නුවරදි කටකාර අම්මණ්ඩියකගෙන් 71 කැරැල්ලේ විස්තර අහපු හැටි

සිම්පල් සයිමන්. විෂ්ණු තම ඔටෝබයෝග්‍රැපික නවකතාවට දෙන නමයි. ඕනෑම ඔටෝබයෝග්‍රැපියක් වගේ, සිම්පල් සයිමනුත් පටන් ගන්නේ ළමා කාලයෙන්. දශක ගණනක විචිත්‍ර ජීවිතයක ආරම්භයට පෙර, කාලයේ සහ අවකාශයේ ආරම්භක රේඛාව මත පාඨකයාව තියන්න විෂ්ණු පාවිච්චි කරන්නේ හරියටම වාක්‍ය හතරයි. Continue reading නුවරදි කටකාර අම්මණ්ඩියකගෙන් 71 කැරැල්ලේ විස්තර අහපු හැටි

මම ‘මුළා මංසලේ’

දැන් ‘මුළා මංසල’ ට යමු. මට එය හැඟෙන්නේ, කොටස් වශයෙනුත් (ඒ කොටස් පරිඡේද ලෙස හැඳින්විය හැකිද?) ඒ ඒ කොටස් තනිවමත් ගත හැකි කතන්දර මාලාවක පැහැදුල් මූර්තියකි. ඒ අතර සබැඳියාව , නොබිඳෙන, නොපෙනෙන සියුම් හුයකින් ඇමිණු දීපාගේ මැජික් යෂ්ටිය, මොහාන් අතට කෙසේ හෝ ලැබී ඇත. Continue reading මම ‘මුළා මංසලේ’

“සිම්පල් සයිමන්” නවකතාව කියවමු

දවසක් මහාරාජපුරම් සන්තානම් සර් ගුරුජී මුණගැහෙන්න පැමිණියා 1920 මැයි මාසයේ 20 වැනිදා උපත ලද මහාරාජපුරම සන්තානම්, දකුණු ඉන්දියාවේ විසූ, අති විශිෂ්ට කර්ණාටක ශෛලියේ ශාස්ත්‍රීය ගායකයෙක් ඔහු ඉන්දියානු රජය පිරිනමන පද්ම ශ්‍රී සම්මානයෙන් (1990) සහ මදුරාසි සංගීත ඇකඩමිය පිරිනමන සංගීත කලා නිධි සම්මානයෙන් (1989) පුද ලද, පූර්ණත්වයට පත් වූ සංගීතඥයෙක් ගුරුජී මගේ ලාංකේය සම්බන්ධකම ඔහුට දැන්වූ විට ඔහු මට වඩාත් ලෙන්ගතුව මේ කතාව කීවා. Continue reading “සිම්පල් සයිමන්” නවකතාව කියවමු

ගැටුම්වලින් ඔද්දල් වූ දේශයක ගැයෙන සෙත් කවියක් – “ජෙරුසලෙම් දූවරුනි”

ජීවිතේ වැඩි කාලයක් මට හමුවුණේම ගැහැනු සහ ගැහැනු ප්‍රශ්න මට තිබුනෙත් ගැහැනු ප්‍රශ්න. ගැහැනු පිරිමි කියල බෙදා වෙන්කර ඉරි ගැසූ ලෝකයක ඉඳලා, gender neutral ලෝකයක, ගැහැනු පිරිමි නෙමෙයි අපි සේරම මිනිස්සු, කියලා හිතන්න උගන්වන දේශයක ඉඳන් මං අද මේ කතාව කරන්නේ. එහෙම නොවන මගේ දේශය ගැන මට තියෙන අප්‍රමාණ දුකක් දැනෙනවා ඒ දුක මට මේ පොතේ අකුරු අතර හමුවෙනවා.  Continue reading ගැටුම්වලින් ඔද්දල් වූ දේශයක ගැයෙන සෙත් කවියක් – “ජෙරුසලෙම් දූවරුනි”

පාඨක මනස අවුල් කර – පසුව සියල්ල විසඳන, කේතකී වික්‍රමාරච්චි!

නවකතාව පුරාවට ම ප්‍රබලව දැකගත හැකි ධනූ ජයසුන්දරගේ රචනා උපක්‍රමය ලෙස ප්‍රබල අවස්ථා සිද්ධි නිරූපණය හා ආකර්ෂණීය පසුබිම් වර්ණනා හඳුනාගත හැකි ය. පළමු පරිච්ඡේදය තුළ සිට ම ලේඛිකාව එම උපක්‍රම යොදා ගෙන ඇති ආකාරය අගය කළ යුතු ය. Continue reading පාඨක මනස අවුල් කර – පසුව සියල්ල විසඳන, කේතකී වික්‍රමාරච්චි!

“ජෙරුසලෙම් දූවරුනි”… මේ සියලු දුක්ගැහැටෙන් හෝ නුඹේ භක්තිය ප්‍රහීනව නැතිද?

සෑම ආගමකටම නැතිනම් සෑම දර්ශනයකමට අයත් වන ඕනෑම අයෙකු තුළ දැන හෝ නොදැන පාරාදීසයක් සම්බන්ධයෙන් නොනිවෙන ෆැන්ටසියක් තිබේ. මෙම පාරාදීසය ඒදනයක්, දෙවිපියන්ගේ දිව්‍යමය රාජධානියක්, එලීසියානු බිමක්, යුතෝපියාවක්, රාම රාජ්‍යයක්, ඉකාරියාවක්, ඩයොනීසියාවක් නැතිනම් තමන්ගේම චිත්ත නිර්මිත දිව්‍ය බිමක් විය හැක. එය කෙසේ වුවත්, සෑම අයෙකුම කන්ද මුදුනට මහා ගල් කුළක් තල්ලු කරගෙන යන්නේ කඳු මුදුනෙන් එහා තිබෙනා බවට විශ්වාස කරනා පාරාදීසයක් බලාපොරොත්තුවෙන් නොවේද? Continue reading “ජෙරුසලෙම් දූවරුනි”… මේ සියලු දුක්ගැහැටෙන් හෝ නුඹේ භක්තිය ප්‍රහීනව නැතිද?

කැදැල්ලෙන් ලොවට හෙළන ශාන්තිමත් බැල්මක්

ඇය මිනිසාගේ රුදුරු බව සෘජුව කියන්නෙ නැහැ. නමුත් අඟවනවා. ඉන් කිසිවෙකුටත් හානියක් හෝ සිත් රිදීම් ඇති වන්නේ නැහැ. අමු අමුවේ ඇති සමාජ යථාර්ථය පත අට එකට හිඳ කියන්නට රුචි බව දැක ගන්න පුළුවන්. Continue reading කැදැල්ලෙන් ලොවට හෙළන ශාන්තිමත් බැල්මක්

පොඩි නළ ඉෂ්ක මිටා හේ… හේ… හෙවත් චිංචිං නෝනාගේ කතාව.

චිංචිං නෝනා වෙනස් ම දැරියක්. ඇය කියනා දේ නාහන දඩබ්බර චරිතයක්. ගස් නගින, අසත්‍ය පුවත් ගම පුරා පතුරුවන, තම සහෝදරයින්ට කුණුහරුප කියා දෙන, පාසල් යන්නට අකැමැති දැරියක්. සාම්ප්‍රදායික අධ්‍යාපන රාමුවට අනුව ඇය අදක්ෂ සිසුවියක්. ඇය ශිෂ්‍යත්ව විභාගය පවා අසමත් වූ සිසුවියක්. ඇය මුල සිට ම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය උපහාසයට ලක් කරන්නියක්. Continue reading පොඩි නළ ඉෂ්ක මිටා හේ… හේ… හෙවත් චිංචිං නෝනාගේ කතාව.

“දඩයක්කාරයකුගේ සටහන්” – ඉවාන් තුර්ගිනීෆ්

යෞවනයන්ගේ ස්වභාවය වන්නේ වැඩිහිටියන්ගේ මිථ්‍යා ඇදහිලිවලට සරදම් කිරීම ය. එහෙත් මේ ගැටවරයන්ගේ සිත් නිතර පෙලන්නේ අවතාර පිළිබඳ භීතියයි. වනගහනයේ අඳුර, වනසත්ව උවදුරු, අශ්වයන් එක ගැනීමේ අභියෝගය යන මේ සියල්ල සමග යව්වනත්වයට මුහුණ දෙන ඔවුහු නිරන්තරයෙන් බියට පත්වෙති. Continue reading “දඩයක්කාරයකුගේ සටහන්” – ඉවාන් තුර්ගිනීෆ්

