වන්නි හත්පත්තුව වෙනස් කළ රේල්පාර

වන්නිකරය මැදින් උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා එවකට බාර වී තිබුණේ “ඩන්ස්ටන් මුලර්” ට යි. උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා වන්නියේ ජනතාව කම්කරුවන් ලෙස බඳවා ගැනීමත් සමඟ කාලාන්තරයක් තිස්සේ ස්ථාපිතව පැවති විවිධ අදහස්, මතවාද හා සාම්ප්‍රදායන්ට එරෙහිව නව ධනවාදී සබඳතා බිහි කරමින් වන්නිකරයේ ජනතාවගේ ජන ජීවිතයේ සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් ඇති වූ බව දැකිය හැකිය. ධූමරථ මාර්ගය ඉදිකිරීම සමග යටත් විජිත ඒකාධිකාරයට නතුවී ශ්‍රම විභජනය සිදුවන බැවින් එවකට ගම් පාලනය කළ රදල පැලැන්තිය සතු බලය ක්‍රමිකව හීන වී යන ස්වභාවයක් ද හඳුනාගත හැකිය. Continue reading වන්නි හත්පත්තුව වෙනස් කළ රේල්පාර

කල්තියා දැනුම් දුන් මරණය “කරුමක්කාර” කතාවක්ද?

පාඨකයා සන්තියාගෝ නසාර්ට මියයාමට හේතුවූ කාරණය නිශ්චිත කරුණු ලෙස දැන ගන්නේ තුන්වන පරිච්ඡේදයේදීය. එය සිදුවන්නේ ඇන්ජෙලා විසින් තම කුමරි බඹසර සිදලූ පුද්ගලයා සන්තියාගෝ නසාර් බව පවුලේ සාමාජිකයන්ගේ තර්ජනය හමුවේ ප්‍රකාශ කිරීමෙනි. එතැන් පටන් දිගහැරෙන්නෙ පවුලේ ගෞරවය රැකගනු පිණිස ඇන්ජෙලාගේ වැඩිමහල් සහෝදරයන් වන පැබ්ලෝ සහ පේද්‍රෝ විකාරියෝ, සන්තියාගෝ නසාර්ව ඝාතනය කිරීමට තීරණය කිරීම, සූදානම් වීම, එය ප්‍රසිද්ධියට පත් කිරීම සහ එම අනාවැකි දක්වා තිබූ මරණය වලක්වාලීමට කිසිවෙකු සක්‍රීයව ඉදිරිපත් නොවීමේ තතුය. Continue reading කල්තියා දැනුම් දුන් මරණය “කරුමක්කාර” කතාවක්ද?

ඇස්බැන්දුම්!

සමාජ මාධ්‍ය තුළ ජය කෙහෙළි නංවමින් වෙනස්ම ආකාරයේ ජීවිතයක් මවා පෙන්වන්නන් මෙන්ම, සමාජයේ සෙලිබ්‍රිටි පන්නයේ ජීවිත ගත කරන, ඒවා නඩත්තු කරන්නට හෘද සාක්ෂියක් නොමැත්තන් සේ ක්‍රියා කරන මිනිසුන්ගේ අඳුරු ජීවිත කතාවන් මේ වන විට බොහෝ සමාජ මාධ්‍ය ලියවිලි ඔස්සේද, කලාකෘති ඔස්සේද නිතර කියවන්නට ලැබේ. එහෙත් අදටත් එවන් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් මතින් මධු බඳුන් පුරවාගෙන මත්ව, තමන්ගේ ජීවිතයේ පත් ඉරු කපා කොටා විනාශ කරගන්නාවූ පිරිස් හිඟ නැත. Continue reading ඇස්බැන්දුම්!

විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

විභූතිභූෂණ නවකතාව තුළ පෙන්වා දෙන කරුණ නම් ඉන්දියාවේ වන විනාශය නොහොත් වනාන්තර එළිපෙහෙළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීමක් සිදු නොවුණේ නම් ජනයාගේ නැසීයාම හෙවත් ගිරිධාරිලාල් වැනි අයට සියල්ල පසෙකලා සිය මූලික අවශ්‍යතා සපුරාලීම සෑම කාලයකටම පොදු න්‍යාය පත්‍රයක් වන බවයි. මානවකේන්ද්‍රීය පුද්ගල චින්තනය තුළ සොබා දහම සහ සතුන් මිනිසුන්ගෙන් දැඩි ලෙස වෙන් කරනු ලබන අතර මෙහිදී පුද්ගලයන් සොබා දහමේ විවිධත්වය තේරුම් ගන්නා ආකාරයක් දැකිය නොහැකිය. Continue reading විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

අතුරුදන් වූවන් සොයන ලූනා.

