“කොට තුවක්කු“ නවකතාව කියවමු.

“…තමුසෙ දන්නවද සමාජවාදී ස්ටාලින්ට මං ගරු කරන්නෙ මොකද කියලා. ඌත් හොඳම කොමියුනිස්ට්කාරයන්ට ගේම දුන්නු දේශප්‍රේමියෙක්. ජාතික සමාජවාදී හිට්ලර් මං අදහන තවත් නායකයෙක් ඕයි. මිනිහ තමයි අයිසෙ කොමියුනිස්ට් හැතිකරය ලෝකෙන් තුරන් කරන්න ඕනය කියලා බය නැතිව ඉදිරිපත් වුණේ. ඒ වගේම තව එකක්, තමුසෙ දන්නවද මං දේශප්‍රේමීන්ට ආදරේ ඇයි කියල. උන්ට තියෙන්නෙ කොට තුවක්කු සහ ළඟ ඉලක්ක. උන් කලබලයි. ඒත් කොමියුනිස්ට්කාරයො, උන් හරියට ස්නයිපර් වගේ. උන්ට තියෙන්නෙ දුර ඉලක්ක සහ තියුණු සැලසුම්. උන්ට වරදින්නෙ ඒක අස්සට රිංගල ඉන්න තමුසෙල වගේ දේශප්‍රේමී ගැරඬි හින්ද. මං තමුසෙලට කැමතිත් ඒකයි.” Continue reading “කොට තුවක්කු“ නවකතාව කියවමු.

සියවසක් පුරා දිවෙන ගැමි සුවඳේ මාණික්‍යාන්දරය

ඉතිහාසය නැවත නැවතත් සිදු වන බව අප හොඳින් ම දන්නා කරුණකි. කෙටිහාමි සහ පිච්චි කොළොන්න කෝරළයේ සිට අට කළං කෝරළයට පැමිණියාක් මෙන් ඊට සියවසකට පසු ව තිලකරත්න සහ සෙනෙහෙලතා අට කළං කෝරළයෙන් කොළොන්නා කෝරළයට ගමන් කිරීම ඉතිහාසය නැවත නැවතත් සිදු වන බවට ලබා දිය හැකි කදිම නිදසුනකි. Continue reading සියවසක් පුරා දිවෙන ගැමි සුවඳේ මාණික්‍යාන්දරය

“මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ ප්‍රබන්ධ ලෝකෙ ඉන්න වෙලාවට” – ශමෙල් ජයකොඩි

දැන් හිතන්න ප්‍රංශ පෙම්වතා පොතේ මාලක ගත්තොත්, මාලක පැරීසියේ ඉඳලා ඉගෙනගන්න යන්න තියෙනකොට මොනවගේ ප්‍රශ්නද එයාට එන්නේ. කොච්චර සීතලත් දැනෙනවද, බස් එක ගන්න කොච්චර දුර ඇවිදගෙන යන්න ඕනද. කෝච්චියෙ නැග්ගම බහින තැන හොයාගන්න එක කොච්චර අපහසු වැඩක්ද, ඔය විදියට චරිතෙ තුළ ජීවත් වෙනකොට මට දැනෙන දේ මම ලියනවා හැබැයි ලියන්නෙත් අවශ්‍යම දේ. ඒ වගේම තව මම කරන දෙයක් තමයි, ඒ චරිත එක තැනක වාඩිකරවලා එයාලට කතාකරන්න ඉඩ අරිනවා. Continue reading “මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ ප්‍රබන්ධ ලෝකෙ ඉන්න වෙලාවට” – ශමෙල් ජයකොඩි

කෙහෙල් ලෙල්ලක අරුමය!

