කතන්දරම කියා දෙන්න කියන්නේ ඒකයි !

ජෝන් එස්. හටන් කියන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පර් යේෂනයක් ප්‍රකාශයට පත් කරනවා. ඔහු මේ සඳහා යොදා ගන්නා දරුවන් 19 දෙනාගෙන් 40% අඩු ආදායම් ලාභී දරුවෝ. ඒ දරුවොන්ට ඔවුන් සුරංගනා කතා කියද්දී ඒ දරුවොන්ගේ මොළයේ ඇති වෙන වෙනස්කම් ඔවුන් බලලා තියෙනවා මේ පර් යේෂනයෙන් , දෙමාපියන් කුඩා කල සිට කතන්දර කියලා දෙනවානම් ඒ දරුවොන්ගේ මොළයේ වෙනස් කම් ඔවුන් මෙහිදී පැහැදිලිව දැකලා තියෙනවා. Continue reading කතන්දරම කියා දෙන්න කියන්නේ ඒකයි !

අඩක් මේරුව ගැබක්

නෝරි ගමගේ ලියූ කවි කියවන්න ලැබෙන්නේ වසර ගණනාවක සිට ය. එකල සිට මේ වෙනකම් ඒ කවිකම් අපට ළඟය, ළෙංගතු ය, ළබැඳි ය, හුරු පුරුදු ය. සෑම මසකම ලන්ඩන් කවි සඟරාවේ පළ වන ඇගේ කවිය නිරන්තරයෙන් අපේ හදවත වෙලා ගනී. විටක එය ගැහැණු කඳුළක පැහැ ගනී, විටෙක දරු වියොවෙන් කකියන මව්වත් හදවතක හැඩ ගනී, විටෙක ඒ කවි සමාජයේ දකින විඳින අනේක කම්කටොළු රැඳි හිත් කෙරෙහි සහවේදනයෙන් පැතිරෙන මානුෂීය ගුණ සුවඳ විහිදේ. සෞම්‍ය, ළගන්නා සුළු වචන තාලයකට කියැවෙද්දී හද බසෙහි රිද්මය දැනේ. Continue reading අඩක් මේරුව ගැබක්

හිර කූඩු

තම දෙවන නවකතාව තුළින් වෙනස්ම පැහැයක කතාවක් ගෙන ආ සුජීවා හේමමාලී වෛද්‍ය වෘත්තීය තුළින් ලද දැනුම ද මේ පොතේ ඇතැම් සංසිද්ධීන් විස්තර කිරීමට භාවිතා කර තිබෙන අයුරු ප්‍රශංසනීය ය. ඇයගේ පළමු නවකතාව විද්‍යා ප්‍රබන්ධයකි. මේවා එකිනෙකට වෙනස් ෂානරයේ පොත් ය. හිර කූඩු පොතේ කතාව නොලියා පොත ගැන ලියා තබන්නේ කියවන ඔබගේ රසවින්දනයට බාදා නොවන අයුරිනි Continue reading හිර කූඩු

ඇස්බැන්දුම්!

සමාජ මාධ්‍ය තුළ ජය කෙහෙළි නංවමින් වෙනස්ම ආකාරයේ ජීවිතයක් මවා පෙන්වන්නන් මෙන්ම, සමාජයේ සෙලිබ්‍රිටි පන්නයේ ජීවිත ගත කරන, ඒවා නඩත්තු කරන්නට හෘද සාක්ෂියක් නොමැත්තන් සේ ක්‍රියා කරන මිනිසුන්ගේ අඳුරු ජීවිත කතාවන් මේ වන විට බොහෝ සමාජ මාධ්‍ය ලියවිලි ඔස්සේද, කලාකෘති ඔස්සේද නිතර කියවන්නට ලැබේ. එහෙත් අදටත් එවන් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් මතින් මධු බඳුන් පුරවාගෙන මත්ව, තමන්ගේ ජීවිතයේ පත් ඉරු කපා කොටා විනාශ කරගන්නාවූ පිරිස් හිඟ නැත. Continue reading ඇස්බැන්දුම්!

වාලම්පුරි චිත්‍රපටය ඔස්සේ මතුවන සමාජ කාර්යභාරය

ඇතැම් කණ්ඩායම්වලට පවුල් වලට රටක් කියන්නෙත් වාලම්පුරියක් වගේ කියලා හිතෙන්න පුළුවන්. අතින් අත මාරුවුණ මේ වාලම්පුරි, පුරවැසියාට වාසිදායක ලෙස සහනදායක ලෙස කැරකෙන්නේ කවදාද කියලා මේ මහපොළොව මත බොහෝ දෙනා අදටත් බලා සිටිනවා. තමන්ගේ ශ්‍රමය, ධනය සතපහක් වැය නොකර අනුන්ගේ පහනෙන් එළිය බලන, වස්තු උපයන එකත් මාර කලාවක්. Continue reading වාලම්පුරි චිත්‍රපටය ඔස්සේ මතුවන සමාජ කාර්යභාරය

රන්මැණිකා සහ සිතිල අතර දළුලන නෑඹුල් ප්‍රේම යාත්‍රාව

රොට වැව, අනුරාධපුරය, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර දෝලනය වන කතන්දරයේ මේ සියලු සිදුවීම් එක්ක අප ද රොට වැව ගියාක් මෙන් දැනුණු වාර අනන්තයි. එම පරිසරයේ හැටි කතුවරයා ඉතා අලංකෘතව සටහන් කර තිබෙන අයුරු කියවන කල, බොහෝ කල් විදෙස්ගතව කල් ගත කලද ඔහු තුළ තම ගම් ඉසව්ව පිළිබඳ ව ඇති දැනුම් සම්භාරය බොහෝ බව වැටහේ. Continue reading රන්මැණිකා සහ සිතිල අතර දළුලන නෑඹුල් ප්‍රේම යාත්‍රාව

අටලෝ දහමින් කම්පා නොවන මිනිස්සු

මෙහි පුළුල්ව කතා කරන දෙමාපිය-දූදරු සබඳතාවය සහ සහෝදර බැඳීම් ගැන කතා බහ ඉතාම විශිෂ්ට මානුෂීය ගුණ ධර්ම මෙන්ම මිනිසුන්ගේ හැසිරීමේ වෙනස්කම් හා බැඳුනු අලකලංචි විග්‍රහ කරනවා. මෙහිදී හතලිස් පස් වියැති අවිවාහක තම සහෝදරිය මහගෙදර පියා බලාකියාගෙන ඉන්න අතරේ විවාහක සෙසු සහෝදර සහෝදරියන්ගෙන් උද්ගත වෙන නොයෙකුත් අර්බුද එකින් එක ගෙන හැර පා ඒවා දෙබස් ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් කියවන්නා විවිධ මානයන්ගෙන් මේ කාරණා ගැන සිතීමට ලක් කිරීමක් මා දකිනවා. Continue reading අටලෝ දහමින් කම්පා නොවන මිනිස්සු

“සරාජාත් බය ද මට ?”

විශාදය, මානසික අවපීඩනය ගැන කතා බහ අවශ්‍යම කාලයක රෝහල් ගත කළ පමණින් බෙහෙත් බිව්ව පමණින් මිනිසුන් සුවය ලබන්නේ නෑ. ඔවුන්ට ඔවුන් ජීවත්වෙන සමාජයෙන්, නිවසින් අප්‍රමාණ ආදරය කරුණාව සහ සහයෝගය අවශ්‍යයි. ඒ ප්‍රබල කාරණා මේ පොත තුළින් නැවත නැවතත් මතක් කරනවා. මහා රික්තක එක්ක ජීවිතේ බිඳ වැටෙද්දී ඒවා විසඳා ගන්නේ කොහොමද කියන කුතුහලය දනවන ප්‍රශ්නයට උත්තර දැන බලා ගැනීම මේ පොත මතුවට කියවන අය වෙත ඉතිරි කරන්නවා. Continue reading “සරාජාත් බය ද මට ?”

අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?

අපි එකිනෙකාට වෙනස් වූ අත් දැකීම් සහ විඳීම් සමුදායක් තියෙනවා. ඒවා අපි අපිට කැමැති ලෙස හෝ අපිව පුරුදු කළ ලෙස හෝ අපේ පැවැත්ම පිණිස අවශ්‍ය ලෙස අපි ඉදිරිපත් කරනවා. අන්න ඒ පොදු ධර්මතාවය වටහා ගෙන තමා මම අද මේ ගැන කතා කරන්නේ.  Continue reading අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?

ගැටුම්වලින් ඔද්දල් වූ දේශයක ගැයෙන සෙත් කවියක් – “ජෙරුසලෙම් දූවරුනි”

ජීවිතේ වැඩි කාලයක් මට හමුවුණේම ගැහැනු සහ ගැහැනු ප්‍රශ්න මට තිබුනෙත් ගැහැනු ප්‍රශ්න. ගැහැනු පිරිමි කියල බෙදා වෙන්කර ඉරි ගැසූ ලෝකයක ඉඳලා, gender neutral ලෝකයක, ගැහැනු පිරිමි නෙමෙයි අපි සේරම මිනිස්සු, කියලා හිතන්න උගන්වන දේශයක ඉඳන් මං අද මේ කතාව කරන්නේ. එහෙම නොවන මගේ දේශය ගැන මට තියෙන අප්‍රමාණ දුකක් දැනෙනවා ඒ දුක මට මේ පොතේ අකුරු අතර හමුවෙනවා.  Continue reading ගැටුම්වලින් ඔද්දල් වූ දේශයක ගැයෙන සෙත් කවියක් – “ජෙරුසලෙම් දූවරුනි”

මුහමාලේ සුළඟ

එකිනෙකට වෙනස් සංස්කෘතින් දෙකක, හැදෑරීමක් නැති වුන එකිනෙකාට තේරෙන්නෙ නැති භාෂා දෙකක මිනිසුන් සිටින දශක ගණනාවක් පැවති ජනවාර්ගික අරගලයක්, ආයුධ සන්නද්ධ යුද්ධයක් දක්වා විකාශනය වෙච්චි රටක අපි උතුර කියවිය යුතුමය කියා මට සිතේ. Continue reading මුහමාලේ සුළඟ