“සිම්පල් සයිමන්” නවකතාව කියවමු

දවසක් මහාරාජපුරම් සන්තානම් සර් ගුරුජී මුණගැහෙන්න පැමිණියා 1920 මැයි මාසයේ 20 වැනිදා උපත ලද මහාරාජපුරම සන්තානම්, දකුණු ඉන්දියාවේ විසූ, අති විශිෂ්ට කර්ණාටක ශෛලියේ ශාස්ත්‍රීය ගායකයෙක් ඔහු ඉන්දියානු රජය පිරිනමන පද්ම ශ්‍රී සම්මානයෙන් (1990) සහ මදුරාසි සංගීත ඇකඩමිය පිරිනමන සංගීත කලා නිධි සම්මානයෙන් (1989) පුද ලද, පූර්ණත්වයට පත් වූ සංගීතඥයෙක් ගුරුජී මගේ ලාංකේය සම්බන්ධකම ඔහුට දැන්වූ විට ඔහු මට වඩාත් ලෙන්ගතුව මේ කතාව කීවා. Continue reading “සිම්පල් සයිමන්” නවකතාව කියවමු

“දඩයක්කාරයකුගේ සටහන්” – ඉවාන් තුර්ගිනීෆ්

යෞවනයන්ගේ ස්වභාවය වන්නේ වැඩිහිටියන්ගේ මිථ්‍යා ඇදහිලිවලට සරදම් කිරීම ය. එහෙත් මේ ගැටවරයන්ගේ සිත් නිතර පෙලන්නේ අවතාර පිළිබඳ භීතියයි. වනගහනයේ අඳුර, වනසත්ව උවදුරු, අශ්වයන් එක ගැනීමේ අභියෝගය යන මේ සියල්ල සමග යව්වනත්වයට මුහුණ දෙන ඔවුහු නිරන්තරයෙන් බියට පත්වෙති. Continue reading “දඩයක්කාරයකුගේ සටහන්” – ඉවාන් තුර්ගිනීෆ්

රස්සාව මාරුව වැස්ස කෝච්චිය සහ අතරමග.

සිංහල කෙටිකතාවේ නව ආකෘතිමය අත්හදාබැලීමකින් යුත් කෙටිකතා අතරට එක්වන දයානන්ද තිරිමාන්නගේ මෙම කෙටිකතාව මුල්වරට පළවූයේ ‘කල්පනා’ සඟරාවේ 1982 නොවැම්බර් කලාපයේය. පුද්ගලයකුගේ චින්තන දහරාවක් ඉදිරිපත් කරන මෙහි සම්පූර්ණ වාක්‍ය නොමැතිය. දයානන්ද තිරිමාන්න 1975 සහ 1979 වසරවල කෑගලු දිසා සාහිත්‍ය උළෙලේ කෙටිකතා තරගවලින් ප්‍රථම ස්ථානය දිනා ඇත. Continue reading රස්සාව මාරුව වැස්ස කෝච්චිය සහ අතරමග.

“කොට තුවක්කු“ නවකතාව කියවමු.

“…තමුසෙ දන්නවද සමාජවාදී ස්ටාලින්ට මං ගරු කරන්නෙ මොකද කියලා. ඌත් හොඳම කොමියුනිස්ට්කාරයන්ට ගේම දුන්නු දේශප්‍රේමියෙක්. ජාතික සමාජවාදී හිට්ලර් මං අදහන තවත් නායකයෙක් ඕයි. මිනිහ තමයි අයිසෙ කොමියුනිස්ට් හැතිකරය ලෝකෙන් තුරන් කරන්න ඕනය කියලා බය නැතිව ඉදිරිපත් වුණේ. ඒ වගේම තව එකක්, තමුසෙ දන්නවද මං දේශප්‍රේමීන්ට ආදරේ ඇයි කියල. උන්ට තියෙන්නෙ කොට තුවක්කු සහ ළඟ ඉලක්ක. උන් කලබලයි. ඒත් කොමියුනිස්ට්කාරයො, උන් හරියට ස්නයිපර් වගේ. උන්ට තියෙන්නෙ දුර ඉලක්ක සහ තියුණු සැලසුම්. උන්ට වරදින්නෙ ඒක අස්සට රිංගල ඉන්න තමුසෙල වගේ දේශප්‍රේමී ගැරඬි හින්ද. මං තමුසෙලට කැමතිත් ඒකයි.” Continue reading “කොට තුවක්කු“ නවකතාව කියවමු.