ඒ සෙවීම වදනින් වදන, ඡේදයෙන් ඡේදය, චැප්ටරයෙන් චැප්ටරය දිග හැරෙන්නේ අපූර්වත්වයකිනි. සන්දනා පොන්නම්බලම් ගැන අප තුළ ඇඳෙන චිත්ත රූප අප්‍රමාණය. ඊටත් වඩා ලූනා ඇගේ චාරිකාවේ ක්ෂිතිය තුළ අප රැගෙන යන්නේ ඇය මෙන්ම අවිනිශ්චිත හැඟීමක් තුල අප ද ගිල්වමිනි.
ඒ සාගාව හුදෙක් සෞන්දර්යාත්මක සැරියක් නොවේ. මිනිස් ජීවිත තුළ දරන්නට වන කම්පාවන්, අහිමිවීම්, යුද්ධය මෙන්ම අනෙකුත් යථාර්ථයන් යම් ශෝකී තානයකින් අපව බඳවයි. Continue reading අතුරුදන් වූවන් සොයන ලූනා.

භූගත ගංගාව

කපිල කුමාර කාලිංග විසින් යථා සිද්ධියට වඩා පරිකල්පනයට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය කරන ලද “අදිසි නදිය” නම් ප්‍රබන්ධයෙන් සමස්තයක් වශයෙන් සමාජ දේශපාලනික කතිකාවක් පාඨකයා ඉදිරියේ නිර්මාණය කරන ආකාරයක් දැකිය හැකිය. කල්පිත නගරයක නාමික අනන්‍යතාවයකින් තොරව ජීවත්වන ජනයා අත්විඳින්නා වූ දුෂ්කරතාවයන්ට එරෙහිව හඬක් නැගීමට පවා නොහැකි වී තිබෙන්නේ ද පවත්නා දේශපාලන බල අධිකාරිත්වය හේතුවෙනි. Continue reading භූගත ගංගාව

වික්ටර් සූරතිස්සගේ අතීතාවර්ජනය

බබා හේනයා නොහොත් වික්ටර් සූරියතිස්ස යනු තමාගේ ජීවිතය පිළිබඳව සමාජමය අවබෝධයක් සහිතව තම කුලයේ පීඩිතභාවය වෙනුවෙන් හෝ ඒ ක්‍රමයට එරෙහිව චින්තනමය අභියෝගයක් හෝ කළ අයකු නොවේ. කුලභේදය සහිත සමාජ විෂමතාවය තුළ අතීත මතකයන් පිළිබඳ ඔහු තුළ උපදින්නේ කළකිරීමකට වඩා, තමා සිතින් මකා දැමූ අතීතය පිළිබඳව මතකාවර්ජනයකි. Continue reading වික්ටර් සූරතිස්සගේ අතීතාවර්ජනය

පාරිශුද්ධත්වය හා පාපය: ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වය

මිනිත්තු එකොළහේ කතන්දරයෙහි එන මරියා වූ කලී ශුද්ධ වූ බයිබලයෙහි එන මරියා හෙවත් මාතෘත්වයේ සංකේතය වූ කන්‍යා මරියතුමියත්, යේසුස් වහන්සේගේ දෙපා කඳුළින් දොවා කෙස් වැටියෙන් පිස දැමූ බව කියැවෙන මරියා මග්දෙලේනා නම් වෛශ්‍යාවත් සංකේතවත් කරන්නාවූ “පාරිශුද්ධත්වය හා පාපය” යන ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වයෙන් ගොඩනැගුණු ගැහැනියකගේ නිරූපණයක් ලෙසද විචාරකයන් පෙන්වා දෙයි. Continue reading පාරිශුද්ධත්වය හා පාපය: ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වය

