පෙනෙන සමාජ කලාපවල නොපෙනෙන නිරුවත හෙළි කරන ප්‍රබන්ධමය කැරලිකාරයා

මෙම නවකතාවේ ප්‍රධාන චරිතය තමයි ‘වෙස්ටන්’. හැබැයි නවකතාවේ කිසිම තැනක අපිට මේ චරිතය සජීවීව සම්මුඛ වෙන්නෙ නෑ. ප්‍රධාන චරිතය සෑම මොහොතකම ඉස්මතු වන්නේ සෙසු චරිත සිදු කරන විස්තර කිරීම්, දුරකථන ඇමතුම්, අතීතාවර්ජන සහ සංවාද මගින්. මෙහිදී ප්‍රධාන චරිතය වන වෙස්ටන් සෙසු චරිතවලට කරන බලපෑම ඉතාම දැඩියි. Continue reading පෙනෙන සමාජ කලාපවල නොපෙනෙන නිරුවත හෙළි කරන ප්‍රබන්ධමය කැරලිකාරයා

දිග්ගෙයි නටන මහගේලා.

දේවාල රාජකාරි, ඒවාට වෙන් වූ මිනිස්සුන්ගේ ජීවිත ගැන වගේ ම අදින් වසර ගණනකට පෙර සබරගමුව සමාජය හා සංස්කෘතිය ගැන කතාවක්. කතුවරයා සබරගමුවේ කෙනෙක්. එය එසේ වීම මේ පොතට ආලෝකයක් කියන්න පුළුවන්. ඒ භාග්‍යයත් එක්ක ඔහු ලියන මේ පොත ඉතා ම රසවත් මෙන් ම හරවත් එකක් වෙලා තියෙනවා. Continue reading දිග්ගෙයි නටන මහගේලා.

කොට තුවක්කු දල්වන යථාර්ථයේ ඕරාව

‘කොට තුවක්කු’ කියවිය යුතු නවකතාවක් බවට පත්වන්නේ එය බිහිව ඇති සන්දර්භය මගින් සාමාන්‍ය සිංහල නවකතාවක ඇති භාවාතිශය කියවීමකට වඩා වැඩි යමක් ලබා දෙන බැවිනි. විචාරක ටෙරී ඊගර්ටන් කියූ පරිදි  නූතන විචාර ක්‍රමය ඇතිවූයේ පරම වූ ස්ථාවරයකට එරෙහි අරගලයක් ලෙසින් වුවද පසුව ඔහු කියා සිටියේ විචාරය හා සාහිත්‍ය අද කර්මාන්තයක් වී ඇති බවයි. Continue reading කොට තුවක්කු දල්වන යථාර්ථයේ ඕරාව

“අපි හැමෝටම ඉන්නව කුලප්පුවෙන්න බලාගෙන ඉන්න හරකෙක්.”

කටුනායක වෙළෙඳ කලාපයේ රැකියාවට යාමට සැරසෙන සෝමේ තම වීරවරිය බවට පත් කරගන්නේ රන්මැණිකා නැන්දාය. සමූපකාරයේ රාත්තලේ පඩි බාගෙන් කළ වික්‍රමය ඊට හේතුවයි. එලෙස විකුමන් පෑ රන්මැණිකා බේකරි මුදලාලි ඉදිරියේ පරඩැල් පතක් බවට පත් වෙනවා. Continue reading “අපි හැමෝටම ඉන්නව කුලප්පුවෙන්න බලාගෙන ඉන්න හරකෙක්.”

“ඔහුගේ එක් දුබලකමකි – ඔහුට සිතන්නට පුළුවන…”

කවිය කලාත්මක ප්‍රකාශනයක් වුවද කෙනෙකුට සිය ආකල්ප හා මුහුවෙන චිත්ත ප්‍රවාහයන් බහාලන්නට සුදුසු ආත්මීය එළිදරව් ද මෙම නිර්මාණවල කැටි වෙයි. නොයෙක් සිත් රිදවුම් මගින් දැනෙනා ආතතීන් අවම කරගන්නට අපට මෙන් යුධ බිමක ක්ෂණික උපදේශන සේවා නොමැත. සතුරු ආක්‍රමණ පිළිබඳ නිරන්තර විමසිලිමත් බවින් යුතුව හද රිදුම් පිරිමැද ගැනීමද කළ යුත්තේ අතේ අවි දරන නිමේෂයන් තුළදීමය. Continue reading “ඔහුගේ එක් දුබලකමකි – ඔහුට සිතන්නට පුළුවන…”