සැබෑ ආදරය කුමක්දැයි ප්‍රශ්න කරන ‘සාෂා’

සාෂා ජීවිතයේ නිදහස සොයා යෑම, ළාබාල තරුණියක් ලෙස වෘත්තීය ජීවිතයේ ස්වාධීන වීම, බොහොමයක් ස්ත්‍රීන්ගේ පරම අපේක්ෂාව වන විවාහය දරුවන් සෑදීම වැනි දෑ ප්‍රතික්ෂේප කිරීම ආදිය ඇය තුළ ගොඩනැඟී ඇත්තේ, ඇගේ විශ්වාස පද්ධතියේ හෙවණැල්ල වැටීමෙන් විය හැකි ය. එනම්, ඇය කුඩාකල සිටම වැඩුණේ මාපිය අඬ දබර මධ්‍යයේ අඟහිඟකම්වලින් මිරිකෙමිනි. Continue reading සැබෑ ආදරය කුමක්දැයි ප්‍රශ්න කරන ‘සාෂා’

සඳක් මෙන් සෞම්‍ය නොවුණද රැයේ තරුවක් ව ළඟ ඉන්න…

කුවේණි බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වස්තු බීජ සැපයූ මාතෘකාවක්. එහෙත් බොහෝ නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ කුවේණිය සිංහලයට සාප කිරීම පිළිබඳ කතා පුවත පමණයි. එහෙත් මෙම නිර්මාණයේදී පියුමාලි ස්ත්‍රියක ලෙස, ස්ත්‍රීවාදී දෘෂ්ටියක් හෙළමින් කුවේණිය දකින්නට උත්සාහ ගෙන තිබෙනවා. කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාව තුළ තිබූ භාවමය හැඟීම් සියුම්ව පෙන්වා දී තිබෙනවා. එහෙත් කිවිඳිය කුවේණියගේ නිහඬ ප්‍රතිපත්තියට හේතුව ආදරය බව සෘජුව පවසා නැහැ. Continue reading සඳක් මෙන් සෞම්‍ය නොවුණද රැයේ තරුවක් ව ළඟ ඉන්න…

මුහමාලේ සුළඟ

එකිනෙකට වෙනස් සංස්කෘතින් දෙකක, හැදෑරීමක් නැති වුන එකිනෙකාට තේරෙන්නෙ නැති භාෂා දෙකක මිනිසුන් සිටින දශක ගණනාවක් පැවති ජනවාර්ගික අරගලයක්, ආයුධ සන්නද්ධ යුද්ධයක් දක්වා විකාශනය වෙච්චි රටක අපි උතුර කියවිය යුතුමය කියා මට සිතේ. Continue reading මුහමාලේ සුළඟ

‘හද්දා පිටිසර’ කොළඹ ගැමියන්ගේ කතාව

නවකතාවේ නම ‘කලම්බෝ’ ය. අතීතයේ ‘කොළොංතොට’ නමින් හැඳින්වූ නගරය පෘතුගීසින්ට, ලන්දේසීන්ට මෙන් ම ඉංග්‍රීසීන්ට ද ‘කලම්බෝ’ ම විය. වර්තමානයේ පවා බහුල ව ව්‍යවහාර කරනුයේ ‘කොළඹ’ යන්නට වඩා ‘කලම්බෝ’ (Colombo) යන ඉංග්‍රීසි වදන ය. නවකතාවේ දී කතුවරයා ‘කොළඹ’ හඳුන්වන්නේ නගරයක් ලෙසින් නොව රටක් ලෙසිනි. කොළඹ රට ගැන තනියම ඉගෙන ගත යුතු බවත්, කොළඹ ගැන ඉගෙන ගතහොත්, එය ජීවිතය ම ඉගෙන ගත්තා වැනි යැයි පැවසීමෙන් ඒ බව ප්‍රකට වේ. Continue reading ‘හද්දා පිටිසර’ කොළඹ ගැමියන්ගේ කතාව

