“පළවෙනි නවකතාව ලිව්වට පස්සෙ මාව ගෙදරින් පැන්නුවා” – චාරු නිවේදිතා

වාසනාවට මේ කාලේ ද්‍රවිඩියානු ව්‍යාපාරය හරහා පුස්තකාල, කියවීම් ශාලා ආදිය බහුල වුණා. අපේ ගමෙත් කියවීම්හල් හතරක් පහක් වගේම රජයේ පුස්තකාලයකුත් බිහිවුණා. පොත්වලින් පිරුණු ඒවා මාව ප්‍රබන්ධ ලෝකය තුළට ඇදගත්තා. Continue reading “පළවෙනි නවකතාව ලිව්වට පස්සෙ මාව ගෙදරින් පැන්නුවා” – චාරු නිවේදිතා

යූරි ගගාරින්ගේ ලංකා සංචාරයේ මුද්දර මතක මංපෙත

රත්මලාන ගුවන් හමුදා පරිශ්‍රයට පැමිණි යුරි ගගාරින් සහ ඔහුගේ බිරිඳ වැලන්ටිනා මහත් හරසරින් පිළිගෙන රිය පෙරහරකින් කොළඹට රැගෙන ආහ. සංචාරයේදී දේශපාලන ප්‍රභූ නියෝජිතයින්ගේ සිට කම්කරුවන් හා ගොවීන් දක්වා සියළු ජනයා ඔවුන්ව සාදරයෙන් පිළිගත්හ. Continue reading යූරි ගගාරින්ගේ ලංකා සංචාරයේ මුද්දර මතක මංපෙත

“පතුලක් නැති අගාධයකට ආදරේ කරන්න එපා“

අපි අපේ මූඩ් එක අනුව කරන දේවල් විටින් විට වෙනස් වෙනවා. කොටින්ම පොතක් කියවන්න ගත්තත් එහෙමයි. සමහර ඒවා ඒ වෙලාවට හරියන්නෙ නෑ. ඉන්න මූඩ් එකට සෙට් වෙන්නෙ නෑ. මූඩ් ෆික්ස් කරගන්න පොතක් කියවන්න අතට ගත්තත් පොතේ කවරෙ ඉඳන්ම හිතට වැදුනෙ නැත්නම් මූඩ් අවුට්. වැරැද්දක් කියනව එහෙම නෙමෙයි, සාමාන්‍යයෙන් කියවන්න කලින් පොතේ කවරය දිහා වෙලාව අරන් බලන් ඉන්න එක මගේ පුරුද්දක්. ඇත්තෙන්ම ඒකට හේතුව පොතක් කියන්නෙම … Continue reading “පතුලක් නැති අගාධයකට ආදරේ කරන්න එපා“

18% පොත් බද්ද ගැන ජාත්‍යන්තර අප්‍රසාදය.

ශ්‍රී ලංකාවට ආනයනය කරන පොත් සඳහා 18%ක තීරු බදු පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සහ ජාත්‍යන්තර පොත් අලෙවිකරුවන්ගේ සම්මේලනය (EIBF) සහ ජාත්‍යන්තර ප්‍රකාශකයන්ගේ සංගමය (IPA) සිය කනස්සල්ල පළ කර තිබේ. ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන දෙපාර්ශවයටම ලිපියක් යවමින්, මෙම ප්‍රතිපත්තිය ෆ්ලොරන්ස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ කැපවීම්වලට පටහැනි විය හැකි බවට ඔවුන්ගේ විශ්වාසය ප්‍රකාශ කරන අතර බදු වැඩි කිරීම නැවත සලකා බලන ලෙස … Continue reading 18% පොත් බද්ද ගැන ජාත්‍යන්තර අප්‍රසාදය.

යුද්ධයෙන් සදහට වැළලීගිය ස්ත්‍රී ජීවිතවල කතාව

වසර ගණනාවක් ශ්රියා කාන්තාවක් වීමෙන් පසු ඇය ඒ ඉදිරියේ සිටගෙන සිටියේ භීතයෙන් හා කරකැවිල්ලෙන්ය….‘සකුලු සිහිනයක සමළ සංතාපය’ කටු තියෙන රළු ගොරහැඩි අතු ඉති අගිසි වලින් හීන් සීරුවට මතුවෙන පුංචි මල් පොහොට්ටුවක් කාලයත්, අභ්යන්තර පරිනාමයත් සමඟ නිශ්චිත රටාවකට ලෝකයට පෙති විදහන්නේ, හුදෙක් නිර්ලෝභීව සිත් සේ හිරු එළිය විඳ ගන්නයි. පරවෙලා යන බව දැන දැනත් හීන දකින්නේ පරවෙන්න නිමේශයකට පෙර හෝ කොයි යම් මොහොතක තමන්ම නිදහස හා … Continue reading යුද්ධයෙන් සදහට වැළලීගිය ස්ත්‍රී ජීවිතවල කතාව

මුළා මංසල නවකතාව කියවමු.

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ කේරළ ලේඛිකා දීපා අනප්පරාගේ ‘මුළා මංසල‘ (Djinn Patrol on the Purple Line) නවකතාව දිගහැරෙන්නේ දින්දියාවේ පැල්පත් ජනාවාසයක වෙසෙන කුඩා පිරිමි ළමයකුගේ දෘෂ්ටිකෝණයෙනි. පහත දැක්වෙන්නේ ‘මුළා මංසල‘ නවකතාවෙන් තෝරාගත් කොටසකි. මුළා මංසල සුභාවි ප්‍රකාශනයකි. ‘භූතයෙක් බහදූර්ව ගෙනිච්චා වෙන්න බැරිද?’ මං අහනවා. ‘නරක භූතයෝ ඉන්නව,’ මාමා කියනවා, ‘උන් ඔයාගේ ආත්මයට රිංගාවි. උන් ළමයි අරන් යන්නේ බොහොම කලාතුරකින්. ඇත්තටම, ඒ වගේ වැඩකට උන්ට චෝදනා කරන්න … Continue reading මුළා මංසල නවකතාව කියවමු.

ලොතරැයිය සහ තවත් කෙටිකතා – නූතන විශ්ව සාහිත්‍යයට එබී බැලීමක්… 

“ඇගේ නවාතැන පුරවා දමන්නට සමත් බුෆේ එකක් සහිත මේසයේ එකිනෙකාට මුහුණලා අපි වාඩිවීමු. ඇය මෙතනට පැමිණියායින් පසුව මෙහි පැමිණි පළමු වතාවේ ඇය පැවසූ දෙයක් මට මතක් විය. “මම ලොකු මේසයක් ගෙනාවා. අඩු ගාණේ දහදෙනෙක්ටවත් ඒකෙ වාඩිවෙන්න පුළුවන්!” එක්වරක් නොව, වසර හයක් පුරාවටම ඇය එය පැවසුවාය.“  Continue reading ලොතරැයිය සහ තවත් කෙටිකතා – නූතන විශ්ව සාහිත්‍යයට එබී බැලීමක්… 

කරිජ්ජ විල්ලුව

රොබා ලෑලි කෑල්ලක් හොයාගෙන, බිඳුණු පුරාණ බෝතල් අඩියක් උරච්චි කර හදාගත් ‘ගිනි වීදුරුව’ හිරු එළියට අල්ලා, මතකයේ රඳවාගෙන සිටි අකුරු පේලිය ලෑල්ල මත කළු පාටින් පිළිස්සුවේය. ඉන්පසුව ඒ දෙස ආඩම්බරයෙන් බලා සිටින ඔහුගේ පිටුපසින් පැමිණි සීයා ඒ අකුරු කියවූයේය. Continue reading කරිජ්ජ විල්ලුව

අරීෆා ටේසිංගේ The Witch in the Peepul Tree (බෝ ගසේ මායාකාරිය) නවකතාව The Asian Review මගින් 2023 දෙසැම්බර් මාසයේ නවකතාව ලෙස තෝරාගනු ලැබ ඇත

