ළසෝ දියවෙන භුමිය

චේරන්ගේ කවිවලින් මතුවන සහෝදර ජනයාගේ අහිමිවීම විදහා දක්වන ‘ළසෝ දියවෙන භුමිය‘ නැමැති චේරන්ගේ තෝරාගත් කවි ඇතුළත් කෘතිය මෙවැනි යුගයක සිංහලට පරිවර්තනය කරමින් සංජුලා පිටර්ස් ගත් උත්සාහය අප අගය කලයුතු වන්නේ ඇයිද යන්නත් විමසා බැලිය යුත්තක්. දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රචණ්ඩකාරී ලෙස පැතිර ගිය සමයක හැදී වැඩුණු චේරන්ගේ කාව්‍යකරණය වඩාත් මුවහත් වන්නේ එවකට පැවති ආණ්ඩුව යාපනය පුස්තකාලය ගිනි තැබීමත් සමඟමයි. Continue reading ළසෝ දියවෙන භුමිය

වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන ගනුදෙනුව කුමක්ද?

ප්‍රශ්නය ඇත්තේ වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන මෙම ගනුදෙනුව ලාංකේය කවීය තුළ පැළ කල හැකිද යන්නය. එය එසේ කල නොහැකිවේය යන්න මගේ පෞද්ගලික අදහසයි. වෙඩිවර්ධන උත්සාහ ගනිමින් සිටින්නේ ලාංකේය බොහෝමයක් කවීන්ගේ නිර්මාණ තුළ ඇති බංකොලොත්භාවයෙන් ගලවා කවිය එය නූතනත්වය තුළ ඔසවා තැබීමට බව ඇත්තකි. ඒ සඳහා බෝද්ලෙයා ලාංකේය පොළොව මත පැළකොට, ඔහුගේ ගැඹුරු චින්තනමය දැක්ම කවිය තුළ පිහිටුවා කරන ආත්මීය ප්‍රකාශණය ලාංකීය වල් වැදුණු පොළොව මතට ගෙන ඒමයි. Continue reading වෙඩිවර්ධන බෝද්ලෙයා සමග කරන ගනුදෙනුව කුමක්ද?

ජපන් හයිකු කවියේ දේශීය ආමන්ත්‍රණය; තුන්පෙති හතර පස් පෙති

කවියා ගිලිහුණු පියාපත පිළිබඳ සඳහන් කරන චිත්තරූපය, ස්පර්ශමය සංවේදනාවක් පාඨකයාට දනවයි. කවියා ‘අල්ලා බලන්න’ යැයි කරන යෝජනාව පාඨකයාට ‘පියාපත’ නමැති චිත්තරූපයේ ස්වභාවය සිහියට ගෙනෙයි. Continue reading ජපන් හයිකු කවියේ දේශීය ආමන්ත්‍රණය; තුන්පෙති හතර පස් පෙති

පුරුෂමූල ආස්ථාන මත හෙලන මිටි පහරක්

කුරුල්ලාගේ පියාසැරිය බිරිඳගේ නිදහස සඳහා ඇති හදිසි අවශ්‍යතාවයට සමාන්තරය. ඇගේ ස්වාමිපුරුෂයා ඇයව කූඩුකර ගෘහාශ්‍රිත කිරීමට උත්සාහ දරන විට ඇයට ඉන් පළායාමක් නොමැත. ඒ සමගම ඈ සතු පියාසර කිරීමේ  සහජ ආශාව  ක්‍රමක්‍රමයෙන් වියැකී යනු ඇත. ඔහුගේ තේ වලට සකුරු එක්කර නියමිත වේලාවට විටමින් බෙහෙත් ලබාදීමෙන් ඔහුට ඇය නිතිපතා හා සදාකාලිකව සේවය කරනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. Continue reading පුරුෂමූල ආස්ථාන මත හෙලන මිටි පහරක්

“මුලින් මම බය වුණා මේ මාතෘකාව මොන විදියට පාඨකයා භාරගනීද කියල” – සඳරැසී සුදුසිංහ.

දෛනික ජීවිතය ගෙවුණේ සමහර සතිඅන්ත යාපනයට යමින් තොරතුරු සොයමින් අදාළ පුද්ගලයන් විමසමින් ගෙවිල ගියා. හැබැයි හැම රැයක්ම ගෙවල දැම්මේ මේ සඳහා තොරතුරු හොයන්න වෙහෙසෙමින් හා නිර්මාණකරණයේ යෙදෙමින්. සමහරවිට මම පාන්දර හතර පහ වෙනතුරු කියෙව්වා, වැඩ කරා. විදේශයන්හි ජීවත්වන ඇතැම් පුද්ගලයන් හා සම්බන්ධ වෙමින් තොරතුරු විමසමින් සමහර රාත්‍රීන් නිදිවර්ජිතව ඉන්න වුණා. Continue reading “මුලින් මම බය වුණා මේ මාතෘකාව මොන විදියට පාඨකයා භාරගනීද කියල” – සඳරැසී සුදුසිංහ.

