ළසෝ දියවෙන භුමිය

චේරන්ගේ කවිවලින් මතුවන සහෝදර ජනයාගේ අහිමිවීම විදහා දක්වන ‘ළසෝ දියවෙන භුමිය‘ නැමැති චේරන්ගේ තෝරාගත් කවි ඇතුළත් කෘතිය මෙවැනි යුගයක සිංහලට පරිවර්තනය කරමින් සංජුලා පිටර්ස් ගත් උත්සාහය අප අගය කලයුතු වන්නේ ඇයිද යන්නත් විමසා බැලිය යුත්තක්. දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රචණ්ඩකාරී ලෙස පැතිර ගිය සමයක හැදී වැඩුණු චේරන්ගේ කාව්‍යකරණය වඩාත් මුවහත් වන්නේ එවකට පැවති ආණ්ඩුව යාපනය පුස්තකාලය ගිනි තැබීමත් සමඟමයි. Continue reading ළසෝ දියවෙන භුමිය

කල්තියා දැනුම් දුන් මරණය “කරුමක්කාර” කතාවක්ද?

පාඨකයා සන්තියාගෝ නසාර්ට මියයාමට හේතුවූ කාරණය නිශ්චිත කරුණු ලෙස දැන ගන්නේ තුන්වන පරිච්ඡේදයේදීය. එය සිදුවන්නේ ඇන්ජෙලා විසින් තම කුමරි බඹසර සිදලූ පුද්ගලයා සන්තියාගෝ නසාර් බව පවුලේ සාමාජිකයන්ගේ තර්ජනය හමුවේ ප්‍රකාශ කිරීමෙනි. එතැන් පටන් දිගහැරෙන්නෙ පවුලේ ගෞරවය රැකගනු පිණිස ඇන්ජෙලාගේ වැඩිමහල් සහෝදරයන් වන පැබ්ලෝ සහ පේද්‍රෝ විකාරියෝ, සන්තියාගෝ නසාර්ව ඝාතනය කිරීමට තීරණය කිරීම, සූදානම් වීම, එය ප්‍රසිද්ධියට පත් කිරීම සහ එම අනාවැකි දක්වා තිබූ මරණය වලක්වාලීමට කිසිවෙකු සක්‍රීයව ඉදිරිපත් නොවීමේ තතුය. Continue reading කල්තියා දැනුම් දුන් මරණය “කරුමක්කාර” කතාවක්ද?

විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

විභූතිභූෂණ නවකතාව තුළ පෙන්වා දෙන කරුණ නම් ඉන්දියාවේ වන විනාශය නොහොත් වනාන්තර එළිපෙහෙළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීමක් සිදු නොවුණේ නම් ජනයාගේ නැසීයාම හෙවත් ගිරිධාරිලාල් වැනි අයට සියල්ල පසෙකලා සිය මූලික අවශ්‍යතා සපුරාලීම සෑම කාලයකටම පොදු න්‍යාය පත්‍රයක් වන බවයි. මානවකේන්ද්‍රීය පුද්ගල චින්තනය තුළ සොබා දහම සහ සතුන් මිනිසුන්ගෙන් දැඩි ලෙස වෙන් කරනු ලබන අතර මෙහිදී පුද්ගලයන් සොබා දහමේ විවිධත්වය තේරුම් ගන්නා ආකාරයක් දැකිය නොහැකිය. Continue reading විභූතිභූෂණ සහ ‘ආරණ්‍යක්’

අතුරුදන් වූවන් සොයන ලූනා.

ඒ සෙවීම වදනින් වදන, ඡේදයෙන් ඡේදය, චැප්ටරයෙන් චැප්ටරය දිග හැරෙන්නේ අපූර්වත්වයකිනි. සන්දනා පොන්නම්බලම් ගැන අප තුළ ඇඳෙන චිත්ත රූප අප්‍රමාණය. ඊටත් වඩා ලූනා ඇගේ චාරිකාවේ ක්ෂිතිය තුළ අප රැගෙන යන්නේ ඇය මෙන්ම අවිනිශ්චිත හැඟීමක් තුල අප ද ගිල්වමිනි.
ඒ සාගාව හුදෙක් සෞන්දර්යාත්මක සැරියක් නොවේ. මිනිස් ජීවිත තුළ දරන්නට වන කම්පාවන්, අහිමිවීම්, යුද්ධය මෙන්ම අනෙකුත් යථාර්ථයන් යම් ශෝකී තානයකින් අපව බඳවයි. Continue reading අතුරුදන් වූවන් සොයන ලූනා.

