නොබෙල් ත්‍යාගලාභී ඔල්ගා තොකර්චුක්ගේද සහභාගිත්වය සමඟින් 2025 ආසියානු සාහිත්‍ය උළෙලේ ගම්පහ අදියර මේ දෙසැම්බරයේ.

ශ්‍රී ලංකාවේ සාහිත්‍ය භූ දර්ශනය සඳහා වැදගත් පියවරක් නියෝජනය කරන ආසියානු සාහිත්‍ය උළෙල, විශ්ව සාහිත්‍යය සඳහා සහභාගිත්වය සුඛෝපභෝගී වරප්‍රසාදයකින් පොදු අයිතියට පරිවර්තනය කරනු ඇත. සෑම සියලු සහභාගී වන්නෙක් සඳහාම සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රවේශය ලබාදෙන මෙම සාහිත්‍ය උළෙල, ගම්පහ නගරයේදී පැවැත්වෙනු ඇත. Continue reading නොබෙල් ත්‍යාගලාභී ඔල්ගා තොකර්චුක්ගේද සහභාගිත්වය සමඟින් 2025 ආසියානු සාහිත්‍ය උළෙලේ ගම්පහ අදියර මේ දෙසැම්බරයේ.

“මුලින් මම බය වුණා මේ මාතෘකාව මොන විදියට පාඨකයා භාරගනීද කියල” – සඳරැසී සුදුසිංහ.

දෛනික ජීවිතය ගෙවුණේ සමහර සතිඅන්ත යාපනයට යමින් තොරතුරු සොයමින් අදාළ පුද්ගලයන් විමසමින් ගෙවිල ගියා. හැබැයි හැම රැයක්ම ගෙවල දැම්මේ මේ සඳහා තොරතුරු හොයන්න වෙහෙසෙමින් හා නිර්මාණකරණයේ යෙදෙමින්. සමහරවිට මම පාන්දර හතර පහ වෙනතුරු කියෙව්වා, වැඩ කරා. විදේශයන්හි ජීවත්වන ඇතැම් පුද්ගලයන් හා සම්බන්ධ වෙමින් තොරතුරු විමසමින් සමහර රාත්‍රීන් නිදිවර්ජිතව ඉන්න වුණා. Continue reading “මුලින් මම බය වුණා මේ මාතෘකාව මොන විදියට පාඨකයා භාරගනීද කියල” – සඳරැසී සුදුසිංහ.

“මාඕගේ දේශපාලන විප්ලවය තරම්ම ඉන්ටර්නෙට් විප්ලවයත් චීනයට බලපෑවා” – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

මා මුලින් මා ඕ සේතුංගේ දේශපාලන විප්ලවයත්, ජැක්මා හා සමානව නැගී එමින් සිටි තරුණ ව්‍යවසායකයින්ගේ ඉන්ටනෙට් විප්ලවයත් චීනයට ලබා දුන් වෙනස්ම මුහුණුවරත්, ඒ තුළ පෙරළියකට ලක් වූ සමාජ විපර්යාසයත් මෙතනදී මට මහත් හැඟීමක් ලබා දුන්නා. අනිත් අතට ශ්‍රී ලංකාව තුළ පවා ඇති වී තිබෙන අන්තර්ජාල භාවිතාව හමුවේ මේ කෘතිය කිසියම් විදියක මාර්ගෝපදේශකත්වයක් මෙරට පාඨකයින්ට ලබා දේවි යැයි මට සිතුණා. Continue reading “මාඕගේ දේශපාලන විප්ලවය තරම්ම ඉන්ටර්නෙට් විප්ලවයත් චීනයට බලපෑවා” – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

“මට සල්ලි තිබුණා නම් ‘මකරානන්දය’ ටෙලි නාට්‍යයකට නඟනවා” – විරාජිනී තෙන්නකෝන්

මගේ අතින් ලියැවෙන නිර්මාණවලදී වගේම මම කියවන්නට කැමති සාහිත්‍යමය නිර්මාණ තෝරා ගැනීමේදීත් මම වඩාත් සැලකිලිමත් වන්නේ සම්පූර්ණ නිර්මාණයම එක මිටට ගත් විට එහි ඇති නෑඹුල් අපූර්වත්වයේ ගිනිකණ වැටෙනසුලු බවටම පමණයි. Continue reading “මට සල්ලි තිබුණා නම් ‘මකරානන්දය’ ටෙලි නාට්‍යයකට නඟනවා” – විරාජිනී තෙන්නකෝන්

“අර්බුදය යට ගහලා, එහෙම එකක් නෑ වගේ ඉන්න පුළුවන්” – මොහාන් ධර්මරත්න

ලාංකික කෙටිකතාකරුවන්ගෙන් මම ප්‍රභාත් ජයසිංහගේ සහ නිශ්ශංක විජේමාන්නගේ ලිවීම්වලට වඩාත් කැමතියි. මේ දෙදෙනාගේ කතා කියවූ පසු මම හුඟක් දුරට කල්පනා කරන්න පෙළඹෙනවා. ඒ කල්පනාව ඇතුළේ ඒ කතාව අස්සෙ තියෙන මං කලින් නොහිතපු මගේ කතා ගොඩක් එළියට එනවා. Continue reading “අර්බුදය යට ගහලා, එහෙම එකක් නෑ වගේ ඉන්න පුළුවන්” – මොහාන් ධර්මරත්න

“මම හිතනවා ඒ අභියෝගෙ මම ජය ගත්ත කියල” – මලික් තුසිත ගුණරත්න.

පාඨක විශ්වාසය තමයි මූලිකම දේ. ඒ විශ්වාසය නොබිඳී තියෙන්න ඕනි. ඒ විශ්වාස පළුදු වුණොත් නිර්මාණය පමණක් නෙවෙයි, ඉදිරි නිර්මාණද සමහර විට ලේඛකයාද පාඨක ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙලා වෙනවා. ඒ වගේම අපි ලියන දේවල් තේමාත්මකව අලුත් විය යුතුයි. අලුත් හැඩයෙන් ලිවිය යුතුයි. හැකි අවස්ථාවල අලුත් තාක්ෂණයත් එකතු කර ගත යුතුයි. Continue reading “මම හිතනවා ඒ අභියෝගෙ මම ජය ගත්ත කියල” – මලික් තුසිත ගුණරත්න.

“හැම කාන්තාවකම තුළ ඉන්න ඒ ශක්තිමත් ගැහැනියට මම කේතකී නමින් පණ දුන්නා.” – ධනූ ජයසුන්දර

සමාජය තුල අපරාධකරුවෙක් බිහි වෙන්න අපිත් වක්‍රව හෝ දායක වෙලා තියෙනවා. අනික බොහෝ ගැටලු අවසන් වන්නේ කුමන හෝ අපරාධයකින්. මනුෂ්‍ය ඝාතන නොවන බොහෝ අපරාධ තියෙනවා. අනික් කාරණය රහස් පරික්ෂක ශානරය බොහෝ පිරිසක් කැමති ශානරයක්. ගැටලු කතා කිරීමට පහසු මාධ්‍යක්. Continue reading “හැම කාන්තාවකම තුළ ඉන්න ඒ ශක්තිමත් ගැහැනියට මම කේතකී නමින් පණ දුන්නා.” – ධනූ ජයසුන්දර

“මමත් මුහුණු පොතෙන් බිහිවුණ ලේඛකයෙක්” – රන්දික කඩවතආරච්චි.

අසූව අනූව දශක වල ජීවිතේ සුන්දරම ළමා කාලයක් විඳපු ඕනි කෙනෙක් දන්නවා ළමා ජීවිත වල තිබුණු ඒ සරල නිරාමිස සතුට. තාක්ෂණය අතින් දියුණු නොවුනත් මානව සම්බන්ධතා අතින් ඉතාමත් දියුණු කාලයක්. ගහ කොළ, සතා සීපාවා, ඇළ දොළ සමඟ දරුවන්ගේ ජීවිත ගෙවුනේ ඉතාමත් සුන්දර ලෙස. මමත් ඒ සුන්දර කාලය අඩුවක් නොමැතිව විඳපු කෙනෙක්. Continue reading “මමත් මුහුණු පොතෙන් බිහිවුණ ලේඛකයෙක්” – රන්දික කඩවතආරච්චි.

“නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන පැටලිලි සහගත මාවත් වගේ” – මොහාන් ධර්මරත්න

පිටු කීපයක් විතරක් කියවීමෙන් පස්සෙ මට තේරුණා දීපා අනප්පරා මේ නවකතාව කරලා තියෙන්නෙ අපි මෙතෙක් කල් සිංහලෙන් නොකියවූ අමුතුම ආඛ්‍යානික රටාවකින් බව. වැඩිහිටියන්ගේ ලෝකය කුඩා කොලුවකුට පෙනෙන හැටි තමයි මේ නවකතාවෙ තියෙන්නේ. වැඩිහිටියා වැඩිහිටි ලෝකය දිහා බලන්නේ රාමුවකට කොටුවෙලා, ඒත් ළමයෙකුට එහෙම රාමු හැදිලා නැහැ. ඔවුන්ට වැඩිහිටි ලෝකය ගැන තියෙන්නෙ වෙනම, නැවුම් අර්ථදැක්වීමක්. හුඟක් වෙලාවට වැඩිහිටියෝ හිතනවා තමන් කරන දේ ළමයින්ට තේරුම්ගන්න බෑ කියල. ළමයි තමුන් තරම් දන්නෙ නෑ කියලත් හිතනවා. ඒවා කොයිතරම් වැරදිද Continue reading “නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන පැටලිලි සහගත මාවත් වගේ” – මොහාන් ධර්මරත්න

