කියවූවත් නැතත් කවියෝ කවි ලියති

භාෂාවේ වහලෙකු නොවී කවිය සමග කරන ගනුදෙනුව සොයාබලන්නේ නම් එය තව දුරටත් අපට වැදගත් වනු ඇත. කවි ලිවීම ම කවියා වධබන්ධනයකට ලක්කරන්නේ නම්, ඔහුට එලෙස වද දෙන්නේ කුමක්ද? ඒ නම් භාෂාවයි. කවි ලිවීමට පටන්ගත් සැනෙන් කවියා ඇතුළු වන්නේ ඉහත කී භාෂාව නැමැති වධකාගාරයටය.  Continue reading කියවූවත් නැතත් කවියෝ කවි ලියති

ස්වාධීනත්වය අහිමිවූ 19වැනි සියවසේ ඇමරිකානු ජීවිතය

ඔලෙන්ස්කා ලෙසින් බර්නි දසනායක සිංහලයට පරිවර්තනය කළ, 1921 වසරේ පුලිට්සර් සම්මානය දිනාගත් ඊඩිත් වෝර්ටන්ගේ The Age of Innocence කෘතිය, පිටු 430 පුරා, 19වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පැවති ආචීර්ණ කල්පික සම්ප්‍රදායික ජීවන රටාව, පන්ති භේදය, කුල භේදය, ධනවාදය, ස්ත්‍රීවාදය මෙන්ම සරල රේඛාවක ඈදෙන තුන්කොන් ප්‍රේමයක ත්‍රිකෝණික අංශවල සීරුමාරුව, ප්‍රේමයට ලබා දෙන නිර්වචනය මෙන් ම පරිත්‍යාගශීලී ප්‍රේමයේ වූ පරම පවිත්‍රත්වය උද්දීපනය කර පෙන්වන නිර්මාණයකි. Continue reading ස්වාධීනත්වය අහිමිවූ 19වැනි සියවසේ ඇමරිකානු ජීවිතය

ගිනි වැදුණු යාල්පානම් පියාපත්

යාපනය පුස්තකාලයට මෙම විනාශය උරුම වූයේ හුදු දේශපාලනික සහ වාර්ගික පළිගැනීමක් ලෙස නමුදු ඉන් සමස්ත ලාංකිකයන්ගේ ම දැනුම් පද්ධති එක ම මොහොතක, එක ම දවසක, එක ම ගින්නකින් විනාශ වූ බව කිවිඳිය පවසයි. ප‍්‍රාථමික ශ්‍රේණිවල දී හමු වූ සාමා, අමර, ඉතිහාස පොත්වල හමුවන කන්නගී, කෝවලන්, ජාතක පොතේ හමුවන සඳ කිඳුරා සහ සඳ කිඳුරිය පිළිබඳ සඳහන් සියලු පතපොත ක්ෂණයකින් දැවී අළු වූයේ වර්ගීකරණයකින් තොරව ය. Continue reading ගිනි වැදුණු යාල්පානම් පියාපත්

යථාර්ථයෙන් මායාවට අප කැඳවා යන දඩයක්කාරයා

මෙහිදී කතුවරයා ඉතිහාසය, බුදුදහම, කාලතරණය වැනි විෂය කරුණු තම කෙටිකතාවට පාදක කරගෙන තිබෙනවා. පෞද්ගලිකව කෙටිකතා සංග්‍රහයේ මා ඉතා ප්‍රිය කරන කෙටිකතාව වන්නේද මෙයයි. විශේෂයෙන් කතුවරයා අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ අන්තර්ගත ‘අරක සූත්‍රය’ යොදා ගනිමින් කරන විග්‍රහය අපූරුයි. නූතනයේ සාහිත්‍යකරණයේ නියැලෙන බොහෝ කෙටිකතාකරුවන් ත්‍රිපිටක ආභාසය ලැබීම සාධනීය ලක්ෂණයක්. Continue reading යථාර්ථයෙන් මායාවට අප කැඳවා යන දඩයක්කාරයා

අමුතු සන්ධ්‍යාවක, කඳුළු පනින කොමඩිය: ඩේවිඩ් ග්‍රොස්මන්ගෙන් හදවතට බර පාපොච්චාරණයක්!

මෙසේ මෙම අවුල් ජාලය කියවමින් සිටින පාඨක අපට, දොවාලේ ජීගේ කදුළු පනින කොමඩි නාටකය සැබවින්ම හදවතට බර පාපොච්ඡාරණයක් බව, ආත්මානුකම්පාවේ පසුතල චිත්‍රය, වේදිකාවේ එල්වූ සරදමක තිර රෙදි වලින් වසා ඉදිරිපත් කරනා දුක්ඛාලාපයක් බව ක්‍රමයෙන් පසක් වෙයි. Continue reading අමුතු සන්ධ්‍යාවක, කඳුළු පනින කොමඩිය: ඩේවිඩ් ග්‍රොස්මන්ගෙන් හදවතට බර පාපොච්චාරණයක්!

තිමිරෙන් එතෙර හිඳ අපට අඬගසන ටම්බා.

මිනිසා කෙතරම් ශිෂ්ටාචාරවත් යැයි පැවසුව ද, තවමත් ඉහළ අදෘශ්‍යමාන බල සහිත ජීවියෙකුට, යම් නීතියකට හෝ කිනම් හෝ හෙජමොනියකට නතු වී සීටිමේ කැමැත්ත කතාව පුරාම මතු කර පෙන්වයි. එය විටෙක කැලෑවෙ නීතිය හෝ බලසම්පන්න දෙවියන් වහන්සේ කෙනෙකු විය හැකි ය. Continue reading තිමිරෙන් එතෙර හිඳ අපට අඬගසන ටම්බා.

පෙනෙන සමාජ කලාපවල නොපෙනෙන නිරුවත හෙළි කරන ප්‍රබන්ධමය කැරලිකාරයා

මෙම නවකතාවේ ප්‍රධාන චරිතය තමයි ‘වෙස්ටන්’. හැබැයි නවකතාවේ කිසිම තැනක අපිට මේ චරිතය සජීවීව සම්මුඛ වෙන්නෙ නෑ. ප්‍රධාන චරිතය සෑම මොහොතකම ඉස්මතු වන්නේ සෙසු චරිත සිදු කරන විස්තර කිරීම්, දුරකථන ඇමතුම්, අතීතාවර්ජන සහ සංවාද මගින්. මෙහිදී ප්‍රධාන චරිතය වන වෙස්ටන් සෙසු චරිතවලට කරන බලපෑම ඉතාම දැඩියි. Continue reading පෙනෙන සමාජ කලාපවල නොපෙනෙන නිරුවත හෙළි කරන ප්‍රබන්ධමය කැරලිකාරයා

දිග්ගෙයි නටන මහගේලා.

දේවාල රාජකාරි, ඒවාට වෙන් වූ මිනිස්සුන්ගේ ජීවිත ගැන වගේ ම අදින් වසර ගණනකට පෙර සබරගමුව සමාජය හා සංස්කෘතිය ගැන කතාවක්. කතුවරයා සබරගමුවේ කෙනෙක්. එය එසේ වීම මේ පොතට ආලෝකයක් කියන්න පුළුවන්. ඒ භාග්‍යයත් එක්ක ඔහු ලියන මේ පොත ඉතා ම රසවත් මෙන් ම හරවත් එකක් වෙලා තියෙනවා. Continue reading දිග්ගෙයි නටන මහගේලා.

කොට තුවක්කු දල්වන යථාර්ථයේ ඕරාව

‘කොට තුවක්කු’ කියවිය යුතු නවකතාවක් බවට පත්වන්නේ එය බිහිව ඇති සන්දර්භය මගින් සාමාන්‍ය සිංහල නවකතාවක ඇති භාවාතිශය කියවීමකට වඩා වැඩි යමක් ලබා දෙන බැවිනි. විචාරක ටෙරී ඊගර්ටන් කියූ පරිදි  නූතන විචාර ක්‍රමය ඇතිවූයේ පරම වූ ස්ථාවරයකට එරෙහි අරගලයක් ලෙසින් වුවද පසුව ඔහු කියා සිටියේ විචාරය හා සාහිත්‍ය අද කර්මාන්තයක් වී ඇති බවයි. Continue reading කොට තුවක්කු දල්වන යථාර්ථයේ ඕරාව

“අපි හැමෝටම ඉන්නව කුලප්පුවෙන්න බලාගෙන ඉන්න හරකෙක්.”

