වෘතාන්තගත නායකයෙකුගේ සැබෑ කතාව – ලී ක්වාන් යූ

මෙසේ ඉතාමත් අසීරු, දුක්ඛිත අඩියක පැවැති, ගෝලීය ආර්ථිකය තුළ කිසිවෙකුත් ගණන් නොගන්නා තත්ත්වයක තිබූ කුඩා දූපත් රාජ්‍යය, වර්තමානය වන විට ගෝලීය ආර්ථිකයේ ශක්තිමත්ම දැවැන්තයෙකු ලෙසින් වර්ධනය කරන්නට, ගන්නට සිදුවූ තීරණයන්, ජනතාවට කරන්නට වූ කැප කිරීම්, ලී ක්වාන් යූ මෙම කෘතිය තුළ විදහා දක්වයි. Continue reading වෘතාන්තගත නායකයෙකුගේ සැබෑ කතාව – ලී ක්වාන් යූ

අමුතු සන්ධ්‍යාවක, කඳුළු පනින කොමඩිය: ඩේවිඩ් ග්‍රොස්මන්ගෙන් හදවතට බර පාපොච්චාරණයක්!

මෙසේ මෙම අවුල් ජාලය කියවමින් සිටින පාඨක අපට, දොවාලේ ජීගේ කදුළු පනින කොමඩි නාටකය සැබවින්ම හදවතට බර පාපොච්ඡාරණයක් බව, ආත්මානුකම්පාවේ පසුතල චිත්‍රය, වේදිකාවේ එල්වූ සරදමක තිර රෙදි වලින් වසා ඉදිරිපත් කරනා දුක්ඛාලාපයක් බව ක්‍රමයෙන් පසක් වෙයි. Continue reading අමුතු සන්ධ්‍යාවක, කඳුළු පනින කොමඩිය: ඩේවිඩ් ග්‍රොස්මන්ගෙන් හදවතට බර පාපොච්චාරණයක්!

ඔරෝබොරෝසය

ශ්‍රී ලංකාවේ දැඩි මතභේදයකට තුඩු දුන් සිය මේරි නොහොත් මරියා කෙටිකථාව ඔස්සේ මංජුල වෙඩිවර්ධන විසින් යේසුස් සම්බන්ධව වන බයිබලීය පුරාවෘත්තය සහ අන්ත ක්‍රිස්තුන් සම්බන්ධයෙන් වන වෘතාන්තයන් එක් කොට ඒ වෙත නවමු දෘෂ්ටියක් ලබාදෙමින් කථාන්තරයක් ගොනු කොට සිටී. එහි සඳහන් වන උක්ත උපුටනය සංකේතාත්මකව කෙටිකථාවේ පෙළ උදෙසා වැදගත් වන අතර, එම සංකේතය ඩයොනීසියානුවා හට වැදගත් වෙයි. මේ ඔරෝබොරෝසයයි. Continue reading ඔරෝබොරෝසය

“ජෙරුසලෙම් දූවරුනි”… මේ සියලු දුක්ගැහැටෙන් හෝ නුඹේ භක්තිය ප්‍රහීනව නැතිද?

සෑම ආගමකටම නැතිනම් සෑම දර්ශනයකමට අයත් වන ඕනෑම අයෙකු තුළ දැන හෝ නොදැන පාරාදීසයක් සම්බන්ධයෙන් නොනිවෙන ෆැන්ටසියක් තිබේ. මෙම පාරාදීසය ඒදනයක්, දෙවිපියන්ගේ දිව්‍යමය රාජධානියක්, එලීසියානු බිමක්, යුතෝපියාවක්, රාම රාජ්‍යයක්, ඉකාරියාවක්, ඩයොනීසියාවක් නැතිනම් තමන්ගේම චිත්ත නිර්මිත දිව්‍ය බිමක් විය හැක. එය කෙසේ වුවත්, සෑම අයෙකුම කන්ද මුදුනට මහා ගල් කුළක් තල්ලු කරගෙන යන්නේ කඳු මුදුනෙන් එහා තිබෙනා බවට විශ්වාස කරනා පාරාදීසයක් බලාපොරොත්තුවෙන් නොවේද? Continue reading “ජෙරුසලෙම් දූවරුනි”… මේ සියලු දුක්ගැහැටෙන් හෝ නුඹේ භක්තිය ප්‍රහීනව නැතිද?

සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

ලංකා සාහිත්‍ය උළෙලට එන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණ එකතුවෙන් නිර්මාණය වෙන අපූරු අත්දැකීමක් රසවිඳින්න! පෙබරවාරි 8 සිට 12 දක්වා මහනුවරදී සහ කොළඹදී හමුවෙමු. Continue reading සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

ජීවත් වනවාද නැතිද, එයයි ගැටළුව

සිසිෆස් යනු පෘතුවියේ සිටිනා සටකපටම තක්කඩියා ලෙසින් කුප්‍රකටව සිටි රජෙකි. ඔහු සිය රාජත්වය තුළදී මෙම සටකපට භාවය උපයෝගී කරගනිමින් සිදුකළ අපරාධයන්ද බොහෝ වෙයි. ඔහු තම වාසිය සඳහා මහදෙවි සීයුස්ගේ රහස් පවා හෙළිදරවු කර සිටී. කෙසේ නමුත් එක් මොහොතකදී සිසිෆස් ඔලිම්පස් මහ දෙවියෙකුද උපායෙන් ‍රැවටීමට සමත් වෙයි. එනම් සිසිෆස්ව ටාටරස් වෙත ‍රැගෙන යෑමට මාරයා හෙවත් තෙනටෝස් පැමිණි විට සිසිෆස් ඉල්ලා සිටින්නේ ටාටරස් හි යදම් ක්‍රියා කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන ලෙසටයි. තෙනටෝස් එම ඉල්ලීම ඉ‍ටු කරන්නට යන විට සිසිෆස් කරන්නේ උපායෙන් තෙනටෝස්ව යදමින් බැඳ සිර කිරීමයි. Continue reading ජීවත් වනවාද නැතිද, එයයි ගැටළුව

පොළෝතලයත් ස්වර්ගයත් මුණගැසෙනා තැන

මේ අතරේදී වර්තමානයේදී පවා සමනොළ ගිර යනු පෘතුවියේ මධ්‍ය ලක්ෂ්‍යය බව කියන්නන්ගෙන් පමණක් නොව, සමනොළ කූටය ලෝකයේ අඩුම ගුරුත්වයක් ඇති ස්ථානය යැයි විශ්වාස කරන්නන්ගෙන්ද අඩුවක් නොවේ. ආතර් සී ක්ලාක් විසින් මේ මතය හැඩසවමින් සමනොළ ගිර මුදුනේ අභ්‍යවකාශ සෝපානයක් නිර්මාණය කිරීමට සුදුසු එකම තැන වූ බව කියමින් ‘ද ෆවුන්ටන්ස් ඔෆ් පැරඩයිස්’ කෘතිය නිර්මාණය කරයි. සැබවින්ම සමනොළ ගිර සිරස එවැනි සුවිශේෂී භූ විද්‍යාත්මක සලකුණක්ද? එය පැනයකි. Continue reading පොළෝතලයත් ස්වර්ගයත් මුණගැසෙනා තැන

සොබාදර්මේ කියන්නේ මෙහෙමයි…

මේ වගේ මහ කැලේක රාත්තිරිය ඊටත් හපන්. එක එක ජාතියේ කෙඳිරිගාන සද්ද, බෑඟිරි ගාන සද්ද, ගොරවන සද්ද, හපන, විකන සද්ද, හාරන සද්ද, මරහඬ සද්ද මේ ඔක්කොම ඇහෙන්න පටන් ගන්නවා. හුළඟ පවා හමන්නේ හිත බයගස්සන විදියේ සද්දෙට. හරියට හෙක්ටර් බෙර්ලියෝස්ගේ සිම්ෆනි ෆැන්ටෑස්ටීක් එකේ යක්දෙස්සියන්ගේ සබත් දින හීන වල වගේ. Continue reading සොබාදර්මේ කියන්නේ මෙහෙමයි…

