බාර්වල හෙව්වේ ………

ධනුක දික්වැල්ල කවි සංකල්පනාවක්

බාර්වල අපි
දොඩමළු වෙවී
හෙව්වේ මොනවාද ?
සුර් වෙන්න විතරද ?

නැතිවුණු ළමා හීන,
අහිමි වුනු ආදර,
නොලැබුණු සම්පත්,
දුෂ්ටයන්ගෙන් තොර ලෝක,

නොබනිනා අඹුවන්,
දැකල නැති දරු හුරතල්,
නොලැබුණු තනතුරු,
බාර්වල තිබුනාවත්ද ?

සුරාවෙන් තනිවුණු ලෝකවල
පාට පාට ආදර,
තනපු මාළිගා,
ඇත්තක් තිබුනේම නැතිද
ඒ කිසි එකක ?

බොන නොබොන හැමෝගෙම
ආසම ඒ හීන
බාර්වල වික්කේ අපිට
ඇයි ඒතරම් ලාබෙට ………..?


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

2 thoughts on “බාර්වල හෙව්වේ ………

  1. අමු සිංදු (ගීත) trending කාලෙක අමු-තුම කලාවකට ලියවුණු අමු ඇත්ත පැත්ත අමුවට ගහද්දි දැනෙන ෆීල් එක ලිව්ව ධනුක ට අමු වාසනාවන්!!

    Liked by 1 person

  2. The truth that we try to hide but pop up once in a while. This is everyone’s story ( who are not content with their lives ). we search answers for our chosen lives…..
    Love your thoughts Dhanuka

    Like

Leave a reply to Anonymous Cancel reply