ජීවිතයෙන් මොහොතක්

දුරුත්තේ සීතල වා රැල්ල
නලියයි නිවන්නට ඉටිපන්දම් දැල්ල
දෑතින් වටකර නවත්තන්නට
උත්සාහ දරන්නෙමි මම!

වෙන්න එපා පොඩි ළමයෙක්
කියනු ඇත යමෙක්
එහෙත් දනිමි මම
තවමත් මා දරුවෙකු
බව ඔබට!
වසර ගණනක් පුරා වේදනා, අනතරායන්,
වෙහෙස දරා රැකබලාගත්!

බ්ලේක්,

“වරක් මිනිසෙක් රළු හා සෞම්‍ය මාවතක
මරණයේ මිටියාවත ඔස්සේ ගමන් කළ බව”, කීය.
පෙනෙන්නේ දැන් මට
අපේ බැඳීමද
ගෙවුණු වසර ගණන පුරා
ගියේ රළු හා සෞම්‍ය මාවතක බව!

ඇත බොහෝ දේ කියන්නට නොහැකි වූ
ඇත බොහෝ දේ පෙන්වන්නට නොහැක වූ
ඉතින් ඔබේ උපන්දිනයට
එමි ඔබව දකින්නට
එකින් එක කියමි
එකින් එක පෙන්වමි
දිනක මා ඔබ පසෙකින් වැතිරෙන තුරු!



A moment in life

Cold winds of the January,
trying to blow out, the flame of the candle.
I am trying to stop the wind,
by my bare hands!

Someone will call
This is so childish.
But I know that,
to you
I am still a child,
that you had raised these years,

taking lot of risks, pains and efforts.
Blake said,
“Once meek, and in a perilous path,
The just man kept his course along
The vale of death.”

as I see now,
our relationship always went
On that meek, and in a perilous path,
throughout all the years!

There are things I never had a chance to tell you,
there are things that I never had a chance to show you!
So, on your birthdays,
I will come to you
and tell you one by one,
show you one by one
until I laid beside you!

රශ්මික මණ්ඩාවල


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment