ධනුක දික්වැල්ල කවි සංකල්පනාවක්
බාර්වල අපි
දොඩමළු වෙවී
හෙව්වේ මොනවාද ?
සුර් වෙන්න විතරද ?
නැතිවුණු ළමා හීන,
අහිමි වුනු ආදර,
නොලැබුණු සම්පත්,
දුෂ්ටයන්ගෙන් තොර ලෝක,
නොබනිනා අඹුවන්,
දැකල නැති දරු හුරතල්,
නොලැබුණු තනතුරු,
බාර්වල තිබුනාවත්ද ?
සුරාවෙන් තනිවුණු ලෝකවල
පාට පාට ආදර,
තනපු මාළිගා,
ඇත්තක් තිබුනේම නැතිද
ඒ කිසි එකක ?
බොන නොබොන හැමෝගෙම
ආසම ඒ හීන
බාර්වල වික්කේ අපිට
ඇයි ඒතරම් ලාබෙට ………..?
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.

අමු සිංදු (ගීත) trending කාලෙක අමු-තුම කලාවකට ලියවුණු අමු ඇත්ත පැත්ත අමුවට ගහද්දි දැනෙන ෆීල් එක ලිව්ව ධනුක ට අමු වාසනාවන්!!
LikeLiked by 1 person
The truth that we try to hide but pop up once in a while. This is everyone’s story ( who are not content with their lives ). we search answers for our chosen lives…..
Love your thoughts Dhanuka
LikeLike