අද්භූත ආගන්තුකයා

සංසාරාරණ්‍යය අසබඩ කෘතිය ග්‍රාම ව්‍යුහවාදීව කියවිය යුතු විශ්ලේෂණාත්මක හරයක් සහිත නවකතාවකි. එනම් ගම ව්‍යුහ පද්ධතියක් වශයෙන් ගොඩනඟන ලද, ගොතන ලද ප්‍රබන්ධ පද්ධතියක් වටා ගමෙහි ඉතිහාසය, වර්තමානය, අනාගතය, පරිකල්පනය හෙවත් ගමක් යන ව්‍යුහය පවත්වා ගන්නා ආකාරය සංසාරාරණ්‍ය අසබඩ කෘතිය තුළින් හඳුනාගත හැකිය. Continue reading අද්භූත ආගන්තුකයා

ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පුරුෂයා ගන්නා අසාර්ථක උත්සාහය

ඉහළ මැද පන්තික තරුණියක වන අරුණි, ගැහැනියක හා පිරිමියකු අතර ශරීර දෙකක් එකතු වනවාට වඩා දෙයක් සොයයි. එනම්, ඉහළ මැදපාන්තික ගැහැනිය ආදරයේ භාෂාව තුළින් ආදරය කිරීමට සිතක් සොයා යන මොහොතක, ග්‍රාමීය පිරිමියා ආදරය තුළින් හඹා යන්නේ ස්ත්‍රී ශරීරයයි. මෙම විරුද්ධාභාසය හරහා ඇයගේ චරිතය වඩාත් අධිනිශ්චය වෙයි. Continue reading ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පුරුෂයා ගන්නා අසාර්ථක උත්සාහය

යටත්විජිතහරණයට මගපෙන්වන සූක්ෂ්ම ප්‍රවේශයක්

අචෙබේ සරල නමුත් විචිත්‍රවත් භාෂාවක් භාවිත කරන කතුවරයෙකි.  ඔහුගේ වාග් ශෛලියේ ඉග්බෝ හිතෝපදේශ සහ ජනප්‍රවාද ඇතුළත් වන අතර, නවකතාව අව්‍යාජ යැයි හැඟෙන ලෙස ඉග්බෝ ජීවන රටාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් පාඨකයන්ට ලබා දෙයි. ඒ අතරම, අචෙබේ ඉග්බෝ සමාජය තුළ ඇති අඩුපාඩු සහ යටත්විජිතවාදයේ විනාශකාරී බලපෑම් යන ද්විකාරණයන්ම විවේචනය කරයි. Continue reading යටත්විජිතහරණයට මගපෙන්වන සූක්ෂ්ම ප්‍රවේශයක්

සුඛාන්තන් මන්දිරයේ සංක්‍රාන්තිය

කතාව තුළ කුලය යන සාධක ඉස්මතු කරන්නේ කරුපන් මාමා නම් චරිතය කේන්ද්‍රකරගෙන. අර්ජුන් කරුපන්ට ‘කරුපන් මාමා’ ලෙස ආමන්ත්‍රණය කරනවා. අඩු කුලයක උපන් කරුපන්ට මෙම ආමන්ත්‍රණය විස්මය දනවන්නක් වෙනවා. එහි භයානක වටපිටාව දකිනවා. ආගම තුළින් ද සමාජය තුළින් තුළින් ද මෙයට එල්ලවන අනේකවිද ප්‍රතිවිපාක කරුපන් අර්ජුන්ට පැහැදිලි කරනවා. Continue reading සුඛාන්තන් මන්දිරයේ සංක්‍රාන්තිය

“කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්

ලාංකේය සමාජ සහ සංස්කෘතික ව්‍යුහය තුළ ප්‍රේමය සහ ලිංගිකත්වය කියවාගන්නා ආකාරය එකිනෙකට වෙනස් ය. ගතානුගතික සංස්කෘතික සමාජය තුළ ප්‍රේමය උතුම්කොට සලකමින් පූර්ව-වෛවාහක ලිංගික සේවනය ප්‍රතික්ෂේප කළ අතර, කාන්තාවකගේ කන්‍යාභාවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූ බව දැකිය හැකිය. වර්තමාන සමාජය තුළ ද අඩු වැඩි වශයෙන් මෙකී ලක්ෂණය පවතින බව දැකිය හැකි මුත් අද වන විට ප්‍රේමය හුදෙක් ලිංගික ගණුදෙනුවකට සීමාවූවක් බවට පත් ව ඇත. Continue reading “කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්