මලින්, ගින්නෙන්, දියෙන් සහ කඳුළින් උපදින කාන්තාවෝ

තමන් ස්ත්‍රියක වීම නිසා විඳින්නට සිදු වන ඛේදනීය තත්වයන්ට යුවතියක් වශයෙන්ද, තෙරණියක් වශයෙන්ද ඇයට විඳින්නට සිදු වෙනවා. දියණියක වශයෙන් විඳින්නට සිදු වන ඛේදනීයම ඉරණමටත් ඇයට මුහුණ දීමට සිදු වෙනවා. නවකතාවේ ඇය මෙන්ම පාඨකයින්ද වඩාත් සංවේදීභාවයට පත් වන්නේ කිරි අම්මාගේ මරණයෙන්. කිසිවෙකුගේ සරණක් නොමැතිව හිඳි මොහොතේ තමන්ට පිහිට වූ පුද්ගලයාද තමාට අහිමි වීම සහ අතින් අතට හුවමාරු වීමත් සමග අවසානයේ ඇය ලොව්තුරු සුවය සොයමින් සසුන්ගත වෙනවා. නමුත් සංඝ සංස්ථාව තුළින්ද ඇයට අසාධාරණයක් සිදු වෙනවා. Continue reading මලින්, ගින්නෙන්, දියෙන් සහ කඳුළින් උපදින කාන්තාවෝ

“සරාජාත් බය ද මට ?”

විශාදය, මානසික අවපීඩනය ගැන කතා බහ අවශ්‍යම කාලයක රෝහල් ගත කළ පමණින් බෙහෙත් බිව්ව පමණින් මිනිසුන් සුවය ලබන්නේ නෑ. ඔවුන්ට ඔවුන් ජීවත්වෙන සමාජයෙන්, නිවසින් අප්‍රමාණ ආදරය කරුණාව සහ සහයෝගය අවශ්‍යයි. ඒ ප්‍රබල කාරණා මේ පොත තුළින් නැවත නැවතත් මතක් කරනවා. මහා රික්තක එක්ක ජීවිතේ බිඳ වැටෙද්දී ඒවා විසඳා ගන්නේ කොහොමද කියන කුතුහලය දනවන ප්‍රශ්නයට උත්තර දැන බලා ගැනීම මේ පොත මතුවට කියවන අය වෙත ඉතිරි කරන්නවා. Continue reading “සරාජාත් බය ද මට ?”

ආදරය හිටිවන කවියක් ද, නැතිනම් කල් ගෙන සෙමෙන් පබැඳූ පෙම් කවක් ද?

ප්‍රබන්ධයේ සිදුවන ලීලාගේ චරිතයේ මැදිහත් වීම, කතාංගය කුතුහලයෙන් තීව්‍ර කරවයි. ලීලාත් ගුණවතීත් එක ම තුලාවක හිඳුවා උතුම් ස්ත්‍රිය කවුරුන්දැයි පාඨකයාට වටහා ගැනීමට මෙන්, අගනා වූ සිද්ධි දාමයකින් ගුණවතීටත් ලීලාටත් කඩවතආරච්චි දමා ගසා ඇති සෙයකි. විටෙක ගුණවතීගේ පාර්ශවය බරින් වැඩි වන අතර, තවත් විටෙක ලීලාගේ පාර්ශවයත් බරින් වැඩි විය යුතු ය යන උභතෝකෝටිකයට පාඨකයා නතු වේ. Continue reading ආදරය හිටිවන කවියක් ද, නැතිනම් කල් ගෙන සෙමෙන් පබැඳූ පෙම් කවක් ද?

“මමත් මුහුණු පොතෙන් බිහිවුණ ලේඛකයෙක්” – රන්දික කඩවතආරච්චි.

අසූව අනූව දශක වල ජීවිතේ සුන්දරම ළමා කාලයක් විඳපු ඕනි කෙනෙක් දන්නවා ළමා ජීවිත වල තිබුණු ඒ සරල නිරාමිස සතුට. තාක්ෂණය අතින් දියුණු නොවුනත් මානව සම්බන්ධතා අතින් ඉතාමත් දියුණු කාලයක්. ගහ කොළ, සතා සීපාවා, ඇළ දොළ සමඟ දරුවන්ගේ ජීවිත ගෙවුනේ ඉතාමත් සුන්දර ලෙස. මමත් ඒ සුන්දර කාලය අඩුවක් නොමැතිව විඳපු කෙනෙක්. Continue reading “මමත් මුහුණු පොතෙන් බිහිවුණ ලේඛකයෙක්” – රන්දික කඩවතආරච්චි.

