සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම   

එහි ‘හෙගල් වෙත ආපසු යාම’ නම් හැඳින්වීම ආරම්භයේ දී ම කතුවරයා පවසන්නේ, අනෙකුත් දාර්ශනික පද්ධති මතුකර ගැනීමට නම් ‘හෙගලියානු බූවල්ලාගෙන්’ ගැලවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කටයුත්තක් වන බව යි. මෙය ස්වයං – ප්‍රතිවිරෝධී උපන්‍යාසයක් වන්නේ කතුවරයාගේ දැවැන්ත ප්‍රයත්නය ම වන්නේ හෙගල් හඳුන්වා දීමවන නිසා පමණක් නොවේ; මෙරට දේශපාලන කතිකා ක්ෂේත්‍රයේ මුඛ්‍ය තේමාව වූ මාක්ස්වාදය සම්බන්ධයෙන් හෙගල් විසින් ඉටු කරන ලද කාර්යය නිසා කතුවරයාගේ ‘හෙගලියානු බූවල්ලාගෙන් ගැලවීමේ උපන්‍යාසය,’ මෙරට දේශපාලන කතිකාවෙන් ගැලවීමේ ප්‍රති – හෙගලියානු පලායාමක් යෝජනා කරන බැවිනි. Continue reading සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම   

යටත්විජිතහරණයට මගපෙන්වන සූක්ෂ්ම ප්‍රවේශයක්

අචෙබේ සරල නමුත් විචිත්‍රවත් භාෂාවක් භාවිත කරන කතුවරයෙකි.  ඔහුගේ වාග් ශෛලියේ ඉග්බෝ හිතෝපදේශ සහ ජනප්‍රවාද ඇතුළත් වන අතර, නවකතාව අව්‍යාජ යැයි හැඟෙන ලෙස ඉග්බෝ ජීවන රටාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් පාඨකයන්ට ලබා දෙයි. ඒ අතරම, අචෙබේ ඉග්බෝ සමාජය තුළ ඇති අඩුපාඩු සහ යටත්විජිතවාදයේ විනාශකාරී බලපෑම් යන ද්විකාරණයන්ම විවේචනය කරයි. Continue reading යටත්විජිතහරණයට මගපෙන්වන සූක්ෂ්ම ප්‍රවේශයක්

සෞන්දර්යේ අවශ්‍යතාව හා “සුන්දරත්වයට පසු කලාව”

චිත්‍ර කලා විචාරකයා අත්විඳින ඒ අනිවාර්ය අපහසුතාවන් අමතක කර දමන්නේ අනෙක් කිසිදු සංඥා පද්ධතියකට (system of signs) තවත් සංඥා පද්ධතියක් ගැන කතා කරන්නට නුපුළුවන් වන අතරේ හුදෙක් භාෂාව මඟින් ම පමණක් එය කරන්නට පුළුවන් වීමේ උද්දාමය මඟිනි. චිත්‍ර කලා විචාරයේ යතුර මෙන් ම උගුල ද ඇත්තේ මෙහි බව සිතමි. Continue reading සෞන්දර්යේ අවශ්‍යතාව හා “සුන්දරත්වයට පසු කලාව”

සුඛාන්තන් මන්දිරයේ සංක්‍රාන්තිය

කතාව තුළ කුලය යන සාධක ඉස්මතු කරන්නේ කරුපන් මාමා නම් චරිතය කේන්ද්‍රකරගෙන. අර්ජුන් කරුපන්ට ‘කරුපන් මාමා’ ලෙස ආමන්ත්‍රණය කරනවා. අඩු කුලයක උපන් කරුපන්ට මෙම ආමන්ත්‍රණය විස්මය දනවන්නක් වෙනවා. එහි භයානක වටපිටාව දකිනවා. ආගම තුළින් ද සමාජය තුළින් තුළින් ද මෙයට එල්ලවන අනේකවිද ප්‍රතිවිපාක කරුපන් අර්ජුන්ට පැහැදිලි කරනවා. Continue reading සුඛාන්තන් මන්දිරයේ සංක්‍රාන්තිය

ජපන් සංස්කෘතියට එබෙන කවුළුව

කෘතියේ එන ‘එකට එක’ හා ‘මී පැණි මුට්ටියට වහ වැටුණු හැටි’ යන කතා තුළින් එක ඉක්ක්‍යු සං නම් සාමණේර භික්ෂුවගේ කතා හමුවේ. මේ තුළ සෙන් කතාවල ආභාසයත්, මහායාන දර්ශනයේ පිළිබිඹුවක් ද දැක ගත හැක. Continue reading ජපන් සංස්කෘතියට එබෙන කවුළුව

“කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්

ලාංකේය සමාජ සහ සංස්කෘතික ව්‍යුහය තුළ ප්‍රේමය සහ ලිංගිකත්වය කියවාගන්නා ආකාරය එකිනෙකට වෙනස් ය. ගතානුගතික සංස්කෘතික සමාජය තුළ ප්‍රේමය උතුම්කොට සලකමින් පූර්ව-වෛවාහක ලිංගික සේවනය ප්‍රතික්ෂේප කළ අතර, කාන්තාවකගේ කන්‍යාභාවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූ බව දැකිය හැකිය. වර්තමාන සමාජය තුළ ද අඩු වැඩි වශයෙන් මෙකී ලක්ෂණය පවතින බව දැකිය හැකි මුත් අද වන විට ප්‍රේමය හුදෙක් ලිංගික ගණුදෙනුවකට සීමාවූවක් බවට පත් ව ඇත. Continue reading “කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්

සඳට රහසක් කියූ මව

ඇයගේ නවකතාවල මා දකින තවත් විශේෂත්වයක් වන්නේ ඥාති සම්බන්ධතා නොපවතින බාහිර පුද්ගලයින් නවකතාවේ ප්‍රධාන චරිතවලට සමීපවන ආකාරය පෙන්නුම් කිරීමයි. අප එදිනෙදා ජීවිතය ගත කරද්දී පවා ඔබටද මෙවන් අත්දැකීම් පවතිනවාට සැක නැත. ස්වකීය පවුලේ සහ ඥාති හිතමිත්‍රාදීන් පසෙක සිටියදී, තමන්ගේ පවුලේ අය මෙන් සලකන සද්ගුණවත් මිනිස්සු මේ සමාජයේ කොතෙකුත් ඉන්නවා. Continue reading සඳට රහසක් කියූ මව

බලාපොරොත්තුව, අධිෂ්ඨානය සහ ආදරයේ කල්පවත්නා බලය

මහලු මිනිසා සහ බල්ලා යනු චරිත පමණක් නොව මානව ගුණාංගවල ප්‍රතිමූර්තියකි. මහලු මිනිසා විඳදරාගැනීම, අධිෂ්ඨානය සහ පරාර්ථකාමීත්වය නියෝජනය කරන අතර බල්ලා පක්ෂපාතීත්වය සහ ජීවිතයට අරුතක් ලබා දෙන චිත්තවේගීය සම්බන්ධතාවය සංකේතවත් කරයි. දෙදෙනා අතර ඇති සම්බන්ධය මුදු මොළොක් හා ගැඹුරින් චලනය වන අතර, ජීවිතයේ දුෂ්කරතා හරහා අපව නඩත්තු කරන අත්‍යවශ්‍ය බලවේගයක් ලෙස සහචරය නිරූපණය කරයි. Continue reading බලාපොරොත්තුව, අධිෂ්ඨානය සහ ආදරයේ කල්පවත්නා බලය

“මගියා” සමඟ  මගියෙකුව

මගියා නවකතාවෙන් විවරණය කරන්නේ දේවාන් නැමැති ප්‍රේමවන්තයාගේ ජීවන අන්දරයයි. දේවාන් ප්‍රේම කළේ තම පෙම්වතියට පමණක් නොවේ. තම බිරිඳට ද පමණක් නොවේ. තම දරු මුණුපුරන්ට ද පමණක් නොවේ. මුළු මහත් සමාජයටම ඔහු ප්‍රේම කළ’යුරු මගියා අපට අපූරුවට හෙළිදරව් කරයි. Continue reading “මගියා” සමඟ  මගියෙකුව

