“රෝස මුසැන්ඩාස් පිස්සුව” ඇතුළේ රත්නපුරේට ගෑවෙන චරිත තියෙනවා!

කොණ්ඩෙ වවන්නේ කබ්බෝ, කොණ්ඩෙ වවලා, කරාබු වළලු දාලා ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ, මල්වැටුණු කුඩ අරන් යන පිරිමි ගෑනු භාග, හොඳට අඳිනවානම් මහත්වරු. සමාජයේ මිම්ම හරි පටුයි. මේකට හේතුව ලිංග භේදයට ඔබ්බෙන් ගිය වෙනත් බෙදීම්. කාර්යයන්, වර්ණ, ගතිගුණ, ඇඳුම් පැළඳුම්, බඩු භාණ්ඩ වර්ග වෙලා. Continue reading “රෝස මුසැන්ඩාස් පිස්සුව” ඇතුළේ රත්නපුරේට ගෑවෙන චරිත තියෙනවා!

“අර්බුදය යට ගහලා, එහෙම එකක් නෑ වගේ ඉන්න පුළුවන්” – මොහාන් ධර්මරත්න

ලාංකික කෙටිකතාකරුවන්ගෙන් මම ප්‍රභාත් ජයසිංහගේ සහ නිශ්ශංක විජේමාන්නගේ ලිවීම්වලට වඩාත් කැමතියි. මේ දෙදෙනාගේ කතා කියවූ පසු මම හුඟක් දුරට කල්පනා කරන්න පෙළඹෙනවා. ඒ කල්පනාව ඇතුළේ ඒ කතාව අස්සෙ තියෙන මං කලින් නොහිතපු මගේ කතා ගොඩක් එළියට එනවා. Continue reading “අර්බුදය යට ගහලා, එහෙම එකක් නෑ වගේ ඉන්න පුළුවන්” – මොහාන් ධර්මරත්න

යථාර්ථයෙන් මායාවට අප කැඳවා යන දඩයක්කාරයා

මෙහිදී කතුවරයා ඉතිහාසය, බුදුදහම, කාලතරණය වැනි විෂය කරුණු තම කෙටිකතාවට පාදක කරගෙන තිබෙනවා. පෞද්ගලිකව කෙටිකතා සංග්‍රහයේ මා ඉතා ප්‍රිය කරන කෙටිකතාව වන්නේද මෙයයි. විශේෂයෙන් කතුවරයා අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ අන්තර්ගත ‘අරක සූත්‍රය’ යොදා ගනිමින් කරන විග්‍රහය අපූරුයි. නූතනයේ සාහිත්‍යකරණයේ නියැලෙන බොහෝ කෙටිකතාකරුවන් ත්‍රිපිටක ආභාසය ලැබීම සාධනීය ලක්ෂණයක්. Continue reading යථාර්ථයෙන් මායාවට අප කැඳවා යන දඩයක්කාරයා

හරුකි මුරකමි : පුද්ගල හුදෙකලාව සහ දූරස්ථභාවය

පුද්ගලයා හුදෙකලා වීමත් සමග ඔහු හා සමාජය අතර සම්බන්ධතා දුරස් වෙනවා. මෙම කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් කෙටිකතා 07 තුළින් ම මුරකමි අපට පවසන්න උත්සාහ කරන්නේ හුදෙකලාව පිරිමි ජීවිත කේන්ද්‍ර කරගැනීමේ විශේෂත්වය යි. ඒ අනුව ආදරයෙන් පැරදුණු වෛද්‍යවරු, ශිෂ්‍යයන්, රියැදුරන්, අනියම් විවාහක පෙම්වතුන්, නළුවන්, තැබෑරුම් හිමියන් සහ කෆ්කාගේ ග්‍රෙගෝර් සම්සා වැනි චරිතත් අපට හමුවෙනවා. Continue reading හරුකි මුරකමි : පුද්ගල හුදෙකලාව සහ දූරස්ථභාවය

හරුකි මුරකමි: පරිපූර්ණත්වය යනු කුමක්ද?

ඇයට අවශ්‍යයි සැමියාගේ ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, අවධානය, ආරක්ෂාව. නමුත් ඇයට ඒ දේවල් අහිමියි. නැත්නම් සුළු හෝ අඩුවක් තිබෙනවා. ඇය සොයනවා ඒ හිඩැස මකන්න විදිහක්. එහි පළයක් විදිහට රාස්සයා පැමිණෙනවා. එතනදී ඇය බයයි රාස්සයා පිළිගන්න. ඇය දැඩිව ප්‍රතික්ෂේප කරනවා රාස්සයා. ඇය තම අත්වලින් කෘර අයුරින් මරා දමනවා රාස්සයාව. Continue reading හරුකි මුරකමි: පරිපූර්ණත්වය යනු කුමක්ද?

සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

ලංකා සාහිත්‍ය උළෙලට එන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණ එකතුවෙන් නිර්මාණය වෙන අපූරු අත්දැකීමක් රසවිඳින්න! පෙබරවාරි 8 සිට 12 දක්වා මහනුවරදී සහ කොළඹදී හමුවෙමු. Continue reading සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

මුහමාලේ සුළඟ

එකිනෙකට වෙනස් සංස්කෘතින් දෙකක, හැදෑරීමක් නැති වුන එකිනෙකාට තේරෙන්නෙ නැති භාෂා දෙකක මිනිසුන් සිටින දශක ගණනාවක් පැවති ජනවාර්ගික අරගලයක්, ආයුධ සන්නද්ධ යුද්ධයක් දක්වා විකාශනය වෙච්චි රටක අපි උතුර කියවිය යුතුමය කියා මට සිතේ. Continue reading මුහමාලේ සුළඟ

නිවැ‍රැදි කේතය

“මේක පරිගණක භාෂාවකට සමානයි. අපි 2010 පමණ වන විටත් දැනගෙන උන්න මේ උප පරමාණුක අංශුන් ගේ හැසිරීම හරියටම ගණනය කරන්න නම් මේවාටත් වරද නිවැ‍රැදි කිරීමේ කේතයක් යෙදිය යුතු වූ බව”. මේ x අක්ෂරයෙන් පෙන්නන්නේ මේ කේතය. මේ කේතය තුළ තමයි අහඹුව කියන සංසිද්ධිය රැඳිල තිබුණේ. නමුත් අපි මේක නිවැරදිවම ගණනය කළා. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේ ගේ භාෂාව හොයා ගත්ත”. තරුණයා උද්යෝගයෙන් පැවසීය. තව දුරටත් අපිට දේවල් අනුමාන කළ යුතු නෑ. අපිට සියල්ල පාලනය කළ හැකියි. Continue reading නිවැ‍රැදි කේතය

රස්සාව මාරුව වැස්ස කෝච්චිය සහ අතරමග.

සිංහල කෙටිකතාවේ නව ආකෘතිමය අත්හදාබැලීමකින් යුත් කෙටිකතා අතරට එක්වන දයානන්ද තිරිමාන්නගේ මෙම කෙටිකතාව මුල්වරට පළවූයේ ‘කල්පනා’ සඟරාවේ 1982 නොවැම්බර් කලාපයේය. පුද්ගලයකුගේ චින්තන දහරාවක් ඉදිරිපත් කරන මෙහි සම්පූර්ණ වාක්‍ය නොමැතිය. දයානන්ද තිරිමාන්න 1975 සහ 1979 වසරවල කෑගලු දිසා සාහිත්‍ය උළෙලේ කෙටිකතා තරගවලින් ප්‍රථම ස්ථානය දිනා ඇත. Continue reading රස්සාව මාරුව වැස්ස කෝච්චිය සහ අතරමග.

පිටිසර ළමයි

අපි හැකි උපරිම වේගයෙන් සැන්දෑව තුළට දිව ගියෙමු. දිවා කාලයක් හෝ රාත්‍රී කාලයක් නොපැවතිණි. දැන් අපේ වේස්ට්කෝට්වල බොත්තම් දත්ඇඳි එකටෙක වදින්නා සේ වදියි. යළිත් එකිනෙකා අතර ඒකාකාර පරතරයක් තබාගනිමින් දිව යන අපි, නිවර්තනවල ජීවත්වන වන මෘගයන් මෙන් නහයෙන් ගිනි පිම්බෙමු. අපගේ පාදවල වේගය යොදාගනිමින් ප්‍රධාන පාර අද්දර වූ එක් බිමක් වෙත අප එකිනෙකාව පන්නාගෙන ගියේ ගී ගයමින් උඩ පනිමින් යන පුරාණ යුද්ධවල සිටි සන්නාහ ඇඳගත් භටයන් මෙන් අඩි හප්පමින් සහ උස් හඬින් සින්දු කියමිනි. Continue reading පිටිසර ළමයි

පැක්ටේරියේ දුම්, වානේ තල මැදින් ශූන්‍යතාව පසක් වනු ඇතිද?

දශක ගණනාවක් පුරා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කියැවුණු නාමයක් වන ටෙනිසන් පෙරේරා ප්‍රවීණ සාහිත්‍යවේදියා විසින් ‘දැතිරෝදෙන් උපන් බුදුන්’ ලියන්නේ 1967 වැනි ඈත කාලයකදීයි. කෙසේ නමුත් ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෘතිය තුළින් බුදුදහම ද්වේශ සහගත ලෙසින් සමච්චලයට නැතිනම් විවේචනයට ලක් කළේය යන චෝදනාව මත, ටෙනිසන් පෙරේරාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට යොමු කෙරේ. Continue reading පැක්ටේරියේ දුම්, වානේ තල මැදින් ශූන්‍යතාව පසක් වනු ඇතිද?

ජේ. එම්. කොඑට්සිගේ ඉතා කෙටි කෙටිකතා හතරක්.

කොඑට්සි සාහිත්‍යය උගන්වන පන්තියක ඉගෙනගැනීමේ වාසනාව තමන් නොලද බව වරක් නොබෙල් සම්මානලාභී ලේඛිකා ඩොරිස් ලෙසිං පැවසුවාය. කොඑට්සි ඉතාම අරපරෙස්සමින් වචන තෝරා බේරාගෙන ලියන්නකු වන අතර, භාෂාව හැසිරවීමේදී ඔහු දක්වන කුසලතාව පුදුමාකාරය. Continue reading ජේ. එම්. කොඑට්සිගේ ඉතා කෙටි කෙටිකතා හතරක්.

කෙහෙල් ලෙල්ලක අරුමය!

කෙටිකතාවට කෙතරම් අපූරු ලෙස දෘෂ්‍යමය හැඟීම් ජනිතකළ හැකිද? වචන දහස් ගණනකින් විස්තර කොට ලිවිය යුතු යමක් එක් සරල චිත්‍රයකින් කිව හැකි වන්නා සේ, මනස් රූප මාලා භාවිත කොට කතන්දර කීමේ සාස්තරය හොඳින් දන්නා රංගන ආරියදාස කෙහෙල් ලෙල්ලක් මත පාඨකයා වේගයෙන් ලිස්සා යවා ප්‍රඥාවේ කළුගල මත ඔළුව තදින් හැප්පීමෙන් දුලබ ප්‍රඥාවක අත්දැකීමක් දෙන්නට සමත් වෙයි. Continue reading කෙහෙල් ලෙල්ලක අරුමය!