ජීවිතයේ මහ වීදි දිගේ ගලන ‘අතුරු වීදියේ’ ආලෝකය.

දෛනිකව මේ දුකෙහිම ගැලී සිටින පාඨකයාට ඔහු හෝ ඇය කොහොමත් දන්නා දුක ඇහැටත් ඇන පෙන්වන, දුකට වේදනාවේ සෝස් දමා පාඨකයාට ඇඬෙන්නට දෙන පෞරාණික ආඛ්‍යානවලට එරෙහිව අතුරු වීදිය අශෝකස්ථම්භයක් සේ නැගී සිටියි. මේ පැරණි කතාව ඔහු අපට එවන්නේ හිච්චිගෙන් හෝ ආනන්ද අයියාගෙන් ගත් අළුත් පාර්සලයකය. ඒ පාර්සලය දිගහරින කළ විහිදෙන නැවුම් සුවඳ හිච්චිගේ අම්මා කෙහෙල් කොළයක ඔතා දුන් බත් එකක් තරම් සුවඳ බවද, බඩගිනි අවුළුවන බවද කිව යුතුය. Continue reading ජීවිතයේ මහ වීදි දිගේ ගලන ‘අතුරු වීදියේ’ ආලෝකය.

දයාසේන ගුණසිංහයන් ගෙන ආ ‘රන් තැටියක කඳුළු’

ඇත්තෙන්ම ඔහුගේ කාව්‍යාගමනය සිදුවන්නේ යම් යම් අර්බුද පැවැතී වකවානුවකදීය. ඉතා සීඝ්‍රයෙන් වෙනස් වන දෛනිකත්වය පිළිබඳ සීමා නොවූ අනුභූතින්වල ඇසුර ලබමින් කලාත්මක සන්නිවේදනයකට නිර්මාණ යොමු කිරීම දයාසේන ගුණසිංහගේ විස්කමක් විය. Continue reading දයාසේන ගුණසිංහයන් ගෙන ආ ‘රන් තැටියක කඳුළු’

“සිම්පල් සයිමන්” නවකතාව කියවමු

දවසක් මහාරාජපුරම් සන්තානම් සර් ගුරුජී මුණගැහෙන්න පැමිණියා 1920 මැයි මාසයේ 20 වැනිදා උපත ලද මහාරාජපුරම සන්තානම්, දකුණු ඉන්දියාවේ විසූ, අති විශිෂ්ට කර්ණාටක ශෛලියේ ශාස්ත්‍රීය ගායකයෙක් ඔහු ඉන්දියානු රජය පිරිනමන පද්ම ශ්‍රී සම්මානයෙන් (1990) සහ මදුරාසි සංගීත ඇකඩමිය පිරිනමන සංගීත කලා නිධි සම්මානයෙන් (1989) පුද ලද, පූර්ණත්වයට පත් වූ සංගීතඥයෙක් ගුරුජී මගේ ලාංකේය සම්බන්ධකම ඔහුට දැන්වූ විට ඔහු මට වඩාත් ලෙන්ගතුව මේ කතාව කීවා. Continue reading “සිම්පල් සයිමන්” නවකතාව කියවමු

ගැටුම්වලින් ඔද්දල් වූ දේශයක ගැයෙන සෙත් කවියක් – “ජෙරුසලෙම් දූවරුනි”

ජීවිතේ වැඩි කාලයක් මට හමුවුණේම ගැහැනු සහ ගැහැනු ප්‍රශ්න මට තිබුනෙත් ගැහැනු ප්‍රශ්න. ගැහැනු පිරිමි කියල බෙදා වෙන්කර ඉරි ගැසූ ලෝකයක ඉඳලා, gender neutral ලෝකයක, ගැහැනු පිරිමි නෙමෙයි අපි සේරම මිනිස්සු, කියලා හිතන්න උගන්වන දේශයක ඉඳන් මං අද මේ කතාව කරන්නේ. එහෙම නොවන මගේ දේශය ගැන මට තියෙන අප්‍රමාණ දුකක් දැනෙනවා ඒ දුක මට මේ පොතේ අකුරු අතර හමුවෙනවා.  Continue reading ගැටුම්වලින් ඔද්දල් වූ දේශයක ගැයෙන සෙත් කවියක් – “ජෙරුසලෙම් දූවරුනි”

පාඨක මනස අවුල් කර – පසුව සියල්ල විසඳන, කේතකී වික්‍රමාරච්චි!

