සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

ලංකා සාහිත්‍ය උළෙලට එන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණ එකතුවෙන් නිර්මාණය වෙන අපූරු අත්දැකීමක් රසවිඳින්න! පෙබරවාරි 8 සිට 12 දක්වා මහනුවරදී සහ කොළඹදී හමුවෙමු. Continue reading සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

මුහමාලේ සුළඟ

එකිනෙකට වෙනස් සංස්කෘතින් දෙකක, හැදෑරීමක් නැති වුන එකිනෙකාට තේරෙන්නෙ නැති භාෂා දෙකක මිනිසුන් සිටින දශක ගණනාවක් පැවති ජනවාර්ගික අරගලයක්, ආයුධ සන්නද්ධ යුද්ධයක් දක්වා විකාශනය වෙච්චි රටක අපි උතුර කියවිය යුතුමය කියා මට සිතේ. Continue reading මුහමාලේ සුළඟ

මෙය ඔබේ දිවි ගලවන කතාවක්

මේ චූල ජානපදිකයන්ට දෙවියන්ගෙන් කොහෙත්ම පිහිටක් නැත. යක්ෂයන්ගෙන් ඇත්තේද පීඩාවන්ම පමණි. සවිමත් සහ බුද්ධිමත් මිනිසුන්ටද යක්ෂයන් හෝ දෙවියන්ගෙන් වැඩක් නැත. දෙවියන්ගෙන් සහ යක්ෂයන්ගෙන් වැඩගත හැක්කේ බලවතුන්ට සහ ධනවතුන්ට පමණි. අඩුක්කු පුදන්නේ නැතිවම උන් ධනවතුන් සහ බලවතුන් හමුවේ දණින් වැටෙති. එවන් සන්දර්භයකදී මෙවන් අසරණ චූලජානපදිකයන්ට පිහිටක් හෝ සරණක් පැතිය හැක්කේ මෙවන් කුඩා කප්පන්කාර පිසාචයන්, කුම්භාණ්ඩයන් වෙනත් වචනයකින් කියන්නේ නම් මේ භුතයන්ගෙන් පමණි. Continue reading මෙය ඔබේ දිවි ගලවන කතාවක්

බාධක ජයගන්න දරුවන්ට දිරිය දෙන ‘අපූරු වූ අබලන්’

ළමා මනසට පුටුව පිළිබඳව අනුකම්පාවක් ඇතිවීම නොවැළැක්විය හැකිය. පුටුවට නමක් දීමෙන්ම එය ජීවමාන වස්තුවක් බවට පත්කර ඇත. කුඩා කල සිටම තම යහළුවන් සමග එකතුව සෙල්ලම් කරන ළමුන් පාසලේ වටපිටාව දෙස බලා බොහෝ දේවල් ඉගෙනගනියි. පණ තිබෙන මෙන්ම පණ නැති දේවල් කෙරෙහි ද තම අවධානය යොමු කරයි. Continue reading බාධක ජයගන්න දරුවන්ට දිරිය දෙන ‘අපූරු වූ අබලන්’

ගෙම්බා සහ සුවද විලවුන් 

ජර්මානු ජාතිකයෙකු විසින් රචනා කරනු ලැබුවද කතාවට පසුබිම සකසනුයේ දහ අටවන සියවසේ ප්‍රංශයේ පැරිස් නගරය ඇතුළු ඒ අවට අනෙකුත් නගර ප්‍රදේශයි. මෙහිදී කතුවරයා, කතාවේ ප්‍රධාන චරිතයට ග්රෙනුයි වැනි නමක් යොදාගත්තේ ඇයි? Grenouille (ග්රෙනුයි) මෙය මධ්‍යකාලින ප්‍රංශ වචනයක් වන අතර එය ඉපැරණි ප්‍රංශ වචනයක් වන Grenoille  බිදී ආවක් ලෙස සැලකේ. එය ලතින් භාෂාවේ ඇති Ranucula  නැමැති  වචනයෙන් බිදී විත් Renoille ලෙස ප්‍රංශ භාෂාවට එක්වී ඇති බවට සදහන් වේ. Continue reading ගෙම්බා සහ සුවද විලවුන් 

පිටිසර ළමයි

අපි හැකි උපරිම වේගයෙන් සැන්දෑව තුළට දිව ගියෙමු. දිවා කාලයක් හෝ රාත්‍රී කාලයක් නොපැවතිණි. දැන් අපේ වේස්ට්කෝට්වල බොත්තම් දත්ඇඳි එකටෙක වදින්නා සේ වදියි. යළිත් එකිනෙකා අතර ඒකාකාර පරතරයක් තබාගනිමින් දිව යන අපි, නිවර්තනවල ජීවත්වන වන මෘගයන් මෙන් නහයෙන් ගිනි පිම්බෙමු. අපගේ පාදවල වේගය යොදාගනිමින් ප්‍රධාන පාර අද්දර වූ එක් බිමක් වෙත අප එකිනෙකාව පන්නාගෙන ගියේ ගී ගයමින් උඩ පනිමින් යන පුරාණ යුද්ධවල සිටි සන්නාහ ඇඳගත් භටයන් මෙන් අඩි හප්පමින් සහ උස් හඬින් සින්දු කියමිනි. Continue reading පිටිසර ළමයි

“තිමිරෙන් එතෙරට” නවකතාව කියවමු.

