තරග

‘හරුකි මුරකමි 45 වසරක්’ සාහිත්‍ය තරගාවලිය

මැයි මස පැවැත්වෙන ‘හරුකි මුරකමි දිනය’ ට ප්‍රවේශයක් වශයෙන් පැවැත්වෙන සාහිත්‍ය තරගාවලියට ඉදිරිපත් විය හැකි ආකාරය පිළිබඳ සියළු විස්තර පහත දැක්වේ:

තරගාවලියේ අංශ

  • ‘හරුකි මුරකමි’ ග්‍රන්ථ විචාර තරගය
  • ‘හරුකි මුරකමි’ ග්‍රන්ථ උපුටන තරගය
  • ‘හරුකි මුරකමි’ ග්‍රන්ථ නිබන්ධ තරගය
  • ‘හරුකි මුරකමි’ පොත් කවර නිර්මාණ තරගය

පොදු කොන්දේසි

‘හරුකි මුරකමි 45 වසරක්’ සාහිත්‍ය තරගාවලිය තරග අංශ 4ක් යටතේ පැවැත්වෙන අතර, ඒ සියල්ලටම පොදු කොන්දේසි පහත දැක්වේ. (එක් එක් තරගයට විශේෂ වන කොන්දේසි සඳහා කරුණාකර ඒ තරගයට අදාළ කොටස බලන්න.)

1) සැම නිර්මාණයක්ම, එය ඉදිරිපත් කරන්නාගේම නිර්මාණයක් වීම අනිවාර්ය වේ.

1) කිසියම් නිර්මාණයක් සිංහල හෝ ඉංග්‍රීසි යන භාෂාවලින් තෝරාගත් එක් භාෂාවකින් පමණක් කළ යුතුය. එක් නිර්මාණයක් තුළ යොදාගත හැක්කේ එක් භාෂාවක් පමණි. මිශ්‍ර භාෂාවලින් ලියූ නිබන්ධ ප්‍රතික්ෂේප කෙරේ.

2) එක් තරගකරුවකුට ඉදිරිපත් කළ හැකි නිර්මාණ සංඛ්‍යාවෙහි උපරිම සීමාවක් නොමැත.

3) එකම තරගකරුවකුට වුවද, වෙනස් නිර්මාණ වෙනස් භාෂාවලින් ඉදිරිපත් කළ හැකිය.

4) මින් පෙර කිසියම් තරගයකට ඉදිරිපත් කර ජයග්‍රහණය කළ නිර්මාණ ඉදිරිපත් කළ නොහැකිය.

5) මින් පෙර කිසිදු මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජ මාධ්‍යයක පළ වූ හෝ විකාශය වූ ලේඛනයක් නොවිය යුතුය.

6) ඉහත 5 හා 6 වගන්තිවලට අනුකූල නොවන බව කිසියම් අවස්ථාවකදී හෙළිදරව් වීම, එම ලේඛකයාගේ සියළුම ඉදිරිපත් කිරීම් තරගයෙන් ඉවත් කිරීමට හේතු වේ.

7) තරගයට සහභාගී වීම සඳහා වයස් ‌භේදයක් හෝ වෙනත් කිසිදු ජෛවිය, භූගෝලීය හෝ සමාජවිද්‍යාත්මක සාධකයක් අදාළ නොවේ. The Asian Group of Literature හි අධ්‍යක්ෂ මණ්ඩලවල හෝ සේවයේ නියුතු කිසිවකුට තරගාවලියට සහභාගි විය නොහැකිය.

8) පොත් කවර නිර්මාණ තරගයට ඉදිරිපත් කෙරෙන නිර්මාණ හැරුණුවිට අනෙක් සැම නිර්මාණයක්ම: (සිංහල භාෂාව සඳහා) ‘අභය’ හෝ ‘ඉස්කෝල පොත’ ‌ෆොනුරුවෙන් ඉදිරිපත් කළ යුතු අතර, (ඉංග්‍රීසි) Times New Roman ෆොනුරුවෙන් ඉදිරිපත් කළ යුතු වේ. පේළි අතර ඉඩ 1.5 විය යුතුය. නිර්මාණය PDF ආකෘතියෙන් ඉදිරිපත් කළ යුතුය.

9) කිසිදු නිර්මාණයක් මත නිර්මාණකරුගේ නම හෝ වෙනත් හඳුනාගැනීමේ අංක/සංකේත සඳහන් නොකළ යුතුය. එසේ සඳහන් කිරීම නිර්මාණය තරගයෙන් ඉවත් කිරීමට හේතු වේ. තරගකරුගේ විස්තර සඳහන් කළ යුත්තේ ඒ සමග ඉදිරිපත් කෙරෙන ආකෘති පත්‍රයේ පමණි.

