මැයි 10 වැනි සෙනසුරාදා
සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ දිනේෂා මධුවන්තිගේ ‘කොහේ සිට ආවා ද මේ සුළග’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහටයි.
මේ සුළග ආවේ කොහේ සිට දැයි කතා කරන්න මැයි 10 වෙනි සෙනසුරාදා උදේ 10 ට ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.
තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7
මෙම කෘතිය පිළිබඳ කතාබහේදී සිසිර කුමාර මහගම, අශෝක කුලතුංග, සඳුන් ප්‍රියංකර විතානගේ සහ මංජුලා දිල්රුක්ෂි හේවාවසම් ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි.
සාකච්ඡාව මෙහෙයවන්නේ පැතුම් පුංචිහේවා විසින්.
විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී ‘කොහේ සිට ආවා ද මේ සුළග’ කාව්‍ය සංග්‍රහය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.
‘කොහේ සිට ආවා ද මේ සුළග’ කාව්‍ය සංග්‍රහය කියවූ නොකියවූ ඔබ සැමට, කතුවර දිනේෂා මධුවන්ති හමුවී අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!
එහෙනම්, මැයි 10 වැනි සෙනසුරාදා හමුවෙමු.
ගම්පහ මින්සර පොත් මැදුරේ සත්කාරකත්වයෙන් The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට එන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ. එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!