විටෙක වීනස්මය, විටෙක මෙඩුසාමය ඇගේ හදවත

කොහොම වුණත් විරහව වේදනාවක්. විරහවට පුළුවන් හොඳ වගේ ම නරක මිනිස්සු ඇති කරන්න. ඒ වේදනාව වඩාත් කලාත්මක දේවල් බිහි කරනවා කියන්න මේ පොත් හොඳ උදාහරණයක්. විරහව නිසා ම මරා ගන්න සමාජයක විරහවට කවියක් ලියලා, දුක දිය කරන්න පුළුවන් තරම් පරිණත වෙන්න පුළුවන් නම් ඒක වටිනවා. Continue reading විටෙක වීනස්මය, විටෙක මෙඩුසාමය ඇගේ හදවත

කියවූවත් නැතත් කවියෝ කවි ලියති

භාෂාවේ වහලෙකු නොවී කවිය සමග කරන ගනුදෙනුව සොයාබලන්නේ නම් එය තව දුරටත් අපට වැදගත් වනු ඇත. කවි ලිවීම ම කවියා වධබන්ධනයකට ලක්කරන්නේ නම්, ඔහුට එලෙස වද දෙන්නේ කුමක්ද? ඒ නම් භාෂාවයි. කවි ලිවීමට පටන්ගත් සැනෙන් කවියා ඇතුළු වන්නේ ඉහත කී භාෂාව නැමැති වධකාගාරයටය.  Continue reading කියවූවත් නැතත් කවියෝ කවි ලියති

ගිනි වැදුණු යාල්පානම් පියාපත්

යාපනය පුස්තකාලයට මෙම විනාශය උරුම වූයේ හුදු දේශපාලනික සහ වාර්ගික පළිගැනීමක් ලෙස නමුදු ඉන් සමස්ත ලාංකිකයන්ගේ ම දැනුම් පද්ධති එක ම මොහොතක, එක ම දවසක, එක ම ගින්නකින් විනාශ වූ බව කිවිඳිය පවසයි. ප‍්‍රාථමික ශ්‍රේණිවල දී හමු වූ සාමා, අමර, ඉතිහාස පොත්වල හමුවන කන්නගී, කෝවලන්, ජාතක පොතේ හමුවන සඳ කිඳුරා සහ සඳ කිඳුරිය පිළිබඳ සඳහන් සියලු පතපොත ක්ෂණයකින් දැවී අළු වූයේ වර්ගීකරණයකින් තොරව ය. Continue reading ගිනි වැදුණු යාල්පානම් පියාපත්

“ඔහුගේ එක් දුබලකමකි – ඔහුට සිතන්නට පුළුවන…”

කවිය කලාත්මක ප්‍රකාශනයක් වුවද කෙනෙකුට සිය ආකල්ප හා මුහුවෙන චිත්ත ප්‍රවාහයන් බහාලන්නට සුදුසු ආත්මීය එළිදරව් ද මෙම නිර්මාණවල කැටි වෙයි. නොයෙක් සිත් රිදවුම් මගින් දැනෙනා ආතතීන් අවම කරගන්නට අපට මෙන් යුධ බිමක ක්ෂණික උපදේශන සේවා නොමැත. සතුරු ආක්‍රමණ පිළිබඳ නිරන්තර විමසිලිමත් බවින් යුතුව හද රිදුම් පිරිමැද ගැනීමද කළ යුත්තේ අතේ අවි දරන නිමේෂයන් තුළදීමය. Continue reading “ඔහුගේ එක් දුබලකමකි – ඔහුට සිතන්නට පුළුවන…”

අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?

අපි එකිනෙකාට වෙනස් වූ අත් දැකීම් සහ විඳීම් සමුදායක් තියෙනවා. ඒවා අපි අපිට කැමැති ලෙස හෝ අපිව පුරුදු කළ ලෙස හෝ අපේ පැවැත්ම පිණිස අවශ්‍ය ලෙස අපි ඉදිරිපත් කරනවා. අන්න ඒ පොදු ධර්මතාවය වටහා ගෙන තමා මම අද මේ ගැන කතා කරන්නේ.  Continue reading අනෙකා උසුලන බර ගැන අපි සංවේදීද?

දයාසේන ගුණසිංහයන් ගෙන ආ ‘රන් තැටියක කඳුළු’

ඇත්තෙන්ම ඔහුගේ කාව්‍යාගමනය සිදුවන්නේ යම් යම් අර්බුද පැවැතී වකවානුවකදීය. ඉතා සීඝ්‍රයෙන් වෙනස් වන දෛනිකත්වය පිළිබඳ සීමා නොවූ අනුභූතින්වල ඇසුර ලබමින් කලාත්මක සන්නිවේදනයකට නිර්මාණ යොමු කිරීම දයාසේන ගුණසිංහගේ විස්කමක් විය. Continue reading දයාසේන ගුණසිංහයන් ගෙන ආ ‘රන් තැටියක කඳුළු’

සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

ලංකා සාහිත්‍ය උළෙලට එන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණ එකතුවෙන් නිර්මාණය වෙන අපූරු අත්දැකීමක් රසවිඳින්න! පෙබරවාරි 8 සිට 12 දක්වා මහනුවරදී සහ කොළඹදී හමුවෙමු. Continue reading සහෘදයිනි, පැමිණෙන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණයන් රසවිඳින්න! – 2024 ලංකා සාහිත්‍ය උළෙලට පෙරවදනක්!