කටුනායක වෙළෙඳ කලාපයේ රැකියාවට යාමට සැරසෙන සෝමේ තම වීරවරිය බවට පත් කරගන්නේ රන්මැණිකා නැන්දාය. සමූපකාරයේ රාත්තලේ පඩි බාගෙන් කළ වික්‍රමය ඊට හේතුවයි. එලෙස විකුමන් පෑ රන්මැණිකා බේකරි මුදලාලි ඉදිරියේ පරඩැල් පතක් බවට පත් වෙනවා. Continue reading “අපි හැමෝටම ඉන්නව කුලප්පුවෙන්න බලාගෙන ඉන්න හරකෙක්.”

“ඔහුගේ එක් දුබලකමකි – ඔහුට සිතන්නට පුළුවන…”

කවිය කලාත්මක ප්‍රකාශනයක් වුවද කෙනෙකුට සිය ආකල්ප හා මුහුවෙන චිත්ත ප්‍රවාහයන් බහාලන්නට සුදුසු ආත්මීය එළිදරව් ද මෙම නිර්මාණවල කැටි වෙයි. නොයෙක් සිත් රිදවුම් මගින් දැනෙනා ආතතීන් අවම කරගන්නට අපට මෙන් යුධ බිමක ක්ෂණික උපදේශන සේවා නොමැත. සතුරු ආක්‍රමණ පිළිබඳ නිරන්තර විමසිලිමත් බවින් යුතුව හද රිදුම් පිරිමැද ගැනීමද කළ යුත්තේ අතේ අවි දරන නිමේෂයන් තුළදීමය. Continue reading “ඔහුගේ එක් දුබලකමකි – ඔහුට සිතන්නට පුළුවන…”

මලින්, ගින්නෙන්, දියෙන් සහ කඳුළින් උපදින කාන්තාවෝ

තමන් ස්ත්‍රියක වීම නිසා විඳින්නට සිදු වන ඛේදනීය තත්වයන්ට යුවතියක් වශයෙන්ද, තෙරණියක් වශයෙන්ද ඇයට විඳින්නට සිදු වෙනවා. දියණියක වශයෙන් විඳින්නට සිදු වන ඛේදනීයම ඉරණමටත් ඇයට මුහුණ දීමට සිදු වෙනවා. නවකතාවේ ඇය මෙන්ම පාඨකයින්ද වඩාත් සංවේදීභාවයට පත් වන්නේ කිරි අම්මාගේ මරණයෙන්. කිසිවෙකුගේ සරණක් නොමැතිව හිඳි මොහොතේ තමන්ට පිහිට වූ පුද්ගලයාද තමාට අහිමි වීම සහ අතින් අතට හුවමාරු වීමත් සමග අවසානයේ ඇය ලොව්තුරු සුවය සොයමින් සසුන්ගත වෙනවා. නමුත් සංඝ සංස්ථාව තුළින්ද ඇයට අසාධාරණයක් සිදු වෙනවා. Continue reading මලින්, ගින්නෙන්, දියෙන් සහ කඳුළින් උපදින කාන්තාවෝ

“සරාජාත් බය ද මට ?”

විශාදය, මානසික අවපීඩනය ගැන කතා බහ අවශ්‍යම කාලයක රෝහල් ගත කළ පමණින් බෙහෙත් බිව්ව පමණින් මිනිසුන් සුවය ලබන්නේ නෑ. ඔවුන්ට ඔවුන් ජීවත්වෙන සමාජයෙන්, නිවසින් අප්‍රමාණ ආදරය කරුණාව සහ සහයෝගය අවශ්‍යයි. ඒ ප්‍රබල කාරණා මේ පොත තුළින් නැවත නැවතත් මතක් කරනවා. මහා රික්තක එක්ක ජීවිතේ බිඳ වැටෙද්දී ඒවා විසඳා ගන්නේ කොහොමද කියන කුතුහලය දනවන ප්‍රශ්නයට උත්තර දැන බලා ගැනීම මේ පොත මතුවට කියවන අය වෙත ඉතිරි කරන්නවා. Continue reading “සරාජාත් බය ද මට ?”