නවකතාව පුරාවට ම ප්‍රබලව දැකගත හැකි ධනූ ජයසුන්දරගේ රචනා උපක්‍රමය ලෙස ප්‍රබල අවස්ථා සිද්ධි නිරූපණය හා ආකර්ෂණීය පසුබිම් වර්ණනා හඳුනාගත හැකි ය. පළමු පරිච්ඡේදය තුළ සිට ම ලේඛිකාව එම උපක්‍රම යොදා ගෙන ඇති ආකාරය අගය කළ යුතු ය. Continue reading පාඨක මනස අවුල් කර – පසුව සියල්ල විසඳන, කේතකී වික්‍රමාරච්චි!

“ජෙරුසලෙම් දූවරුනි”… මේ සියලු දුක්ගැහැටෙන් හෝ නුඹේ භක්තිය ප්‍රහීනව නැතිද?

සෑම ආගමකටම නැතිනම් සෑම දර්ශනයකමට අයත් වන ඕනෑම අයෙකු තුළ දැන හෝ නොදැන පාරාදීසයක් සම්බන්ධයෙන් නොනිවෙන ෆැන්ටසියක් තිබේ. මෙම පාරාදීසය ඒදනයක්, දෙවිපියන්ගේ දිව්‍යමය රාජධානියක්, එලීසියානු බිමක්, යුතෝපියාවක්, රාම රාජ්‍යයක්, ඉකාරියාවක්, ඩයොනීසියාවක් නැතිනම් තමන්ගේම චිත්ත නිර්මිත දිව්‍ය බිමක් විය හැක. එය කෙසේ වුවත්, සෑම අයෙකුම කන්ද මුදුනට මහා ගල් කුළක් තල්ලු කරගෙන යන්නේ කඳු මුදුනෙන් එහා තිබෙනා බවට විශ්වාස කරනා පාරාදීසයක් බලාපොරොත්තුවෙන් නොවේද? Continue reading “ජෙරුසලෙම් දූවරුනි”… මේ සියලු දුක්ගැහැටෙන් හෝ නුඹේ භක්තිය ප්‍රහීනව නැතිද?

පොඩි නළ ඉෂ්ක මිටා හේ… හේ… හෙවත් චිංචිං නෝනාගේ කතාව.

චිංචිං නෝනා වෙනස් ම දැරියක්. ඇය කියනා දේ නාහන දඩබ්බර චරිතයක්. ගස් නගින, අසත්‍ය පුවත් ගම පුරා පතුරුවන, තම සහෝදරයින්ට කුණුහරුප කියා දෙන, පාසල් යන්නට අකැමැති දැරියක්. සාම්ප්‍රදායික අධ්‍යාපන රාමුවට අනුව ඇය අදක්ෂ සිසුවියක්. ඇය ශිෂ්‍යත්ව විභාගය පවා අසමත් වූ සිසුවියක්. ඇය මුල සිට ම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය උපහාසයට ලක් කරන්නියක්. Continue reading පොඩි නළ ඉෂ්ක මිටා හේ… හේ… හෙවත් චිංචිං නෝනාගේ කතාව.

සැබෑ ආදරය කුමක්දැයි ප්‍රශ්න කරන ‘සාෂා’

සාෂා ජීවිතයේ නිදහස සොයා යෑම, ළාබාල තරුණියක් ලෙස වෘත්තීය ජීවිතයේ ස්වාධීන වීම, බොහොමයක් ස්ත්‍රීන්ගේ පරම අපේක්ෂාව වන විවාහය දරුවන් සෑදීම වැනි දෑ ප්‍රතික්ෂේප කිරීම ආදිය ඇය තුළ ගොඩනැඟී ඇත්තේ, ඇගේ විශ්වාස පද්ධතියේ හෙවණැල්ල වැටීමෙන් විය හැකි ය. එනම්, ඇය කුඩාකල සිටම වැඩුණේ මාපිය අඬ දබර මධ්‍යයේ අඟහිඟකම්වලින් මිරිකෙමිනි. Continue reading සැබෑ ආදරය කුමක්දැයි ප්‍රශ්න කරන ‘සාෂා’