“තිමිරෙන් එතෙරට” නවකතාව කියවමු.

කළු ලෝහ ගේට්ටුවෙන් විවෘත වුණ සුදු ඇඳගත් සොල්දාදුවන් දෙදෙනෙක් වැනි උස ගේට්ටු කුළුණු පසුකර කාර් රථය ඉදිරියට ඇදුණේය. මගේ ඇස් ඉදිරිපිට මහානුභාව සම්පන්න සුදු උස නැගිල්ලක් නිල් පැහැති තණ පිට්ටනියේ විරාජමාන විය. Continue reading “තිමිරෙන් එතෙරට” නවකතාව කියවමු.

“ආවර්ධිත යථාර්ථය පොත් කියවීමේ අත්දැකීමට අලුත් අන්තර්ක්‍රියාකාරී මානයක් එක් කරනවා…” – ප්‍රදීප් ගමගේ

අද අපට හමුවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන අතර, ඔහු තම තොරතුරු තාක්‍ෂණය පිළිබඳ දැනුම ග්‍රන්ථ ප්‍රකාශනය සමඟ ඒකාබද්ධ කර ග්‍රන්ථ ප්‍රකාශනය සහ කියවීම නව තලයකට ගෙන ගියේය. ප්‍රදීප් ගමගේ යනු ගැඹුරින් මුල් බැසගත් සාහිත්‍ය සම්භවයකින් පැවත එන වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකි. ඔහු ‘මෙටාරීඩ්ස්’ හි සම-නිර්මාතෘවරයා වන අතර ‘ගුඩ්රීඩ්ස් ලංකා’ හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියාද වේ. Continue reading “ආවර්ධිත යථාර්ථය පොත් කියවීමේ අත්දැකීමට අලුත් අන්තර්ක්‍රියාකාරී මානයක් එක් කරනවා…” – ප්‍රදීප් ගමගේ

“මම සාධාරණ ව්‍යාපාරික පිළිවෙත් ගැන දැඩි විශ්වාසයක් තබනවා…” කාංචනා ප්‍රියකාන්ත.

අද අපට හමුවන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාන්තාවක්. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, පසුව ග්‍රන්ථ ප්‍රකාශනය සහ ලිවීමට තමා තුළ ඇති ආශාව අනාවරණය කරගත්තාය. කාංචනා ප්‍රියකාන්ත යනු ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලයේ සිල්ලර පොත්හල්වලින් එකක් වන KBOOKS සහ, ඊ-පොත් සහ ශ්‍රව්‍යපොත් (audiobooks) යන දෙකම ලබා දෙන KReader.lk නැමැති ඩිජිටල් කියවීමේ වේදිකාවේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියාය. Continue reading “මම සාධාරණ ව්‍යාපාරික පිළිවෙත් ගැන දැඩි විශ්වාසයක් තබනවා…” කාංචනා ප්‍රියකාන්ත.

අන්ධභාවී සුරුට්ටුවක ධූම ආනන්දය

කවදා කොහේ කොතැන සිදු වනවා දැයි නොදන්නා මෙම කතාන්දර මට මා කුඩා කල කිය වූ ප්‍රංස, රුසියානු කෙටිකතා සිහිගන්වයි. එහි අදහස ඈ ප්‍රංස රුසියානු ආරකින් කෙටිකතා ලියනා තැනැත්තියක යන්න නොව, එම කෙටි කතා තුළ යම් යම් ප්‍රංස රුසියානු කෙටිකතාවන්හී ලක්ෂණීය ගුණය දැකිය හැකි බව ය. නූතන කෙටි කතාවේ පීතෲවරුන්ගෙන් එක් අයෙක් යැයි සැළකෙන ගයිද මෝපසානුන්ගේ දියමන්ති මාලය දෙසට මදකට නෙත් හරවා බලන්න. Continue reading අන්ධභාවී සුරුට්ටුවක ධූම ආනන්දය

සිසිර ගීතය නවකතාව කියවමු.

රෝහන කලුආරච්චි පරිවර්තනය කළ ප්‍රමුදිත් ඩී. රූපසිංහගේ ‘සිසිර ගීතය‘ (Bayan) නවකතාව වූකලී සෝවියට් පාලනය බිඳවැටීමෙන් පසු යුක්රේනයේ සිදුවූ සමාජ-ආර්ථික හා දේශපාලන විපර්යාසයට සෝවියට් ක්‍රමය යටතේ වියපත්වෙමින් සිටි පරපුර මුහුණ දුන් ආකාරය පිලිබඳ පුළුල් චිත්‍රයකි. පහත දැක්වෙන්නේ ‘සිසිර ගීතය‘ නවකතාවෙන් තෝරාගත් කොටසකි. Continue reading සිසිර ගීතය නවකතාව කියවමු.