සඳට රහසක් කියූ මව

ඇයගේ නවකතාවල මා දකින තවත් විශේෂත්වයක් වන්නේ ඥාති සම්බන්ධතා නොපවතින බාහිර පුද්ගලයින් නවකතාවේ ප්‍රධාන චරිතවලට සමීපවන ආකාරය පෙන්නුම් කිරීමයි. අප එදිනෙදා ජීවිතය ගත කරද්දී පවා ඔබටද මෙවන් අත්දැකීම් පවතිනවාට සැක නැත. ස්වකීය පවුලේ සහ ඥාති හිතමිත්‍රාදීන් පසෙක සිටියදී, තමන්ගේ පවුලේ අය මෙන් සලකන සද්ගුණවත් මිනිස්සු මේ සමාජයේ කොතෙකුත් ඉන්නවා. Continue reading සඳට රහසක් කියූ මව

“මගියා” සමඟ  මගියෙකුව

මගියා නවකතාවෙන් විවරණය කරන්නේ දේවාන් නැමැති ප්‍රේමවන්තයාගේ ජීවන අන්දරයයි. දේවාන් ප්‍රේම කළේ තම පෙම්වතියට පමණක් නොවේ. තම බිරිඳට ද පමණක් නොවේ. තම දරු මුණුපුරන්ට ද පමණක් නොවේ. මුළු මහත් සමාජයටම ඔහු ප්‍රේම කළ’යුරු මගියා අපට අපූරුවට හෙළිදරව් කරයි. Continue reading “මගියා” සමඟ  මගියෙකුව

රවීන්ද්‍රනාත් තාගෝර්ගේ “ද හෝම් ඇන්ඩ් ද වර්ල්ඩ්” කෘතිය පිළිබඳ විමසුමක්

නවකතාව පුද්ගලික පක්ෂපාතිත්වය සහ දේශපාලන රාජකාරිය අතරවන ඝට්ටනය  ගවේෂණය කරයි. නිඛිල් සමඟ බිමලාගේ සබඳතාවය ජාතිකවාදී අරමුණට සම්බන්ධ වීමෙන් පරීක්ෂාවට ලක් වන අතරම, ඇගේ අභ්‍යන්තර අරගලය පුද්ගලික සහ දේශපාලන පක්ෂපාතීත්වය අතර ප්‍රබල ගැටුමක් සඳහා රූපකයක් බවට පත්වෙයි. නිඛිල්ගේ චිත්තවේගීය පාවාදීම නොතකා බිමලා කෙරෙහි ඇති නොසැලෙන ආදරය, සන්දීප් විසින් ඔහුගේ දේශපාලන වාසි තකා ඇගේ හැඟීම් නරුම ලෙස හසුරුවා ගැනීම හා වෙනස් වේ. Continue reading රවීන්ද්‍රනාත් තාගෝර්ගේ “ද හෝම් ඇන්ඩ් ද වර්ල්ඩ්” කෘතිය පිළිබඳ විමසුමක්

නොලියැවුණු වීරයන්ගේ කතාව

ග්‍රාමීය ජන ජීවිතයේ අපූරු නවාතැන් රැසක් රසවත් පරිච්ඡේද කිහිපයක් ඔස්සේ චුට්ටා තුළින් නිරූපණය කෙරේ. කතුවරයා, දරිද්‍රතාවය විසින් යටත් කරගන්නා ලද චුට්ටාගේ පවුල තුළ සිදුවන අනේකවිධ හැලහැප්පීම් ඉදිරිපත් කරන්නේ ඉතා රසවත් සරල භාෂාවකිනි. Continue reading නොලියැවුණු වීරයන්ගේ කතාව