පාරිශුද්ධත්වය හා පාපය: ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වය

මිනිත්තු එකොළහේ කතන්දරයෙහි එන මරියා වූ කලී ශුද්ධ වූ බයිබලයෙහි එන මරියා හෙවත් මාතෘත්වයේ සංකේතය වූ කන්‍යා මරියතුමියත්, යේසුස් වහන්සේගේ දෙපා කඳුළින් දොවා කෙස් වැටියෙන් පිස දැමූ බව කියැවෙන මරියා මග්දෙලේනා නම් වෛශ්‍යාවත් සංකේතවත් කරන්නාවූ “පාරිශුද්ධත්වය හා පාපය” යන ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වයෙන් ගොඩනැගුණු ගැහැනියකගේ නිරූපණයක් ලෙසද විචාරකයන් පෙන්වා දෙයි. Continue reading පාරිශුද්ධත්වය හා පාපය: ප්‍රතිවිරෝධී මනෝභාවයන්ගේ ඒකීයත්වය

පුරුෂමූල ආස්ථාන මත හෙලන මිටි පහරක්

කුරුල්ලාගේ පියාසැරිය බිරිඳගේ නිදහස සඳහා ඇති හදිසි අවශ්‍යතාවයට සමාන්තරය. ඇගේ ස්වාමිපුරුෂයා ඇයව කූඩුකර ගෘහාශ්‍රිත කිරීමට උත්සාහ දරන විට ඇයට ඉන් පළායාමක් නොමැත. ඒ සමගම ඈ සතු පියාසර කිරීමේ  සහජ ආශාව  ක්‍රමක්‍රමයෙන් වියැකී යනු ඇත. ඔහුගේ තේ වලට සකුරු එක්කර නියමිත වේලාවට විටමින් බෙහෙත් ලබාදීමෙන් ඔහුට ඇය නිතිපතා හා සදාකාලිකව සේවය කරනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. Continue reading පුරුෂමූල ආස්ථාන මත හෙලන මිටි පහරක්

ජපන් සංස්කෘතියට එබෙන කවුළුව

කෘතියේ එන ‘එකට එක’ හා ‘මී පැණි මුට්ටියට වහ වැටුණු හැටි’ යන කතා තුළින් එක ඉක්ක්‍යු සං නම් සාමණේර භික්ෂුවගේ කතා හමුවේ. මේ තුළ සෙන් කතාවල ආභාසයත්, මහායාන දර්ශනයේ පිළිබිඹුවක් ද දැක ගත හැක. Continue reading ජපන් සංස්කෘතියට එබෙන කවුළුව

බලාපොරොත්තුව, අධිෂ්ඨානය සහ ආදරයේ කල්පවත්නා බලය

මහලු මිනිසා සහ බල්ලා යනු චරිත පමණක් නොව මානව ගුණාංගවල ප්‍රතිමූර්තියකි. මහලු මිනිසා විඳදරාගැනීම, අධිෂ්ඨානය සහ පරාර්ථකාමීත්වය නියෝජනය කරන අතර බල්ලා පක්ෂපාතීත්වය සහ ජීවිතයට අරුතක් ලබා දෙන චිත්තවේගීය සම්බන්ධතාවය සංකේතවත් කරයි. දෙදෙනා අතර ඇති සම්බන්ධය මුදු මොළොක් හා ගැඹුරින් චලනය වන අතර, ජීවිතයේ දුෂ්කරතා හරහා අපව නඩත්තු කරන අත්‍යවශ්‍ය බලවේගයක් ලෙස සහචරය නිරූපණය කරයි. Continue reading බලාපොරොත්තුව, අධිෂ්ඨානය සහ ආදරයේ කල්පවත්නා බලය

“මාඕගේ දේශපාලන විප්ලවය තරම්ම ඉන්ටර්නෙට් විප්ලවයත් චීනයට බලපෑවා” – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