පශ්චාත් යථාර්ථවාදී ප්‍රවේශයක්: හොර පොල්කිච්චා

යථාර්ථය, ඉන් ඔබ්බට ගිය පශ්චාත් යථාර්ථවාදයක් ඔස්සේ මතු කරන්නට ඔහු උත්සහ දරනවා. හැබැයි ඔහුගේ පොත්වල අපි දකින මායා යථාර්ථවාදය සමස්ත පොදු කුලකයේ මායා යථාර්ථවාදි මෙන් ම අධියථාර්ථාදි පොත්වලින් වෙනස් වෙනවා. හොර පොල්කිච්චා අධියථාර්ථවාදය හා මායා යථාර්ථවාදය වෙනස් ලෙස යොදා ගත්ත පොතක්. Continue reading පශ්චාත් යථාර්ථවාදී ප්‍රවේශයක්: හොර පොල්කිච්චා

ආදරය හිටිවන කවියක් ද, නැතිනම් කල් ගෙන සෙමෙන් පබැඳූ පෙම් කවක් ද?

ප්‍රබන්ධයේ සිදුවන ලීලාගේ චරිතයේ මැදිහත් වීම, කතාංගය කුතුහලයෙන් තීව්‍ර කරවයි. ලීලාත් ගුණවතීත් එක ම තුලාවක හිඳුවා උතුම් ස්ත්‍රිය කවුරුන්දැයි පාඨකයාට වටහා ගැනීමට මෙන්, අගනා වූ සිද්ධි දාමයකින් ගුණවතීටත් ලීලාටත් කඩවතආරච්චි දමා ගසා ඇති සෙයකි. විටෙක ගුණවතීගේ පාර්ශවය බරින් වැඩි වන අතර, තවත් විටෙක ලීලාගේ පාර්ශවයත් බරින් වැඩි විය යුතු ය යන උභතෝකෝටිකයට පාඨකයා නතු වේ. Continue reading ආදරය හිටිවන කවියක් ද, නැතිනම් කල් ගෙන සෙමෙන් පබැඳූ පෙම් කවක් ද?

අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?

අපි එකිනෙකාට වෙනස් වූ අත් දැකීම් සහ විඳීම් සමුදායක් තියෙනවා. ඒවා අපි අපිට කැමැති ලෙස හෝ අපිව පුරුදු කළ ලෙස හෝ අපේ පැවැත්ම පිණිස අවශ්‍ය ලෙස අපි ඉදිරිපත් කරනවා. අන්න ඒ පොදු ධර්මතාවය වටහා ගෙන තමා මම අද මේ ගැන කතා කරන්නේ.  Continue reading අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?

හරුකි මුරකමි : පුද්ගල හුදෙකලාව සහ දූරස්ථභාවය

පුද්ගලයා හුදෙකලා වීමත් සමග ඔහු හා සමාජය අතර සම්බන්ධතා දුරස් වෙනවා. මෙම කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් කෙටිකතා 07 තුළින් ම මුරකමි අපට පවසන්න උත්සාහ කරන්නේ හුදෙකලාව පිරිමි ජීවිත කේන්ද්‍ර කරගැනීමේ විශේෂත්වය යි. ඒ අනුව ආදරයෙන් පැරදුණු වෛද්‍යවරු, ශිෂ්‍යයන්, රියැදුරන්, අනියම් විවාහක පෙම්වතුන්, නළුවන්, තැබෑරුම් හිමියන් සහ කෆ්කාගේ ග්‍රෙගෝර් සම්සා වැනි චරිතත් අපට හමුවෙනවා. Continue reading හරුකි මුරකමි : පුද්ගල හුදෙකලාව සහ දූරස්ථභාවය

වර්ණවතුන් අතර අවර්ණයා, ‘සුකුරු ටසාකි’

උසස් අධ්‍යාපනයට පිවිසෙනතුරු මේ අය හිටියේ එකට. හදිසියේ සුකුරු මේ පුරුකෙන් ගැළවෙනවා. නැත්නම් මිතුරු නඩය ඔහුව එක්වර ගලවලා විසිකරනවා. ඔහුට දරන්න අමාරුයි ඒක. ඔහු හුදකලා වෙනවා. කෙට්ටු වෙනවා. සාමාන්‍ය සමාජයේ විරහව විඳින අයට මානසිකව වගේම කායිකව වන බලපෑම සුකුරුටත් වෙනවා. Continue reading වර්ණවතුන් අතර අවර්ණයා, ‘සුකුරු ටසාකි’

