අඩක් මේරුව ගැබක්

නෝරි ගමගේ ලියූ කවි කියවන්න ලැබෙන්නේ වසර ගණනාවක සිට ය. එකල සිට මේ වෙනකම් ඒ කවිකම් අපට ළඟය, ළෙංගතු ය, ළබැඳි ය, හුරු පුරුදු ය. සෑම මසකම ලන්ඩන් කවි සඟරාවේ පළ වන ඇගේ කවිය නිරන්තරයෙන් අපේ හදවත වෙලා ගනී. විටක එය ගැහැණු කඳුළක පැහැ ගනී, විටෙක දරු වියොවෙන් කකියන මව්වත් හදවතක හැඩ ගනී, විටෙක ඒ කවි සමාජයේ දකින විඳින අනේක කම්කටොළු රැඳි හිත් කෙරෙහි සහවේදනයෙන් පැතිරෙන මානුෂීය ගුණ සුවඳ විහිදේ. සෞම්‍ය, ළගන්නා සුළු වචන තාලයකට කියැවෙද්දී හද බසෙහි රිද්මය දැනේ. Continue reading අඩක් මේරුව ගැබක්

ළසෝ දියවෙන භුමිය

චේරන්ගේ කවිවලින් මතුවන සහෝදර ජනයාගේ අහිමිවීම විදහා දක්වන ‘ළසෝ දියවෙන භුමිය‘ නැමැති චේරන්ගේ තෝරාගත් කවි ඇතුළත් කෘතිය මෙවැනි යුගයක සිංහලට පරිවර්තනය කරමින් සංජුලා පිටර්ස් ගත් උත්සාහය අප අගය කලයුතු වන්නේ ඇයිද යන්නත් විමසා බැලිය යුත්තක්. දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රචණ්ඩකාරී ලෙස පැතිර ගිය සමයක හැදී වැඩුණු චේරන්ගේ කාව්‍යකරණය වඩාත් මුවහත් වන්නේ එවකට පැවති ආණ්ඩුව යාපනය පුස්තකාලය ගිනි තැබීමත් සමඟමයි. Continue reading ළසෝ දියවෙන භුමිය

වන්නි හත්පත්තුව වෙනස් කළ රේල්පාර

වන්නිකරය මැදින් උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා එවකට බාර වී තිබුණේ “ඩන්ස්ටන් මුලර්” ට යි. උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා වන්නියේ ජනතාව කම්කරුවන් ලෙස බඳවා ගැනීමත් සමඟ කාලාන්තරයක් තිස්සේ ස්ථාපිතව පැවති විවිධ අදහස්, මතවාද හා සාම්ප්‍රදායන්ට එරෙහිව නව ධනවාදී සබඳතා බිහි කරමින් වන්නිකරයේ ජනතාවගේ ජන ජීවිතයේ සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් ඇති වූ බව දැකිය හැකිය. ධූමරථ මාර්ගය ඉදිකිරීම සමග යටත් විජිත ඒකාධිකාරයට නතුවී ශ්‍රම විභජනය සිදුවන බැවින් එවකට ගම් පාලනය කළ රදල පැලැන්තිය සතු බලය ක්‍රමිකව හීන වී යන ස්වභාවයක් ද හඳුනාගත හැකිය. Continue reading වන්නි හත්පත්තුව වෙනස් කළ රේල්පාර

කල්තියා දැනුම් දුන් මරණය “කරුමක්කාර” කතාවක්ද?

පාඨකයා සන්තියාගෝ නසාර්ට මියයාමට හේතුවූ කාරණය නිශ්චිත කරුණු ලෙස දැන ගන්නේ තුන්වන පරිච්ඡේදයේදීය. එය සිදුවන්නේ ඇන්ජෙලා විසින් තම කුමරි බඹසර සිදලූ පුද්ගලයා සන්තියාගෝ නසාර් බව පවුලේ සාමාජිකයන්ගේ තර්ජනය හමුවේ ප්‍රකාශ කිරීමෙනි. එතැන් පටන් දිගහැරෙන්නෙ පවුලේ ගෞරවය රැකගනු පිණිස ඇන්ජෙලාගේ වැඩිමහල් සහෝදරයන් වන පැබ්ලෝ සහ පේද්‍රෝ විකාරියෝ, සන්තියාගෝ නසාර්ව ඝාතනය කිරීමට තීරණය කිරීම, සූදානම් වීම, එය ප්‍රසිද්ධියට පත් කිරීම සහ එම අනාවැකි දක්වා තිබූ මරණය වලක්වාලීමට කිසිවෙකු සක්‍රීයව ඉදිරිපත් නොවීමේ තතුය. Continue reading කල්තියා දැනුම් දුන් මරණය “කරුමක්කාර” කතාවක්ද?

