විනිසුරෝ

ආදරේ සුන්දරයි
පියකරුයි මිහිරිමැයි
උණුහුම්ය ලැබෙන කොට
මනරම්ය ජීවිතය

කුලගෙදර නොතිබුනොත්
කොනිත්තක්වත් තරම්
ආදරෙත් උණුහුමත්
කොහෙන් හරි එය සෙවුම
වැරදිදැයි අසන ඇය

පිරිමින්ගේ පපුමතම
දැවටී දැවටී හොයපු
තොලින් තොල අතින් අත
ඇය හොයපු උණුහුමක්

සමාජේ අධිකරණේ
පිරිමි විනිසුරු ගොල්ලෝ
චෝදනා කළ ඇයට
වෙසඟනක් යැයි කියා

ඇගේ උණුහුම ලබපු
සමහරක් විනිසුරෝ
හිටිය ඒ අධිකරණෙ
ජනෙල් එපිටම බලා


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

2 thoughts on “විනිසුරෝ

Leave a reply to Anonymous Cancel reply