මා මුලින් මා ඕ සේතුංගේ දේශපාලන විප්ලවයත්, ජැක්මා හා සමානව නැගී එමින් සිටි තරුණ ව්‍යවසායකයින්ගේ ඉන්ටනෙට් විප්ලවයත් චීනයට ලබා දුන් වෙනස්ම මුහුණුවරත්, ඒ තුළ පෙරළියකට ලක් වූ සමාජ විපර්යාසයත් මෙතනදී මට මහත් හැඟීමක් ලබා දුන්නා. අනිත් අතට ශ්‍රී ලංකාව තුළ පවා ඇති වී තිබෙන අන්තර්ජාල භාවිතාව හමුවේ මේ කෘතිය කිසියම් විදියක මාර්ගෝපදේශකත්වයක් මෙරට පාඨකයින්ට ලබා දේවි යැයි මට සිතුණා. Continue reading “මාඕගේ දේශපාලන විප්ලවය තරම්ම ඉන්ටර්නෙට් විප්ලවයත් චීනයට බලපෑවා” – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

ඇහැරුණු පොඩි මකරා

ජැක් මා චීනය තුළ බිහි කළේ පෙර නොවූවිරූ දෙයක් නොවේ. ඒ 1994 වොෂිංටන්හි දී ඇරඹුණු ඇමසොන් (Amazon) සහ 1995 කැලිෆෝර්නියාවේ දී ඇරඹුණු ඊබේ (eBay) සිදුකළ දෙයමය. එහෙත් ඔහුට එය චීනයේ කළ හැකි වීමම විශිෂ්ට ජයග්‍රහණයක් වන්නා සේම, කෙටි කලකින්ම එය ආසියාව තුළ ඇමසොන් සහ ඊබේ සමග තරගයක් දිය හැකි මට්ටමකට ව්‍යාප්ත කළ හැකිවීම උනන්දුව දනවනසුලුය. ජැක් මා ඒ ආශ්චර්යය කළේ කෙසේද? Continue reading ඇහැරුණු පොඩි මකරා

ස්වාධීනත්වය අහිමිවූ 19වැනි සියවසේ ඇමරිකානු ජීවිතය

ඔලෙන්ස්කා ලෙසින් බර්නි දසනායක සිංහලයට පරිවර්තනය කළ, 1921 වසරේ පුලිට්සර් සම්මානය දිනාගත් ඊඩිත් වෝර්ටන්ගේ The Age of Innocence කෘතිය, පිටු 430 පුරා, 19වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පැවති ආචීර්ණ කල්පික සම්ප්‍රදායික ජීවන රටාව, පන්ති භේදය, කුල භේදය, ධනවාදය, ස්ත්‍රීවාදය මෙන්ම සරල රේඛාවක ඈදෙන තුන්කොන් ප්‍රේමයක ත්‍රිකෝණික අංශවල සීරුමාරුව, ප්‍රේමයට ලබා දෙන නිර්වචනය මෙන් ම පරිත්‍යාගශීලී ප්‍රේමයේ වූ පරම පවිත්‍රත්වය උද්දීපනය කර පෙන්වන නිර්මාණයකි. Continue reading ස්වාධීනත්වය අහිමිවූ 19වැනි සියවසේ ඇමරිකානු ජීවිතය

අමුතු සන්ධ්‍යාවක, කඳුළු පනින කොමඩිය: ඩේවිඩ් ග්‍රොස්මන්ගෙන් හදවතට බර පාපොච්චාරණයක්!

මෙසේ මෙම අවුල් ජාලය කියවමින් සිටින පාඨක අපට, දොවාලේ ජීගේ කදුළු පනින කොමඩි නාටකය සැබවින්ම හදවතට බර පාපොච්ඡාරණයක් බව, ආත්මානුකම්පාවේ පසුතල චිත්‍රය, වේදිකාවේ එල්වූ සරදමක තිර රෙදි වලින් වසා ඉදිරිපත් කරනා දුක්ඛාලාපයක් බව ක්‍රමයෙන් පසක් වෙයි. Continue reading අමුතු සන්ධ්‍යාවක, කඳුළු පනින කොමඩිය: ඩේවිඩ් ග්‍රොස්මන්ගෙන් හදවතට බර පාපොච්චාරණයක්!

තිමිරෙන් එතෙර හිඳ අපට අඬගසන ටම්බා.

මිනිසා කෙතරම් ශිෂ්ටාචාරවත් යැයි පැවසුව ද, තවමත් ඉහළ අදෘශ්‍යමාන බල සහිත ජීවියෙකුට, යම් නීතියකට හෝ කිනම් හෝ හෙජමොනියකට නතු වී සීටිමේ කැමැත්ත කතාව පුරාම මතු කර පෙන්වයි. එය විටෙක කැලෑවෙ නීතිය හෝ බලසම්පන්න දෙවියන් වහන්සේ කෙනෙකු විය හැකි ය. Continue reading තිමිරෙන් එතෙර හිඳ අපට අඬගසන ටම්බා.

පශ්චාත් යථාර්ථවාදී ප්‍රවේශයක්: හොර පොල්කිච්චා

යථාර්ථය, ඉන් ඔබ්බට ගිය පශ්චාත් යථාර්ථවාදයක් ඔස්සේ මතු කරන්නට ඔහු උත්සහ දරනවා. හැබැයි ඔහුගේ පොත්වල අපි දකින මායා යථාර්ථවාදය සමස්ත පොදු කුලකයේ මායා යථාර්ථවාදි මෙන් ම අධියථාර්ථාදි පොත්වලින් වෙනස් වෙනවා. හොර පොල්කිච්චා අධියථාර්ථවාදය හා මායා යථාර්ථවාදය වෙනස් ලෙස යොදා ගත්ත පොතක්. Continue reading පශ්චාත් යථාර්ථවාදී ප්‍රවේශයක්: හොර පොල්කිච්චා

අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?

අපි එකිනෙකාට වෙනස් වූ අත් දැකීම් සහ විඳීම් සමුදායක් තියෙනවා. ඒවා අපි අපිට කැමැති ලෙස හෝ අපිව පුරුදු කළ ලෙස හෝ අපේ පැවැත්ම පිණිස අවශ්‍ය ලෙස අපි ඉදිරිපත් කරනවා. අන්න ඒ පොදු ධර්මතාවය වටහා ගෙන තමා මම අද මේ ගැන කතා කරන්නේ.  Continue reading අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?

හරුකි මුරකමි : පුද්ගල හුදෙකලාව සහ දූරස්ථභාවය

පුද්ගලයා හුදෙකලා වීමත් සමග ඔහු හා සමාජය අතර සම්බන්ධතා දුරස් වෙනවා. මෙම කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් කෙටිකතා 07 තුළින් ම මුරකමි අපට පවසන්න උත්සාහ කරන්නේ හුදෙකලාව පිරිමි ජීවිත කේන්ද්‍ර කරගැනීමේ විශේෂත්වය යි. ඒ අනුව ආදරයෙන් පැරදුණු වෛද්‍යවරු, ශිෂ්‍යයන්, රියැදුරන්, අනියම් විවාහක පෙම්වතුන්, නළුවන්, තැබෑරුම් හිමියන් සහ කෆ්කාගේ ග්‍රෙගෝර් සම්සා වැනි චරිතත් අපට හමුවෙනවා. Continue reading හරුකි මුරකමි : පුද්ගල හුදෙකලාව සහ දූරස්ථභාවය

වර්ණවතුන් අතර අවර්ණයා, ‘සුකුරු ටසාකි’

උසස් අධ්‍යාපනයට පිවිසෙනතුරු මේ අය හිටියේ එකට. හදිසියේ සුකුරු මේ පුරුකෙන් ගැළවෙනවා. නැත්නම් මිතුරු නඩය ඔහුව එක්වර ගලවලා විසිකරනවා. ඔහුට දරන්න අමාරුයි ඒක. ඔහු හුදකලා වෙනවා. කෙට්ටු වෙනවා. සාමාන්‍ය සමාජයේ විරහව විඳින අයට මානසිකව වගේම කායිකව වන බලපෑම සුකුරුටත් වෙනවා. Continue reading වර්ණවතුන් අතර අවර්ණයා, ‘සුකුරු ටසාකි’

ටෝරු වටනාබේගේ අතීතාවර්ජනය

කතුවරයා ආරම්භයේදීම අපට ලබා දෙන්නේ නවකතාවේ අවසානය පිළිබඳ ඉඟියක්ද? ජපානය හා සම්බන්ධ ආදර කතා ඛේදාන්තයකින් අවසන් වන බවට අප මනස තුළ තැන්පත්ව ඇති මතය මෙහිදී කරළියට පැමිණෙනවා. නමුත් කතුවරයා නවකතාව අවසන් කරන්නේ පාඨකයා බලාපොරොත්තු නොවන අවසානයකින්. Continue reading ටෝරු වටනාබේගේ අතීතාවර්ජනය

හරුකි මුරකමි: පරිපූර්ණත්වය යනු කුමක්ද?