රවීන්ද්‍රනාත් තාගෝර්ගේ “ද හෝම් ඇන්ඩ් ද වර්ල්ඩ්” කෘතිය පිළිබඳ විමසුමක්

නවකතාව පුද්ගලික පක්ෂපාතිත්වය සහ දේශපාලන රාජකාරිය අතරවන ඝට්ටනය  ගවේෂණය කරයි. නිඛිල් සමඟ බිමලාගේ සබඳතාවය ජාතිකවාදී අරමුණට සම්බන්ධ වීමෙන් පරීක්ෂාවට ලක් වන අතරම, ඇගේ අභ්‍යන්තර අරගලය පුද්ගලික සහ දේශපාලන පක්ෂපාතීත්වය අතර ප්‍රබල ගැටුමක් සඳහා රූපකයක් බවට පත්වෙයි. නිඛිල්ගේ චිත්තවේගීය පාවාදීම නොතකා බිමලා කෙරෙහි ඇති නොසැලෙන ආදරය, සන්දීප් විසින් ඔහුගේ දේශපාලන වාසි තකා ඇගේ හැඟීම් නරුම ලෙස හසුරුවා ගැනීම හා වෙනස් වේ. Continue reading රවීන්ද්‍රනාත් තාගෝර්ගේ “ද හෝම් ඇන්ඩ් ද වර්ල්ඩ්” කෘතිය පිළිබඳ විමසුමක්

නොලියැවුණු වීරයන්ගේ කතාව

ග්‍රාමීය ජන ජීවිතයේ අපූරු නවාතැන් රැසක් රසවත් පරිච්ඡේද කිහිපයක් ඔස්සේ චුට්ටා තුළින් නිරූපණය කෙරේ. කතුවරයා, දරිද්‍රතාවය විසින් යටත් කරගන්නා ලද චුට්ටාගේ පවුල තුළ සිදුවන අනේකවිධ හැලහැප්පීම් ඉදිරිපත් කරන්නේ ඉතා රසවත් සරල භාෂාවකිනි. Continue reading නොලියැවුණු වීරයන්ගේ කතාව

විශ්වය පුරා සැරිසරන ආදරය

මෙහිදී සසඳරාගේ අප්පච්චි පවසන ප්‍රකාශය සමග කෙනෙකුට එකඟ විය හැකි අතර කෙනෙකුට එයට එකඟ නොවී ප්‍රශ්න කිරීමටද හැකිය. පුද්ගලයින් වශයෙන් තනි තනි ව්‍යායාම ඔස්සේද රටක් මෙන්ම පොදු සමාජ ආකල්පද වෙනස් කළ හැකි බව පිළිගත හැකිය. නමුත් එය හුදෙක් හුදෙකලාවම සිදු කළ නොහැකි කටයුත්තකි. තනි තනි පුද්ගලයින් වශයෙන් සමාජයක් වෙනස් කරන්නටද යම්කිසි පුද්ගල කණ්ඩායමක එකමුතුවක් අවශ්‍ය වේ. Continue reading විශ්වය පුරා සැරිසරන ආදරය

වෘතාන්තගත නායකයෙකුගේ සැබෑ කතාව – ලී ක්වාන් යූ

මෙසේ ඉතාමත් අසීරු, දුක්ඛිත අඩියක පැවැති, ගෝලීය ආර්ථිකය තුළ කිසිවෙකුත් ගණන් නොගන්නා තත්ත්වයක තිබූ කුඩා දූපත් රාජ්‍යය, වර්තමානය වන විට ගෝලීය ආර්ථිකයේ ශක්තිමත්ම දැවැන්තයෙකු ලෙසින් වර්ධනය කරන්නට, ගන්නට සිදුවූ තීරණයන්, ජනතාවට කරන්නට වූ කැප කිරීම්, ලී ක්වාන් යූ මෙම කෘතිය තුළ විදහා දක්වයි. Continue reading වෘතාන්තගත නායකයෙකුගේ සැබෑ කතාව – ලී ක්වාන් යූ