ඇස්බැන්දුම්!

සමාජ මාධ්‍ය තුළ ජය කෙහෙළි නංවමින් වෙනස්ම ආකාරයේ ජීවිතයක් මවා පෙන්වන්නන් මෙන්ම, සමාජයේ සෙලිබ්‍රිටි පන්නයේ ජීවිත ගත කරන, ඒවා නඩත්තු කරන්නට හෘද සාක්ෂියක් නොමැත්තන් සේ ක්‍රියා කරන මිනිසුන්ගේ අඳුරු ජීවිත කතාවන් මේ වන විට බොහෝ සමාජ මාධ්‍ය ලියවිලි ඔස්සේද, කලාකෘති ඔස්සේද නිතර කියවන්නට ලැබේ. එහෙත් අදටත් එවන් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් මතින් මධු බඳුන් පුරවාගෙන මත්ව, තමන්ගේ ජීවිතයේ පත් ඉරු කපා කොටා විනාශ කරගන්නාවූ පිරිස් හිඟ නැත. Continue reading ඇස්බැන්දුම්!

විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

විභූතිභූෂණ නවකතාව තුළ පෙන්වා දෙන කරුණ නම් ඉන්දියාවේ වන විනාශය නොහොත් වනාන්තර එළිපෙහෙළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීමක් සිදු නොවුණේ නම් ජනයාගේ නැසීයාම හෙවත් ගිරිධාරිලාල් වැනි අයට සියල්ල පසෙකලා සිය මූලික අවශ්‍යතා සපුරාලීම සෑම කාලයකටම පොදු න්‍යාය පත්‍රයක් වන බවයි. මානවකේන්ද්‍රීය පුද්ගල චින්තනය තුළ සොබා දහම සහ සතුන් මිනිසුන්ගෙන් දැඩි ලෙස වෙන් කරනු ලබන අතර මෙහිදී පුද්ගලයන් සොබා දහමේ විවිධත්වය තේරුම් ගන්නා ආකාරයක් දැකිය නොහැකිය. Continue reading විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

අතුරුදන් වූවන් සොයන ලූනා.

ඒ සෙවීම වදනින් වදන, ඡේදයෙන් ඡේදය, චැප්ටරයෙන් චැප්ටරය දිග හැරෙන්නේ අපූර්වත්වයකිනි. සන්දනා පොන්නම්බලම් ගැන අප තුළ ඇඳෙන චිත්ත රූප අප්‍රමාණය. ඊටත් වඩා ලූනා ඇගේ චාරිකාවේ ක්ෂිතිය තුළ අප රැගෙන යන්නේ ඇය මෙන්ම අවිනිශ්චිත හැඟීමක් තුල අප ද ගිල්වමිනි.
ඒ සාගාව හුදෙක් සෞන්දර්යාත්මක සැරියක් නොවේ. මිනිස් ජීවිත තුළ දරන්නට වන කම්පාවන්, අහිමිවීම්, යුද්ධය මෙන්ම අනෙකුත් යථාර්ථයන් යම් ශෝකී තානයකින් අපව බඳවයි. Continue reading අතුරුදන් වූවන් සොයන ලූනා.