කළු ලෝහ ගේට්ටුවෙන් විවෘත වුණ සුදු ඇඳගත් සොල්දාදුවන් දෙදෙනෙක් වැනි උස ගේට්ටු කුළුණු පසුකර කාර් රථය ඉදිරියට ඇදුණේය. මගේ ඇස් ඉදිරිපිට මහානුභාව සම්පන්න සුදු උස නැගිල්ලක් නිල් පැහැති තණ පිට්ටනියේ විරාජමාන විය. Continue reading “තිමිරෙන් එතෙරට” නවකතාව කියවමු.

ජේ. එම්. කොඑට්සිගේ ඉතා කෙටි කෙටිකතා හතරක්.

කොඑට්සි සාහිත්‍යය උගන්වන පන්තියක ඉගෙනගැනීමේ වාසනාව තමන් නොලද බව වරක් නොබෙල් සම්මානලාභී ලේඛිකා ඩොරිස් ලෙසිං පැවසුවාය. කොඑට්සි ඉතාම අරපරෙස්සමින් වචන තෝරා බේරාගෙන ලියන්නකු වන අතර, භාෂාව හැසිරවීමේදී ඔහු දක්වන කුසලතාව පුදුමාකාරය. Continue reading ජේ. එම්. කොඑට්සිගේ ඉතා කෙටි කෙටිකතා හතරක්.

නිදහස්වීම

වැස්සත් එක්ක ගෙවුණු තුන්වැනි දිනය වනවිට නිවස තුළ ඔවුන් කෙතරම් කකුළුවන් ප්‍රමාණයක් මරා දැමුවාද කිවහොත්, මඩ වූ මිදුල හරහා ගොස් උන් මුහුදට වීසි කිරීමට පෙලායෝට සිදුවිය. මන්ද යත් ඔවුන්ගේ අලුත උපන් දරුවා රාත්‍රිය පුරාම උණෙන් පෙළුණු බැවින්, ඔවුහු සිතුවේ ඒ මැරුණු කකුළුවන්ගේ ගඳ නිසාවෙන් බවයි. අඟහරුවාදා සිටම ලෝකය දුකෙන් සිටියා මෙනි. මුහුදත් අහසත් එකම අළු පැහැයකි. Continue reading නිදහස්වීම

ලෞකික තුර්කියේ කතාව – රත් වරලැති ලිය

“ඔබ අගය කරන ඔබට වටිනා යමක් ළිං පතුලක සඟවා පසුව ඒ ගැන අමතක කර දැමීමේ අරුත කුමක් වූයේද?” අහඹු හැඟීමක් අපේ ජීවිත වලට කෙතරම් නම් බලපෑමක් කළ හැකිද? විශේෂයෙන් එය කෙනෙකු කෙරෙහි ආකර්ෂණය වන හැඟීමක් නම්? ඒ හැඟීමේ කෙළවර අවසානය නොදන්නා අනන්තයක ගැටගැහී ඇති බවක් පෙනේ. රත් වරලැති ලිය දකින් මෙහි කතානායකයා ජෙම් අත්විඳින හැඟීම් සමුදාය හැම යෞවනයෙක්ටම උරුමය. “වැඩබිමේ සිට මිනිත්තුවක පමණ ඇවිදින දුරින් … Continue reading ලෞකික තුර්කියේ කතාව – රත් වරලැති ලිය

ලංකාවේ ජනප්‍රියම විදේශීය ගත්කතුවරු…

පරිවර්තන පොත්, නැතිනම් විදේශීය සාහිත්‍යය ලංකාවේ සාහිත්‍ය රසිකයන් අතර එදා මෙදාතුර ඉමහත් ජනප්‍රිය සාහිත්‍ය ප්‍රවර්ගයකි. නිසියාකාරව පරිවර්තනය වූ පොතක් යනු පාඨකයාට ලොව තවත් සංස්කෘතියක් තුළට ඇතුළුවීමට ඉඩ සලසන දොරටුවකි. විදෙස් භාෂාවකින් ලියැවුණු කෘතියක් සිංහලට පරිවර්තනය කරන පරිවර්තකයා මුල් කෘතිය ලියැවුණු භාෂාව සහ එය අයත් වන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් සහිත වන තරමට, ඒ පරිවර්තනය පාඨකයාට වඩාත් ලෙන්ගතු මෙන්ම ආකර්ශනීය වූවක් බවට පත් කළ හැකිය. එක් සංස්කෘතියක අත්දැකීමක් තවත් සංස්කෘතියක අත්දැකීමක් බවට පරිවර්තනය කිරීම බරපතල මෙන්ම වගකීම්සහගත කටයුත්තක් වන්නේ එබැවිනි. Continue reading ලංකාවේ ජනප්‍රියම විදේශීය ගත්කතුවරු…

නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ

ඔබ ඔබේ මවගේ එකම දරුවා වනු ඇත. නිවාඩු දිනවල ඔබේ මෑණියන්ගේ නිවසේදී ඔබේ අත්තම්මා ඇගේ දියණියට පුතෙක් ලබාදෙන්නැයි දෙවියන් යදින හැටි ඔබේ කන වැකෙණු ඇත. ඒත්, ඔබෙන් පසු ඔබේ මව නැවතත් ගැබ් නොගනු ඇති අතර, ඈ ඇගේ ගර්භාෂය මායාකාරියන්ගේ සංසදයට කෑම පිණිස දුන්නේ යැයි ඔබේ පියාගේ පවුලේ අය ඈට චෝදනා කරනු ඇත.   Continue reading නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