ස්වයං-අධ්‍යනිත බුද්ධිමතියකගේ සාහිත්‍යය…

ඩොරිස්මය ජීවිතය   විසිවෙනි සියවස මිනිස් වර්ගයාට අතිශයින් තීරණාත්මක සියවසක් බව පැවසීම සාධාරණය. පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය, පරමාණුක බෝම්බ, සීතල යුද්ධය, භයානක වසංගත ආදී බොහෝ විනාශකාරී අත්දැකීම්වලට මිනිස් වර්ගයා මුහුණ දුන් කාලවකවානුවකි එය. තමන්ගේ පැවැත්ම පිළිබඳව මිනිසා නැවත කල්පනා කරන්නට පටන්ගත් මේ සියවසේ විවිධ දාර්ශනිකයෝ, ලේඛකයෝ බිහිවූහ. ඔවුන්ගේ ජීවිත මෙන්ම විෂය පථයද පුළුල් වීමට ඉහත කී මහා සිදුවීම් බලපෑවේය. ඩොරිස් ලෙසිං උපත ලබන්නේ … Continue reading ස්වයං-අධ්‍යනිත බුද්ධිමතියකගේ සාහිත්‍යය…

අප දිගින් දිගටම සොයමින් යන්නේ කුමක්ද?

වෛරසය තවත් පැරණි සත්‍යයක් ගැන අප දැනුවත් කරාවි යැයි මම බියට පත්වෙමි. ඒ අප කොතරම් අසමානද යන්නය. අපෙන් සමහරු දූපත්වල හෝ වනාන්තරවල හුදෙකලාව ඇති නිවාස වෙත පුද්ගලික ගුවන් යානා වලින් පියාසර කරන අතරේ අනෙක් අය නගරවල රැඳී විදුලි බලාගාර හා ජලපවාහන සේවාවල නිරතව සිටිති. තවත් කොටසක් තම ජීවිතය පරදුවට තබමින් සාප්පු සංකීර්ණවල හා රෝහල්වල වැඩෙහි යෙදී සිටිති. සමහරු වසංගතයෙන් මුදල් උපයාගන්නා අතරේම තවත් සමහරුන්ට තමන් සතු සියළු දේම අහිමි වෙයි. එළඹෙන අර්බුධය ඉතා හොඳ යැයි අපට පෙනෙන සියලු මූලධර්ම වලට වල කපයි. බොහෝ රටවල්වලට එය පාලනය කරගත නොහැකි වන අතර ඒ පසුබෑම් හමුවේ සෑම අර්බුධයකට පසුවම සිදුවන්නාක් මෙන් නව විධානයන් අවදිවනු ඇත. Continue reading අප දිගින් දිගටම සොයමින් යන්නේ කුමක්ද?

ලෞකික තුර්කියේ කතාව – රත් වරලැති ලිය

“ඔබ අගය කරන ඔබට වටිනා යමක් ළිං පතුලක සඟවා පසුව ඒ ගැන අමතක කර දැමීමේ අරුත කුමක් වූයේද?” අහඹු හැඟීමක් අපේ ජීවිත වලට කෙතරම් නම් බලපෑමක් කළ හැකිද? විශේෂයෙන් එය කෙනෙකු කෙරෙහි ආකර්ෂණය වන හැඟීමක් නම්? ඒ හැඟීමේ කෙළවර අවසානය නොදන්නා අනන්තයක ගැටගැහී ඇති බවක් පෙනේ. රත් වරලැති ලිය දකින් මෙහි කතානායකයා ජෙම් අත්විඳින හැඟීම් සමුදාය හැම යෞවනයෙක්ටම උරුමය. “වැඩබිමේ සිට මිනිත්තුවක පමණ ඇවිදින දුරින් … Continue reading ලෞකික තුර්කියේ කතාව – රත් වරලැති ලිය

දුරස්ථකරණයේ මෙලන්කොලියාව

ක්‍රිස්ටෝෆර් නොලාන්ගේ Interstellar චිත්‍රපටිය ඇතුළේ ඉතාම තදබල ශෝකයක් ජනිත කරවන ජවනිකා කිහිපයක් ඇතුළත්. විශේෂයෙන් ම කූපර් සහ ඔහුගේ දියණිය අතර සම්බන්ධතාවය චිත්‍රපටිය පුරාම ඇති කරන්නේ ශෝකී බවක්. ඒත් මේ චිත්‍රපටියේ මට තදින්ම ශෝකයක් දැනුණ තැන වෙන්නෙ චිත්‍රපටියේ අවසානයේ එන අමේලියා එඩ්මන්ඩ් ගේ ග්‍රහලෝකයේ තනිවෙන දර්ශනය. නොලාන් චිත්‍රපටය පුරාම මේ මෙලන්කොලියාව ඇතිකරන්න හේතුව මම දන්නේ නැහැ. ඒත් ඒක පපුවට හරිම බරයි. මට ඒ දර්ශනය තදින් දැනෙන්න … Continue reading දුරස්ථකරණයේ මෙලන්කොලියාව