භූගත ගංගාව

කපිල කුමාර කාලිංග විසින් යථා සිද්ධියට වඩා පරිකල්පනයට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය කරන ලද “අදිසි නදිය” නම් ප්‍රබන්ධයෙන් සමස්තයක් වශයෙන් සමාජ දේශපාලනික කතිකාවක් පාඨකයා ඉදිරියේ නිර්මාණය කරන ආකාරයක් දැකිය හැකිය. කල්පිත නගරයක නාමික අනන්‍යතාවයකින් තොරව ජීවත්වන ජනයා අත්විඳින්නා වූ දුෂ්කරතාවයන්ට එරෙහිව හඬක් නැගීමට පවා නොහැකි වී තිබෙන්නේ ද පවත්නා දේශපාලන බල අධිකාරිත්වය හේතුවෙනි. Continue reading භූගත ගංගාව

ජීවිතයට පාඩම් සියයක්

ෂර්මා මෙම පාඩම් ඉදිරිපත් කිරීමේදී ස්වකීය ජීවන අත්දැකීම් පවා එයට පාදක කරගනියි. ඔහු පවසන්නේ අපට මිනිසකු හඳට යැවීම පහසු බවත්, එහෙත් අලුත් අසල්වැසියෙකු හමුවීම සඳහා පාර මාරු වීම අපහසු බවත්ය. නූතනයේ අප අත්දකින ගැටලුවක් වන්නේ පුද්ගල හුදෙකලාව සහ දූරස්ථභාවයයි. ඩිජිටල් තාක්ෂණය දියුණුව පැවතියද, මානව සම්බන්ධතා දූරස්ථ වී ඇත. Continue reading ජීවිතයට පාඩම් සියයක්

වාලම්පුරි චිත්‍රපටය ඔස්සේ මතුවන සමාජ කාර්යභාරය

ඇතැම් කණ්ඩායම්වලට පවුල් වලට රටක් කියන්නෙත් වාලම්පුරියක් වගේ කියලා හිතෙන්න පුළුවන්. අතින් අත මාරුවුණ මේ වාලම්පුරි, පුරවැසියාට වාසිදායක ලෙස සහනදායක ලෙස කැරකෙන්නේ කවදාද කියලා මේ මහපොළොව මත බොහෝ දෙනා අදටත් බලා සිටිනවා. තමන්ගේ ශ්‍රමය, ධනය සතපහක් වැය නොකර අනුන්ගේ පහනෙන් එළිය බලන, වස්තු උපයන එකත් මාර කලාවක්. Continue reading වාලම්පුරි චිත්‍රපටය ඔස්සේ මතුවන සමාජ කාර්යභාරය

වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන ගනුදෙනුව කුමක්ද?

ප්‍රශ්නය ඇත්තේ වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන මෙම ගනුදෙනුව ලාංකේය කවීය තුළ පැළ කල හැකිද යන්නය. එය එසේ කල නොහැකිවේය යන්න මගේ පෞද්ගලික අදහසයි. වෙඩිවර්ධන උත්සාහ ගනිමින් සිටින්නේ ලාංකේය බොහෝමයක් කවීන්ගේ නිර්මාණ තුළ ඇති බංකොලොත්භාවයෙන් ගලවා කවිය එය නූතනත්වය තුළ ඔසවා තැබීමට බව ඇත්තකි. ඒ සඳහා බෝද්ලෙයා ලාංකේය පොළොව මත පැළකොට, ඔහුගේ ගැඹුරු චින්තනමය දැක්ම කවිය තුළ පිහිටුවා කරන ආත්මීය ප්‍රකාශණය ලාංකීය වල් වැදුණු පොළොව මතට ගෙන ඒමයි. Continue reading වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන ගනුදෙනුව කුමක්ද?

වික්ටර් සූරතිස්සගේ අතීතාවර්ජනය

බබා හේනයා නොහොත් වික්ටර් සූරියතිස්ස යනු තමාගේ ජීවිතය පිළිබඳව සමාජමය අවබෝධයක් සහිතව තම කුලයේ පීඩිතභාවය වෙනුවෙන් හෝ ඒ ක්‍රමයට එරෙහිව චින්තනමය අභියෝගයක් හෝ කළ අයකු නොවේ. කුලභේදය සහිත සමාජ විෂමතාවය තුළ අතීත මතකයන් පිළිබඳ ඔහු තුළ උපදින්නේ කළකිරීමකට වඩා, තමා සිතින් මකා දැමූ අතීතය පිළිබඳව මතකාවර්ජනයකි. Continue reading වික්ටර් සූරතිස්සගේ අතීතාවර්ජනය