යෝධයා නැති මල් උයන

ඉන්දියානු මූර්ති වල සිට ඔරිජිනල් ‍රැකෝඩ් තැටි දක්වා වූ විවිධ ශෛලීන්ට, විවිධ රටවලට අයත් වූ චිත්‍ර, ගීත තැටි, මූර්ති, කුඩා අනුරූ ඈ දහසක් අලංකරණයන්ගෙන් උයන වැසී ගොස් තිබිණි. මෙම උයනේ පියතිලක නම් වූ යෝධයෙකු විණි. කාලවර්ණ වූ කේශයෙන්ද, ධවල වර්ණ වූ දිගු රවුලෙන්ද යුතු වූ මෙම යෝධයා උයන අරා හිඳ සිටිනු ලෝරිස් පාර ඔස්සේ උයනට පැමිණෙන අප බලාපොරොත්තු වූ දසුනයි. ජෝන් ඩැන්වර් විසින් බටහිර වර්ජිනියාව වර්ණනා කරමින් තම මුල් ගම් කරා දිවෙන පිටිසරබද මං පෙත් ගැන ගීයක් ගැයූ බව මුලින්ම කියා සිටියේද උයනෙහි වූ යෝධයායි. Continue reading යෝධයා නැති මල් උයන

පැක්ටේරියේ දුම්, වානේ තල මැදින් ශූන්‍යතාව පසක් වනු ඇතිද?

දශක ගණනාවක් පුරා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කියැවුණු නාමයක් වන ටෙනිසන් පෙරේරා ප්‍රවීණ සාහිත්‍යවේදියා විසින් ‘දැතිරෝදෙන් උපන් බුදුන්’ ලියන්නේ 1967 වැනි ඈත කාලයකදීයි. කෙසේ නමුත් ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෘතිය තුළින් බුදුදහම ද්වේශ සහගත ලෙසින් සමච්චලයට නැතිනම් විවේචනයට ලක් කළේය යන චෝදනාව මත, ටෙනිසන් පෙරේරාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට යොමු කෙරේ. Continue reading පැක්ටේරියේ දුම්, වානේ තල මැදින් ශූන්‍යතාව පසක් වනු ඇතිද?

මට හරි පාළුයි…

අජිත් කුමාරසිරි කියන්නේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ ඉන්න සංගීතවේදියෙක් නෙවෙයි. එක පාරක් මම පිටපත කරපු ටෙලිවිෂන් වැඩසටහනකට මම අජිත්ව ගෙනාවම, එතන හිටපු නිවේදකයෙක්ගේ පැමිණිල්ල වුනේ අජිත්ගේ ගිටාර් එකේ ටියුන් නැහැයි කියන එක. අජිත්ගේ ස්වර රටා තාක්ෂණිකව නිසියුම් නැහැයි කියන එක. ඒත් අජිත්ගේ සිංදුවක් අහන මට හෝ ඔබට ඔය එක කතාවක්වත් වැදගත් වෙන්නේ නෑ. අජිත්ගේ සිංදුවල තියෙන්නේ හැඟීම්. ලංකාවේ ජනගහණේ… කෝටි දෙකයිලෝකෙම කීයද මං දන්නෙ නෑමං කවුරුත් … Continue reading මට හරි පාළුයි…

අයුඅස්කාමය ධ්‍යානයක ලියැවිලි…

එදා රාත්‍රී මම ඈව සිහිනෙන් දුටිමි. කෙල්ටික් දේව පැන්තියමේ එන සුවදේවතාවී සිරෝනාවන්ට ගැයෙන කෙල්ටික ලොහො සජ්ඣායනාව පසුතලෙහි ලිලිතුන් ගැන කියවමින් නිදා වැටුණු මම එතරම් කාලයකට පසු ඈව සිහිනෙන් දුටිමි. Continue reading අයුඅස්කාමය ධ්‍යානයක ලියැවිලි…

“මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි,” මොහාන් රාජ් මඩවල.

“මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි. එක කොටසක් මොහාන් රාජ් මඩවලට වෛර කරන මොහාන් රාජ් මඩවල පෙන්නන්න බැරි කොටස. අනිත් කොටස මොහාන් රාජ් මඩවල වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති, ඩයි හාර්ඩ් ෆෑන්ස්ලා කොටස”  Continue reading “මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි,” මොහාන් රාජ් මඩවල.

චයිනාමන්: ශ්‍රී ලංකාව, ක්‍රිකට් සහ ප්‍රදීප් මැතිව්!

ලංකාවේ අපි උමතු ක්‍රිකට් ලෝලියෝ නෙවෙයි. උමතු ක්‍රිකට් ලෝලියෝ බලන්න නං යන්න ඕන ඉන්දියාවට. අපිට ක්‍රිකට් කියන්නේ අර බැවේරියන් ලාගර් ටවර් එකක් ඇස් ඉස්සරහා පිට තියෙනකොට දැනෙනවා වගේ දැනෙන, අපූරු තිබහක්. ඒක උමතුවකට වඩා ගැඹුරින් ශ්‍රී ලාංකික ආත්මයන්ට කාවැදුණු දෙයක් Continue reading චයිනාමන්: ශ්‍රී ලංකාව, ක්‍රිකට් සහ ප්‍රදීප් මැතිව්!

පාරාදීසය තියෙන්නේ පුතා ස්වර්ග රාජ්‍යයෙන් එපිට!

ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරයේ කල්පිටියට එපිට ඕලන්ද බොක්ක හා ලොකු කුඩා කොදෙව් ගණනාවක් වෙයි. ඊටද එපිටින් පෘතුගාල බොක්ක ඉසව්වේ, නීල හරිත වර්ණ මහා සමුද්‍රයේ තියුණු පැල්මක් ලෙසින් බත්තලංගුණ්ඩුව තිබෙයි. දිනපතා මහ සමුදුර හා දුෂ්කර ක්‍රියා කරනා බත්තලංගුණ්ඩු වැසියන්ට එය පාරාදීසය ලෙසින් නොපෙනීම අරුමයක් නොවේ. Continue reading පාරාදීසය තියෙන්නේ පුතා ස්වර්ග රාජ්‍යයෙන් එපිට!

ත්‍රිපිටකය සොයා ගිය පෙරදිග දේශාටනය…

ඌට නමක් තිබුනේ නෑ. හැමදෙනාම දැනගෙන හිටියේ ඌ “ගල් වඳුරා” (Shi Hou) කියන නමින්. ඒකට හේතුවක් තිබුනා, ඌ බිහිවුනේ ‘ඕලයි’ රටේ (Aolai Kingdom) පුෂ්ප ඵල පර්වතයේ (Hua Guo Shan) තිබුනු මායාකාරී ගල් කුළක් ගැබ්බර වීමේ ප්‍රතිඵලයක් විදියට. ගල් වඳුරා අනෙක් වඳුරොත් සමඟින් සතුටින්, කෙළිදෙළෙන් ජීවත් වුනා, එක් දවසක දී ඌ වඳුරන්ගේ නායකයා බවට පත්වන තුරැ.. Continue reading ත්‍රිපිටකය සොයා ගිය පෙරදිග දේශාටනය…