මෙය ඔබේ දිවි ගලවන කතාවක්

මේ චූල ජානපදිකයන්ට දෙවියන්ගෙන් කොහෙත්ම පිහිටක් නැත. යක්ෂයන්ගෙන් ඇත්තේද පීඩාවන්ම පමණි. සවිමත් සහ බුද්ධිමත් මිනිසුන්ටද යක්ෂයන් හෝ දෙවියන්ගෙන් වැඩක් නැත. දෙවියන්ගෙන් සහ යක්ෂයන්ගෙන් වැඩගත හැක්කේ බලවතුන්ට සහ ධනවතුන්ට පමණි. අඩුක්කු පුදන්නේ නැතිවම උන් ධනවතුන් සහ බලවතුන් හමුවේ දණින් වැටෙති. එවන් සන්දර්භයකදී මෙවන් අසරණ චූලජානපදිකයන්ට පිහිටක් හෝ සරණක් පැතිය හැක්කේ මෙවන් කුඩා කප්පන්කාර පිසාචයන්, කුම්භාණ්ඩයන් වෙනත් වචනයකින් කියන්නේ නම් මේ භුතයන්ගෙන් පමණි. Continue reading මෙය ඔබේ දිවි ගලවන කතාවක්

බාධක ජයගන්න දරුවන්ට දිරිය දෙන ‘අපූරු වූ අබලන්’

ළමා මනසට පුටුව පිළිබඳව අනුකම්පාවක් ඇතිවීම නොවැළැක්විය හැකිය. පුටුවට නමක් දීමෙන්ම එය ජීවමාන වස්තුවක් බවට පත්කර ඇත. කුඩා කල සිටම තම යහළුවන් සමග එකතුව සෙල්ලම් කරන ළමුන් පාසලේ වටපිටාව දෙස බලා බොහෝ දේවල් ඉගෙනගනියි. පණ තිබෙන මෙන්ම පණ නැති දේවල් කෙරෙහි ද තම අවධානය යොමු කරයි. Continue reading බාධක ජයගන්න දරුවන්ට දිරිය දෙන ‘අපූරු වූ අබලන්’

ගෙම්බා සහ සුවද විලවුන් 

ජර්මානු ජාතිකයෙකු විසින් රචනා කරනු ලැබුවද කතාවට පසුබිම සකසනුයේ දහ අටවන සියවසේ ප්‍රංශයේ පැරිස් නගරය ඇතුළු ඒ අවට අනෙකුත් නගර ප්‍රදේශයි. මෙහිදී කතුවරයා, කතාවේ ප්‍රධාන චරිතයට ග්රෙනුයි වැනි නමක් යොදාගත්තේ ඇයි? Grenouille (ග්රෙනුයි) මෙය මධ්‍යකාලින ප්‍රංශ වචනයක් වන අතර එය ඉපැරණි ප්‍රංශ වචනයක් වන Grenoille  බිදී ආවක් ලෙස සැලකේ. එය ලතින් භාෂාවේ ඇති Ranucula  නැමැති  වචනයෙන් බිදී විත් Renoille ලෙස ප්‍රංශ භාෂාවට එක්වී ඇති බවට සදහන් වේ. Continue reading ගෙම්බා සහ සුවද විලවුන් 

පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘

තිත සාමාන්‍යයෙන් වාක්‍යයක අවසානය දැක්වීම සඳහා යෙදේ. කොමාව යෙදෙන්නේ වාක්‍යයක නොයෙක් කොටස් අතර පැවැතිය හැකි ඇතැම් මඳ විරාම දැක්වීම සඳහාය. මෙහි එන කථකයාගේ ආදරයට කොමාවක් වැටී ඇත්තේ ඔහුගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ මැදිහත්වීමෙනි. අවසානයේදී කථකයා එකී පෙම් සබඳතාව නැවත ඇති නොවන සේ නවතා දමයි. කථකයා ප්‍රේමයක් නැවත ආපේක්ෂා නොකරයි. එය දැඩිව ප්‍රතික්ෂේප කරයි. Continue reading පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘

“කොට තුවක්කු“ නවකතාව කියවමු.