විශ්වය පුරා සැරිසරන ආදරය

මෙහිදී සසඳරාගේ අප්පච්චි පවසන ප්‍රකාශය සමග කෙනෙකුට එකඟ විය හැකි අතර කෙනෙකුට එයට එකඟ නොවී ප්‍රශ්න කිරීමටද හැකිය. පුද්ගලයින් වශයෙන් තනි තනි ව්‍යායාම ඔස්සේද රටක් මෙන්ම පොදු සමාජ ආකල්පද වෙනස් කළ හැකි බව පිළිගත හැකිය. නමුත් එය හුදෙක් හුදෙකලාවම සිදු කළ නොහැකි කටයුත්තකි. තනි තනි පුද්ගලයින් වශයෙන් සමාජයක් වෙනස් කරන්නටද යම්කිසි පුද්ගල කණ්ඩායමක එකමුතුවක් අවශ්‍ය වේ. Continue reading විශ්වය පුරා සැරිසරන ආදරය

ප්‍රංශ-ජර්මානු යුද්ධයට මැදි වූ පරිත්‍යාගයක ශාපය

ප්‍රංශයේ පමණක් නොව මෙම කාරණය පොදුවේ සෑම ප්‍රභූ පිරිසක් සතුවම පවතින පොදු කරුණකි. නමුත් විපතකට පත් වූ අවස්ථාවකදී සමාජ ස්තරායන කරුණු වියැකී යාම ආයාසයකින් තොරව සිදු වන්නකි. මුලදී යම් අකැමැත්තක් පෑවද, අවසානයේ තෙල් බෝලය සමග ආහාර ගැනීමට ප්‍රභූ පිරිස පෙලඹෙන්නේද එබැවිනි. නමුත් එම සාමානාත්මතාව පිළිබඳ හැඟීම ප්‍රභූන් තුළ පවතින්නේ දියෙහි එබූ රබල් බෝලයක් පරිද්දෙනි. Continue reading ප්‍රංශ-ජර්මානු යුද්ධයට මැදි වූ පරිත්‍යාගයක ශාපය

රන්මැණිකා සහ සිතිල අතර දළුලන නෑඹුල් ප්‍රේම යාත්‍රාව

රොට වැව, අනුරාධපුරය, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර දෝලනය වන කතන්දරයේ මේ සියලු සිදුවීම් එක්ක අප ද රොට වැව ගියාක් මෙන් දැනුණු වාර අනන්තයි. එම පරිසරයේ හැටි කතුවරයා ඉතා අලංකෘතව සටහන් කර තිබෙන අයුරු කියවන කල, බොහෝ කල් විදෙස්ගතව කල් ගත කලද ඔහු තුළ තම ගම් ඉසව්ව පිළිබඳ ව ඇති දැනුම් සම්භාරය බොහෝ බව වැටහේ. Continue reading රන්මැණිකා සහ සිතිල අතර දළුලන නෑඹුල් ප්‍රේම යාත්‍රාව

නිසලව සිටි ගිරගද සසල කළ ෆිලොමිනාගේ අන්දරය

තම මවට අතිශයින් ආදරය කළ ජයදිත්‍ය ඇය ස්ත්‍රියක වශයෙන් විඳි වේදනාව දුටුවේය. සමාජයෙහි ස්ත්‍රියකව උපත ලැබීමෙන් අත්වන ඛේදය වඩාත් ප්‍රබලව ඉස්මතු වන්නේ සුකිනාවතීගේ චරිතයෙන් නොව නවකතාවේ පසුව අපට හමුවන ෆිලොමිනාගේ චරිතයෙනි. Continue reading නිසලව සිටි ගිරගද සසල කළ ෆිලොමිනාගේ අන්දරය

“මට සල්ලි තිබුණා නම් ‘මකරානන්දය’ ටෙලි නාට්‍යයකට නඟනවා” – විරාජිනී තෙන්නකෝන්

මගේ අතින් ලියැවෙන නිර්මාණවලදී වගේම මම කියවන්නට කැමති සාහිත්‍යමය නිර්මාණ තෝරා ගැනීමේදීත් මම වඩාත් සැලකිලිමත් වන්නේ සම්පූර්ණ නිර්මාණයම එක මිටට ගත් විට එහි ඇති නෑඹුල් අපූර්වත්වයේ ගිනිකණ වැටෙනසුලු බවටම පමණයි. Continue reading “මට සල්ලි තිබුණා නම් ‘මකරානන්දය’ ටෙලි නාට්‍යයකට නඟනවා” – විරාජිනී තෙන්නකෝන්