සති පූජා

” සුඛ විහාරි “කාව්‍ය එකතුව – ලාලනී සතරසිංහ. දරුද නොදරුවන් කලඅහස ඉම සැඟව ගියහිමියනි ,නොපැන්නද දර සෑයටකරනු වස් සති පූජා සෑයේ ගිනිදැල්ළමැදේ අසුරාළයේ ගිනිකඳුලොවෙන් මුදවානොහෙළාම නෙත කඳුළුහෙළාගත රන් ඩාබිඳුරැක බලාගත් කුරුලු පැටවුන්දුටුවේද හිමියනේලැගුම්ගත් අපූරුවඋන්ම තනාගත් විජිතවල ඉදින් මෙහෙවර නිමයිසැබෑ සති පූජාවද එයමැයිතනිව අත්තෙහි හිඳගයන්නෙමි – ගයන්නෙමිවිරහ ගීයක් නොවේඋදාන ගීයයි මේකුරවි කිරිල්ලියගේ Continue reading සති පූජා

මනුෂ්‍යත්වයේ කණාමැදිරි එළියකි ‘මචපුචාරේ අවාරේ‘

සැරිසර සටහනක් ලිවීම යනු තමන්ගේ අත්දැකීම් පරිණාමය කරන එක් ක්‍රියාවලියකි. මන්ද යත් මෙතෙක් ඉතා පුද්ගලිකව තිබූ අත්දැකීම් පොදු අත්දැකීමක් බවට ඉන් පරිණාමය වෙමින්, පාඨකයාව ද එහි කොටස් කරුවෙකු කරගන්නා අතරේම ඔවුන්ගේ ජීවිතවලටද ප්‍රඥාවක් එක් කරන බැවිනි. සනත් බාලසූරිය විසින් රචිත මචපුචාරේ අවාරේ පෙරවදනේ එන පහත කොටස උපුටා දක්වන්නේ එය මෙතැන් සිට මේ ලිපියට සෘජුවම සම්බන්ධ නිසාය. “ලොව ඇත්තේ යාම් ඊම් පමණකැයි සරච්චන්ද්‍ර උපුටා දක්වමින් නිතර … Continue reading මනුෂ්‍යත්වයේ කණාමැදිරි එළියකි ‘මචපුචාරේ අවාරේ‘

දේශපාලනයේ සාහිත්‍යය – ඉස්ත්‍රාති සහ රොලාන්ද්

රුමේනියාවේ දැනියුබ් ගඟ පදනම් කරගෙන නිර්මාණය කර ඇති බ්‍රයිලා නම් වරාය නගරයේ 1884 වසරේදී උපත ලද ඉස්ත්‍රාතිට මූලික අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපනයෙන් ඉවත්ව විවිධ කම්කරු රැකියාවල නිරතවීමට සිදුවෙයි. ඔහුගේ ග්‍රීක මංපහරන්නෙකු වූ ඔහුගේ පියා ඔහුට කිසිදිනෙක හමුවී නැත. රෙදි අපුල්ලන රැකියාවක නිරත වූ මව ඇසුරේ දිවි ගෙවූ ඔහු ඉතා දක්ෂ කියවන්නෙකු වුවද එයට දුප්පත්කම හරස් විය. පාසලෙන් ඉවත්ව ඔහු විවිධ ගබඩා සහ ආයතන වල සුළු රැකියාවල … Continue reading දේශපාලනයේ සාහිත්‍යය – ඉස්ත්‍රාති සහ රොලාන්ද්

කෙනෙකුට දරාගත නොහැකි කියවීමේ අත්දැකීම් තියෙනවා – අනුක් අරුද්ප්‍රගාසම්

2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රගාසම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචර්ය උපාධිය ලබා ඇති අනුක් ඉන්දියාවේ සහ ලංකාවේ වරින්වර ජීවත් වෙයි. මෙයට පෙර ඔහු විසින් රචිත The Story of a Brief Marriage නවකතාවට 2017 DSC Prize for South Asian Literature සම්මානය … Continue reading කෙනෙකුට දරාගත නොහැකි කියවීමේ අත්දැකීම් තියෙනවා – අනුක් අරුද්ප්‍රගාසම්