පොත් ගුල්ලන්ට තමන්ගේ පොත් ආරක්ෂා කරගන්න උපදෙස් කිහිපයක්

පොත් කියවන්න ආස අයටත්, පොත් එකතු කරන්න ආස අයටත් මතුවෙන පොදු ගැටළුවක් වෙන්නේ තමන්ගේ පොත් ආරක්ෂාකාරීව තබාගැනීම කියලා කියන එක බොරුවක් නෙවෙයි. විශේෂයෙන්ම සමහර පොත් එකතු කරන්නෝ තමන්ගේ පොත් එකතුව පිරික්සලා බලන්න උනන්දු වෙන්නෙත් කාලාන්තරයකට වරක් නිසා, තමන් නොදැනම පොත් එකතුව සම්පූර්ණයෙන්ම නාස්ති වෙලා යන්න තියෙන ඉඩ වැඩියි. Continue reading පොත් ගුල්ලන්ට තමන්ගේ පොත් ආරක්ෂා කරගන්න උපදෙස් කිහිපයක්

අමිෂ් ත්‍රිපති ශිව ත්‍රිත්වය

ඉන්දියානු කෘතහස්ත ලේඛකයෙකු වන අමිෂ් ත්‍රිපති වඩාත් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ ශිව දෙවිඳු අලලමින් ලියූ නවකතා ත්‍රිත්වයෙන් වූවත්, ඊට අමතරව ඔහු විසින් සම්භාව්‍ය රාමායණ කථාවස්තුවද නව ෆැන්ටසි හැරවුමකින් යුක්තව ඉදිරිපත් කිරීමට ඔහුගේ රාමචන්ද්‍ර නවකතා මාලාවෙන් උත්සාහ දරයි. Continue reading අමිෂ් ත්‍රිපති ශිව ත්‍රිත්වය

ජීවිතයේ සත්‍යය සොයා ගිය පෙරදිග දාර්ශනිකයා: මහාචාර්ය ගුණපාල ධර්මසිරි

සෑම දිනයක්ම කෙටි ජීවිතයක්ම වෙයි. සෑම අවදිවීමක්ම ක්ෂුද්‍ර තලයේ උත්පත්තියක්ද වෙයි. සෑම ප්‍රාණවත් උදෑසනක්ම තාරුණ්‍යයක්ද, සෑම නින්දට යෑමක්ම කෙටි මරණයක්ද වෙයි. මෙය ආතර් ෂෝපන්හවර් විසින් නිතර නිතර ඔහුගේ කෘතීන් තුළ ඉඟි කළ කරුණක් වෙයි. ඊට විවරණ සැපයූ මහාචාර්ය ගුණපාල ධර්මසිරි නම්වූ අපූර්ව මිනිසා දීර්ඝ නින්දකට ගොස් ඇත. Continue reading ජීවිතයේ සත්‍යය සොයා ගිය පෙරදිග දාර්ශනිකයා: මහාචාර්ය ගුණපාල ධර්මසිරි

අප්‍රකාශිත ප්‍රේමය සහ ගොළු හදවත

යොවුන් ප්‍රේමය බොහෝ විට වැඩිහිටියෙකු සැහැල්ලුවෙන් පසෙකලන්නේ, එහි කිසිදු ගැඹුරක් නොපවතින්නේ ය යන අදහසේ හිඳිමින් බව රහසක් නොවේ. ඇතැම් විට කරුණාසේන ජයලතුන්ගේ ප්‍රථම නවකතාව වූ ගොළු හදවතට සාහිත ලෝකයේ සාධාරණය ඉෂ්ට නොවීමටද හේතුව, ඊට ප්‍රස්තුත වූයේ ‘බොළඳ’ යැයි සම්මත යොවුන් පාසල් ප්‍රේමයක් වීම ම විය හැකියි. එය එසේ වුවත්, ප්‍රේමයේ වූ සංකීර්ණ ගැඹුරත්, ඒ හා බැඳි සිතුම් පැතුම් වල ආකූල ව්‍යාකූල බවත් ගොළු හදවත නැවතත් කියවන මුහුකුරා ගිය අයෙකුට දැනෙනවාට අනුමානයක් නැත Continue reading අප්‍රකාශිත ප්‍රේමය සහ ගොළු හදවත