“වෙනස හැඳින ගැනීම කාර්ය පහසු කළා” – ශාන්ති දිසානායක.

පුවත්පතකට ප්‍රසිද්ධියේ විදහා දක්වන අරමුණු හැර සැගවුණු න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ බව හෙළි කර ගන්නට හෝ එයට අනුගත වන්නට විශේෂ උත්සාහයක් දැරිය යුතු නැතත් අතුරේ ගමන් කරනවා වගේ, ඉතා පරිස්සමෙන් කටයුතු කරන්නටත් රචකයාට සිද්ධ වෙනවා.. පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එක් නොවි නිදහස් ලේඛකයකු ලෙස බාහිරව හිඳ ලියන්නට මම වඩාත් කැමති ඒ හේතු කාරණාත් එක්කයි. Continue reading “වෙනස හැඳින ගැනීම කාර්ය පහසු කළා” – ශාන්ති දිසානායක.

සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

ලංකා සාහිත්‍ය උළෙලට එන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණ එකතුවෙන් නිර්මාණය වෙන අපූරු අත්දැකීමක් රසවිඳින්න! පෙබරවාරි 8 සිට 12 දක්වා මහනුවරදී සහ කොළඹදී හමුවෙමු. Continue reading සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

“ආයාසයෙන් ලියන කවි මගෙ හිතට අල්ලන් නෑ” – මංජුලා පියුමාලි.

කවිවල ආකෘතිය කවියක අර්ථය ඔප් නැංවීම පිණිසම විය යුතුයි කියන එක විශ්වාස කරනවා. සමහර විරිත් තියෙනවා, කවියකට භාවයක් ලබා දෙන. ජීවයක් ලබාදෙන. ප්‍රවීණයෙක්ට ඒ කවියේ  පරමාර්ථය ඉස්මතු වෙන අන්දමට විරිතක් තෝර ගැනිම අපහසු නෑ. හැබැයි ආකෘතිය හෝ විරිත තුළ කවියා සිර නොවිය යුතුයි. අත්හදා බැලීම් කළ යුතුයි. කුමන ආකෘතියකින් හෝ පාඨකයාට වඩාත් හොඳ රසවින්දනයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒක තමයි ඒකට ගැළපෙනම ආකෘතිය. Continue reading “ආයාසයෙන් ලියන කවි මගෙ හිතට අල්ලන් නෑ” – මංජුලා පියුමාලි.

“දරුවන්ට කෑම කටක් නොදී අධිරාජ්‍යයාට බදු ගෙවන්න වුණු ගැහැනුන්ගෙ වේදනාව අදත් එහෙමමයි” – තරුරසී ප්‍රනාන්දු

එහෙම කතන්දර කියල දුන්නා කියල නම් මතකයක් නැහැ. හැබැයි අපේ ආච්චිල, සීයලා, මම්මල, අම්මල එයාලගෙ ජීවිත කතන්දර කියනවා අහන් ඉන්නවා. ඒවා ගොතපු කතා නෙවෙයි ඇත්ත කතා. ගමේ ආච්චිල සීයලට ඇහුම්කන් දෙන පුරුද්දක් මට තිබුණා. එයාලගෙන් මට ඇහුණෙත් ඇත්ත ජීවිත කතා. මට ගොඩක් කතන්දර ලැබුණා දහම් පාසලෙන්. දහම්පාසලේ ඒ කාලේ දැන් වගේ විෂය නිර්දේශ තිබුණෙ නැහැ. තරග විභාග තිබුණෙ නැහැ. දහම් පාසල හරිම නිදහස් සුන්දර තැනක්. Continue reading “දරුවන්ට කෑම කටක් නොදී අධිරාජ්‍යයාට බදු ගෙවන්න වුණු ගැහැනුන්ගෙ වේදනාව අදත් එහෙමමයි” – තරුරසී ප්‍රනාන්දු

