ලංකාවේ ජනප්‍රියම විදේශීය ගත්කතුවරු…

පරිවර්තන පොත්, නැතිනම් විදේශීය සාහිත්‍යය ලංකාවේ සාහිත්‍ය රසිකයන් අතර එදා මෙදාතුර ඉමහත් ජනප්‍රිය සාහිත්‍ය ප්‍රවර්ගයකි. නිසියාකාරව පරිවර්තනය වූ පොතක් යනු පාඨකයාට ලොව තවත් සංස්කෘතියක් තුළට ඇතුළුවීමට ඉඩ සලසන දොරටුවකි. විදෙස් භාෂාවකින් ලියැවුණු කෘතියක් සිංහලට පරිවර්තනය කරන පරිවර්තකයා මුල් කෘතිය ලියැවුණු භාෂාව සහ එය අයත් වන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් සහිත වන තරමට, ඒ පරිවර්තනය පාඨකයාට වඩාත් ලෙන්ගතු මෙන්ම ආකර්ශනීය වූවක් බවට පත් කළ හැකිය. එක් සංස්කෘතියක අත්දැකීමක් තවත් සංස්කෘතියක අත්දැකීමක් බවට පරිවර්තනය කිරීම බරපතල මෙන්ම වගකීම්සහගත කටයුත්තක් වන්නේ එබැවිනි. Continue reading ලංකාවේ ජනප්‍රියම විදේශීය ගත්කතුවරු…

“ලේඛකයකු වීම යනු සත්‍යය දේශනා කිරීම නොවේ, සත්‍යය සොයාගැනීමය” – මිලාන් කුන්දෙරා.

දේශපාලකයා සහ සාහිත්‍යකරුවා යනු සදාකාලික සතුරන්ය, මන්ද ඔවුන් දෙගොල්ලම සටන් වදින්නේ එකම භූමියක් වෙනුවෙන් යැයි සල්මන් රුෂ්ඩි පවසා ඇත. මේ ප්‍රකාශය හා එකඟ වන ජීවන චරිත ඇති ලෝක ප්‍රකට ලේඛකයන් කිහිප දෙනෙකු අතරින් මිලාන් කුන්දෙරාට විශේෂ තැනක් හිමි වෙයි. Continue reading “ලේඛකයකු වීම යනු සත්‍යය දේශනා කිරීම නොවේ, සත්‍යය සොයාගැනීමය” – මිලාන් කුන්දෙරා.

ලංකාවට පෙම්බැඳි බංග්ලාදේශ කවියා: අබු ඉෂාහක් හොසේන්.

මේ ආකාරයෙන් ලංකාව ගැන ලියන්නේ ලංකාවට කිසිදා පා තබා නැත්තෙකි. එහෙත් ඔහු සිය කවි ඇසින් ලංකාව දකියි. තමා කිසිදා දැක නොතිබූ මල් වර්ගයක් පිළිබඳව වර්ණනා කරමින් කවි ලියූ ඉතාලි ජාතික ඉයුජීනියෝ මොන්ටාලේ කවියා මෙන් ලංකාව පිළිබඳව මෙසේ පද බඳින්නේ බංග්ලාදේශ ජාතික අබු ඉෂාහක් හොසේන් කවියාය. Colombo the City of Pleasure (සන්තුෂ්ටියේ නගරය, කොළඹ) නැමැති ඉහත කවිය ඔහුගේ Poet Prophet Lover (කවියා දිවැසිවරයා ආදරවන්තයා) කාව්‍ය සංග්‍රහයෙනි.  Continue reading ලංකාවට පෙම්බැඳි බංග්ලාදේශ කවියා: අබු ඉෂාහක් හොසේන්.

කටුරොද ගමේ අසූ වසක පෙම් කතාව…

අටකලන්කෝරළේ ප්‍රාඥයා ලෙස ප්‍රසිද්ධියට පත් හද්දා පිටිසර ගැමියා, පරිසරයට ඇලුම් කළ කවියා, විප්ලවවාදියා ආචාර්ය සාගර පලන්සූරිය, කලල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදිව සිටි යුගයේ අවසන් කාලයේ රසවත් කවි කතාවක් පද බැන්දේය. පැදි 136 කින් යුත් එහි මුල් පැදියෙන්ම පාඨකයාගේ සිත පිටිසර ගම්මානයක තනිකරවීමට සමත්වන ඔහු ඊට තැබුවේ පරපුරු හතරක ආදරය දිනූ ‘සුදෝසුදු’ යන නමයි. Continue reading කටුරොද ගමේ අසූ වසක පෙම් කතාව…

නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ

ඔබ ඔබේ මවගේ එකම දරුවා වනු ඇත. නිවාඩු දිනවල ඔබේ මෑණියන්ගේ නිවසේදී ඔබේ අත්තම්මා ඇගේ දියණියට පුතෙක් ලබාදෙන්නැයි දෙවියන් යදින හැටි ඔබේ කන වැකෙණු ඇත. ඒත්, ඔබෙන් පසු ඔබේ මව නැවතත් ගැබ් නොගනු ඇති අතර, ඈ ඇගේ ගර්භාෂය මායාකාරියන්ගේ සංසදයට කෑම පිණිස දුන්නේ යැයි ඔබේ පියාගේ පවුලේ අය ඈට චෝදනා කරනු ඇත.   Continue reading නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ

තුවක්කු වෙඩි උණ්ඩ වෙනුවට ආදරයේ දේශපාලනය

අපි අරගලවලින් බැට කෑ මිනිස්සු . අවස්ථා දෙකක දී තුවක්කු අතට අරන් පරාද වුණු මිනිස්සු . අවුරුදු තිහකට ආසන්න කාලයක් දෙපිළකට බෙදිල මරාගෙන ඒ අමිහිරි මතක තුවාල පෑරි පෑරී මැරි මැරී ඉපදෙන මිනිස්සු . මේ අරගලවලට ඍජුව සම්බන්ධ වුණු වගේම බාහිර නිරීක්ෂකයන් විදියට හිටපු ඒ වගේ ම මේ ගැන ඇහුම් මාත්‍රයක් විතරක් තියෙන බොහෝ විවිධ අත්දැකීම් තියෙන පරම්පරා ගනණාවක් මේ මොහොතෙ මේ සමාජයෙ ඉන්නවා. ඒ ඔක්කොමටත් වැඩිය ඒ අරගලවලට හේතු සාධකවුණු සංස්කෘතික සමාජීය ආර්ථික මූලයන් තවදුරටත් නොනැසී මේ සමාජ ව්‍යුහය තුළ ඊටත් වඩා සිය දහස් ගුණයකින් වර්ධනය වෙමින් තියෙනවා . ඉතිං අපේ ඊළඟ අරගලය කෙසේ විය යුතු ද? ආයෙමත් ආයුධ අතට අරන් පරදිමු ද? මේ සමාජය වෙනස්කිරීමේ හීනය දිනන්නෙ කොහොම ද?  Continue reading තුවක්කු වෙඩි උණ්ඩ වෙනුවට ආදරයේ දේශපාලනය