වන්නි හත්පත්තුව වෙනස් කළ රේල්පාර

වන්නිකරය මැදින් උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා එවකට බාර වී තිබුණේ “ඩන්ස්ටන් මුලර්” ට යි. උතුරු දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා වන්නියේ ජනතාව කම්කරුවන් ලෙස බඳවා ගැනීමත් සමඟ කාලාන්තරයක් තිස්සේ ස්ථාපිතව පැවති විවිධ අදහස්, මතවාද හා සාම්ප්‍රදායන්ට එරෙහිව නව ධනවාදී සබඳතා බිහි කරමින් වන්නිකරයේ ජනතාවගේ ජන ජීවිතයේ සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් ඇති වූ බව දැකිය හැකිය. ධූමරථ මාර්ගය ඉදිකිරීම සමග යටත් විජිත ඒකාධිකාරයට නතුවී ශ්‍රම විභජනය සිදුවන බැවින් එවකට ගම් පාලනය කළ රදල පැලැන්තිය සතු බලය ක්‍රමිකව හීන වී යන ස්වභාවයක් ද හඳුනාගත හැකිය. Continue reading වන්නි හත්පත්තුව වෙනස් කළ රේල්පාර

ඇස්බැන්දුම්!

සමාජ මාධ්‍ය තුළ ජය කෙහෙළි නංවමින් වෙනස්ම ආකාරයේ ජීවිතයක් මවා පෙන්වන්නන් මෙන්ම, සමාජයේ සෙලිබ්‍රිටි පන්නයේ ජීවිත ගත කරන, ඒවා නඩත්තු කරන්නට හෘද සාක්ෂියක් නොමැත්තන් සේ ක්‍රියා කරන මිනිසුන්ගේ අඳුරු ජීවිත කතාවන් මේ වන විට බොහෝ සමාජ මාධ්‍ය ලියවිලි ඔස්සේද, කලාකෘති ඔස්සේද නිතර කියවන්නට ලැබේ. එහෙත් අදටත් එවන් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර් මතින් මධු බඳුන් පුරවාගෙන මත්ව, තමන්ගේ ජීවිතයේ පත් ඉරු කපා කොටා විනාශ කරගන්නාවූ පිරිස් හිඟ නැත. Continue reading ඇස්බැන්දුම්!

භූගත ගංගාව

කපිල කුමාර කාලිංග විසින් යථා සිද්ධියට වඩා පරිකල්පනයට ප්‍රමුඛත්වය දෙමින් නිර්මාණය කරන ලද “අදිසි නදිය” නම් ප්‍රබන්ධයෙන් සමස්තයක් වශයෙන් සමාජ දේශපාලනික කතිකාවක් පාඨකයා ඉදිරියේ නිර්මාණය කරන ආකාරයක් දැකිය හැකිය. කල්පිත නගරයක නාමික අනන්‍යතාවයකින් තොරව ජීවත්වන ජනයා අත්විඳින්නා වූ දුෂ්කරතාවයන්ට එරෙහිව හඬක් නැගීමට පවා නොහැකි වී තිබෙන්නේ ද පවත්නා දේශපාලන බල අධිකාරිත්වය හේතුවෙනි. Continue reading භූගත ගංගාව

වික්ටර් සූරතිස්සගේ අතීතාවර්ජනය

බබා හේනයා නොහොත් වික්ටර් සූරියතිස්ස යනු තමාගේ ජීවිතය පිළිබඳව සමාජමය අවබෝධයක් සහිතව තම කුලයේ පීඩිතභාවය වෙනුවෙන් හෝ ඒ ක්‍රමයට එරෙහිව චින්තනමය අභියෝගයක් හෝ කළ අයකු නොවේ. කුලභේදය සහිත සමාජ විෂමතාවය තුළ අතීත මතකයන් පිළිබඳ ඔහු තුළ උපදින්නේ කළකිරීමකට වඩා, තමා සිතින් මකා දැමූ අතීතය පිළිබඳව මතකාවර්ජනයකි. Continue reading වික්ටර් සූරතිස්සගේ අතීතාවර්ජනය

