අතුරුදන් වූවන් සොයන ලූනා.

ඒ සෙවීම වදනින් වදන, ඡේදයෙන් ඡේදය, චැප්ටරයෙන් චැප්ටරය දිග හැරෙන්නේ අපූර්වත්වයකිනි. සන්දනා පොන්නම්බලම් ගැන අප තුළ ඇඳෙන චිත්ත රූප අප්‍රමාණය. ඊටත් වඩා ලූනා ඇගේ චාරිකාවේ ක්ෂිතිය තුළ අප රැගෙන යන්නේ ඇය මෙන්ම අවිනිශ්චිත හැඟීමක් තුල අප ද ගිල්වමිනි.
ඒ සාගාව හුදෙක් සෞන්දර්යාත්මක සැරියක් නොවේ. මිනිස් ජීවිත තුළ දරන්නට වන කම්පාවන්, අහිමිවීම්, යුද්ධය මෙන්ම අනෙකුත් යථාර්ථයන් යම් ශෝකී තානයකින් අපව බඳවයි. Continue reading අතුරුදන් වූවන් සොයන ලූනා.

කොට තුවක්කු දල්වන යථාර්ථයේ ඕරාව

‘කොට තුවක්කු’ කියවිය යුතු නවකතාවක් බවට පත්වන්නේ එය බිහිව ඇති සන්දර්භය මගින් සාමාන්‍ය සිංහල නවකතාවක ඇති භාවාතිශය කියවීමකට වඩා වැඩි යමක් ලබා දෙන බැවිනි. විචාරක ටෙරී ඊගර්ටන් කියූ පරිදි  නූතන විචාර ක්‍රමය ඇතිවූයේ පරම වූ ස්ථාවරයකට එරෙහි අරගලයක් ලෙසින් වුවද පසුව ඔහු කියා සිටියේ විචාරය හා සාහිත්‍ය අද කර්මාන්තයක් වී ඇති බවයි. Continue reading කොට තුවක්කු දල්වන යථාර්ථයේ ඕරාව

“ඔහුගේ එක් දුබලකමකි – ඔහුට සිතන්නට පුළුවන…”

කවිය කලාත්මක ප්‍රකාශනයක් වුවද කෙනෙකුට සිය ආකල්ප හා මුහුවෙන චිත්ත ප්‍රවාහයන් බහාලන්නට සුදුසු ආත්මීය එළිදරව් ද මෙම නිර්මාණවල කැටි වෙයි. නොයෙක් සිත් රිදවුම් මගින් දැනෙනා ආතතීන් අවම කරගන්නට අපට මෙන් යුධ බිමක ක්ෂණික උපදේශන සේවා නොමැත. සතුරු ආක්‍රමණ පිළිබඳ නිරන්තර විමසිලිමත් බවින් යුතුව හද රිදුම් පිරිමැද ගැනීමද කළ යුත්තේ අතේ අවි දරන නිමේෂයන් තුළදීමය. Continue reading “ඔහුගේ එක් දුබලකමකි – ඔහුට සිතන්නට පුළුවන…”

හරුකි මුරකමි: සරලත්වය තුළින් අවුළුවන සංකීර්ණත්වය

මුරකමි සිය සාහිත්‍යකරණය තුළ එසැවූ අනන්‍යතාවය ඉතා මනහරය. එය මූලිකවම සාහිත්‍ය ශානර තුනක් පුරා විහිදෙන විසල් වපසරියකි. විද්‍යා ප්‍රබන්ධ, මනඃකල්පිතය හා අපරාධ ප්‍රබන්ධයන් ශානර මෙන්ම ඉන්ද්‍රජාලික යථාර්ථය ඔස්සේ යමින් ඔහු සිය සිතියම සලකුණු කරන්නේ උචිත බස් වහර මගින් සිය කලාපයන් තෝරා බේරා ගනිමිනි. Continue reading හරුකි මුරකමි: සරලත්වය තුළින් අවුළුවන සංකීර්ණත්වය

දයාසේන ගුණසිංහයන් ගෙන ආ ‘රන් තැටියක කඳුළු’

ඇත්තෙන්ම ඔහුගේ කාව්‍යාගමනය සිදුවන්නේ යම් යම් අර්බුද පැවැතී වකවානුවකදීය. ඉතා සීඝ්‍රයෙන් වෙනස් වන දෛනිකත්වය පිළිබඳ සීමා නොවූ අනුභූතින්වල ඇසුර ලබමින් කලාත්මක සන්නිවේදනයකට නිර්මාණ යොමු කිරීම දයාසේන ගුණසිංහගේ විස්කමක් විය. Continue reading දයාසේන ගුණසිංහයන් ගෙන ආ ‘රන් තැටියක කඳුළු’

මම ‘මුළා මංසලේ’

දැන් ‘මුළා මංසල’ ට යමු. මට එය හැඟෙන්නේ, කොටස් වශයෙනුත් (ඒ කොටස් පරිඡේද ලෙස හැඳින්විය හැකිද?) ඒ ඒ කොටස් තනිවමත් ගත හැකි කතන්දර මාලාවක පැහැදුල් මූර්තියකි. ඒ අතර සබැඳියාව , නොබිඳෙන, නොපෙනෙන සියුම් හුයකින් ඇමිණු දීපාගේ මැජික් යෂ්ටිය, මොහාන් අතට කෙසේ හෝ ලැබී ඇත. Continue reading මම ‘මුළා මංසලේ’

සිපගන්න මා, දැනෙයි ඔබට කෙතරම්, වැදගත් ද මා…

ප්ලාත් ගේ කාව්‍යයන් අතරින් ‘Lesbos’ වෙන අවධානය යොමු කරන්නේ, එහි ඇති යම් අසාමාන්‍යතාවක් නිසාය. ප්ලාත් ගැහැනියක වීම තුලින්, සිය අත්දැකීම් ප්‍රකාශනය තුල සියුම් ව දනවන්නේ, මානව සබඳතා වල ගැඹුරු බව වීම, එම සුවිශේෂීතාවයයි. ගෘහීය කටයුතු: ගෘහීය හිංසනය; ගෘහීය ප්‍රචණ්ඩත්වය: ගෘහීය දූෂණය ආදි සෘණාත්මක කරුණු එකලස් ව ඇති ගෘහය, ගැහැනියක ගේ ඉවසුම්; සැනසුම් මෙන්ම රිදවුම් කළාපය ද බව ඇය කියන්නීය. Continue reading සිපගන්න මා, දැනෙයි ඔබට කෙතරම්, වැදගත් ද මා…