අන්ධභාවී සුරුට්ටුවක ධූම ආනන්දය

කවදා කොහේ කොතැන සිදු වනවා දැයි නොදන්නා මෙම කතාන්දර මට මා කුඩා කල කිය වූ ප්‍රංස, රුසියානු කෙටිකතා සිහිගන්වයි. එහි අදහස ඈ ප්‍රංස රුසියානු ආරකින් කෙටිකතා ලියනා තැනැත්තියක යන්න නොව, එම කෙටි කතා තුළ යම් යම් ප්‍රංස රුසියානු කෙටිකතාවන්හී ලක්ෂණීය ගුණය දැකිය හැකි බව ය. නූතන කෙටි කතාවේ පීතෲවරුන්ගෙන් එක් අයෙක් යැයි සැළකෙන ගයිද මෝපසානුන්ගේ දියමන්ති මාලය දෙසට මදකට නෙත් හරවා බලන්න. Continue reading අන්ධභාවී සුරුට්ටුවක ධූම ආනන්දය

අයුඅස්කාමය ධ්‍යානයක ලියැවිලි…

එදා රාත්‍රී මම ඈව සිහිනෙන් දුටිමි. කෙල්ටික් දේව පැන්තියමේ එන සුවදේවතාවී සිරෝනාවන්ට ගැයෙන කෙල්ටික ලොහො සජ්ඣායනාව පසුතලෙහි ලිලිතුන් ගැන කියවමින් නිදා වැටුණු මම එතරම් කාලයකට පසු ඈව සිහිනෙන් දුටිමි. Continue reading අයුඅස්කාමය ධ්‍යානයක ලියැවිලි…

කරිජ්ජ විල්ලුව

රොබා ලෑලි කෑල්ලක් හොයාගෙන, බිඳුණු පුරාණ බෝතල් අඩියක් උරච්චි කර හදාගත් ‘ගිනි වීදුරුව’ හිරු එළියට අල්ලා, මතකයේ රඳවාගෙන සිටි අකුරු පේලිය ලෑල්ල මත කළු පාටින් පිළිස්සුවේය. ඉන්පසුව ඒ දෙස ආඩම්බරයෙන් බලා සිටින ඔහුගේ පිටුපසින් පැමිණි සීයා ඒ අකුරු කියවූයේය. Continue reading කරිජ්ජ විල්ලුව

නිදහස්වීම

වැස්සත් එක්ක ගෙවුණු තුන්වැනි දිනය වනවිට නිවස තුළ ඔවුන් කෙතරම් කකුළුවන් ප්‍රමාණයක් මරා දැමුවාද කිවහොත්, මඩ වූ මිදුල හරහා ගොස් උන් මුහුදට වීසි කිරීමට පෙලායෝට සිදුවිය. මන්ද යත් ඔවුන්ගේ අලුත උපන් දරුවා රාත්‍රිය පුරාම උණෙන් පෙළුණු බැවින්, ඔවුහු සිතුවේ ඒ මැරුණු කකුළුවන්ගේ ගඳ නිසාවෙන් බවයි. අඟහරුවාදා සිටම ලෝකය දුකෙන් සිටියා මෙනි. මුහුදත් අහසත් එකම අළු පැහැයකි. Continue reading නිදහස්වීම

නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ

ඔබ ඔබේ මවගේ එකම දරුවා වනු ඇත. නිවාඩු දිනවල ඔබේ මෑණියන්ගේ නිවසේදී ඔබේ අත්තම්මා ඇගේ දියණියට පුතෙක් ලබාදෙන්නැයි දෙවියන් යදින හැටි ඔබේ කන වැකෙණු ඇත. ඒත්, ඔබෙන් පසු ඔබේ මව නැවතත් ගැබ් නොගනු ඇති අතර, ඈ ඇගේ ගර්භාෂය මායාකාරියන්ගේ සංසදයට කෑම පිණිස දුන්නේ යැයි ඔබේ පියාගේ පවුලේ අය ඈට චෝදනා කරනු ඇත.   Continue reading නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