“නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන පැටලිලි සහගත මාවත් වගේ” – මොහාන් ධර්මරත්න

පිටු කීපයක් විතරක් කියවීමෙන් පස්සෙ මට තේරුණා දීපා අනප්පරා මේ නවකතාව කරලා තියෙන්නෙ අපි මෙතෙක් කල් සිංහලෙන් නොකියවූ අමුතුම ආඛ්‍යානික රටාවකින් බව. වැඩිහිටියන්ගේ ලෝකය කුඩා කොලුවකුට පෙනෙන හැටි තමයි මේ නවකතාවෙ තියෙන්නේ. වැඩිහිටියා වැඩිහිටි ලෝකය දිහා බලන්නේ රාමුවකට කොටුවෙලා, ඒත් ළමයෙකුට එහෙම රාමු හැදිලා නැහැ. ඔවුන්ට වැඩිහිටි ලෝකය ගැන තියෙන්නෙ වෙනම, නැවුම් අර්ථදැක්වීමක්. හුඟක් වෙලාවට වැඩිහිටියෝ හිතනවා තමන් කරන දේ ළමයින්ට තේරුම්ගන්න බෑ කියල. ළමයි තමුන් තරම් දන්නෙ නෑ කියලත් හිතනවා. ඒවා කොයිතරම් වැරදිද Continue reading “නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන පැටලිලි සහගත මාවත් වගේ” – මොහාන් ධර්මරත්න

මෙය ඔබේ දිවි ගලවන කතාවක්

මේ චූල ජානපදිකයන්ට දෙවියන්ගෙන් කොහෙත්ම පිහිටක් නැත. යක්ෂයන්ගෙන් ඇත්තේද පීඩාවන්ම පමණි. සවිමත් සහ බුද්ධිමත් මිනිසුන්ටද යක්ෂයන් හෝ දෙවියන්ගෙන් වැඩක් නැත. දෙවියන්ගෙන් සහ යක්ෂයන්ගෙන් වැඩගත හැක්කේ බලවතුන්ට සහ ධනවතුන්ට පමණි. අඩුක්කු පුදන්නේ නැතිවම උන් ධනවතුන් සහ බලවතුන් හමුවේ දණින් වැටෙති. එවන් සන්දර්භයකදී මෙවන් අසරණ චූලජානපදිකයන්ට පිහිටක් හෝ සරණක් පැතිය හැක්කේ මෙවන් කුඩා කප්පන්කාර පිසාචයන්, කුම්භාණ්ඩයන් වෙනත් වචනයකින් කියන්නේ නම් මේ භුතයන්ගෙන් පමණි. Continue reading මෙය ඔබේ දිවි ගලවන කතාවක්

නවකතාවේ සනුහරයෙන් රූපකත්වයට

ගියවර තීරුවෙන් අප කතා කළ් නවකතාවේ පාත්‍රවර්ගයා හෙවත් එහි සනුහරය ගැන. වෙනත් විදිහකට කියනවා නම් නවකතාවක චරිත හැදෙන්නෙ කොහොමද කියන කාරණාව පිළිබඳවය. අද අප සූදානම් වන්නේ ප්‍රබන්ධකරණයේදී බහුලව භාවිත වන metaphors හෙවත් රූපක කියන්නෙ මොනවද? යන්න කෙටියෙන් විමසා බැලීමටත් නවකතාවක් තුළ රූපකයක් වැඩ කරන්නෙ කොහොමද කියන කාරණයත් නවකතා පොතක උදාහරණ කීපයක් ඇසුරින් විමසා බැලීමටය. ඉතාමත්ම සරල තැනකින් පටන් ගන්නේ නම් රූපකයක් යනු යම්කිසි වස්තුවක් හෝ … Continue reading නවකතාවේ සනුහරයෙන් රූපකත්වයට