“චතුරාර්ය සත්‍යය වෙනත් විදියකට පොත්වලටත් අදාළයි” – නිලූකා බ්‍රැන්ඩන්

ජීවිතේ විවිධ දේවල් හරහා යනකොට හිතෙනවා අපි ඇයි සිංහල ඉගෙන ගත්තේ. ඉංජිනියර් කෙනෙක් වෙන්න නම් මෙච්චර සිංහල ඉගෙන ගන්නෙ මොකටද වගේ දේවල්. හැබැයි ජීවිතේ අපි එක කාලෙකට ආවට පස්සේ හිතෙනවනේ මම මේ මොනවද හිතලා තියෙන මෝඩ දේවල් කියලා. මට මතකයි මමත් ප්‍රශ්න කරලා තියෙනවා අපි මොකටද සමාජ අධ්‍යයනය ඉගෙන ගත්තේ කියලා. දැන් මට අවුරුදු තිස් අටක්. දැන් මට හිතෙනවා අපි ඉගෙනගත්තු හැමදෙයක්ම එකට සම්බන්ධයි කියලා. කියවීම ජීවිතේදි ගත්තොත්, ජීවිතේට එන ප්‍රශ්න ගත්තොත්, අපිට ආපු ප්‍රශ්නම මීට අවුරුදු විස්සක තිහකට කලින් මේ පොත්වල හිටපු අයටත් ඇවිල්ලා තියෙනව වගේම ඒගොල්ලො ඒකට මේ විදියේ දේවල් කරලා තියෙනවා කියලා අපිට මතක් වෙනවා. Continue reading “චතුරාර්ය සත්‍යය වෙනත් විදියකට පොත්වලටත් අදාළයි” – නිලූකා බ්‍රැන්ඩන්

“මට ගෙවල් කියවන පුරුද්දක් තියෙනවා” – චතුරි දමයන්ති

ඇත්තටම මට අමුතු පුරුද්දක් තිබුණා. මම බස්එකේ යද්දි, ගමන් යද්දි හුඟක් වෙලාවට ගෙවල් කියවනවා. ගෙයක් දැක්කහම ඒ ගේ ගැන මගේ ඇතුළෙ කතාවක් මැවෙනවා. මේ ගේ ඇතුළෙ මොනවගේ දේවල් වෙනවා ඇද්ද කියලා. විශේෂයෙන් පාන්දර කොළඹ යද්දි, සමහර ගෙවල්වල ලයිට් දාලා තියෙනවා එක කාමරේක. මම හිතනවා ආහ් මේ කුස්සිය වෙන්නැති. එහෙම මම ඒකට අදාළ කතාවක් පරිකල්පනය කරනවා. බස් එකේ යන වෙලාවක නින්ද ගියේ නැත්නම් මම කරන්නේ ඒක තමයි. Continue reading “මට ගෙවල් කියවන පුරුද්දක් තියෙනවා” – චතුරි දමයන්ති

“මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ ප්‍රබන්ධ ලෝකෙ ඉන්න වෙලාවට” – ශමෙල් ජයකොඩි

දැන් හිතන්න ප්‍රංශ පෙම්වතා පොතේ මාලක ගත්තොත්, මාලක පැරීසියේ ඉඳලා ඉගෙනගන්න යන්න තියෙනකොට මොනවගේ ප්‍රශ්නද එයාට එන්නේ. කොච්චර සීතලත් දැනෙනවද, බස් එක ගන්න කොච්චර දුර ඇවිදගෙන යන්න ඕනද. කෝච්චියෙ නැග්ගම බහින තැන හොයාගන්න එක කොච්චර අපහසු වැඩක්ද, ඔය විදියට චරිතෙ තුළ ජීවත් වෙනකොට මට දැනෙන දේ මම ලියනවා හැබැයි ලියන්නෙත් අවශ්‍යම දේ. ඒ වගේම තව මම කරන දෙයක් තමයි, ඒ චරිත එක තැනක වාඩිකරවලා එයාලට කතාකරන්න ඉඩ අරිනවා. Continue reading “මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ ප්‍රබන්ධ ලෝකෙ ඉන්න වෙලාවට” – ශමෙල් ජයකොඩි

“ආවර්ධිත යථාර්ථය පොත් කියවීමේ අත්දැකීමට අලුත් අන්තර්ක්‍රියාකාරී මානයක් එක් කරනවා…” – ප්‍රදීප් ගමගේ