“…තමුසෙ දන්නවද සමාජවාදී ස්ටාලින්ට මං ගරු කරන්නෙ මොකද කියලා. ඌත් හොඳම කොමියුනිස්ට්කාරයන්ට ගේම දුන්නු දේශප්‍රේමියෙක්. ජාතික සමාජවාදී හිට්ලර් මං අදහන තවත් නායකයෙක් ඕයි. මිනිහ තමයි අයිසෙ කොමියුනිස්ට් හැතිකරය ලෝකෙන් තුරන් කරන්න ඕනය කියලා බය නැතිව ඉදිරිපත් වුණේ. ඒ වගේම තව එකක්, තමුසෙ දන්නවද මං දේශප්‍රේමීන්ට ආදරේ ඇයි කියල. උන්ට තියෙන්නෙ කොට තුවක්කු සහ ළඟ ඉලක්ක. උන් කලබලයි. ඒත් කොමියුනිස්ට්කාරයො, උන් හරියට ස්නයිපර් වගේ. උන්ට තියෙන්නෙ දුර ඉලක්ක සහ තියුණු සැලසුම්. උන්ට වරදින්නෙ ඒක අස්සට රිංගල ඉන්න තමුසෙල වගේ දේශප්‍රේමී ගැරඬි හින්ද. මං තමුසෙලට කැමතිත් ඒකයි.” Continue reading “කොට තුවක්කු“ නවකතාව කියවමු.

සියවසක් පුරා දිවෙන ගැමි සුවඳේ මාණික්‍යාන්දරය

ඉතිහාසය නැවත නැවතත් සිදු වන බව අප හොඳින් ම දන්නා කරුණකි. කෙටිහාමි සහ පිච්චි කොළොන්න කෝරළයේ සිට අට කළං කෝරළයට පැමිණියාක් මෙන් ඊට සියවසකට පසු ව තිලකරත්න සහ සෙනෙහෙලතා අට කළං කෝරළයෙන් කොළොන්නා කෝරළයට ගමන් කිරීම ඉතිහාසය නැවත නැවතත් සිදු වන බවට ලබා දිය හැකි කදිම නිදසුනකි. Continue reading සියවසක් පුරා දිවෙන ගැමි සුවඳේ මාණික්‍යාන්දරය

පැක්ටේරියේ දුම්, වානේ තල මැදින් ශූන්‍යතාව පසක් වනු ඇතිද?

දශක ගණනාවක් පුරා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කියැවුණු නාමයක් වන ටෙනිසන් පෙරේරා ප්‍රවීණ සාහිත්‍යවේදියා විසින් ‘දැතිරෝදෙන් උපන් බුදුන්’ ලියන්නේ 1967 වැනි ඈත කාලයකදීයි. කෙසේ නමුත් ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෘතිය තුළින් බුදුදහම ද්වේශ සහගත ලෙසින් සමච්චලයට නැතිනම් විවේචනයට ලක් කළේය යන චෝදනාව මත, ටෙනිසන් පෙරේරාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට යොමු කෙරේ. Continue reading පැක්ටේරියේ දුම්, වානේ තල මැදින් ශූන්‍යතාව පසක් වනු ඇතිද?

“තිමිරෙන් එතෙරට” නවකතාව කියවමු.

කළු ලෝහ ගේට්ටුවෙන් විවෘත වුණ සුදු ඇඳගත් සොල්දාදුවන් දෙදෙනෙක් වැනි උස ගේට්ටු කුළුණු පසුකර කාර් රථය ඉදිරියට ඇදුණේය. මගේ ඇස් ඉදිරිපිට මහානුභාව සම්පන්න සුදු උස නැගිල්ලක් නිල් පැහැති තණ පිට්ටනියේ විරාජමාන විය. Continue reading “තිමිරෙන් එතෙරට” නවකතාව කියවමු.

කෙහෙල් ලෙල්ලක අරුමය!

කෙටිකතාවට කෙතරම් අපූරු ලෙස දෘෂ්‍යමය හැඟීම් ජනිතකළ හැකිද? වචන දහස් ගණනකින් විස්තර කොට ලිවිය යුතු යමක් එක් සරල චිත්‍රයකින් කිව හැකි වන්නා සේ, මනස් රූප මාලා භාවිත කොට කතන්දර කීමේ සාස්තරය හොඳින් දන්නා රංගන ආරියදාස කෙහෙල් ලෙල්ලක් මත පාඨකයා වේගයෙන් ලිස්සා යවා ප්‍රඥාවේ කළුගල මත ඔළුව තදින් හැප්පීමෙන් දුලබ ප්‍රඥාවක අත්දැකීමක් දෙන්නට සමත් වෙයි. Continue reading කෙහෙල් ලෙල්ලක අරුමය!