කෙටිකතාවට කෙතරම් අපූරු ලෙස දෘෂ්‍යමය හැඟීම් ජනිතකළ හැකිද? වචන දහස් ගණනකින් විස්තර කොට ලිවිය යුතු යමක් එක් සරල චිත්‍රයකින් කිව හැකි වන්නා සේ, මනස් රූප මාලා භාවිත කොට කතන්දර කීමේ සාස්තරය හොඳින් දන්නා රංගන ආරියදාස කෙහෙල් ලෙල්ලක් මත පාඨකයා වේගයෙන් ලිස්සා යවා ප්‍රඥාවේ කළුගල මත ඔළුව තදින් හැප්පීමෙන් දුලබ ප්‍රඥාවක අත්දැකීමක් දෙන්නට සමත් වෙයි. Continue reading කෙහෙල් ලෙල්ලක අරුමය!

“මම සාධාරණ ව්‍යාපාරික පිළිවෙත් ගැන දැඩි විශ්වාසයක් තබනවා…” කාංචනා ප්‍රියකාන්ත.

අද අපට හමුවන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාන්තාවක්. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, පසුව ග්‍රන්ථ ප්‍රකාශනය සහ ලිවීමට තමා තුළ ඇති ආශාව අනාවරණය කරගත්තාය. කාංචනා ප්‍රියකාන්ත යනු ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලයේ සිල්ලර පොත්හල්වලින් එකක් වන KBOOKS සහ, ඊ-පොත් සහ ශ්‍රව්‍යපොත් (audiobooks) යන දෙකම ලබා දෙන KReader.lk නැමැති ඩිජිටල් කියවීමේ වේදිකාවේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියාය. Continue reading “මම සාධාරණ ව්‍යාපාරික පිළිවෙත් ගැන දැඩි විශ්වාසයක් තබනවා…” කාංචනා ප්‍රියකාන්ත.

අන්ධභාවී සුරුට්ටුවක ධූම ආනන්දය

කවදා කොහේ කොතැන සිදු වනවා දැයි නොදන්නා මෙම කතාන්දර මට මා කුඩා කල කිය වූ ප්‍රංස, රුසියානු කෙටිකතා සිහිගන්වයි. එහි අදහස ඈ ප්‍රංස රුසියානු ආරකින් කෙටිකතා ලියනා තැනැත්තියක යන්න නොව, එම කෙටි කතා තුළ යම් යම් ප්‍රංස රුසියානු කෙටිකතාවන්හී ලක්ෂණීය ගුණය දැකිය හැකි බව ය. නූතන කෙටි කතාවේ පීතෲවරුන්ගෙන් එක් අයෙක් යැයි සැළකෙන ගයිද මෝපසානුන්ගේ දියමන්ති මාලය දෙසට මදකට නෙත් හරවා බලන්න. Continue reading අන්ධභාවී සුරුට්ටුවක ධූම ආනන්දය

අයුඅස්කාමය ධ්‍යානයක ලියැවිලි…

එදා රාත්‍රී මම ඈව සිහිනෙන් දුටිමි. කෙල්ටික් දේව පැන්තියමේ එන සුවදේවතාවී සිරෝනාවන්ට ගැයෙන කෙල්ටික ලොහො සජ්ඣායනාව පසුතලෙහි ලිලිතුන් ගැන කියවමින් නිදා වැටුණු මම එතරම් කාලයකට පසු ඈව සිහිනෙන් දුටිමි. Continue reading අයුඅස්කාමය ධ්‍යානයක ලියැවිලි…

මට පාර කියාපන්

විල් දියේ ඕලු මල් – මකරන්ද සුවඳ දී
පෙති ඇරී මඳ සුළං – හා සමග මුසු වෙවී
නිදිකිරන නිල් දියේ – සඳ කැළුම් තරු එළි
කලඹා හෙළා දමයි – සිත සුසුම් නළ රැළි Continue reading මට පාර කියාපන්