අද අපට හමුවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන අතර, ඔහු තම තොරතුරු තාක්‍ෂණය පිළිබඳ දැනුම ග්‍රන්ථ ප්‍රකාශනය සමඟ ඒකාබද්ධ කර ග්‍රන්ථ ප්‍රකාශනය සහ කියවීම නව තලයකට ගෙන ගියේය. ප්‍රදීප් ගමගේ යනු ගැඹුරින් මුල් බැසගත් සාහිත්‍ය සම්භවයකින් පැවත එන වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකි. ඔහු ‘මෙටාරීඩ්ස්’ හි සම-නිර්මාතෘවරයා වන අතර ‘ගුඩ්රීඩ්ස් ලංකා’ හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියාද වේ. Continue reading “ආවර්ධිත යථාර්ථය පොත් කියවීමේ අත්දැකීමට අලුත් අන්තර්ක්‍රියාකාරී මානයක් එක් කරනවා…” – ප්‍රදීප් ගමගේ

“මම සාධාරණ ව්‍යාපාරික පිළිවෙත් ගැන දැඩි විශ්වාසයක් තබනවා…” කාංචනා ප්‍රියකාන්ත.

අද අපට හමුවන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාන්තාවක්. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, පසුව ග්‍රන්ථ ප්‍රකාශනය සහ ලිවීමට තමා තුළ ඇති ආශාව අනාවරණය කරගත්තාය. කාංචනා ප්‍රියකාන්ත යනු ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලයේ සිල්ලර පොත්හල්වලින් එකක් වන KBOOKS සහ, ඊ-පොත් සහ ශ්‍රව්‍යපොත් (audiobooks) යන දෙකම ලබා දෙන KReader.lk නැමැති ඩිජිටල් කියවීමේ වේදිකාවේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියාය. Continue reading “මම සාධාරණ ව්‍යාපාරික පිළිවෙත් ගැන දැඩි විශ්වාසයක් තබනවා…” කාංචනා ප්‍රියකාන්ත.

“පළවෙනි නවකතාව ලිව්වට පස්සෙ මාව ගෙදරින් පැන්නුවා” – චාරු නිවේදිතා

වාසනාවට මේ කාලේ ද්‍රවිඩියානු ව්‍යාපාරය හරහා පුස්තකාල, කියවීම් ශාලා ආදිය බහුල වුණා. අපේ ගමෙත් කියවීම්හල් හතරක් පහක් වගේම රජයේ පුස්තකාලයකුත් බිහිවුණා. පොත්වලින් පිරුණු ඒවා මාව ප්‍රබන්ධ ලෝකය තුළට ඇදගත්තා. Continue reading “පළවෙනි නවකතාව ලිව්වට පස්සෙ මාව ගෙදරින් පැන්නුවා” – චාරු නිවේදිතා

“මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි,” මොහාන් රාජ් මඩවල.

“මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි. එක කොටසක් මොහාන් රාජ් මඩවලට වෛර කරන මොහාන් රාජ් මඩවල පෙන්නන්න බැරි කොටස. අනිත් කොටස මොහාන් රාජ් මඩවල වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති, ඩයි හාර්ඩ් ෆෑන්ස්ලා කොටස”  Continue reading “මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි,” මොහාන් රාජ් මඩවල.

කෙනෙකුට දරාගත නොහැකි කියවීමේ අත්දැකීම් තියෙනවා – අනුක් අරුද්ප්‍රගාසම්

2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රගාසම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචර්ය උපාධිය ලබා ඇති අනුක් ඉන්දියාවේ සහ ලංකාවේ වරින්වර ජීවත් වෙයි. මෙයට පෙර ඔහු විසින් රචිත The Story of a Brief Marriage නවකතාවට 2017 DSC Prize for South Asian Literature සම්මානය … Continue reading කෙනෙකුට දරාගත නොහැකි කියවීමේ අත්දැකීම් තියෙනවා – අනුක් අරුද්ප්‍රගාසම්

ලියන හැම එකම මුද්‍රණය කරන්න අවශ්‍ය නැහැ – ශෙහාන් කරුණාතිලක

පසුගිය සමය ලාංකීය ලේඛක ලේඛිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් ලබාදුන් කාලයක් බවට පත් විය. 2021 වසරේදි අනුක් අරුද්ප්‍රගාසම් බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වීමෙන් පසුව 2022 වසරේදී පිට පිට දෙවන වතාවට තවත් ශ්‍රී ලාංකිකයෙකු බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වීම ලාංකීය සාහිත්‍යය කලාවට ලැබුණු මහත් උත්තේජනයකි. Continue reading ලියන හැම එකම මුද්‍රණය කරන්න අවශ්‍ය නැහැ – ශෙහාන් කරුණාතිලක