අද්භූත ආගන්තුකයා

සංසාරාරණ්‍යය අසබඩ කෘතිය ග්‍රාම ව්‍යුහවාදීව කියවිය යුතු විශ්ලේෂණාත්මක හරයක් සහිත නවකතාවකි. එනම් ගම ව්‍යුහ පද්ධතියක් වශයෙන් ගොඩනඟන ලද, ගොතන ලද ප්‍රබන්ධ පද්ධතියක් වටා ගමෙහි ඉතිහාසය, වර්තමානය, අනාගතය, පරිකල්පනය හෙවත් ගමක් යන ව්‍යුහය පවත්වා ගන්නා ආකාරය සංසාරාරණ්‍ය අසබඩ කෘතිය තුළින් හඳුනාගත හැකිය. Continue reading අද්භූත ආගන්තුකයා

ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පුරුෂයා ගන්නා අසාර්ථක උත්සාහය

ඉහළ මැද පන්තික තරුණියක වන අරුණි, ගැහැනියක හා පිරිමියකු අතර ශරීර දෙකක් එකතු වනවාට වඩා දෙයක් සොයයි. එනම්, ඉහළ මැදපාන්තික ගැහැනිය ආදරයේ භාෂාව තුළින් ආදරය කිරීමට සිතක් සොයා යන මොහොතක, ග්‍රාමීය පිරිමියා ආදරය තුළින් හඹා යන්නේ ස්ත්‍රී ශරීරයයි. මෙම විරුද්ධාභාසය හරහා ඇයගේ චරිතය වඩාත් අධිනිශ්චය වෙයි. Continue reading ස්ත්‍රියගේ ආශාවේ ප්‍රහේළිකාව විසඳීමට පුරුෂයා ගන්නා අසාර්ථක උත්සාහය

සෙදෝනා

“කොන්කරනව තරන් තවත් ලොකු පාරක් නැහැයි සෙදෝනා හිතුවා. කොන්කරලා, රොඩ්ඩක් වාගෙ අතුගාලා දාලා උන් එකතු වෙලා කනවා. බොනවා. කතා කරනවා. සෙදෝනා එළියේ. කුණු ගොඩේ නිල මැස්සෝ එක්ක.” Continue reading සෙදෝනා

සුඛාන්තන් මන්දිරයේ සංක්‍රාන්තිය

කතාව තුළ කුලය යන සාධක ඉස්මතු කරන්නේ කරුපන් මාමා නම් චරිතය කේන්ද්‍රකරගෙන. අර්ජුන් කරුපන්ට ‘කරුපන් මාමා’ ලෙස ආමන්ත්‍රණය කරනවා. අඩු කුලයක උපන් කරුපන්ට මෙම ආමන්ත්‍රණය විස්මය දනවන්නක් වෙනවා. එහි භයානක වටපිටාව දකිනවා. ආගම තුළින් ද සමාජය තුළින් තුළින් ද මෙයට එල්ලවන අනේකවිද ප්‍රතිවිපාක කරුපන් අර්ජුන්ට පැහැදිලි කරනවා. Continue reading සුඛාන්තන් මන්දිරයේ සංක්‍රාන්තිය

“කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්

ලාංකේය සමාජ සහ සංස්කෘතික ව්‍යුහය තුළ ප්‍රේමය සහ ලිංගිකත්වය කියවාගන්නා ආකාරය එකිනෙකට වෙනස් ය. ගතානුගතික සංස්කෘතික සමාජය තුළ ප්‍රේමය උතුම්කොට සලකමින් පූර්ව-වෛවාහක ලිංගික සේවනය ප්‍රතික්ෂේප කළ අතර, කාන්තාවකගේ කන්‍යාභාවය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූ බව දැකිය හැකිය. වර්තමාන සමාජය තුළ ද අඩු වැඩි වශයෙන් මෙකී ලක්ෂණය පවතින බව දැකිය හැකි මුත් අද වන විට ප්‍රේමය හුදෙක් ලිංගික ගණුදෙනුවකට සීමාවූවක් බවට පත් ව ඇත. Continue reading “කන්දක් සේමා”: විවාහය පිළිබඳ සමාජ කතිකාවතක්