1950 මකර සංක්‍රාන්ති දිනයේ, දහසය වියැති සානාෂ්ගේ මළසිරුර උදායිපූර්හි බෝරාවාඩියේ පිහිටි ඇගේ පියා වන ඩඩාබායිගේ නිවසින් සොයාගනු ලබයි. එදා ඒ නිවස තුළත් ඒ අවටත් සිටියවුන් අතර කුරිරු ඉඩම් හිමියකු වන සිංහගර්හි රාඕ සාහිබ්ද, ප්‍රසිද්ධ අවලමකු වන හරිහරන්ද, කොටි දඩයමක් ගැන ඩඩාබායිට දැනුම් දීමට දුර ඈත ගෝත්‍රික ගමක සිට පැමිණෙන තරුණ භිල් නාතුද‍, ආකර්ශණීය කසල ශෝධකයකු වන පරිජාත්ද, නවගුණ වැල ගණිමින් බෝ ගසේ ජීවමානව වෙසෙන මායාකාරිය ජීව්තී දක්කන් සිය රහස් සහායිකාව වේවායි ප්‍රාර්ථනා කරන කටසැර කණවැන්දුමිය සුග්රාද වෙයි. Continue reading අරීෆා ටේසිංගේ The Witch in the Peepul Tree (බෝ ගසේ මායාකාරිය) නවකතාව The Asian Review මගින් 2023 දෙසැම්බර් මාසයේ නවකතාව ලෙස තෝරාගනු ලැබ ඇත

“මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි,” මොහාන් රාජ් මඩවල.

“මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි. එක කොටසක් මොහාන් රාජ් මඩවලට වෛර කරන මොහාන් රාජ් මඩවල පෙන්නන්න බැරි කොටස. අනිත් කොටස මොහාන් රාජ් මඩවල වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති, ඩයි හාර්ඩ් ෆෑන්ස්ලා කොටස”  Continue reading “මට ලේඛකයෙක් විදියට ඉන්නේ පාඨකයෝ කොටස් දෙකයි,” මොහාන් රාජ් මඩවල.

නිදහස්වීම

වැස්සත් එක්ක ගෙවුණු තුන්වැනි දිනය වනවිට නිවස තුළ ඔවුන් කෙතරම් කකුළුවන් ප්‍රමාණයක් මරා දැමුවාද කිවහොත්, මඩ වූ මිදුල හරහා ගොස් උන් මුහුදට වීසි කිරීමට පෙලායෝට සිදුවිය. මන්ද යත් ඔවුන්ගේ අලුත උපන් දරුවා රාත්‍රිය පුරාම උණෙන් පෙළුණු බැවින්, ඔවුහු සිතුවේ ඒ මැරුණු කකුළුවන්ගේ ගඳ නිසාවෙන් බවයි. අඟහරුවාදා සිටම ලෝකය දුකෙන් සිටියා මෙනි. මුහුදත් අහසත් එකම අළු පැහැයකි. Continue reading නිදහස්වීම

නවකතාවේ සනුහරයෙන් රූපකත්වයට

ගියවර තීරුවෙන් අප කතා කළ් නවකතාවේ පාත්‍රවර්ගයා හෙවත් එහි සනුහරය ගැන. වෙනත් විදිහකට කියනවා නම් නවකතාවක චරිත හැදෙන්නෙ කොහොමද කියන කාරණාව පිළිබඳවය. අද අප සූදානම් වන්නේ ප්‍රබන්ධකරණයේදී බහුලව භාවිත වන metaphors හෙවත් රූපක කියන්නෙ මොනවද? යන්න කෙටියෙන් විමසා බැලීමටත් නවකතාවක් තුළ රූපකයක් වැඩ කරන්නෙ කොහොමද කියන කාරණයත් නවකතා පොතක උදාහරණ කීපයක් ඇසුරින් විමසා බැලීමටය. ඉතාමත්ම සරල තැනකින් පටන් ගන්නේ නම් රූපකයක් යනු යම්කිසි වස්තුවක් හෝ … Continue reading නවකතාවේ සනුහරයෙන් රූපකත්වයට

මුන්නක්කරේ සංසාරේ හෙවත් ඔපෙරාතික ඔප්පාරිය.