පාරිශුද්ධත්වය හා පාපය: ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වය

මිනිත්තු එකොළහේ කතන්දරයෙහි එන මරියා වූ කලී ශුද්ධ වූ බයිබලයෙහි එන මරියා හෙවත් මාතෘත්වයේ සංකේතය වූ කන්‍යා මරියතුමියත්, යේසුස් වහන්සේගේ දෙපා කඳුළින් දොවා කෙස් වැටියෙන් පිස දැමූ බව කියැවෙන මරියා මග්දෙලේනා නම් වෛශ්‍යාවත් සංකේතවත් කරන්නාවූ “පාරිශුද්ධත්වය හා පාපය” යන ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වයෙන් ගොඩනැගුණු ගැහැනියකගේ නිරූපණයක් ලෙසද විචාරකයන් පෙන්වා දෙයි. Continue reading පාරිශුද්ධත්වය හා පාපය: ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වය

අද්භූත ආගන්තුකයා

සංසාරාරණ්‍යය අසබඩ කෘතිය ග්‍රාම ව්‍යුහවාදීව කියවිය යුතු විශ්ලේෂණාත්මක හරයක් සහිත නවකතාවකි. එනම් ගම ව්‍යුහ පද්ධතියක් වශයෙන් ගොඩනඟන ලද, ගොතන ලද ප්‍රබන්ධ පද්ධතියක් වටා ගමෙහි ඉතිහාසය, වර්තමානය, අනාගතය, පරිකල්පනය හෙවත් ගමක් යන ව්‍යුහය පවත්වා ගන්නා ආකාරය සංසාරාරණ්‍ය අසබඩ කෘතිය තුළින් හඳුනාගත හැකිය. Continue reading අද්භූත ආගන්තුකයා

ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පුරුෂයා ගන්නා අසාර්ථක උත්සාහය

ඉහළ මැද පන්තික තරුණියක වන අරුණි, ගැහැනියක හා පිරිමියකු අතර ශරීර දෙකක් එකතු වනවාට වඩා දෙයක් සොයයි. එනම්, ඉහළ මැදපාන්තික ගැහැනිය ආදරයේ භාෂාව තුළින් ආදරය කිරීමට සිතක් සොයා යන මොහොතක, ග්‍රාමීය පිරිමියා ආදරය තුළින් හඹා යන්නේ ස්ත්‍රී ශරීරයයි. මෙම විරුද්ධාභාසය හරහා ඇයගේ චරිතය වඩාත් අධිනිශ්චය වෙයි. Continue reading ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පුරුෂයා ගන්නා අසාර්ථක උත්සාහය

ජපන් හයිකු කවියේ දේශීය ආමන්ත්‍රණය; තුන්පෙති හතර පස් පෙති

කවියා ගිලිහුණු පියාපත පිළිබඳ සඳහන් කරන චිත්තරූපය, ස්පර්ශමය සංවේදනාවක් පාඨකයාට දනවයි. කවියා ‘අල්ලා බලන්න’ යැයි කරන යෝජනාව පාඨකයාට ‘පියාපත’ නමැති චිත්තරූපයේ ස්වභාවය සිහියට ගෙනෙයි. Continue reading ජපන් හයිකු කවියේ දේශීය ආමන්ත්‍රණය; තුන්පෙති හතර පස් පෙති

සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (IV කොටස)

හෙගල්ගේ සෞන්දර්යවාදය පිළිබඳ ගයෝජි මාකූස් වැනි ඇතැම් අර්ථකථකයින් ඔහු ‘කලාවේ මරණය’ හෝ ‘කලාවේ අවසානය’ හැඟවුම් කළ බවක් ඉන් පැවසෙන්නේ යැයි නොපිළිගනිති.
එය පිටු 1200 ක් පුරා දිවෙන හෙගල්ගේ සෞන්දර්යවිද්‍යාව කෘතියේ අද වඩාත් ජනප්‍රිය උධෘතය වී තිබේ. Continue reading සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (IV කොටස)

සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (III කොටස)