සඳට රහසක් කියූ මව

ඇයගේ නවකතාවල මා දකින තවත් විශේෂත්වයක් වන්නේ ඥාති සම්බන්ධතා නොපවතින බාහිර පුද්ගලයින් නවකතාවේ ප්‍රධාන චරිතවලට සමීපවන ආකාරය පෙන්නුම් කිරීමයි. අප එදිනෙදා ජීවිතය ගත කරද්දී පවා ඔබටද මෙවන් අත්දැකීම් පවතිනවාට සැක නැත. ස්වකීය පවුලේ සහ ඥාති හිතමිත්‍රාදීන් පසෙක සිටියදී, තමන්ගේ පවුලේ අය මෙන් සලකන සද්ගුණවත් මිනිස්සු මේ සමාජයේ කොතෙකුත් ඉන්නවා. Continue reading සඳට රහසක් කියූ මව

“මගියා” සමඟ  මගියෙකුව

මගියා නවකතාවෙන් විවරණය කරන්නේ දේවාන් නැමැති ප්‍රේමවන්තයාගේ ජීවන අන්දරයයි. දේවාන් ප්‍රේම කළේ තම පෙම්වතියට පමණක් නොවේ. තම බිරිඳට ද පමණක් නොවේ. තම දරු මුණුපුරන්ට ද පමණක් නොවේ. මුළු මහත් සමාජයටම ඔහු ප්‍රේම කළ’යුරු මගියා අපට අපූරුවට හෙළිදරව් කරයි. Continue reading “මගියා” සමඟ  මගියෙකුව

නොලියැවුණු වීරයන්ගේ කතාව

ග්‍රාමීය ජන ජීවිතයේ අපූරු නවාතැන් රැසක් රසවත් පරිච්ඡේද කිහිපයක් ඔස්සේ චුට්ටා තුළින් නිරූපණය කෙරේ. කතුවරයා, දරිද්‍රතාවය විසින් යටත් කරගන්නා ලද චුට්ටාගේ පවුල තුළ සිදුවන අනේකවිධ හැලහැප්පීම් ඉදිරිපත් කරන්නේ ඉතා රසවත් සරල භාෂාවකිනි. Continue reading නොලියැවුණු වීරයන්ගේ කතාව

විශ්වය පුරා සැරිසරන ආදරය

මෙහිදී සසඳරාගේ අප්පච්චි පවසන ප්‍රකාශය සමග කෙනෙකුට එකඟ විය හැකි අතර කෙනෙකුට එයට එකඟ නොවී ප්‍රශ්න කිරීමටද හැකිය. පුද්ගලයින් වශයෙන් තනි තනි ව්‍යායාම ඔස්සේද රටක් මෙන්ම පොදු සමාජ ආකල්පද වෙනස් කළ හැකි බව පිළිගත හැකිය. නමුත් එය හුදෙක් හුදෙකලාවම සිදු කළ නොහැකි කටයුත්තකි. තනි තනි පුද්ගලයින් වශයෙන් සමාජයක් වෙනස් කරන්නටද යම්කිසි පුද්ගල කණ්ඩායමක එකමුතුවක් අවශ්‍ය වේ. Continue reading විශ්වය පුරා සැරිසරන ආදරය

“රෝස මුසැන්ඩාස් පිස්සුව” ඇතුළේ රත්නපුරේට ගෑවෙන චරිත තියෙනවා!