මංජුල වෙඩිවර්ධන යනු සංසාරික ලියන්නෙක් බව යළිඳු පසක් කර ඇත. වෙඩ්ඩාණන්ගේ නවමු ප්‍රබන්ධය ‘මුන්නක්කරේ සංසාරේ’ දරාගත නොහැකි පුස්තකයක් බව නොකියා බැරිය. එමෙන්ම එයින් ලැබෙනා ප්‍රඥාව මෙතකැයි කිව නොහැක. Continue reading මුන්නක්කරේ සංසාරේ හෙවත් ඔපෙරාතික ඔප්පාරිය.

අඳුරු වනයකි තැවෙන මනස – නෝවීජියන් වුඩ්

සෑම වසරකම නොබෙල් සාහිත්‍ය සම්මාන ප්‍රධානය ආසන්නයට එළඹෙන විට ලොව දසත විසිරී සිටින ඔහුගේ පාඨකයෝ සිය ආදරණීය ලේඛකයාට නොබෙල් සම්මානය හිමිවේවි යැයි දෑස් අයා බලා සිටිති. එහෙත් නොබෙල් සාහිත්‍ය සම්මානය තවමත් ඔහු සොයා පැමිණ නැත. මේ ලේඛකයා අන් කවරෙකුවත් නොව හරුකි මුරකමි ය. මුරකමිමය යථාර්ථයකින් පාඨකයා වෙනත් ලොවකට කැඳවාගෙන යන ඔහුගේ ලේඛන කලාව තුළ මිනිස් ජීවිතයේ සංකීර්ණ සබඳතා, විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු නව ආර්ථික … Continue reading අඳුරු වනයකි තැවෙන මනස – නෝවීජියන් වුඩ්

ජීවිතයෙන් මොහොතක්

දුරුත්තේ සීතල වා රැල්ලනලියයි නිවන්නට ඉටිපන්දම් දැල්ලදෑතින් වටකර නවත්තන්නටඋත්සාහ දරන්නෙමි මම! වෙන්න එපා පොඩි ළමයෙක්කියනු ඇත යමෙක්එහෙත් දනිමි මමතවමත් මා දරුවෙකු බව ඔබට!වසර ගණනක් පුරා වේදනා, අනතරායන්, වෙහෙස දරා රැකබලාගත්! බ්ලේක්, “වරක් මිනිසෙක් රළු හා සෞම්‍ය මාවතකමරණයේ මිටියාවත ඔස්සේ ගමන් කළ බව”, කීය.පෙනෙන්නේ දැන් මටඅපේ බැඳීමදගෙවුණු වසර ගණන පුරාගියේ රළු හා සෞම්‍ය මාවතක බව! ඇත බොහෝ දේ කියන්නට නොහැකි වූඇත බොහෝ දේ පෙන්වන්නට නොහැක වූඉතින් … Continue reading ජීවිතයෙන් මොහොතක්

පිටස්තරයා පරිවර්තනය ගැන විමසුමක්

ඇල්ජීරියාවේ උපත ලබා ප්‍රංශයට පැමිණ ලෝ ප්‍රකට ලේඛකයෙක් සහ දාර්ශනිකයෙක් බවට පත් වූ ඇල්බෙයා කැමූ විසින් ප්‍රංශ බසින් රචිත L’Étranger නම් කෘතිය සෝමරත්න බාලසූරිය විසින් 1984 වසරේදී පිටස්තරයා නමින් පරිවර්තනය කර ඇත. එම පරිවර්තනය පිළිබඳ මගේ විමසුම මෙසේ දක්වමි. කැමූ විසින් 1942 දී පළකරන ලද මෙම නවකතාව පිළිබඳව ඉංග්‍රීසි පාඨක ලෝකයේ ඇස ගැටෙන්නේ බ්‍රිතාන්‍ය ලේඛකයෙකු මෙන්ම විචාරකයෙකු වූ සිරිල් කොනලි විසින් එවකට බ්‍රිතාන්‍ය පාදක කරගත් … Continue reading පිටස්තරයා පරිවර්තනය ගැන විමසුමක්