ප්‍රංශ-ජර්මානු යුද්ධයට මැදි වූ පරිත්‍යාගයක ශාපය

ප්‍රංශයේ පමණක් නොව මෙම කාරණය පොදුවේ සෑම ප්‍රභූ පිරිසක් සතුවම පවතින පොදු කරුණකි. නමුත් විපතකට පත් වූ අවස්ථාවකදී සමාජ ස්තරායන කරුණු වියැකී යාම ආයාසයකින් තොරව සිදු වන්නකි. මුලදී යම් අකැමැත්තක් පෑවද, අවසානයේ තෙල් බෝලය සමග ආහාර ගැනීමට ප්‍රභූ පිරිස පෙලඹෙන්නේද එබැවිනි. නමුත් එම සාමානාත්මතාව පිළිබඳ හැඟීම ප්‍රභූන් තුළ පවතින්නේ දියෙහි එබූ රබල් බෝලයක් පරිද්දෙනි. Continue reading ප්‍රංශ-ජර්මානු යුද්ධයට මැදි වූ පරිත්‍යාගයක ශාපය

කැන්වසය තුළ පෙනෙණ නිරුවත් මිනිසා කවුද?

සමන්තට ස්ත්‍රී සිරුර සමග තිබෙන සංවාදයේදී, ඔහුට ස්ත්‍රිය තේරුම්ගැනීමට තිබෙන අපොහොසත්කම හේතුවෙන් ඒ සදහා භාෂාව රෙටොරිකයක් ලෙස යොදාගනියි. ගැහැනියගේ ආශාව කුමක්දැයි සොයාගැනීම සමන්තගේ උත්සාහයයි. Continue reading කැන්වසය තුළ පෙනෙණ නිරුවත් මිනිසා කවුද?

රන්මැණිකා සහ සිතිල අතර දළුලන නෑඹුල් ප්‍රේම යාත්‍රාව

රොට වැව, අනුරාධපුරය, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර දෝලනය වන කතන්දරයේ මේ සියලු සිදුවීම් එක්ක අප ද රොට වැව ගියාක් මෙන් දැනුණු වාර අනන්තයි. එම පරිසරයේ හැටි කතුවරයා ඉතා අලංකෘතව සටහන් කර තිබෙන අයුරු කියවන කල, බොහෝ කල් විදෙස්ගතව කල් ගත කලද ඔහු තුළ තම ගම් ඉසව්ව පිළිබඳ ව ඇති දැනුම් සම්භාරය බොහෝ බව වැටහේ. Continue reading රන්මැණිකා සහ සිතිල අතර දළුලන නෑඹුල් ප්‍රේම යාත්‍රාව

“රෝස මුසැන්ඩාස් පිස්සුව” ඇතුළේ රත්නපුරේට ගෑවෙන චරිත තියෙනවා!

කොණ්ඩෙ වවන්නේ කබ්බෝ, කොණ්ඩෙ වවලා, කරාබු වළලු දාලා ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ, මල්වැටුණු කුඩ අරන් යන පිරිමි ගෑනු භාග, හොඳට අඳිනවානම් මහත්වරු. සමාජයේ මිම්ම හරි පටුයි. මේකට හේතුව ලිංග භේදයට ඔබ්බෙන් ගිය වෙනත් බෙදීම්. කාර්යයන්, වර්ණ, ගතිගුණ, ඇඳුම් පැළඳුම්, බඩු භාණ්ඩ වර්ග වෙලා. Continue reading “රෝස මුසැන්ඩාස් පිස්සුව” ඇතුළේ රත්නපුරේට ගෑවෙන චරිත තියෙනවා!

නිසලව සිටි ගිරගද සසල කළ ෆිලොමිනාගේ අන්දරය

තම මවට අතිශයින් ආදරය කළ ජයදිත්‍ය ඇය ස්ත්‍රියක වශයෙන් විඳි වේදනාව දුටුවේය. සමාජයෙහි ස්ත්‍රියකව උපත ලැබීමෙන් අත්වන ඛේදය වඩාත් ප්‍රබලව ඉස්මතු වන්නේ සුකිනාවතීගේ චරිතයෙන් නොව නවකතාවේ පසුව අපට හමුවන ෆිලොමිනාගේ චරිතයෙනි. Continue reading නිසලව සිටි ගිරගද සසල කළ ෆිලොමිනාගේ අන්දරය

විටෙක වීනස්මය, විටෙක මෙඩුසාමය ඇගේ හදවත

කොහොම වුණත් විරහව වේදනාවක්. විරහවට පුළුවන් හොඳ වගේ ම නරක මිනිස්සු ඇති කරන්න. ඒ වේදනාව වඩාත් කලාත්මක දේවල් බිහි කරනවා කියන්න මේ පොත් හොඳ උදාහරණයක්. විරහව නිසා ම මරා ගන්න සමාජයක විරහවට කවියක් ලියලා, දුක දිය කරන්න පුළුවන් තරම් පරිණත වෙන්න පුළුවන් නම් ඒක වටිනවා. Continue reading විටෙක වීනස්මය, විටෙක මෙඩුසාමය ඇගේ හදවත

ඇහැරුණු පොඩි මකරා

ජැක් මා චීනය තුළ බිහි කළේ පෙර නොවූවිරූ දෙයක් නොවේ. ඒ 1994 වොෂිංටන්හි දී ඇරඹුණු ඇමසොන් (Amazon) සහ 1995 කැලිෆෝර්නියාවේ දී ඇරඹුණු ඊබේ (eBay) සිදුකළ දෙයමය. එහෙත් ඔහුට එය චීනයේ කළ හැකි වීමම විශිෂ්ට ජයග්‍රහණයක් වන්නා සේම, කෙටි කලකින්ම එය ආසියාව තුළ ඇමසොන් සහ ඊබේ සමග තරගයක් දිය හැකි මට්ටමකට ව්‍යාප්ත කළ හැකිවීම උනන්දුව දනවනසුලුය. ජැක් මා ඒ ආශ්චර්යය කළේ කෙසේද? Continue reading ඇහැරුණු පොඩි මකරා

මිනිස් සබඳතාවල සංකීර්ණත්වයේ සීමාව කුමක්ද?

උමා හා සාරා නවකතාවේ කතා නායිකාවෝ ය. උමාගෙ ජීවිතයත් සාරාගේ ජීවිතයත් කෘතිය පුරා එක් එක් පරිච්ඡේදයට ආවේණික කරමින් සංකලනය කිරීමට කතුවරයා ගෙන ඇති උත්සහය අගය කළ යුතු ය. කතාංගය ඇරඹෙන්නේ පාඨකයාව වස්තු විෂයෙන් වෙන ම වූ විෂය පථයකට ගෙන ගොස් හුදකලා කර දමමිනි. අනතුරුව, කතුවරයා සංයමයෙන් හෙළි කරන මං සළකුණු පාඨකයාව කතාංගයේ සන්ධර්භයට ප්‍රවිෂ්ට කරවීමට සමත් වේ. Continue reading මිනිස් සබඳතාවල සංකීර්ණත්වයේ සීමාව කුමක්ද?

අටලෝ දහමින් කම්පා නොවන මිනිස්සු

මෙහි පුළුල්ව කතා කරන දෙමාපිය-දූදරු සබඳතාවය සහ සහෝදර බැඳීම් ගැන කතා බහ ඉතාම විශිෂ්ට මානුෂීය ගුණ ධර්ම මෙන්ම මිනිසුන්ගේ හැසිරීමේ වෙනස්කම් හා බැඳුනු අලකලංචි විග්‍රහ කරනවා. මෙහිදී හතලිස් පස් වියැති අවිවාහක තම සහෝදරිය මහගෙදර පියා බලාකියාගෙන ඉන්න අතරේ විවාහක සෙසු සහෝදර සහෝදරියන්ගෙන් උද්ගත වෙන නොයෙකුත් අර්බුද එකින් එක ගෙන හැර පා ඒවා දෙබස් ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් කියවන්නා විවිධ මානයන්ගෙන් මේ කාරණා ගැන සිතීමට ලක් කිරීමක් මා දකිනවා. Continue reading අටලෝ දහමින් කම්පා නොවන මිනිස්සු