කොණ්ඩෙ වවන්නේ කබ්බෝ, කොණ්ඩෙ වවලා, කරාබු වළලු දාලා ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ, මල්වැටුණු කුඩ අරන් යන පිරිමි ගෑනු භාග, හොඳට අඳිනවානම් මහත්වරු. සමාජයේ මිම්ම හරි පටුයි. මේකට හේතුව ලිංග භේදයට ඔබ්බෙන් ගිය වෙනත් බෙදීම්. කාර්යයන්, වර්ණ, ගතිගුණ, ඇඳුම් පැළඳුම්, බඩු භාණ්ඩ වර්ග වෙලා. Continue reading “රෝස මුසැන්ඩාස් පිස්සුව” ඇතුළේ රත්නපුරේට ගෑවෙන චරිත තියෙනවා!

නිසලව සිටි ගිරගද සසල කළ ෆිලොමිනාගේ අන්දරය

තම මවට අතිශයින් ආදරය කළ ජයදිත්‍ය ඇය ස්ත්‍රියක වශයෙන් විඳි වේදනාව දුටුවේය. සමාජයෙහි ස්ත්‍රියකව උපත ලැබීමෙන් අත්වන ඛේදය වඩාත් ප්‍රබලව ඉස්මතු වන්නේ සුකිනාවතීගේ චරිතයෙන් නොව නවකතාවේ පසුව අපට හමුවන ෆිලොමිනාගේ චරිතයෙනි. Continue reading නිසලව සිටි ගිරගද සසල කළ ෆිලොමිනාගේ අන්දරය

“මට සල්ලි තිබුණා නම් ‘මකරානන්දය’ ටෙලි නාට්‍යයකට නඟනවා” – විරාජිනී තෙන්නකෝන්

මගේ අතින් ලියැවෙන නිර්මාණවලදී වගේම මම කියවන්නට කැමති සාහිත්‍යමය නිර්මාණ තෝරා ගැනීමේදීත් මම වඩාත් සැලකිලිමත් වන්නේ සම්පූර්ණ නිර්මාණයම එක මිටට ගත් විට එහි ඇති නෑඹුල් අපූර්වත්වයේ ගිනිකණ වැටෙනසුලු බවටම පමණයි. Continue reading “මට සල්ලි තිබුණා නම් ‘මකරානන්දය’ ටෙලි නාට්‍යයකට නඟනවා” – විරාජිනී තෙන්නකෝන්

මිනිස් සබඳතාවල සංකීර්ණත්වයේ සීමාව කුමක්ද?

උමා හා සාරා නවකතාවේ කතා නායිකාවෝ ය. උමාගෙ ජීවිතයත් සාරාගේ ජීවිතයත් කෘතිය පුරා එක් එක් පරිච්ඡේදයට ආවේණික කරමින් සංකලනය කිරීමට කතුවරයා ගෙන ඇති උත්සහය අගය කළ යුතු ය. කතාංගය ඇරඹෙන්නේ පාඨකයාව වස්තු විෂයෙන් වෙන ම වූ විෂය පථයකට ගෙන ගොස් හුදකලා කර දමමිනි. අනතුරුව, කතුවරයා සංයමයෙන් හෙළි කරන මං සළකුණු පාඨකයාව කතාංගයේ සන්ධර්භයට ප්‍රවිෂ්ට කරවීමට සමත් වේ. Continue reading මිනිස් සබඳතාවල සංකීර්ණත්වයේ සීමාව කුමක්ද?

අටලෝ දහමින් කම්පා නොවන මිනිස්සු

මෙහි පුළුල්ව කතා කරන දෙමාපිය-දූදරු සබඳතාවය සහ සහෝදර බැඳීම් ගැන කතා බහ ඉතාම විශිෂ්ට මානුෂීය ගුණ ධර්ම මෙන්ම මිනිසුන්ගේ හැසිරීමේ වෙනස්කම් හා බැඳුනු අලකලංචි විග්‍රහ කරනවා. මෙහිදී හතලිස් පස් වියැති අවිවාහක තම සහෝදරිය මහගෙදර පියා බලාකියාගෙන ඉන්න අතරේ විවාහක සෙසු සහෝදර සහෝදරියන්ගෙන් උද්ගත වෙන නොයෙකුත් අර්බුද එකින් එක ගෙන හැර පා ඒවා දෙබස් ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් කියවන්නා විවිධ මානයන්ගෙන් මේ කාරණා ගැන සිතීමට ලක් කිරීමක් මා දකිනවා. Continue reading අටලෝ දහමින් කම්පා නොවන මිනිස්සු