මානවිකා

” සුඛ විහාරි “කාව්‍ය එකතුව – ලාලනී සතරසිංහ. පෝරුව මත හිඳ හිනැහෙන මානවිකාකිමද ඔතරම් හිනැහෙන්නට කාරණාවේදැඟිල්ලේ දිදුලන්නේ ආත්මයේ විලංගුවයිපෙම් කළ වරදට ජීවිතාන්තය දක්වා සිපිරි ගෙටදිව රෑ සේවයට කන්න අඳින්න හිලව්වටවැටුපක් නොලබනා ගෘහ සේවිකාකිමද ඔතරම් හිනැහෙන්නට කාරණා Continue reading මානවිකා

සිවුමැළි ආඛ්‍යානිකයා

සිහිකල්පනාවෙන් යුක්තව මා අත්විඳි පළමු ඡායාරූපය වන්නේ මට උපත ලබාදෙන්නට පෙර මගේ මවගේ රුව ඇතුළත් වූ ඡායාරූපයකි. අවාසනාවට එය කළු-සුදු ඡායාරූපයක් වූ බැවින් අළු පැහැති හැඩයන් මිස සවිස්තරාත්මක බොහෝ දේවල් එයින් ගිලිහී තිබිණි. කවුළුවකින් පෙරී ආ වැසි දිනක මෙන් මළානික, වසත් සමයේ ආලෝකය වන් මෘදු ආලෝකයකින් කුටිය යාන්තමින් දිලිසෙයි. ශබ්දය අඩු වැඩි කිරීමට සහ නාලිකා සුසර කිරීමට ඇබ දෙකක් සහ කොළපැහැති රවුමක් සහිත අපේ ගුවන්විදුලිය … Continue reading සිවුමැළි ආඛ්‍යානිකයා

අර්සු (බලාපොරොත්තුව)

එකම රාජකාරියක නිරත වීම කෙනෙකුට මැදපෙරදිග ජීවිතයේ ලැබෙන නීරසම අත්දැකීම විය හැක. කිසිම වෙනසක් නැති ජීවිතයක් ගෙවීම අපහසු බව අපට දැනෙන්නේ එක්වරම එයට වෙනසක් ඇතිවූ විටය. එහෙත් වෙනස කුණාටුවක් ලෙස හඹා ආවේ නම් එය කෙසේ දරාගන්නද? සාමකාමීව ගෙවී ගිය මගේ ජීවිතය කුණාටුවකට ඇදදැමූ ඒ දවස උදාවූයේ අශුභ ලකුණක් සමඟිනි. නිසල් ඒකනායක වන මම කටාරයේ සුපිරි වෙළඳසැලක ගෘහභාණ්ඩ අංශයේ අලෙවි සහකාරවරයෙකු ලෙස එවකට සේවය කරමින් සිටියෙමි. … Continue reading අර්සු (බලාපොරොත්තුව)

සැබෑ මුක්තිය කුමක්ද?

නවකතාවේ ආකෘතිය මෙම නවකතාවේ ආකෘතිය දෙස බලන විට මගේ මතකයට නැගුණ කෘති කිහිපයක් වෙයි. ඉන් පළමුවැන්න නම් රුසියානු ලේඛක පියදෝර් දෙස්තයෙව්ස්කි ගේ Notes from underground නම් කෘතියයි. දොස්තයෙව්ස්කි ගේ මෙම කෘතියට පාදක වන්නේ විශ්‍රාමික සිවිල් නිලධාරියෙකු ගේ කටුක හුදෙකලා ජීවිතයේ මතක සටහන් ය. මෙම කථකයා නිර්නාමික තැනැත්තෙකි. මුක්ති නවකතාවේද කථා නායකයා නිර්නාමික ය. එමෙන්ම මුක්ති නවකතාව මුළුමනින්ම මොනලොගතික (ආත්මභාෂණ) ප්‍රකාශනයකි. දොස්තයෙව්ස්කිගේ නවකතාවේ පළමු අර්ධය ද … Continue reading සැබෑ මුක්තිය කුමක්ද?

චයිනාමන්: ශ්‍රී ලංකාව, ක්‍රිකට් සහ ප්‍රදීප් මැතිව්!

ලංකාවේ අපි උමතු ක්‍රිකට් ලෝලියෝ නෙවෙයි. උමතු ක්‍රිකට් ලෝලියෝ බලන්න නං යන්න ඕන ඉන්දියාවට. අපිට ක්‍රිකට් කියන්නේ අර බැවේරියන් ලාගර් ටවර් එකක් ඇස් ඉස්සරහා පිට තියෙනකොට දැනෙනවා වගේ දැනෙන, අපූරු තිබහක්. ඒක උමතුවකට වඩා ගැඹුරින් ශ්‍රී ලාංකික ආත්මයන්ට කාවැදුණු දෙයක් Continue reading චයිනාමන්: ශ්‍රී ලංකාව, ක්‍රිකට් සහ ප්‍රදීප් මැතිව්!

