සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම   

එහි ‘හෙගල් වෙත ආපසු යාම’ නම් හැඳින්වීම ආරම්භයේ දී ම කතුවරයා පවසන්නේ, අනෙකුත් දාර්ශනික පද්ධති මතුකර ගැනීමට නම් ‘හෙගලියානු බූවල්ලාගෙන්’ ගැලවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කටයුත්තක් වන බව යි. මෙය ස්වයං – ප්‍රතිවිරෝධී උපන්‍යාසයක් වන්නේ කතුවරයාගේ දැවැන්ත ප්‍රයත්නය ම වන්නේ හෙගල් හඳුන්වා දීමවන නිසා පමණක් නොවේ; මෙරට දේශපාලන කතිකා ක්ෂේත්‍රයේ මුඛ්‍ය තේමාව වූ මාක්ස්වාදය සම්බන්ධයෙන් හෙගල් විසින් ඉටු කරන ලද කාර්යය නිසා කතුවරයාගේ ‘හෙගලියානු බූවල්ලාගෙන් ගැලවීමේ උපන්‍යාසය,’ මෙරට දේශපාලන කතිකාවෙන් ගැලවීමේ ප්‍රති – හෙගලියානු පලායාමක් යෝජනා කරන බැවිනි. Continue reading සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම   

ජීවත් වනවාද නැතිද, එයයි ගැටළුව

සිසිෆස් යනු පෘතුවියේ සිටිනා සටකපටම තක්කඩියා ලෙසින් කුප්‍රකටව සිටි රජෙකි. ඔහු සිය රාජත්වය තුළදී මෙම සටකපට භාවය උපයෝගී කරගනිමින් සිදුකළ අපරාධයන්ද බොහෝ වෙයි. ඔහු තම වාසිය සඳහා මහදෙවි සීයුස්ගේ රහස් පවා හෙළිදරවු කර සිටී. කෙසේ නමුත් එක් මොහොතකදී සිසිෆස් ඔලිම්පස් මහ දෙවියෙකුද උපායෙන් ‍රැවටීමට සමත් වෙයි. එනම් සිසිෆස්ව ටාටරස් වෙත ‍රැගෙන යෑමට මාරයා හෙවත් තෙනටෝස් පැමිණි විට සිසිෆස් ඉල්ලා සිටින්නේ ටාටරස් හි යදම් ක්‍රියා කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන ලෙසටයි. තෙනටෝස් එම ඉල්ලීම ඉ‍ටු කරන්නට යන විට සිසිෆස් කරන්නේ උපායෙන් තෙනටෝස්ව යදමින් බැඳ සිර කිරීමයි. Continue reading ජීවත් වනවාද නැතිද, එයයි ගැටළුව