කියවූවත් නැතත් කවියෝ කවි ලියති

භාෂාවේ වහලෙකු නොවී කවිය සමග කරන ගනුදෙනුව සොයාබලන්නේ නම් එය තව දුරටත් අපට වැදගත් වනු ඇත. කවි ලිවීම ම කවියා වධබන්ධනයකට ලක්කරන්නේ නම්, ඔහුට එලෙස වද දෙන්නේ කුමක්ද? ඒ නම් භාෂාවයි. කවි ලිවීමට පටන්ගත් සැනෙන් කවියා ඇතුළු වන්නේ ඉහත කී භාෂාව නැමැති වධකාගාරයටය.  Continue reading කියවූවත් නැතත් කවියෝ කවි ලියති

ගිනි වැදුණු යාල්පානම් පියාපත්

යාපනය පුස්තකාලයට මෙම විනාශය උරුම වූයේ හුදු දේශපාලනික සහ වාර්ගික පළිගැනීමක් ලෙස නමුදු ඉන් සමස්ත ලාංකිකයන්ගේ ම දැනුම් පද්ධති එක ම මොහොතක, එක ම දවසක, එක ම ගින්නකින් විනාශ වූ බව කිවිඳිය පවසයි. ප‍්‍රාථමික ශ්‍රේණිවල දී හමු වූ සාමා, අමර, ඉතිහාස පොත්වල හමුවන කන්නගී, කෝවලන්, ජාතක පොතේ හමුවන සඳ කිඳුරා සහ සඳ කිඳුරිය පිළිබඳ සඳහන් සියලු පතපොත ක්ෂණයකින් දැවී අළු වූයේ වර්ගීකරණයකින් තොරව ය. Continue reading ගිනි වැදුණු යාල්පානම් පියාපත්

යථාර්ථයෙන් මායාවට අප කැඳවා යන දඩයක්කාරයා

මෙහිදී කතුවරයා ඉතිහාසය, බුදුදහම, කාලතරණය වැනි විෂය කරුණු තම කෙටිකතාවට පාදක කරගෙන තිබෙනවා. පෞද්ගලිකව කෙටිකතා සංග්‍රහයේ මා ඉතා ප්‍රිය කරන කෙටිකතාව වන්නේද මෙයයි. විශේෂයෙන් කතුවරයා අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ අන්තර්ගත ‘අරක සූත්‍රය’ යොදා ගනිමින් කරන විග්‍රහය අපූරුයි. නූතනයේ සාහිත්‍යකරණයේ නියැලෙන බොහෝ කෙටිකතාකරුවන් ත්‍රිපිටක ආභාසය ලැබීම සාධනීය ලක්ෂණයක්. Continue reading යථාර්ථයෙන් මායාවට අප කැඳවා යන දඩයක්කාරයා

“මම හිතනවා ඒ අභියෝගෙ මම ජය ගත්ත කියල” – මලික් තුසිත ගුණරත්න.

පාඨක විශ්වාසය තමයි මූලිකම දේ. ඒ විශ්වාසය නොබිඳී තියෙන්න ඕනි. ඒ විශ්වාස පළුදු වුණොත් නිර්මාණය පමණක් නෙවෙයි, ඉදිරි නිර්මාණද සමහර විට ලේඛකයාද පාඨක ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙලා වෙනවා. ඒ වගේම අපි ලියන දේවල් තේමාත්මකව අලුත් විය යුතුයි. අලුත් හැඩයෙන් ලිවිය යුතුයි. හැකි අවස්ථාවල අලුත් තාක්ෂණයත් එකතු කර ගත යුතුයි. Continue reading “මම හිතනවා ඒ අභියෝගෙ මම ජය ගත්ත කියල” – මලික් තුසිත ගුණරත්න.