11) තරගය සඳහා ඉදිරිපත් කරන සෑම නිර්මාණයක්ම නිසි පරිදි පිරවූ ආකෘති පත්‍රයද සමග 2024 අප්‍රේල් මස 30 වැනිදාට පෙර ‘The Asian Review සිංහල’ වෙත යොමු කරන්න (ඔබේ නිර්මාණය සූදානම් නම්, මෙම වෙබ් පිටුවේ ඉහළ දකුණුපස ඇති ‘නිර්මාණ යොමුව’ ලින්කුව ඔස්සේ එය අපට එවන්න).

12) පොත් කවර නිර්මාණ තරගයට ඉදිරිපත් කෙරෙන නිර්මාණ පමණක් මින්සර පොත් මැදුර, අංක 12, සිරිකුරුස පාර, ගම්පහ යන ලිපිනයට තැපැල් මගින් ලැබෙන්නට සලස්වන්න. කවරයේ ඉහළ වම් කෙළවරේ “The Asian Review Sinhala” යනුවෙන් සඳහන් කරන්න. ඒ සමග අමුනා එවිය යුතු ආකෘති පත්‍රය ඇමතුම් ඔස්සේ ‌ඉල්ලුම් කළ විට ඔබ වෙත ඊමේල් මගින් එවනු ඇත. 2024 අප්‍රේල් මස 30 වැනිදාට පසුව ලැබෙන නිර්මාණ තරගයට ඇතුළත් නොකරන බව කරුණාවෙන් සලකන්න.

13) තරගය සඳහා ඉදිරිපත්වන සියලු නිර්මාණවල බුද්ධිමය දේපළ අයිතිය ලේඛකයා සතු වන අතර, ඒ අතරින් තෝරාගනු ලබන නිර්මාණ ‘The Asian Review සිංහල’ වෙබ් සඟරාවේ හෝ ‘The Asian Group of Literature ජාත්‍යන්තර සාමූහිකය’ ට අයත් වෙනත් ඕනෑම වේදිකාවක හෝ මුද්‍රිත මාධ්‍යයක හෝ, පවතින ආකාරයෙන්ම හෝ වෙනස්කම් සහිතව හෝ වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමෙන් පසුව හෝ, (ලේඛකයාගේ නම සහිතව) පළකිරීමේ පූර්ණ අයිතිය ‘The Asian Review සිංහල’ සතු වේ.

14) 1, 2, සහ 3 ස්ථාන ජයග්‍රහණය කරන සිංහල භාෂා නිර්මාණ ‘The Asian Review සිංහල’ වෙබ් සඟරාවේද, ඉංග්‍රීසි භාෂා නිර්මාණ The Asian Review වෙබ් සඟරාවේද පළ කෙරෙනු ඇත. ඊට අමතරව 1, 2, සහ 3 ස්ථාන දිනාගන්නා නිර්මාණකරුවන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිණැමේ.

15) දී ඇති පොදු උපදෙස් හා/හෝ එක් එක් තරගයට අදාළ උපදෙස් අනුව ඉදිරිපත් නොවන නිර්මාණ තරගයෙන් ඉවත් කෙරේ.

16) අවසාන විනිශ්චය සෑම විටකම The Asian Review සහ The Asian Review සිංහල සතු වේ.


හරුකි මුරකමි ග්‍රන්ථ විචාර තරගය

හරුකි මුරකමිගේ ඔබ කැමැති ඕනෑම කෘතියකට ලියූ ග්‍රන්ථ විචාරයක් මේ සඳහා ඉදිරිපත් කළ හැකිය.

තරග කොන්දේසි:

  1. විචාරය ඔබ විසින්ම ලියූවක් විය යුතුය. විචාරය සිංහල හෝ ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කළ හැකි අතර, ඊට හරුකි මුරකමිගේ මුල් භාෂා කෘතියක් හෝ ඕනෑම පරිවර්තිත කෘතියක් පදනම් කරගත හැකිය.
  2. මෙහිදී ඔබ පාදක ග්‍රන්ථයෙන් උපුටන ඉදිරිපත් කරන්නේ නම්, එම ග්‍රන්ථයේ භාෂාව ඔබ නිර්මාණයට යොදාගන්නා භාෂාව නොවේ නම්, එකී උපුටන ඔබ විසින්ම විචාරයේ භාෂාවට පරිවර්තනය කර ඉදිරිපත් කළ යුකු වේ.
  3. ඔබ පාදක කරගන්නා ග්‍රන්ථයේ නම, සහ එය පරිවර්තනයක් නම් පරිවර්තකයාගේ නම විචාරයේ පළමුවන පිටුවේ ඉහළ වම් කෙළවරේ සඳහන් කළ යුතුය.
  4. විචාරය වචන 1000කට නොඅඩු විය යුතුය.

