ළසෝ දියවෙන භුමිය

චේරන්ගේ කවිවලින් මතුවන සහෝදර ජනයාගේ අහිමිවීම විදහා දක්වන ‘ළසෝ දියවෙන භුමිය‘ නැමැති චේරන්ගේ තෝරාගත් කවි ඇතුළත් කෘතිය මෙවැනි යුගයක සිංහලට පරිවර්තනය කරමින් සංජුලා පිටර්ස් ගත් උත්සාහය අප අගය කලයුතු වන්නේ ඇයිද යන්නත් විමසා බැලිය යුත්තක්. දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රචණ්ඩකාරී ලෙස පැතිර ගිය සමයක හැදී වැඩුණු චේරන්ගේ කාව්‍යකරණය වඩාත් මුවහත් වන්නේ එවකට පැවති ආණ්ඩුව යාපනය පුස්තකාලය ගිනි තැබීමත් සමඟමයි. Continue reading ළසෝ දියවෙන භුමිය

වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන ගනුදෙනුව කුමක්ද?

ප්‍රශ්නය ඇත්තේ වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන මෙම ගනුදෙනුව ලාංකේය කවීය තුළ පැළ කල හැකිද යන්නය. එය එසේ කල නොහැකිවේය යන්න මගේ පෞද්ගලික අදහසයි. වෙඩිවර්ධන උත්සාහ ගනිමින් සිටින්නේ ලාංකේය බොහෝමයක් කවීන්ගේ නිර්මාණ තුළ ඇති බංකොලොත්භාවයෙන් ගලවා කවිය එය නූතනත්වය තුළ ඔසවා තැබීමට බව ඇත්තකි. ඒ සඳහා බෝද්ලෙයා ලාංකේය පොළොව මත පැළකොට, ඔහුගේ ගැඹුරු චින්තනමය දැක්ම කවිය තුළ පිහිටුවා කරන ආත්මීය ප්‍රකාශණය ලාංකීය වල් වැදුණු පොළොව මතට ගෙන ඒමයි. Continue reading වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන ගනුදෙනුව කුමක්ද?

ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පුරුෂයා ගන්නා අසාර්ථක උත්සාහය

ඉහළ මැද පන්තික තරුණියක වන අරුණි, ගැහැනියක හා පිරිමියකු අතර ශරීර දෙකක් එකතු වනවාට වඩා දෙයක් සොයයි. එනම්, ඉහළ මැදපාන්තික ගැහැනිය ආදරයේ භාෂාව තුළින් ආදරය කිරීමට සිතක් සොයා යන මොහොතක, ග්‍රාමීය පිරිමියා ආදරය තුළින් හඹා යන්නේ ස්ත්‍රී ශරීරයයි. මෙම විරුද්ධාභාසය හරහා ඇයගේ චරිතය වඩාත් අධිනිශ්චය වෙයි. Continue reading ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පුරුෂයා ගන්නා අසාර්ථක උත්සාහය

කැන්වසය තුළ පෙනෙණ නිරුවත් මිනිසා කවුද?

සමන්තට ස්ත්‍රී සිරුර සමග තිබෙන සංවාදයේදී, ඔහුට ස්ත්‍රිය තේරුම්ගැනීමට තිබෙන අපොහොසත්කම හේතුවෙන් ඒ සදහා භාෂාව රෙටොරිකයක් ලෙස යොදාගනියි. ගැහැනියගේ ආශාව කුමක්දැයි සොයාගැනීම සමන්තගේ උත්සාහයයි. Continue reading කැන්වසය තුළ පෙනෙණ නිරුවත් මිනිසා කවුද?

කියවූවත් නැතත් කවියෝ කවි ලියති

භාෂාවේ වහලෙකු නොවී කවිය සමග කරන ගනුදෙනුව සොයාබලන්නේ නම් එය තව දුරටත් අපට වැදගත් වනු ඇත. කවි ලිවීම ම කවියා වධබන්ධනයකට ලක්කරන්නේ නම්, ඔහුට එලෙස වද දෙන්නේ කුමක්ද? ඒ නම් භාෂාවයි. කවි ලිවීමට පටන්ගත් සැනෙන් කවියා ඇතුළු වන්නේ ඉහත කී භාෂාව නැමැති වධකාගාරයටය.  Continue reading කියවූවත් නැතත් කවියෝ කවි ලියති