සඳක් මෙන් සෞම්‍ය නොවුණද රැයේ තරුවක් ව ළඟ ඉන්න…

කුවේණි බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වස්තු බීජ සැපයූ මාතෘකාවක්. එහෙත් බොහෝ නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ කුවේණිය සිංහලයට සාප කිරීම පිළිබඳ කතා පුවත පමණයි. එහෙත් මෙම නිර්මාණයේදී පියුමාලි ස්ත්‍රියක ලෙස, ස්ත්‍රීවාදී දෘෂ්ටියක් හෙළමින් කුවේණිය දකින්නට උත්සාහ ගෙන තිබෙනවා. කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාව තුළ තිබූ භාවමය හැඟීම් සියුම්ව පෙන්වා දී තිබෙනවා. එහෙත් කිවිඳිය කුවේණියගේ නිහඬ ප්‍රතිපත්තියට හේතුව ආදරය බව සෘජුව පවසා නැහැ. Continue reading සඳක් මෙන් සෞම්‍ය නොවුණද රැයේ තරුවක් ව ළඟ ඉන්න…

‘හද්දා පිටිසර’ කොළඹ ගැමියන්ගේ කතාව

නවකතාවේ නම ‘කලම්බෝ’ ය. අතීතයේ ‘කොළොංතොට’ නමින් හැඳින්වූ නගරය පෘතුගීසින්ට, ලන්දේසීන්ට මෙන් ම ඉංග්‍රීසීන්ට ද ‘කලම්බෝ’ ම විය. වර්තමානයේ පවා බහුල ව ව්‍යවහාර කරනුයේ ‘කොළඹ’ යන්නට වඩා ‘කලම්බෝ’ (Colombo) යන ඉංග්‍රීසි වදන ය. නවකතාවේ දී කතුවරයා ‘කොළඹ’ හඳුන්වන්නේ නගරයක් ලෙසින් නොව රටක් ලෙසිනි. කොළඹ රට ගැන තනියම ඉගෙන ගත යුතු බවත්, කොළඹ ගැන ඉගෙන ගතහොත්, එය ජීවිතය ම ඉගෙන ගත්තා වැනි යැයි පැවසීමෙන් ඒ බව ප්‍රකට වේ. Continue reading ‘හද්දා පිටිසර’ කොළඹ ගැමියන්ගේ කතාව

“දරුවන්ට කෑම කටක් නොදී අධිරාජ්‍යයාට බදු ගෙවන්න වුණු ගැහැනුන්ගෙ වේදනාව අදත් එහෙමමයි” – තරුරසී ප්‍රනාන්දු

එහෙම කතන්දර කියල දුන්නා කියල නම් මතකයක් නැහැ. හැබැයි අපේ ආච්චිල, සීයලා, මම්මල, අම්මල එයාලගෙ ජීවිත කතන්දර කියනවා අහන් ඉන්නවා. ඒවා ගොතපු කතා නෙවෙයි ඇත්ත කතා. ගමේ ආච්චිල සීයලට ඇහුම්කන් දෙන පුරුද්දක් මට තිබුණා. එයාලගෙන් මට ඇහුණෙත් ඇත්ත ජීවිත කතා. මට ගොඩක් කතන්දර ලැබුණා දහම් පාසලෙන්. දහම්පාසලේ ඒ කාලේ දැන් වගේ විෂය නිර්දේශ තිබුණෙ නැහැ. තරග විභාග තිබුණෙ නැහැ. දහම් පාසල හරිම නිදහස් සුන්දර තැනක්. Continue reading “දරුවන්ට කෑම කටක් නොදී අධිරාජ්‍යයාට බදු ගෙවන්න වුණු ගැහැනුන්ගෙ වේදනාව අදත් එහෙමමයි” – තරුරසී ප්‍රනාන්දු

“මට ගෙවල් කියවන පුරුද්දක් තියෙනවා” – චතුරි දමයන්ති

ඇත්තටම මට අමුතු පුරුද්දක් තිබුණා. මම බස්එකේ යද්දි, ගමන් යද්දි හුඟක් වෙලාවට ගෙවල් කියවනවා. ගෙයක් දැක්කහම ඒ ගේ ගැන මගේ ඇතුළෙ කතාවක් මැවෙනවා. මේ ගේ ඇතුළෙ මොනවගේ දේවල් වෙනවා ඇද්ද කියලා. විශේෂයෙන් පාන්දර කොළඹ යද්දි, සමහර ගෙවල්වල ලයිට් දාලා තියෙනවා එක කාමරේක. මම හිතනවා ආහ් මේ කුස්සිය වෙන්නැති. එහෙම මම ඒකට අදාළ කතාවක් පරිකල්පනය කරනවා. බස් එකේ යන වෙලාවක නින්ද ගියේ නැත්නම් මම කරන්නේ ඒක තමයි. Continue reading “මට ගෙවල් කියවන පුරුද්දක් තියෙනවා” – චතුරි දමයන්ති