හරුකි මුරකමි ග්‍රන්ථ උපුටන තරගය

තරග කොන්දේසි

  1. හරුකි මුරකමිගේ ඕනෑම කෘතියක ඔබ කැමැති තැනකින් උපුටනයක් ඉදිරිපත් කොට, ඔබ ඊට කැමති වීමට හේතුව පැහැදිලි කරමින් සිංහල හෝ ඉංග්‍රීසි බසින් ලියූ වචන 600ක නිබන්ධයක් ඉදිරිපත් කළ යුතුය.
  2. මෙහිදී ඔබ පාදක කරගන්නේ මුල් කෘතියක් නම්, ඔබ විසින් තෝරාගන්නා උපුටනය සිංහල හෝ ඉංග්‍රීසි බසට ඔබ විසින්ම පරිවර්තනය කර තිබීම අනිවාර්ය වේ.
  3. පරිවර්තිත ඉංග්‍රීසි හෝ සිංහල කෘතියක් පාදක කරගන්නේ නම් කෘතියේ නම සහ පරිවර්තකයාගේ නම නිබන්ධයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කළ යුතුය.

හරුකි මුරකමි ග්‍රන්ථ නිබන්ධ තරගය

තරග කොන්දේසි

  1. හරුකි මුරකමිගේ ඕනෑම කෘතියක් පාදක කරගනිමින්, එහි ඔබ කැමැති ලක්ෂණ සහ අකැමැති ලක්ෂණ විදහා දක්වමින් සිංහල හෝ ඉංග්‍රීසි බසින් ලියූ වචන 1000ක නිබන්ධයක් ඉදිරිපත් කරන්න.
  2. ඔබේ නිබන්ධයට පාදක කරගන්නා කෘතියේ නම, සහ පරිවර්තනයක් නම් පරිවර්තකයාගේ නම නිබන්ධයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කළ යුතුය. ඔබ මුල් කෘතියක් පාදක කරගන්නා අවස්ථාවකදී, උපුටන යොදාගන්නේ නම් ඒවා ඔබ විසින්ම පරිවර්තනය කරගත් ඒවා විය යුතුය.
  3. නිබන්ධයට අර්ථවත් මාතෘකාවක් සපයා තිබිය යුතුය.

හරුකි මුරකමි පොත් කවර නිර්මාණ තරගය

තරග කොන්දේසි

  1. හරුකි මුරකමිගේ ඕනෑම කෘතියක් සඳහා නව පොත් කවරයක් නිර්මාණය කරන්න.
  2. මේ සඳහා භාවිත කළ හැක්කේ H සිට 8H දක්වාද, F, සහ B සිට 10B දක්වාද වර්ගීකරණය කර ඇති ග්‍රැෆයිට් පැන්සල් පමණි. කවර නිර්මාණය අඟල් 15 x 10 ප්‍රමාණයේ කාට්රිජ් කඩදාසියේ හෝ බොක්ස් බෝඩ් එකක් මත, නිර්මාණය වටා අඟල් 1ක හිස් ඉඩක් ඉතිරිිිවන පරිදි අතින් ඇඳ තිබිය යුතු වේ.
  3. ඔබේ නිර්මාණය මත, ඊට පාදක කරගත් කෘතියේ නම හෝ ‘හරුකි මුරකමි’ යන්න හෝ ඔබේ නම හෝ අත්සනක් හෝ වෙනත් කිසිදු නමක් සඳහන් නොකළ යුතුය. සිංහල හෝ ඉංග්‍රීසි අකුරු යොදාගත හැක්කේ කවර නිර්මාණයේම කොටසක් ලෙස පමණි.
  4. ඔබේ නිර්මාණය පහත ලිපිනයට තැපෑලෙන් යොමු කරන්න: ‘හරුකි මුරකමි’ සාහිත්‍ය තරගාවලිය, මින්සර පොත් මැදුර, අංක 12, සිරිකුරුස පාර, ගම්පහ.