කල්තියා දැනුම් දුන් මරණය “කරුමක්කාර” කතාවක්ද?
පාඨකයා සන්තියාගෝ නසාර්ට මියයාමට හේතුවූ කාරණය නිශ්චිත කරුණු ලෙස දැන ගන්නේ තුන්වන පරිච්ඡේදයේදීය. එය සිදුවන්නේ ඇන්ජෙලා විසින් තම කුමරි බඹසර සිදලූ පුද්ගලයා සන්තියාගෝ නසාර් බව පවුලේ සාමාජිකයන්ගේ තර්ජනය හමුවේ ප්‍රකාශ කිරීමෙනි. එතැන් පටන් දිගහැරෙන්නෙ පවුලේ ගෞරවය රැකගනු පිණිස ඇන්ජෙලාගේ වැඩිමහල් සහෝදරයන් වන පැබ්ලෝ සහ පේද්‍රෝ විකාරියෝ, සන්තියාගෝ නසාර්ව ඝාතනය කිරීමට තීරණය කිරීම, සූදානම් වීම, එය ප්‍රසිද්ධියට පත් කිරීම සහ එම අනාවැකි දක්වා තිබූ මරණය වලක්වාලීමට කිසිවෙකු සක්‍රීයව ඉදිරිපත් නොවීමේ තතුය. Continue reading කල්තියා දැනුම් දුන් මරණය “කරුමක්කාර” කතාවක්ද?
