වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව (III කොටස)

සිය භූමිකාව ඉටු කිරීමේ දී සාහිත්‍යකාරයා, නබොකොව් වැනි සිනා ගන්වන තරමේ වාසනාවන්තයකු නොවේ නම්, ඔහු ඒ භූමිකාව ඉටු කරන්නට වුවමනා සිත කය දෙක පවත්වා ගෙන යන්නට වුවමනා ආර්ථිකයක ද්‍රව්‍යමය අතිරික්තය සහ විවේකයේ මානසික අතිරික්තය වුවමනා කෙනෙකි. ලේඛකයින්ට චරිතාපදානයක් කියා දෙයක් තිබේ නම් එය සකස් වන්නේ එමඟිනි. මාර්ටින් අමිස් ගෙනහැර දක්වන පරිදි, දැනටමත් අනාථ වී තිබෙන චරිතාපදාන මූලධර්ම යුග්මය, එනම්, ‘ලේඛකයකු ලියූවේ මන්ද? ලියූවේ කුමක් ද?’ යන්න නැවත කියවිය යුතු වන්නේ ඒ පසුතලය තුළ ය. Continue reading වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව (III කොටස)

වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව (II කොටස)

රුසියානු සාහිත්‍යය විචාරය තුළ මේ ගැටළුව විස‍ඳෙන්නේ ඉතාමත් අපූරු ආකාරයකට ය. එහි දී තොල්ස්තෝයි ද? දොස්තොයෙව්ස්කි ද? යන ප්‍රශ්නය, ජර්මානු සාහිත්‍ය චින්තක ජෝර්ජ් ස්ටයිනර් මතු කර දෙයි. ඒ නිසා ඒ ලේඛකයින් දෙදෙනාගෙන් කිසිවෙක් අග්‍රස්ථානයට පත් නොවේ. සාපේක්ෂ අගය සාහිත්‍ය සහෝදරත්වයේ අංගයකි. Continue reading වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව (II කොටස)

වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව

අද මෙරට සාහිත්‍ය කලාව විනෝදකාමී වෙමින් හා විනෝද කර්මාන්තයේ සුරතලා වෙමින් මහජන විඥානයේ සාලයට පැමිණෙන්නට උත්සාහ කරයි. එය එක පැත්තකින් ජනතාවාදී වෙන්නට කැමති අතර ඒ ජනතා රූපය අද ‘කැරිස්මැටික ජනකාන්ත අනෙකා’ බවට පත් වෙමින් තිබේ. Continue reading වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට මඟ හැරෙන සාහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මීය භූමිකාව