මළවුන්ගේ සාප්පුව

හංගේරියාවේ, බුදාපේෂ්ත් අගනුවර දොබ්රෙන්තෙයි වීදිය. මෙම ලිපිනයෙහි, මළවුන්ගේ සාප්පුව පිහිටා තිබේ. එය ඉරිදා දිනය ද ඇතුළුව සෑම දිනකම විවෘත කර තැබෙන්නේ : සෑම අයිතමයක්ම යුරෝ දෙක, පහ සහ දහය යටතේ මිළ කර ඇති බවට වන එකම නීතිය යටතේය. එක් කලෙක එය දුක් මුසු දර්ශනයකින් හෙබි වටපිටාවක් විය. එකල සාප්පුව පිහිටි නිවස අබලන්ව ගිය, වසර ගණනාවකින් කිසිවෙකුගේ පහස නොලද අටුවක පිහිටි සුන් බුන් සහිත කාමරයක් මෙනි. … Continue reading මළවුන්ගේ සාප්පුව

ලියන හැම එකම මුද්‍රණය කරන්න අවශ්‍ය නැහැ – ශෙහාන් කරුණාතිලක

පසුගිය සමය ලාංකීය ලේඛක ලේඛිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් ලබාදුන් කාලයක් බවට පත් විය. 2021 වසරේදි අනුක් අරුද්ප්‍රගාසම් බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වීමෙන් පසුව 2022 වසරේදී පිට පිට දෙවන වතාවට තවත් ශ්‍රී ලාංකිකයෙකු බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වීම ලාංකීය සාහිත්‍යය කලාවට ලැබුණු මහත් උත්තේජනයකි. Continue reading ලියන හැම එකම මුද්‍රණය කරන්න අවශ්‍ය නැහැ – ශෙහාන් කරුණාතිලක

Forget Me Not මැජික් එකක්ද?

පොතෙහි ආකෘතිය වෙනස්, අලුත් යැයි බොහෝ දෙනා කියූ නිසා මේ ආකෘතිය ගැන යමක් ලිවීම වැදගත් යැයි මට සිතේ. මේ පොතෙහි ආකෘතිය කොහෙත්ම අලුත්ම අලුත් එකක් නොවේ. එහෙත් සිංහල සාහිත්‍යය තුළ පවතින අඩු ශානරීය විවිධත්වය නිසා එය මෑතකාලීනව කළ හොඳ අත්හදා බැලීමක් ලෙස සලකමි. මෙවැනි නවකතා ලෝකයේ හඳුන්වන්නේ Epistolary Novel ලෙසය. එය සන්දේශ නවකතා ලෙස අපට පරිවර්තනය කරගත හැකිය. Continue reading Forget Me Not මැජික් එකක්ද?

පාරාදීසය තියෙන්නේ පුතා ස්වර්ග රාජ්‍යයෙන් එපිට!

ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරයේ කල්පිටියට එපිට ඕලන්ද බොක්ක හා ලොකු කුඩා කොදෙව් ගණනාවක් වෙයි. ඊටද එපිටින් පෘතුගාල බොක්ක ඉසව්වේ, නීල හරිත වර්ණ මහා සමුද්‍රයේ තියුණු පැල්මක් ලෙසින් බත්තලංගුණ්ඩුව තිබෙයි. දිනපතා මහ සමුදුර හා දුෂ්කර ක්‍රියා කරනා බත්තලංගුණ්ඩු වැසියන්ට එය පාරාදීසය ලෙසින් නොපෙනීම අරුමයක් නොවේ. Continue reading පාරාදීසය තියෙන්නේ පුතා ස්වර්ග රාජ්‍යයෙන් එපිට!

