අත්හැරීම

” සුඛ විහාරි “කාව්‍ය එකතුව – ලාලනී සතරසිංහ.

පුතු මගේ – ඔබේ හිමි
දෙපස හිඳ දෙඅත
අල්ලා ගතොත්
අපට හිමි

කුසින් නොම වැදුවද
දෙවන වර උපත ලද
හෙයින් ඔබටමය හිමි

අත – හරිමි අත
දෙපස හිඳ අදින කල
රිදෙන බව දැනෙන
වැදූ මව් මා බැවින්


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment