“රෝස මුසැන්ඩාස් පිස්සුව” ඇතුළේ රත්නපුරේට ගෑවෙන චරිත තියෙනවා!

කොණ්ඩෙ වවන්නේ කබ්බෝ, කොණ්ඩෙ වවලා, කරාබු වළලු දාලා ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ, මල්වැටුණු කුඩ අරන් යන පිරිමි ගෑනු භාග, හොඳට අඳිනවානම් මහත්වරු. සමාජයේ මිම්ම හරි පටුයි. මේකට හේතුව ලිංග භේදයට ඔබ්බෙන් ගිය වෙනත් බෙදීම්. කාර්යයන්, වර්ණ, ගතිගුණ, ඇඳුම් පැළඳුම්, බඩු භාණ්ඩ වර්ග වෙලා. Continue reading “රෝස මුසැන්ඩාස් පිස්සුව” ඇතුළේ රත්නපුරේට ගෑවෙන චරිත තියෙනවා!

විටෙක වීනස්මය, විටෙක මෙඩුසාමය ඇගේ හදවත

කොහොම වුණත් විරහව වේදනාවක්. විරහවට පුළුවන් හොඳ වගේ ම නරක මිනිස්සු ඇති කරන්න. ඒ වේදනාව වඩාත් කලාත්මක දේවල් බිහි කරනවා කියන්න මේ පොත් හොඳ උදාහරණයක්. විරහව නිසා ම මරා ගන්න සමාජයක විරහවට කවියක් ලියලා, දුක දිය කරන්න පුළුවන් තරම් පරිණත වෙන්න පුළුවන් නම් ඒක වටිනවා. Continue reading විටෙක වීනස්මය, විටෙක මෙඩුසාමය ඇගේ හදවත

දිග්ගෙයි නටන මහගේලා.

දේවාල රාජකාරි, ඒවාට වෙන් වූ මිනිස්සුන්ගේ ජීවිත ගැන වගේ ම අදින් වසර ගණනකට පෙර සබරගමුව සමාජය හා සංස්කෘතිය ගැන කතාවක්. කතුවරයා සබරගමුවේ කෙනෙක්. එය එසේ වීම මේ පොතට ආලෝකයක් කියන්න පුළුවන්. ඒ භාග්‍යයත් එක්ක ඔහු ලියන මේ පොත ඉතා ම රසවත් මෙන් ම හරවත් එකක් වෙලා තියෙනවා. Continue reading දිග්ගෙයි නටන මහගේලා.

පශ්චාත් යථාර්ථවාදී ප්‍රවේශයක්: හොර පොල්කිච්චා

යථාර්ථය, ඉන් ඔබ්බට ගිය පශ්චාත් යථාර්ථවාදයක් ඔස්සේ මතු කරන්නට ඔහු උත්සහ දරනවා. හැබැයි ඔහුගේ පොත්වල අපි දකින මායා යථාර්ථවාදය සමස්ත පොදු කුලකයේ මායා යථාර්ථවාදි මෙන් ම අධියථාර්ථාදි පොත්වලින් වෙනස් වෙනවා. හොර පොල්කිච්චා අධියථාර්ථවාදය හා මායා යථාර්ථවාදය වෙනස් ලෙස යොදා ගත්ත පොතක්. Continue reading පශ්චාත් යථාර්ථවාදී ප්‍රවේශයක්: හොර පොල්කිච්චා

වර්ණවතුන් අතර අවර්ණයා, ‘සුකුරු ටසාකි’

උසස් අධ්‍යාපනයට පිවිසෙනතුරු මේ අය හිටියේ එකට. හදිසියේ සුකුරු මේ පුරුකෙන් ගැළවෙනවා. නැත්නම් මිතුරු නඩය ඔහුව එක්වර ගලවලා විසිකරනවා. ඔහුට දරන්න අමාරුයි ඒක. ඔහු හුදකලා වෙනවා. කෙට්ටු වෙනවා. සාමාන්‍ය සමාජයේ විරහව විඳින අයට මානසිකව වගේම කායිකව වන බලපෑම සුකුරුටත් වෙනවා. Continue reading වර්ණවතුන් අතර අවර්ණයා, ‘සුකුරු ටසාකි’

හරුකි මුරකමි: පරිපූර්ණත්වය යනු කුමක්ද?

ඇයට අවශ්‍යයි සැමියාගේ ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, අවධානය, ආරක්ෂාව. නමුත් ඇයට ඒ දේවල් අහිමියි. නැත්නම් සුළු හෝ අඩුවක් තිබෙනවා. ඇය සොයනවා ඒ හිඩැස මකන්න විදිහක්. එහි පළයක් විදිහට රාස්සයා පැමිණෙනවා. එතනදී ඇය බයයි රාස්සයා පිළිගන්න. ඇය දැඩිව ප්‍රතික්ෂේප කරනවා රාස්සයා. ඇය තම අත්වලින් කෘර අයුරින් මරා දමනවා රාස්සයාව. Continue reading හරුකි මුරකමි: පරිපූර්ණත්වය යනු කුමක්ද?

හජිමෙ නිරූපණය කරන්නේ ජපන් නිර්ව්‍යාජත්වයද?

මේ කතාව කියවීමේ ලොකුම සතුට යම් තරමකින් ජපානය අත්දැකීම. ආගන්තුක සංස්කෘතියක, පරිසරයක සරන්නට ඉඩ ලැබීම. ඒත් ඒ ආගන්තුක බව කතාවට බාධාවක් වෙන්නේ නැහැ. රසය නැති කරන්නෙත් නැහැ. මුරකමි ඒ සියල්ලටම වඩා ශක්තිමත් කතාවක් ගොඩනඟනවා. කතාව බලවත් වීම තුළ අනිත් නවකතා ශිල්පීය අංග නැත්නම් නවකතා මූලධර්ම අමතක වන බවක් ඉන් අදහස් වෙන්නෙ නැහැ. සියල්ල එකිනෙකට ගැළපී තිබෙනවා. Continue reading හජිමෙ නිරූපණය කරන්නේ ජපන් නිර්ව්‍යාජත්වයද?

“වෙනස හැඳින ගැනීම කාර්ය පහසු කළා” – ශාන්ති දිසානායක.

පුවත්පතකට ප්‍රසිද්ධියේ විදහා දක්වන අරමුණු හැර සැගවුණු න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ බව හෙළි කර ගන්නට හෝ එයට අනුගත වන්නට විශේෂ උත්සාහයක් දැරිය යුතු නැතත් අතුරේ ගමන් කරනවා වගේ, ඉතා පරිස්සමෙන් කටයුතු කරන්නටත් රචකයාට සිද්ධ වෙනවා.. පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එක් නොවි නිදහස් ලේඛකයකු ලෙස බාහිරව හිඳ ලියන්නට මම වඩාත් කැමති ඒ හේතු කාරණාත් එක්කයි. Continue reading “වෙනස හැඳින ගැනීම කාර්ය පහසු කළා” – ශාන්ති දිසානායක.

කැදැල්ලෙන් ලොවට හෙළන ශාන්තිමත් බැල්මක්

ඇය මිනිසාගේ රුදුරු බව සෘජුව කියන්නෙ නැහැ. නමුත් අඟවනවා. ඉන් කිසිවෙකුටත් හානියක් හෝ සිත් රිදීම් ඇති වන්නේ නැහැ. අමු අමුවේ ඇති සමාජ යථාර්ථය පත අට එකට හිඳ කියන්නට රුචි බව දැක ගන්න පුළුවන්. Continue reading කැදැල්ලෙන් ලොවට හෙළන ශාන්තිමත් බැල්මක්

“ආයාසයෙන් ලියන කවි මගෙ හිතට අල්ලන් නෑ” – මංජුලා පියුමාලි.

කවිවල ආකෘතිය කවියක අර්ථය ඔප් නැංවීම පිණිසම විය යුතුයි කියන එක විශ්වාස කරනවා. සමහර විරිත් තියෙනවා, කවියකට භාවයක් ලබා දෙන. ජීවයක් ලබාදෙන. ප්‍රවීණයෙක්ට ඒ කවියේ  පරමාර්ථය ඉස්මතු වෙන අන්දමට විරිතක් තෝර ගැනිම අපහසු නෑ. හැබැයි ආකෘතිය හෝ විරිත තුළ කවියා සිර නොවිය යුතුයි. අත්හදා බැලීම් කළ යුතුයි. කුමන ආකෘතියකින් හෝ පාඨකයාට වඩාත් හොඳ රසවින්දනයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒක තමයි ඒකට ගැළපෙනම ආකෘතිය. Continue reading “ආයාසයෙන් ලියන කවි මගෙ හිතට අල්ලන් නෑ” – මංජුලා පියුමාලි.

සඳක් මෙන් සෞම්‍ය නොවුණද රැයේ තරුවක් ව ළඟ ඉන්න…

කුවේණි බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වස්තු බීජ සැපයූ මාතෘකාවක්. එහෙත් බොහෝ නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ කුවේණිය සිංහලයට සාප කිරීම පිළිබඳ කතා පුවත පමණයි. එහෙත් මෙම නිර්මාණයේදී පියුමාලි ස්ත්‍රියක ලෙස, ස්ත්‍රීවාදී දෘෂ්ටියක් හෙළමින් කුවේණිය දකින්නට උත්සාහ ගෙන තිබෙනවා. කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාව තුළ තිබූ භාවමය හැඟීම් සියුම්ව පෙන්වා දී තිබෙනවා. එහෙත් කිවිඳිය කුවේණියගේ නිහඬ ප්‍රතිපත්තියට හේතුව ආදරය බව සෘජුව පවසා නැහැ. Continue reading සඳක් මෙන් සෞම්‍ය නොවුණද රැයේ තරුවක් ව ළඟ ඉන්න…

පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘

තිත සාමාන්‍යයෙන් වාක්‍යයක අවසානය දැක්වීම සඳහා යෙදේ. කොමාව යෙදෙන්නේ වාක්‍යයක නොයෙක් කොටස් අතර පැවැතිය හැකි ඇතැම් මඳ විරාම දැක්වීම සඳහාය. මෙහි එන කථකයාගේ ආදරයට කොමාවක් වැටී ඇත්තේ ඔහුගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ මැදිහත්වීමෙනි. අවසානයේදී කථකයා එකී පෙම් සබඳතාව නැවත ඇති නොවන සේ නවතා දමයි. කථකයා ප්‍රේමයක් නැවත ආපේක්ෂා නොකරයි. එය දැඩිව ප්‍රතික්ෂේප කරයි. Continue reading පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