යූරි ගගාරින්ගේ ලංකා සංචාරයේ මුද්දර මතක මංපෙත

රත්මලාන ගුවන් හමුදා පරිශ්‍රයට පැමිණි යුරි ගගාරින් සහ ඔහුගේ බිරිඳ වැලන්ටිනා මහත් හරසරින් පිළිගෙන රිය පෙරහරකින් කොළඹට රැගෙන ආහ. සංචාරයේදී දේශපාලන ප්‍රභූ නියෝජිතයින්ගේ සිට කම්කරුවන් හා ගොවීන් දක්වා සියළු ජනයා ඔවුන්ව සාදරයෙන් පිළිගත්හ. Continue reading යූරි ගගාරින්ගේ ලංකා සංචාරයේ මුද්දර මතක මංපෙත

18% පොත් බද්ද ගැන ජාත්‍යන්තර අප්‍රසාදය.

ශ්‍රී ලංකාවට ආනයනය කරන පොත් සඳහා 18%ක තීරු බදු පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සහ ජාත්‍යන්තර පොත් අලෙවිකරුවන්ගේ සම්මේලනය (EIBF) සහ ජාත්‍යන්තර ප්‍රකාශකයන්ගේ සංගමය (IPA) සිය කනස්සල්ල පළ කර තිබේ. ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන දෙපාර්ශවයටම ලිපියක් යවමින්, මෙම ප්‍රතිපත්තිය ෆ්ලොරන්ස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ කැපවීම්වලට පටහැනි විය හැකි බවට ඔවුන්ගේ විශ්වාසය ප්‍රකාශ කරන අතර බදු වැඩි කිරීම නැවත සලකා බලන ලෙස … Continue reading 18% පොත් බද්ද ගැන ජාත්‍යන්තර අප්‍රසාදය.

මුළා මංසල නවකතාව කියවමු.

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කේරළ ලේඛිකා දීපා අනප්පරාගේ ‘මුළා මංසල‘ (Djinn Patrol on the Purple Line) නවකතාව දිගහැරෙන්නේ දින්දියාවේ පැල්පත් ජනාවාසයක වෙසෙන කුඩා පිරිමි ළමයකුගේ දෘෂ්ටිකෝණයෙනි. පහත දැක්වෙන්නේ ‘මුළා මංසල‘ නවකතාවෙන් තෝරාගත් කොටසකි. මුළා මංසල සුභාවි ප්‍රකාශනයකි. ‘භූතයෙක් බහදූර්ව ගෙනිච්චා වෙන්න බැරිද?’ මං අහනවා. ‘නරක භූතයෝ ඉන්නව,’ මාමා කියනවා, ‘උන් ඔයාගේ ආත්මයට රිංගාවි. උන් ළමයි අරන් යන්නේ බොහොම කලාතුරකින්. ඇත්තටම, ඒ වගේ වැඩකට උන්ට චෝදනා කරන්න … Continue reading මුළා මංසල නවකතාව කියවමු.

ලොතරැයිය සහ තවත් කෙටිකතා – නූතන විශ්ව සාහිත්‍යයට එබී බැලීමක්… 

“ඇගේ නවාතැන පුරවා දමන්නට සමත් බුෆේ එකක් සහිත මේසයේ එකිනෙකාට මුහුණලා අපි වාඩිවීමු. ඇය මෙතනට පැමිණියායින් පසුව මෙහි පැමිණි පළමු වතාවේ ඇය පැවසූ දෙයක් මට මතක් විය. “මම ලොකු මේසයක් ගෙනාවා. අඩු ගාණේ දහදෙනෙක්ටවත් ඒකෙ වාඩිවෙන්න පුළුවන්!” එක්වරක් නොව, වසර හයක් පුරාවටම ඇය එය පැවසුවාය.“  Continue reading ලොතරැයිය සහ තවත් කෙටිකතා – නූතන විශ්ව සාහිත්‍යයට එබී බැලීමක්… 