“ආයාසයෙන් ලියන කවි මගෙ හිතට අල්ලන් නෑ” – මංජුලා පියුමාලි.

කවිවල ආකෘතිය කවියක අර්ථය ඔප් නැංවීම පිණිසම විය යුතුයි කියන එක විශ්වාස කරනවා. සමහර විරිත් තියෙනවා, කවියකට භාවයක් ලබා දෙන. ජීවයක් ලබාදෙන. ප්‍රවීණයෙක්ට ඒ කවියේ  පරමාර්ථය ඉස්මතු වෙන අන්දමට විරිතක් තෝර ගැනිම අපහසු නෑ. හැබැයි ආකෘතිය හෝ විරිත තුළ කවියා සිර නොවිය යුතුයි. අත්හදා බැලීම් කළ යුතුයි. කුමන ආකෘතියකින් හෝ පාඨකයාට වඩාත් හොඳ රසවින්දනයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒක තමයි ඒකට ගැළපෙනම ආකෘතිය. Continue reading “ආයාසයෙන් ලියන කවි මගෙ හිතට අල්ලන් නෑ” – මංජුලා පියුමාලි.

සිපගන්න මා, දැනෙයි ඔබට කෙතරම්, වැදගත් ද මා…

ප්ලාත් ගේ කාව්‍යයන් අතරින් ‘Lesbos’ වෙන අවධානය යොමු කරන්නේ, එහි ඇති යම් අසාමාන්‍යතාවක් නිසාය. ප්ලාත් ගැහැනියක වීම තුලින්, සිය අත්දැකීම් ප්‍රකාශනය තුල සියුම් ව දනවන්නේ, මානව සබඳතා වල ගැඹුරු බව වීම, එම සුවිශේෂීතාවයයි. ගෘහීය කටයුතු: ගෘහීය හිංසනය; ගෘහීය ප්‍රචණ්ඩත්වය: ගෘහීය දූෂණය ආදි සෘණාත්මක කරුණු එකලස් ව ඇති ගෘහය, ගැහැනියක ගේ ඉවසුම්; සැනසුම් මෙන්ම රිදවුම් කළාපය ද බව ඇය කියන්නීය. Continue reading සිපගන්න මා, දැනෙයි ඔබට කෙතරම්, වැදගත් ද මා…

සඳක් මෙන් සෞම්‍ය නොවුණද රැයේ තරුවක් ව ළඟ ඉන්න…

කුවේණි බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වස්තු බීජ සැපයූ මාතෘකාවක්. එහෙත් බොහෝ නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ කුවේණිය සිංහලයට සාප කිරීම පිළිබඳ කතා පුවත පමණයි. එහෙත් මෙම නිර්මාණයේදී පියුමාලි ස්ත්‍රියක ලෙස, ස්ත්‍රීවාදී දෘෂ්ටියක් හෙළමින් කුවේණිය දකින්නට උත්සාහ ගෙන තිබෙනවා. කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාව තුළ තිබූ භාවමය හැඟීම් සියුම්ව පෙන්වා දී තිබෙනවා. එහෙත් කිවිඳිය කුවේණියගේ නිහඬ ප්‍රතිපත්තියට හේතුව ආදරය බව සෘජුව පවසා නැහැ. Continue reading සඳක් මෙන් සෞම්‍ය නොවුණද රැයේ තරුවක් ව ළඟ ඉන්න…

පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘

තිත සාමාන්‍යයෙන් වාක්‍යයක අවසානය දැක්වීම සඳහා යෙදේ. කොමාව යෙදෙන්නේ වාක්‍යයක නොයෙක් කොටස් අතර පැවැතිය හැකි ඇතැම් මඳ විරාම දැක්වීම සඳහාය. මෙහි එන කථකයාගේ ආදරයට කොමාවක් වැටී ඇත්තේ ඔහුගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ මැදිහත්වීමෙනි. අවසානයේදී කථකයා එකී පෙම් සබඳතාව නැවත ඇති නොවන සේ නවතා දමයි. කථකයා ප්‍රේමයක් නැවත ආපේක්ෂා නොකරයි. එය දැඩිව ප්‍රතික්ෂේප කරයි. Continue reading පළමු කාව්‍ය සංග්‍රහය වුණත් ආධුනික බවක් නැති ‘තිත් සහ කොමා‘

මට පාර කියාපන්

විල් දියේ ඕලු මල් – මකරන්ද සුවඳ දී
පෙති ඇරී මඳ සුළං – හා සමග මුසු වෙවී
නිදිකිරන නිල් දියේ – සඳ කැළුම් තරු එළි
කලඹා හෙළා දමයි – සිත සුසුම් නළ රැළි Continue reading මට පාර කියාපන්