කලින් කල මෙරට බුද්ධි අම්බරයට නැඟුණු එම කතිකාවේදීන් තුළ පැවතුණු සාහිත්‍ය හා කලා අන්ධභාවය ද, සාහිත්‍යය හා කලාව සම්බන්ධයෙන් සිදු කළ ඔවුන්ගේ ගණන් බැලීම් හා සුහදශීලිත්වය පිණිස භාවිතා කළ ටැබ්ලොයිඩ් විචාර වැනි සංනිවේදන ප්‍රවර්ග තුළ නෛසර්ගිකව පැවතුණු දාර්ශනික හා සෞන්දර්යවේදී දරිද්‍රතාව ද මෙහි ලා සඳහන් කරනු මනා ය. Continue reading සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (III කොටස)

වේලුතා: අස්පර්ශනීය ප්‍රතාපයෙක්

1997 වර්ෂයේ බුකර් සාහිත්‍ය සම්මානය ලද රෝයිගේ කුළුඳුල් නවකතාව වන මෙය දැඩි සමාජ සම්මුතීන්, කුල පීඩනය සහ පවුල් පාවාදීම් මතින් ළමා අහිංසකත්වය බිඳ දැමූ රහෙල් සහ එස්තා යන නිවුන් දරුවන්ගේ ඛේදජනකය ඉරණම සොයායයි.  කතාව ආරම්භවන්නේ රහෙල් ඇගේ නිවුන් සහෝදරයා වන එස්තාගෙන් වසර ගණනාවක් වෙන්වීමෙන් පසු ඇගේ ළමා කාලය වූ අයෙමෙනම් වෙත නැවත පැමිණීමත් සමඟය. Continue reading වේලුතා: අස්පර්ශනීය ප්‍රතාපයෙක්

සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ  කලා විචාරය වෙත ආපසු යාම (II කොටස)

සමන් පුෂ්පකුමාර අතින් අභිනන්දනය කෙරෙන ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ හේගලියානු විශද වීම මඟින් සාහිත්‍යය හෝ කලාව හෝ සාක්ෂාත් කර ගන්නට නොහැකි එකක් බවට පත් කිරීමත්, නූතනවාදය ප්‍රතිගාමී එකක් – රෝග ලක්ෂණයක් – සංස්කෘතික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සැලකීමත් විවේචනයට ලක් කළ යුතු අතර, නූතනවාදී වියමන තව දුරටත් කලා වස්තුවක් නොවී පාරිභෝගික භාණ්ඩයක් වීමේ ඉරණම පිළිබඳ සංකල්පනය ගැන තව දුරටත් අර්චනවාදී නොවන විවේචනශීලී ආස්ථානයක් ගැනීම සිදු කළ යුතු වේ. Continue reading සමන් පුෂ්පකුමාරගේ “හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්” ඔස්සේ කලාව සහ  කලා විචාරය වෙත ආපසු යාම (II කොටස)

සෙදෝනා

“කොන්කරනව තරන් තවත් ලොකු පාරක් නැහැයි සෙදෝනා හිතුවා. කොන්කරලා, රොඩ්ඩක් වාගෙ අතුගාලා දාලා උන් එකතු වෙලා කනවා. බොනවා. කතා කරනවා. සෙදෝනා එළියේ. කුණු ගොඩේ නිල මැස්සෝ එක්ක.” Continue reading සෙදෝනා

පුරුෂමූල ආස්ථාන මත හෙලන මිටි පහරක්

කුරුල්ලාගේ පියාසැරිය බිරිඳගේ නිදහස සඳහා ඇති හදිසි අවශ්‍යතාවයට සමාන්තරය. ඇගේ ස්වාමිපුරුෂයා ඇයව කූඩුකර ගෘහාශ්‍රිත කිරීමට උත්සාහ දරන විට ඇයට ඉන් පළායාමක් නොමැත. ඒ සමගම ඈ සතු පියාසර කිරීමේ  සහජ ආශාව  ක්‍රමක්‍රමයෙන් වියැකී යනු ඇත. ඔහුගේ තේ වලට සකුරු එක්කර නියමිත වේලාවට විටමින් බෙහෙත් ලබාදීමෙන් ඔහුට ඇය නිතිපතා හා සදාකාලිකව සේවය කරනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. Continue reading පුරුෂමූල ආස්ථාන මත හෙලන මිටි පහරක්