභ ලකුණක් සමඟිනි. නිසල් ඒකනායක වන මම කටාරයේ සුපිරි වෙළඳසැලක ගෘහභාණ්ඩ අංශයේ අලෙවි සහකාරවරයෙකු ලෙස එවකට සේවය කරමින් සිටියෙමි. … Continue reading අර්සු (බලාපොරොත්තුව)

සැබෑ මුක්තිය කුමක්ද?

නවකතාවේ ආකෘතිය මෙම නවකතාවේ ආකෘතිය දෙස බලන විට මගේ මතකයට නැගුණ කෘති කිහිපයක් වෙයි. ඉන් පළමුවැන්න නම් රුසියානු ලේඛක පියදෝර් දෙස්තයෙව්ස්කි ගේ Notes from underground නම් කෘතියයි. දොස්තයෙව්ස්කි ගේ මෙම කෘතියට පාදක වන්නේ විශ්‍රාමික සිවිල් නිලධාරියෙකු ගේ කටුක හුදෙකලා ජීවිතයේ මතක සටහන් ය. මෙම කථකයා නිර්නාමික තැනැත්තෙකි. මුක්ති නවකතාවේද කථා නායකයා නිර්නාමික ය. එමෙන්ම මුක්ති නවකතාව මුළුමනින්ම මොනලොගතික (ආත්මභාෂණ) ප්‍රකාශනයකි. දොස්තයෙව්ස්කිගේ නවකතාවේ පළමු අර්ධය ද … Continue reading සැබෑ මුක්තිය කුමක්ද?

මළවුන්ගේ සාප්පුව

හංගේරියාවේ, බුදාපේෂ්ත් අගනුවර දොබ්රෙන්තෙයි වීදිය. මෙම ලිපිනයෙහි, මළවුන්ගේ සාප්පුව පිහිටා තිබේ. එය ඉරිදා දිනය ද ඇතුළුව සෑම දිනකම විවෘත කර තැබෙන්නේ : සෑම අයිතමයක්ම යුරෝ දෙක, පහ සහ දහය යටතේ මිළ කර ඇති බවට වන එකම නීතිය යටතේය. එක් කලෙක එය දුක් මුසු දර්ශනයකින් හෙබි වටපිටාවක් විය. එකල සාප්පුව පිහිටි නිවස අබලන්ව ගිය, වසර ගණනාවකින් කිසිවෙකුගේ පහස නොලද අටුවක පිහිටි සුන් බුන් සහිත කාමරයක් මෙනි. … Continue reading මළවුන්ගේ සාප්පුව

ලියන හැම එකම මුද්‍රණය කරන්න අවශ්‍ය නැහැ – ශෙහාන් කරුණාතිලක

පසුගිය සමය ලාංකීය ලේඛක ලේඛිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් ලබාදුන් කාලයක් බවට පත් විය. 2021 වසරේදි අනුක් අරුද්ප්‍රගාසම් බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වීමෙන් පසුව 2022 වසරේදී පිට පිට දෙවන වතාවට තවත් ශ්‍රී ලාංකිකයෙකු බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වීම ලාංකීය සාහිත්‍යය කලාවට ලැබුණු මහත් උත්තේජනයකි. Continue reading ලියන හැම එකම මුද්‍රණය කරන්න අවශ්‍ය නැහැ – ශෙහාන් කරුණාතිලක

Forget Me Not මැජික් එකක්ද?

පොතෙහි ආකෘතිය වෙනස්, අලුත් යැයි බොහෝ දෙනා කියූ නිසා මේ ආකෘතිය ගැන යමක් ලිවීම වැදගත් යැයි මට සිතේ. මේ පොතෙහි ආකෘතිය කොහෙත්ම අලුත්ම අලුත් එකක් නොවේ. එහෙත් සිංහල සාහිත්‍යය තුළ පවතින අඩු ශානරීය විවිධත්වය නිසා එය මෑතකාලීනව කළ හොඳ අත්හදා බැලීමක් ලෙස සලකමි. මෙවැනි නවකතා ලෝකයේ හඳුන්වන්නේ Epistolary Novel ලෙසය. එය සන්දේශ නවකතා ලෙස අපට පරිවර්තනය කරගත හැකිය. Continue reading Forget Me Not මැජික් එකක්ද?