ත්‍රිපිටකය සොයා ගිය පෙරදිග දේශාටනය…

ඌට නමක් තිබුනේ නෑ. හැමදෙනාම දැනගෙන හිටියේ ඌ “ගල් වඳුරා” (Shi Hou) කියන නමින්. ඒකට හේතුවක් තිබුනා, ඌ බිහිවුනේ ‘ඕලයි’ රටේ (Aolai Kingdom) පුෂ්ප ඵල පර්වතයේ (Hua Guo Shan) තිබුනු මායාකාරී ගල් කුළක් ගැබ්බර වීමේ ප්‍රතිඵලයක් විදියට. ගල් වඳුරා අනෙක් වඳුරොත් සමඟින් සතුටින්, කෙළිදෙළෙන් ජීවත් වුනා, එක් දවසක දී ඌ වඳුරන්ගේ නායකයා බවට පත්වන තුරැ.. Continue reading ත්‍රිපිටකය සොයා ගිය පෙරදිග දේශාටනය…

පොත් ගුල්ලන්ට තමන්ගේ පොත් ආරක්ෂා කරගන්න උපදෙස් කිහිපයක්

පොත් කියවන්න ආස අයටත්, පොත් එකතු කරන්න ආස අයටත් මතුවෙන පොදු ගැටළුවක් වෙන්නේ තමන්ගේ පොත් ආරක්ෂාකාරීව තබාගැනීම කියලා කියන එක බොරුවක් නෙවෙයි. විශේෂයෙන්ම සමහර පොත් එකතු කරන්නෝ තමන්ගේ පොත් එකතුව පිරික්සලා බලන්න උනන්දු වෙන්නෙත් කාලාන්තරයකට වරක් නිසා, තමන් නොදැනම පොත් එකතුව සම්පූර්ණයෙන්ම නාස්ති වෙලා යන්න තියෙන ඉඩ වැඩියි. Continue reading පොත් ගුල්ලන්ට තමන්ගේ පොත් ආරක්ෂා කරගන්න උපදෙස් කිහිපයක්

අමිෂ් ත්‍රිපති ශිව ත්‍රිත්වය

ඉන්දියානු කෘතහස්ත ලේඛකයෙකු වන අමිෂ් ත්‍රිපති වඩාත් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ ශිව දෙවිඳු අලලමින් ලියූ නවකතා ත්‍රිත්වයෙන් වූවත්, ඊට අමතරව ඔහු විසින් සම්භාව්‍ය රාමායණ කථාවස්තුවද නව ෆැන්ටසි හැරවුමකින් යුක්තව ඉදිරිපත් කිරීමට ඔහුගේ රාමචන්ද්‍ර නවකතා මාලාවෙන් උත්සාහ දරයි. Continue reading අමිෂ් ත්‍රිපති ශිව ත්‍රිත්වය

ජීවිතයේ සත්‍යය සොයා ගිය පෙරදිග දාර්ශනිකයා: මහාචාර්ය ගුණපාල ධර්මසිරි

සෑම දිනයක්ම කෙටි ජීවිතයක්ම වෙයි. සෑම අවදිවීමක්ම ක්ෂුද්‍ර තලයේ උත්පත්තියක්ද වෙයි. සෑම ප්‍රාණවත් උදෑසනක්ම තාරුණ්‍යයක්ද, සෑම නින්දට යෑමක්ම කෙටි මරණයක්ද වෙයි. මෙය ආතර් ෂෝපන්හවර් විසින් නිතර නිතර ඔහුගේ කෘතීන් තුළ ඉඟි කළ කරුණක් වෙයි. ඊට විවරණ සැපයූ මහාචාර්ය ගුණපාල ධර්මසිරි නම්වූ අපූර්ව මිනිසා දීර්ඝ නින්දකට ගොස් ඇත. Continue reading ජීවිතයේ සත්‍යය සොයා ගිය පෙරදිග දාර්ශනිකයා: මහාචාර්ය ගුණපාල ධර්මසිරි

අප්‍රකාශිත ප්‍රේමය සහ ගොළු හදවත

යොවුන් ප්‍රේමය බොහෝ විට වැඩිහිටියෙකු සැහැල්ලුවෙන් පසෙකලන්නේ, එහි කිසිදු ගැඹුරක් නොපවතින්නේ ය යන අදහසේ හිඳිමින් බව රහසක් නොවේ. ඇතැම් විට කරුණාසේන ජයලතුන්ගේ ප්‍රථම නවකතාව වූ ගොළු හදවතට සාහිත ලෝකයේ සාධාරණය ඉෂ්ට නොවීමටද හේතුව, ඊට ප්‍රස්තුත වූයේ ‘බොළඳ’ යැයි සම්මත යොවුන් පාසල් ප්‍රේමයක් වීම ම විය හැකියි. එය එසේ වුවත්, ප්‍රේමයේ වූ සංකීර්ණ ගැඹුරත්, ඒ හා බැඳි සිතුම් පැතුම් වල ආකූල ව්‍යාකූල බවත් ගොළු හදවත නැවතත් කියවන මුහුකුරා ගිය අයෙකුට දැනෙනවාට අනුමානයක් නැත Continue reading අප්‍රකාශිත ප්‍රේමය සහ ගොළු හදවත