අතුරුදන් වූවන් සොයන ලූනා.

ඒ සෙවීම වදනින් වදන, ඡේදයෙන් ඡේදය, චැප්ටරයෙන් චැප්ටරය දිග හැරෙන්නේ අපූර්වත්වයකිනි. සන්දනා පොන්නම්බලම් ගැන අප තුළ ඇඳෙන චිත්ත රූප අප්‍රමාණය. ඊටත් වඩා ලූනා ඇගේ චාරිකාවේ ක්ෂිතිය තුළ අප රැගෙන යන්නේ ඇය මෙන්ම අවිනිශ්චිත හැඟීමක් තුල අප ද ගිල්වමිනි.
ඒ සාගාව හුදෙක් සෞන්දර්යාත්මක සැරියක් නොවේ. මිනිස් ජීවිත තුළ දරන්නට වන කම්පාවන්, අහිමිවීම්, යුද්ධය මෙන්ම අනෙකුත් යථාර්ථයන් යම් ශෝකී තානයකින් අපව බඳවයි. Continue reading අතුරුදන් වූවන් සොයන ලූනා.

“අර්බුදය යට ගහලා, එහෙම එකක් නෑ වගේ ඉන්න පුළුවන්” – මොහාන් ධර්මරත්න

ලාංකික කෙටිකතාකරුවන්ගෙන් මම ප්‍රභාත් ජයසිංහගේ සහ නිශ්ශංක විජේමාන්නගේ ලිවීම්වලට වඩාත් කැමතියි. මේ දෙදෙනාගේ කතා කියවූ පසු මම හුඟක් දුරට කල්පනා කරන්න පෙළඹෙනවා. ඒ කල්පනාව ඇතුළේ ඒ කතාව අස්සෙ තියෙන මං කලින් නොහිතපු මගේ කතා ගොඩක් එළියට එනවා. Continue reading “අර්බුදය යට ගහලා, එහෙම එකක් නෑ වගේ ඉන්න පුළුවන්” – මොහාන් ධර්මරත්න

යථාර්ථයෙන් මායාවට අප කැඳවා යන දඩයක්කාරයා

මෙහිදී කතුවරයා ඉතිහාසය, බුදුදහම, කාලතරණය වැනි විෂය කරුණු තම කෙටිකතාවට පාදක කරගෙන තිබෙනවා. පෞද්ගලිකව කෙටිකතා සංග්‍රහයේ මා ඉතා ප්‍රිය කරන කෙටිකතාව වන්නේද මෙයයි. විශේෂයෙන් කතුවරයා අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ අන්තර්ගත ‘අරක සූත්‍රය’ යොදා ගනිමින් කරන විග්‍රහය අපූරුයි. නූතනයේ සාහිත්‍යකරණයේ නියැලෙන බොහෝ කෙටිකතාකරුවන් ත්‍රිපිටක ආභාසය ලැබීම සාධනීය ලක්ෂණයක්. Continue reading යථාර්ථයෙන් මායාවට අප කැඳවා යන දඩයක්කාරයා

අමුතු සන්ධ්‍යාවක, කඳුළු පනින කොමඩිය: ඩේවිඩ් ග්‍රොස්මන්ගෙන් හදවතට බර පාපොච්චාරණයක්!

මෙසේ මෙම අවුල් ජාලය කියවමින් සිටින පාඨක අපට, දොවාලේ ජීගේ කදුළු පනින කොමඩි නාටකය සැබවින්ම හදවතට බර පාපොච්ඡාරණයක් බව, ආත්මානුකම්පාවේ පසුතල චිත්‍රය, වේදිකාවේ එල්වූ සරදමක තිර රෙදි වලින් වසා ඉදිරිපත් කරනා දුක්ඛාලාපයක් බව ක්‍රමයෙන් පසක් වෙයි. Continue reading අමුතු සන්ධ්‍යාවක, කඳුළු පනින කොමඩිය: ඩේවිඩ් ග්‍රොස්මන්ගෙන් හදවතට බර පාපොච්චාරණයක්!

“නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන පැටලිලි සහගත මාවත් වගේ” – මොහාන් ධර්මරත්න

පිටු කීපයක් විතරක් කියවීමෙන් පස්සෙ මට තේරුණා දීපා අනප්පරා මේ නවකතාව කරලා තියෙන්නෙ අපි මෙතෙක් කල් සිංහලෙන් නොකියවූ අමුතුම ආඛ්‍යානික රටාවකින් බව. වැඩිහිටියන්ගේ ලෝකය කුඩා කොලුවකුට පෙනෙන හැටි තමයි මේ නවකතාවෙ තියෙන්නේ. වැඩිහිටියා වැඩිහිටි ලෝකය දිහා බලන්නේ රාමුවකට කොටුවෙලා, ඒත් ළමයෙකුට එහෙම රාමු හැදිලා නැහැ. ඔවුන්ට වැඩිහිටි ලෝකය ගැන තියෙන්නෙ වෙනම, නැවුම් අර්ථදැක්වීමක්. හුඟක් වෙලාවට වැඩිහිටියෝ හිතනවා තමන් කරන දේ ළමයින්ට තේරුම්ගන්න බෑ කියල. ළමයි තමුන් තරම් දන්නෙ නෑ කියලත් හිතනවා. ඒවා කොයිතරම් වැරදිද Continue reading “නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන පැටලිලි සහගත මාවත් වගේ” – මොහාන් ධර්මරත්න

මෙය ඔබේ දිවි ගලවන කතාවක්

මේ චූල ජානපදිකයන්ට දෙවියන්ගෙන් කොහෙත්ම පිහිටක් නැත. යක්ෂයන්ගෙන් ඇත්තේද පීඩාවන්ම පමණි. සවිමත් සහ බුද්ධිමත් මිනිසුන්ටද යක්ෂයන් හෝ දෙවියන්ගෙන් වැඩක් නැත. දෙවියන්ගෙන් සහ යක්ෂයන්ගෙන් වැඩගත හැක්කේ බලවතුන්ට සහ ධනවතුන්ට පමණි. අඩුක්කු පුදන්නේ නැතිවම උන් ධනවතුන් සහ බලවතුන් හමුවේ දණින් වැටෙති. එවන් සන්දර්භයකදී මෙවන් අසරණ චූලජානපදිකයන්ට පිහිටක් හෝ සරණක් පැතිය හැක්කේ මෙවන් කුඩා කප්පන්කාර පිසාචයන්, කුම්භාණ්ඩයන් වෙනත් වචනයකින් කියන්නේ නම් මේ භුතයන්ගෙන් පමණි. Continue reading මෙය ඔබේ දිවි ගලවන කතාවක්

නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ

ඔබ ඔබේ මවගේ එකම දරුවා වනු ඇත. නිවාඩු දිනවල ඔබේ මෑණියන්ගේ නිවසේදී ඔබේ අත්තම්මා ඇගේ දියණියට පුතෙක් ලබාදෙන්නැයි දෙවියන් යදින හැටි ඔබේ කන වැකෙණු ඇත. ඒත්, ඔබෙන් පසු ඔබේ මව නැවතත් ගැබ් නොගනු ඇති අතර, ඈ ඇගේ ගර්භාෂය මායාකාරියන්ගේ සංසදයට කෑම පිණිස දුන්නේ යැයි ඔබේ පියාගේ පවුලේ අය ඈට චෝදනා කරනු ඇත.   Continue reading නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