ටෝරු වටනාබේගේ අතීතාවර්ජනය

කතුවරයා ආරම්භයේදීම අපට ලබා දෙන්නේ නවකතාවේ අවසානය පිළිබඳ ඉඟියක්ද? ජපානය හා සම්බන්ධ ආදර කතා ඛේදාන්තයකින් අවසන් වන බවට අප මනස තුළ තැන්පත්ව ඇති මතය මෙහිදී කරළියට පැමිණෙනවා. නමුත් කතුවරයා නවකතාව අවසන් කරන්නේ පාඨකයා බලාපොරොත්තු නොවන අවසානයකින්. Continue reading ටෝරු වටනාබේගේ අතීතාවර්ජනය

හරුකි මුරකමි: පරිපූර්ණත්වය යනු කුමක්ද?

ඇයට අවශ්‍යයි සැමියාගේ ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, අවධානය, ආරක්ෂාව. නමුත් ඇයට ඒ දේවල් අහිමියි. නැත්නම් සුළු හෝ අඩුවක් තිබෙනවා. ඇය සොයනවා ඒ හිඩැස මකන්න විදිහක්. එහි පළයක් විදිහට රාස්සයා පැමිණෙනවා. එතනදී ඇය බයයි රාස්සයා පිළිගන්න. ඇය දැඩිව ප්‍රතික්ෂේප කරනවා රාස්සයා. ඇය තම අත්වලින් කෘර අයුරින් මරා දමනවා රාස්සයාව. Continue reading හරුකි මුරකමි: පරිපූර්ණත්වය යනු කුමක්ද?

හජිමෙ නිරූපණය කරන්නේ ජපන් නිර්ව්‍යාජත්වයද?

මේ කතාව කියවීමේ ලොකුම සතුට යම් තරමකින් ජපානය අත්දැකීම. ආගන්තුක සංස්කෘතියක, පරිසරයක සරන්නට ඉඩ ලැබීම. ඒත් ඒ ආගන්තුක බව කතාවට බාධාවක් වෙන්නේ නැහැ. රසය නැති කරන්නෙත් නැහැ. මුරකමි ඒ සියල්ලටම වඩා ශක්තිමත් කතාවක් ගොඩනඟනවා. කතාව බලවත් වීම තුළ අනිත් නවකතා ශිල්පීය අංග නැත්නම් නවකතා මූලධර්ම අමතක වන බවක් ඉන් අදහස් වෙන්නෙ නැහැ. සියල්ල එකිනෙකට ගැළපී තිබෙනවා. Continue reading හජිමෙ නිරූපණය කරන්නේ ජපන් නිර්ව්‍යාජත්වයද?

ජීවිතයේ මහ වීදි දිගේ ගලන ‘අතුරු වීදියේ’ ආලෝකය.

දෛනිකව මේ දුකෙහිම ගැලී සිටින පාඨකයාට ඔහු හෝ ඇය කොහොමත් දන්නා දුක ඇහැටත් ඇන පෙන්වන, දුකට වේදනාවේ සෝස් දමා පාඨකයාට ඇඬෙන්නට දෙන පෞරාණික ආඛ්‍යානවලට එරෙහිව අතුරු වීදිය අශෝකස්ථම්භයක් සේ නැගී සිටියි. මේ පැරණි කතාව ඔහු අපට එවන්නේ හිච්චිගෙන් හෝ ආනන්ද අයියාගෙන් ගත් අළුත් පාර්සලයකය. ඒ පාර්සලය දිගහරින කළ විහිදෙන නැවුම් සුවඳ හිච්චිගේ අම්මා කෙහෙල් කොළයක ඔතා දුන් බත් එකක් තරම් සුවඳ බවද, බඩගිනි අවුළුවන බවද කිව යුතුය. Continue reading ජීවිතයේ මහ වීදි දිගේ ගලන ‘අතුරු වීදියේ’ ආලෝකය.