වන්නි හත්පත්තුව වෙනස් කළ රේල්පාර

වන්නිකරය මැදින් උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා එවකට බාර වී තිබුණේ “ඩන්ස්ටන් මුලර්” ට යි. උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා වන්නියේ ජනතාව කම්කරුවන් ලෙස බඳවා ගැනීමත් සමඟ කාලාන්තරයක් තිස්සේ ස්ථාපිතව පැවති විවිධ අදහස්, මතවාද හා සාම්ප්‍රදායන්ට එරෙහිව නව ධනවාදී සබඳතා බිහි කරමින් වන්නිකරයේ ජනතාවගේ ජන ජීවිතයේ සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් ඇති වූ බව දැකිය හැකිය. ධූමරථ මාර්ගය ඉදිකිරීම සමග යටත් විජිත ඒකාධිකාරයට නතුවී ශ්‍රම විභජනය සිදුවන බැවින් එවකට ගම් පාලනය කළ රදල පැලැන්තිය සතු බලය ක්‍රමිකව හීන වී යන ස්වභාවයක් ද හඳුනාගත හැකිය. Continue reading වන්නි හත්පත්තුව වෙනස් කළ රේල්පාර

විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

විභූතිභූෂණ නවකතාව තුළ පෙන්වා දෙන කරුණ නම් ඉන්දියාවේ වන විනාශය නොහොත් වනාන්තර එළිපෙහෙළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීමක් සිදු නොවුණේ නම් ජනයාගේ නැසීයාම හෙවත් ගිරිධාරිලාල් වැනි අයට සියල්ල පසෙකලා සිය මූලික අවශ්‍යතා සපුරාලීම සෑම කාලයකටම පොදු න්‍යාය පත්‍රයක් වන බවයි. මානවකේන්ද්‍රීය පුද්ගල චින්තනය තුළ සොබා දහම සහ සතුන් මිනිසුන්ගෙන් දැඩි ලෙස වෙන් කරනු ලබන අතර මෙහිදී පුද්ගලයන් සොබා දහමේ විවිධත්වය තේරුම් ගන්නා ආකාරයක් දැකිය නොහැකිය. Continue reading විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

භූගත ගංගාව

කපිල කුමාර කාලිංග විසින් යථා සිද්ධියට වඩා පරිකල්පනයට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය කරන ලද “අදිසි නදිය” නම් ප්‍රබන්ධයෙන් සමස්තයක් වශයෙන් සමාජ දේශපාලනික කතිකාවක් පාඨකයා ඉදිරියේ නිර්මාණය කරන ආකාරයක් දැකිය හැකිය. කල්පිත නගරයක නාමික අනන්‍යතාවයකින් තොරව ජීවත්වන ජනයා අත්විඳින්නා වූ දුෂ්කරතාවයන්ට එරෙහිව හඬක් නැගීමට පවා නොහැකි වී තිබෙන්නේ ද පවත්නා දේශපාලන බල අධිකාරිත්වය හේතුවෙනි. Continue reading භූගත ගංගාව

වික්ටර් සූරතිස්සගේ අතීතාවර්ජනය

බබා හේනයා නොහොත් වික්ටර් සූරියතිස්ස යනු තමාගේ ජීවිතය පිළිබඳව සමාජමය අවබෝධයක් සහිතව තම කුලයේ පීඩිතභාවය වෙනුවෙන් හෝ ඒ ක්‍රමයට එරෙහිව චින්තනමය අභියෝගයක් හෝ කළ අයකු නොවේ. කුලභේදය සහිත සමාජ විෂමතාවය තුළ අතීත මතකයන් පිළිබඳ ඔහු තුළ උපදින්නේ කළකිරීමකට වඩා, තමා සිතින් මකා දැමූ අතීතය පිළිබඳව මතකාවර්ජනයකි. Continue reading වික්ටර් සූරතිස්සගේ අතීතාවර්ජනය

පාරිශුද්ධත්වය හා පාපය: ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වය

මිනිත්තු එකොළහේ කතන්දරයෙහි එන මරියා වූ කලී ශුද්ධ වූ බයිබලයෙහි එන මරියා හෙවත් මාතෘත්වයේ සංකේතය වූ කන්‍යා මරියතුමියත්, යේසුස් වහන්සේගේ දෙපා කඳුළින් දොවා කෙස් වැටියෙන් පිස දැමූ බව කියැවෙන මරියා මග්දෙලේනා නම් වෛශ්‍යාවත් සංකේතවත් කරන්නාවූ “පාරිශුද්ධත්වය හා පාපය” යන ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වයෙන් ගොඩනැගුණු ගැහැනියකගේ නිරූපණයක් ලෙසද විචාරකයන් පෙන්වා දෙයි. Continue reading පාරිශුද්ධත්වය හා පාපය: ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වය

අද්භූත ආගන්තුකයා

සංසාරාරණ්‍යය අසබඩ කෘතිය ග්‍රාම ව්‍යුහවාදීව කියවිය යුතු විශ්ලේෂණාත්මක හරයක් සහිත නවකතාවකි. එනම් ගම ව්‍යුහ පද්ධතියක් වශයෙන් ගොඩනඟන ලද, ගොතන ලද ප්‍රබන්ධ පද්ධතියක් වටා ගමෙහි ඉතිහාසය, වර්තමානය, අනාගතය, පරිකල්පනය හෙවත් ගමක් යන ව්‍යුහය පවත්වා ගන්නා ආකාරය සංසාරාරණ්‍ය අසබඩ කෘතිය තුළින් හඳුනාගත හැකිය. Continue reading අද්භූත ආගන්තුකයා

සෙදෝනා

“කොන්කරනව තරන් තවත් ලොකු පාරක් නැහැයි සෙදෝනා හිතුවා. කොන්කරලා, රොඩ්ඩක් වාගෙ අතුගාලා දාලා උන් එකතු වෙලා කනවා. බොනවා. කතා කරනවා. සෙදෝනා එළියේ. කුණු ගොඩේ නිල මැස්සෝ එක්ක.” Continue reading සෙදෝනා

“කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්

ලාංකේය සමාජ සහ සංස්කෘතික ව්‍යුහය තුළ ප්‍රේමය සහ ලිංගිකත්වය කියවාගන්නා ආකාරය එකිනෙකට වෙනස් ය. ගතානුගතික සංස්කෘතික සමාජය තුළ ප්‍රේමය උතුම්කොට සලකමින් පූර්ව-වෛවාහක ලිංගික සේවනය ප්‍රතික්ෂේප කළ අතර, කාන්තාවකගේ කන්‍යාභාවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූ බව දැකිය හැකිය. වර්තමාන සමාජය තුළ ද අඩු වැඩි වශයෙන් මෙකී ලක්ෂණය පවතින බව දැකිය හැකි මුත් අද වන විට ප්‍රේමය හුදෙක් ලිංගික ගණුදෙනුවකට සීමාවූවක් බවට පත් ව ඇත. Continue reading “කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්