මෙය ඔබේ දිවි ගලවන කතාවක්

මේ චූල ජානපදිකයන්ට දෙවියන්ගෙන් කොහෙත්ම පිහිටක් නැත. යක්ෂයන්ගෙන් ඇත්තේද පීඩාවන්ම පමණි. සවිමත් සහ බුද්ධිමත් මිනිසුන්ටද යක්ෂයන් හෝ දෙවියන්ගෙන් වැඩක් නැත. දෙවියන්ගෙන් සහ යක්ෂයන්ගෙන් වැඩගත හැක්කේ බලවතුන්ට සහ ධනවතුන්ට පමණි. අඩුක්කු පුදන්නේ නැතිවම උන් ධනවතුන් සහ බලවතුන් හමුවේ දණින් වැටෙති. එවන් සන්දර්භයකදී මෙවන් අසරණ චූලජානපදිකයන්ට පිහිටක් හෝ සරණක් පැතිය හැක්කේ මෙවන් කුඩා කප්පන්කාර පිසාචයන්, කුම්භාණ්ඩයන් වෙනත් වචනයකින් කියන්නේ නම් මේ භුතයන්ගෙන් පමණි. Continue reading මෙය ඔබේ දිවි ගලවන කතාවක්

“කොට තුවක්කු“ නවකතාව කියවමු.

“…තමුසෙ දන්නවද සමාජවාදී ස්ටාලින්ට මං ගරු කරන්නෙ මොකද කියලා. ඌත් හොඳම කොමියුනිස්ට්කාරයන්ට ගේම දුන්නු දේශප්‍රේමියෙක්. ජාතික සමාජවාදී හිට්ලර් මං අදහන තවත් නායකයෙක් ඕයි. මිනිහ තමයි අයිසෙ කොමියුනිස්ට් හැතිකරය ලෝකෙන් තුරන් කරන්න ඕනය කියලා බය නැතිව ඉදිරිපත් වුණේ. ඒ වගේම තව එකක්, තමුසෙ දන්නවද මං දේශප්‍රේමීන්ට ආදරේ ඇයි කියල. උන්ට තියෙන්නෙ කොට තුවක්කු සහ ළඟ ඉලක්ක. උන් කලබලයි. ඒත් කොමියුනිස්ට්කාරයො, උන් හරියට ස්නයිපර් වගේ. උන්ට තියෙන්නෙ දුර ඉලක්ක සහ තියුණු සැලසුම්. උන්ට වරදින්නෙ ඒක අස්සට රිංගල ඉන්න තමුසෙල වගේ දේශප්‍රේමී ගැරඬි හින්ද. මං තමුසෙලට කැමතිත් ඒකයි.” Continue reading “කොට තුවක්කු“ නවකතාව කියවමු.

සියවසක් පුරා දිවෙන ගැමි සුවඳේ මාණික්‍යාන්දරය

ඉතිහාසය නැවත නැවතත් සිදු වන බව අප හොඳින් ම දන්නා කරුණකි. කෙටිහාමි සහ පිච්චි කොළොන්න කෝරළයේ සිට අට කළං කෝරළයට පැමිණියාක් මෙන් ඊට සියවසකට පසු ව තිලකරත්න සහ සෙනෙහෙලතා අට කළං කෝරළයෙන් කොළොන්නා කෝරළයට ගමන් කිරීම ඉතිහාසය නැවත නැවතත් සිදු වන බවට ලබා දිය හැකි කදිම නිදසුනකි. Continue reading සියවසක් පුරා දිවෙන ගැමි සුවඳේ මාණික්‍යාන්දරය

“මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ ප්‍රබන්ධ ලෝකෙ ඉන්න වෙලාවට” – ශමෙල් ජයකොඩි

දැන් හිතන්න ප්‍රංශ පෙම්වතා පොතේ මාලක ගත්තොත්, මාලක පැරීසියේ ඉඳලා ඉගෙනගන්න යන්න තියෙනකොට මොනවගේ ප්‍රශ්නද එයාට එන්නේ. කොච්චර සීතලත් දැනෙනවද, බස් එක ගන්න කොච්චර දුර ඇවිදගෙන යන්න ඕනද. කෝච්චියෙ නැග්ගම බහින තැන හොයාගන්න එක කොච්චර අපහසු වැඩක්ද, ඔය විදියට චරිතෙ තුළ ජීවත් වෙනකොට මට දැනෙන දේ මම ලියනවා හැබැයි ලියන්නෙත් අවශ්‍යම දේ. ඒ වගේම තව මම කරන දෙයක් තමයි, ඒ චරිත එක තැනක වාඩිකරවලා එයාලට කතාකරන්න ඉඩ අරිනවා. Continue reading “මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ ප්‍රබන්ධ ලෝකෙ ඉන්න වෙලාවට” – ශමෙල් ජයකොඩි

ප්‍රබන්ධ කියෙව්වොත් වෙන දේ මෙන්න!

නුතන රැකියා වෙළඳපොළ ශ්‍රම බලකායෙන් බලාපොරොත්තු වන කුසලතා සහ චරිත ලක්ෂණ මොනවාදැයි ඔබ සොයා බලා තිබේද? පීඩනයක් යටතේ වැඩකිරීම, කණ්ඩායමක සාමාජිකයකු ලෙස වැඩකිරීම, අන්‍යයන්ට සහාය වීම, නායකත්වය දීම, ක්ෂණික තීරණ ගැනීම, අපහසු තීරණ ගැනීම, වගකීම සහ වගවීම ඔබේ සේවායෝජකයා ඔබෙන් ඉල්ලා සිටින දක්ෂතා අතුරින් සමහරකි. සහකම්පනයෙන් යුතු වීම ඉහත තුසලතා තවත් මුවහත් වීමට බලපාන වැදගත් චරිත ලක්ෂණයක් වෙයි. ඔබ පාසල් අධ්‍යාපනය හෝ උසස් අධ්‍යාපනය හමාරකොට … Continue reading ප්‍රබන්ධ කියෙව්වොත් වෙන දේ මෙන්න!