අරීෆා ටේසිංගේ The Witch in the Peepul Tree (බෝ ගසේ මායාකාරිය) නවකතාව The Asian Review මගින් 2023 දෙසැම්බර් මාසයේ නවකතාව ලෙස තෝරාගනු ලැබ ඇත

1950 මකර සංක්‍රාන්ති දිනයේ, දහසය වියැති සානාෂ්ගේ මළසිරුර උදායිපූර්හි බෝරාවාඩියේ පිහිටි ඇගේ පියා වන ඩඩාබායිගේ නිවසින් සොයාගනු ලබයි. එදා ඒ නිවස තුළත් ඒ අවටත් සිටියවුන් අතර කුරිරු ඉඩම් හිමියකු වන සිංහගර්හි රාඕ සාහිබ්ද, ප්‍රසිද්ධ අවලමකු වන හරිහරන්ද, කොටි දඩයමක් ගැන ඩඩාබායිට දැනුම් දීමට දුර ඈත ගෝත්‍රික ගමක සිට පැමිණෙන තරුණ භිල් නාතුද‍, ආකර්ශණීය කසල ශෝධකයකු වන පරිජාත්ද, නවගුණ වැල ගණිමින් බෝ ගසේ ජීවමානව වෙසෙන මායාකාරිය ජීව්තී දක්කන් සිය රහස් සහායිකාව වේවායි ප්‍රාර්ථනා කරන කටසැර කණවැන්දුමිය සුග්රාද වෙයි. Continue reading අරීෆා ටේසිංගේ The Witch in the Peepul Tree (බෝ ගසේ මායාකාරිය) නවකතාව The Asian Review මගින් 2023 දෙසැම්බර් මාසයේ නවකතාව ලෙස තෝරාගනු ලැබ ඇත

සති පූජා

” සුඛ විහාරි “කාව්‍ය එකතුව – ලාලනී සතරසිංහ. දරුද නොදරුවන් කලඅහස ඉම සැඟව ගියහිමියනි ,නොපැන්නද දර සෑයටකරනු වස් සති පූජා සෑයේ ගිනිදැල්ළමැදේ අසුරාළයේ ගිනිකඳුලොවෙන් මුදවානොහෙළාම නෙත කඳුළුහෙළාගත රන් ඩාබිඳුරැක බලාගත් කුරුලු පැටවුන්දුටුවේද හිමියනේලැගුම්ගත් අපූරුවඋන්ම තනාගත් විජිතවල ඉදින් මෙහෙවර නිමයිසැබෑ සති පූජාවද එයමැයිතනිව අත්තෙහි හිඳගයන්නෙමි – ගයන්නෙමිවිරහ ගීයක් නොවේඋදාන ගීයයි මේකුරවි කිරිල්ලියගේ Continue reading සති පූජා

තුවක්කු වෙඩි උණ්ඩ වෙනුවට ආදරයේ දේශපාලනය

අපි අරගලවලින් බැට කෑ මිනිස්සු . අවස්ථා දෙකක දී තුවක්කු අතට අරන් පරාද වුණු මිනිස්සු . අවුරුදු තිහකට ආසන්න කාලයක් දෙපිළකට බෙදිල මරාගෙන ඒ අමිහිරි මතක තුවාල පෑරි පෑරී මැරි මැරී ඉපදෙන මිනිස්සු . මේ අරගලවලට ඍජුව සම්බන්ධ වුණු වගේම බාහිර නිරීක්ෂකයන් විදියට හිටපු ඒ වගේ ම මේ ගැන ඇහුම් මාත්‍රයක් විතරක් තියෙන බොහෝ විවිධ අත්දැකීම් තියෙන පරම්පරා ගනණාවක් මේ මොහොතෙ මේ සමාජයෙ ඉන්නවා. ඒ ඔක්කොමටත් වැඩිය ඒ අරගලවලට හේතු සාධකවුණු සංස්කෘතික සමාජීය ආර්ථික මූලයන් තවදුරටත් නොනැසී මේ සමාජ ව්‍යුහය තුළ ඊටත් වඩා සිය දහස් ගුණයකින් වර්ධනය වෙමින් තියෙනවා . ඉතිං අපේ ඊළඟ අරගලය කෙසේ විය යුතු ද? ආයෙමත් ආයුධ අතට අරන් පරදිමු ද? මේ සමාජය වෙනස්කිරීමේ හීනය දිනන්නෙ කොහොම ද?  Continue reading තුවක්කු වෙඩි උණ්ඩ වෙනුවට ආදරයේ දේශපාලනය