“පතුලක් නැති අගාධයකට ආදරේ කරන්න එපා“

අපි අපේ මූඩ් එක අනුව කරන දේවල් විටින් විට වෙනස් වෙනවා. කොටින්ම පොතක් කියවන්න ගත්තත් එහෙමයි. සමහර ඒවා ඒ වෙලාවට හරියන්නෙ නෑ. ඉන්න මූඩ් එකට සෙට් වෙන්නෙ නෑ. මූඩ් ෆික්ස් කරගන්න පොතක් කියවන්න අතට ගත්තත් පොතේ කවරෙ ඉඳන්ම හිතට වැදුනෙ නැත්නම් මූඩ් අවුට්. වැරැද්දක් කියනව එහෙම නෙමෙයි, සාමාන්‍යයෙන් කියවන්න කලින් පොතේ කවරය දිහා වෙලාව අරන් බලන් ඉන්න එක මගේ පුරුද්දක්. ඇත්තෙන්ම ඒකට හේතුව පොතක් කියන්නෙම … Continue reading “පතුලක් නැති අගාධයකට ආදරේ කරන්න එපා“

Forget Me Not මැජික් එකක්ද?

පොතෙහි ආකෘතිය වෙනස්, අලුත් යැයි බොහෝ දෙනා කියූ නිසා මේ ආකෘතිය ගැන යමක් ලිවීම වැදගත් යැයි මට සිතේ. මේ පොතෙහි ආකෘතිය කොහෙත්ම අලුත්ම අලුත් එකක් නොවේ. එහෙත් සිංහල සාහිත්‍යය තුළ පවතින අඩු ශානරීය විවිධත්වය නිසා එය මෑතකාලීනව කළ හොඳ අත්හදා බැලීමක් ලෙස සලකමි. මෙවැනි නවකතා ලෝකයේ හඳුන්වන්නේ Epistolary Novel ලෙසය. එය සන්දේශ නවකතා ලෙස අපට පරිවර්තනය කරගත හැකිය. Continue reading Forget Me Not මැජික් එකක්ද?

අප්‍රකාශිත ප්‍රේමය සහ ගොළු හදවත

යොවුන් ප්‍රේමය බොහෝ විට වැඩිහිටියෙකු සැහැල්ලුවෙන් පසෙකලන්නේ, එහි කිසිදු ගැඹුරක් නොපවතින්නේ ය යන අදහසේ හිඳිමින් බව රහසක් නොවේ. ඇතැම් විට කරුණාසේන ජයලතුන්ගේ ප්‍රථම නවකතාව වූ ගොළු හදවතට සාහිත ලෝකයේ සාධාරණය ඉෂ්ට නොවීමටද හේතුව, ඊට ප්‍රස්තුත වූයේ ‘බොළඳ’ යැයි සම්මත යොවුන් පාසල් ප්‍රේමයක් වීම ම විය හැකියි. එය එසේ වුවත්, ප්‍රේමයේ වූ සංකීර්ණ ගැඹුරත්, ඒ හා බැඳි සිතුම් පැතුම් වල ආකූල ව්‍යාකූල බවත් ගොළු හදවත නැවතත් කියවන මුහුකුරා ගිය අයෙකුට දැනෙනවාට අනුමානයක් නැත Continue reading අප්‍රකාශිත ප්‍රේමය සහ ගොළු හදවත

කටුරොද ගමේ අසූ වසක පෙම් කතාව…

අටකලන්කෝරළේ ප්‍රාඥයා ලෙස ප්‍රසිද්ධියට පත් හද්දා පිටිසර ගැමියා, පරිසරයට ඇලුම් කළ කවියා, විප්ලවවාදියා ආචාර්ය සාගර පලන්සූරිය, කලල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදිව සිටි යුගයේ අවසන් කාලයේ රසවත් කවි කතාවක් පද බැන්දේය. පැදි 136 කින් යුත් එහි මුල් පැදියෙන්ම පාඨකයාගේ සිත පිටිසර ගම්මානයක තනිකරවීමට සමත්වන ඔහු ඊට තැබුවේ පරපුරු හතරක ආදරය දිනූ ‘සුදෝසුදු’ යන නමයි. Continue reading කටුරොද ගමේ අසූ වසක පෙම් කතාව…