ඇයට අවශ්‍යයි සැමියාගේ ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, අවධානය, ආරක්ෂාව. නමුත් ඇයට ඒ දේවල් අහිමියි. නැත්නම් සුළු හෝ අඩුවක් තිබෙනවා. ඇය සොයනවා ඒ හිඩැස මකන්න විදිහක්. එහි පළයක් විදිහට රාස්සයා පැමිණෙනවා. එතනදී ඇය බයයි රාස්සයා පිළිගන්න. ඇය දැඩිව ප්‍රතික්ෂේප කරනවා රාස්සයා. ඇය තම අත්වලින් කෘර අයුරින් මරා දමනවා රාස්සයාව. Continue reading හරුකි මුරකමි: පරිපූර්ණත්වය යනු කුමක්ද?

හජිමෙ නිරූපණය කරන්නේ ජපන් නිර්ව්‍යාජත්වයද?

මේ කතාව කියවීමේ ලොකුම සතුට යම් තරමකින් ජපානය අත්දැකීම. ආගන්තුක සංස්කෘතියක, පරිසරයක සරන්නට ඉඩ ලැබීම. ඒත් ඒ ආගන්තුක බව කතාවට බාධාවක් වෙන්නේ නැහැ. රසය නැති කරන්නෙත් නැහැ. මුරකමි ඒ සියල්ලටම වඩා ශක්තිමත් කතාවක් ගොඩනඟනවා. කතාව බලවත් වීම තුළ අනිත් නවකතා ශිල්පීය අංග නැත්නම් නවකතා මූලධර්ම අමතක වන බවක් ඉන් අදහස් වෙන්නෙ නැහැ. සියල්ල එකිනෙකට ගැළපී තිබෙනවා. Continue reading හජිමෙ නිරූපණය කරන්නේ ජපන් නිර්ව්‍යාජත්වයද?

“නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන පැටලිලි සහගත මාවත් වගේ” – මොහාන් ධර්මරත්න

පිටු කීපයක් විතරක් කියවීමෙන් පස්සෙ මට තේරුණා දීපා අනප්පරා මේ නවකතාව කරලා තියෙන්නෙ අපි මෙතෙක් කල් සිංහලෙන් නොකියවූ අමුතුම ආඛ්‍යානික රටාවකින් බව. වැඩිහිටියන්ගේ ලෝකය කුඩා කොලුවකුට පෙනෙන හැටි තමයි මේ නවකතාවෙ තියෙන්නේ. වැඩිහිටියා වැඩිහිටි ලෝකය දිහා බලන්නේ රාමුවකට කොටුවෙලා, ඒත් ළමයෙකුට එහෙම රාමු හැදිලා නැහැ. ඔවුන්ට වැඩිහිටි ලෝකය ගැන තියෙන්නෙ වෙනම, නැවුම් අර්ථදැක්වීමක්. හුඟක් වෙලාවට වැඩිහිටියෝ හිතනවා තමන් කරන දේ ළමයින්ට තේරුම්ගන්න බෑ කියල. ළමයි තමුන් තරම් දන්නෙ නෑ කියලත් හිතනවා. ඒවා කොයිතරම් වැරදිද Continue reading “නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන පැටලිලි සහගත මාවත් වගේ” – මොහාන් ධර්මරත්න

මම ‘මුළා මංසලේ’

දැන් ‘මුළා මංසල’ ට යමු. මට එය හැඟෙන්නේ, කොටස් වශයෙනුත් (ඒ කොටස් පරිඡේද ලෙස හැඳින්විය හැකිද?) ඒ ඒ කොටස් තනිවමත් ගත හැකි කතන්දර මාලාවක පැහැදුල් මූර්තියකි. ඒ අතර සබැඳියාව , නොබිඳෙන, නොපෙනෙන සියුම් හුයකින් ඇමිණු දීපාගේ මැජික් යෂ්ටිය, මොහාන් අතට කෙසේ හෝ ලැබී ඇත. Continue reading මම ‘මුළා මංසලේ’